Spread the love

ශ්‍රී ලංකාවේ විශාලතම ලෝහමය සමන් දේව ප්‍රතිමාව නල්ලතන්නිය ශ්‍රීපාද මාර්ගයේ පිහිටි කල්පරුක්ෂ විහාරස්ථානයේ තැන්පත් කෙරුණා.

ඊයේ රාත්‍රියේ විශේෂ පූජා උත්සවයක් මධ්‍යයේයි මෙම තැන්පත් කිරීම සිදුකෙරුණේ.

කොළඹ ගංගාරාම විහාරස්ථානයේ සිට මහනුවර හරහා නල්ලතන්නිය දක්වා මෙම ලෝහමය ශ්‍රී සුමන සමන් දේව ප්‍රතිමාව වැඩම කරවීම ආරම්භ කෙරුණේ පසුගිය 20 වනදායි.

විශේෂ රිය පෙරහැරකිනුයි මෙම ප්‍රතිමා වැඩම කරවීම සිදුකෙරුණේ.

ශ්‍රී ලංකාවේ විශාලතම මෙම ලෝහමය සමන් දේව ප්‍රතිමාව හා ඇත් රජුගේ ප්‍රතිමාව ටොන් දෙකක් පමණ බරකින් සමන්විතයි. ගම්පොල ප්‍රදේශයේ පෞද්ගලික ව්‍යාපාරිකයෙකුගේ මූල්‍ය අනුග්‍රාහකත්වයක් යටතේයි මෙය නිර්මාණය කර ඇත්තේ.

කල්පරුක්ෂ විහාරස්ථානයේ විහාරාධිපති දෙහිපේ නන්ද හිමියන්ගේ මූලිකත්වයෙනුයි එම කටයුතු සිදුකෙරුණේ.

කොළඹ සිට නල්ලතන්නිය දක්වා රැය පෙරහැර ගමන් කරද්දී දේව ප්‍රතිමාව වැදපුදා ගැනීම සදහා ජනතාව මග දෙපස රැදී සිටියා.

විහාරස්ථාන කීපයකදී දේව ප්‍රතිමාවට පූජෝපහාර දැක්වීම සිදුකෙරුණු අතර ඊයේ මස්කෙළිය මාවුස්සාකැලේ යුද හමුදා කදවුරේ සිටයි කල්පරුක්ෂ විහාරස්ථානයට ප්‍රතිමාව වැඩම කරවූයේ.