විහාරස්ථානය ගැන

ananda-bodiya
Spread the love

ආරම්භය

ශ්‍රී බුද්ධ වර්ෂ 2468 (ක්‍රි.ව.1925) දී ප්‍රදේශවාසී සිං‍‍‍‍‍‍ඤෝ ප්‍රනාන්දු උපාසක මහතා සහ මච්චි ප්‍රනාන්දු උපාසිකා මාතාව විසින් පරිත්‍යාග කරන ලද ඉඩම් කොටසක විහාරස්ථානයේ මුලාරම්භය සිදු වී ඇත.‍‍

පිහිටිම

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ (කි.මී.13 කණුව) සිරීමා බණ්ඩාරනායක මාවත ඔස්සේ මීටර් 100ක් පමණ දුරින් පිහිටා ඇත.

ලිපිනය

ශ්‍රී විවේකාරාමය,සිරීමා බණ්ඩාරනායක මාවත,මහර,කඩවත.

දුරකතන අංකය – +94 0112 925 396

ආනන්ද බෝධී ශාඛාව

දඹදිව ආන්නද බෝධීන්වහන්සේගෙන් ගෙන ආ භීජයකින් හටගත් බෝධී අංකුරය රෝපණය කර ඇත්තේ එච්.එස්.ප්‍රනාන්දු උපාසිකා මාතාවගේ ප්‍රධාන දායකත්වයෙන් ක්‍රී.ව.1964 දීය.

වර්ෂ 2001දී බෝධීය සම්පුර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කරන ලදී.දර්ශණීය රන් වැටකින් හා කැටයම් සහිත බෝධී ප්‍රාකාරයකින් සමන්විතයි.

ප්‍රාකාරය වටා අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ ශාන්ත වු බුද්ධ ප්‍රතිමා සහිත කුටි 27කි.ඉදිරිපස විදුරු ආවරණය තුල ‍‍‍ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාන්ත වු බුද්ධ ප්‍රතිමාවයි.

නිරන්තරයෙන් බෝධීපුජා අටවිසි බුද්ධ පුජා ආදිය පවත්වනු ලබන ප්‍රදේශවාසින්ගේ ගෞරවාදරයට පාත්‍ර වු පුජණීය වන්දනීය ස්ථානයකී.ප්‍රතිසංස්කරණය කරන ලද නව බෝධීය 2001-08-03 දින විවෘත කරන ලදී.

චෛත්‍යය

ඉදිකල වර්ෂය ක්‍රී.ව 1995.සර්වඤ්ඤ ධාතුන් වහන්සේලා නිදන් කර ඇති ඝන්ඨාකාර හැඩයෙන් යුත් මධ්‍යම ප්‍රමාණයේ චෛත්‍යයකි.දෙපස පුජාසන දෙකකින් ද යුක්තය.

ඝන්ඨාර ස්තම්බය

නව සැලැස්මක් අනුව අලුතින් ඉදිකරන ලද මෙය එක්ටැම් ඝන්ඨාර කුළුනකි.ඝන්ඨාරය කුළුන මත සවිකර ඇත. පුදපුජා පැවැත්වෙන අවස්ථාවන්හිදී ශබ්ද පුජා පැවැත්වීමට උපයෝගී කරගනී.මෙය ඉදිකර විවෘත කරන ලද්දේ වර්ෂ 2008 දීය.

නව විහාර ගෙය

2010 වර්ෂයේ ඉදි වු නව බුද්ධ මන්දිරයේ සමාධී පිළිම වහන්සේ ශාන්ත ලීලාවෙන් වැඩ සිටිති.මෙම බුද්ධ මන්දිරය තුල දිනපතා සිදු කෙරෙන බෝධීපුජාව ඇතුළු වීශේෂ බෝධී පුජාවන් මෙන්ම ආගමික පුද පුජාවන් ද පවත්වනු ලැබේ.

දේවාලය

බෝධීන් වහන්සේ අසල පිහිටා ඇති දේවාලය තුල පත්තිනි දේවාලය.විභීෂණ ‍දේවාලය.කතරගම දේවාලය.විෂ්ණු දේවාලය ආදී කුටි හතරකින් යුක්තය.භාරහාර පුදපුජා පැවැත්වීම සදහා මෙය වර්ෂ 1995දී ඉදිකර ඇත.

විහාරස්ථානයට ප්‍රවිෂ්ඨ වන ස්ථානයේ බුදු පිළීම

විශාල ප්‍රමාණයේ ශෛලමය සම්ප්‍රදායට ඉදිකර ඇති ප්‍රතිමා දෙකකී.මාර්ගයේ ගමන් ගන්නා බැතිමතුන්ගේ ගෞරවාදරයට පාත්‍ර වී ඇත.මෙම ප්‍රතිමා වහන්සේලා දෙපස සැදැහැවතුන්ගේ නෙත් සිත් වසඟ කරන මුර්ති කැටයම් වලින්ද සමන්විත වේ.