topone

silmatha-kaiw

රටේ මහා බලසම්පන්න මහනාහිමිවරු සිවු නම ලෙස නිල වශයෙන් ප්‍රසිද්ධියට පත්ව සිටින්නේ සියම් මහ නිකායේ අස්ගිරි - මල්වතු පාර්ශ්වල හා අමරපුර හා රාමඤ්ඤ යන නිකායවල මහනාහිමිවරුය. එහෙත් ඒ සිවු නම හැරුණු කොට මහා බලසම්පන්න භික්ෂුවක් කොළඹ හතේ විහාරස්ථානයක වැඩ හුන්නේය. උන්වහන්සේගේ දායකයන් වූයේ ජනපති, අගමැති, අගවිනිසුරු, ත්‍රිවිධ හමුදාපතිවරු, ‍පොලිස්පති, ආරක්ෂක ‍ලේකම්, රටේ කීර්තිමත් මහා ධනපතියන්, ලක්ෂ්මන් කදිර්ගාමර් වැනි පුද්ගලයන්ය. වකුගඩු රෝගයකින් පෙළෙමින් හුන් ලක්ෂ්මන් කදිර්ගාමර්ට එකල වකුගඩුවක් සොයා දීමට මැදිහත් වූවේද උන්වහන්සේය.

තව දුරටත් කියවන්න...

හාමුදුරුවනේ  කෙනෙක් තමන්ගේ ජීවිතයට සතුට සැනසීීම ළං කර ගන්නේ කෙසේද ? 
සතුට සැනසීම ජීවිතයකට ළංකර ගැනීම කම්මැලිකමින් හෝ ප‍්‍රාර්ථනා 
සමුදායකින් කර ගත හැකි දෙයක් නොවන බව ප‍්‍රථමයෙන්ම සිහිපත් කළ යුතුයි. එය වටහා ගැනීමට අද බොහෝ දෙනා අසමත් වී ඇති බව පෙනෙන්නට තිබෙනවා. එකෙන් වෙන නරක ප‍්‍රතිඵලය තව තවත් පැතුම් ගොඩක අතරමං වෙන එක පමණයි. අපේ ජීවිත වල වෙනසක් ඇති කරගන්නට නම් අපගේ හිත් අදහස් හා සංකල්ප යහපත් අයුරින් වෙනස් කර ගත යුතුයි. හිතට එන්නත් කරන ආකල්ප පිළිබඳ මනා අවබෝධයකින් කටයුතු කළ යුතුයි. අන් අයට අප වෙනුවෙන් කළ හැකිදේ මෙන්ම කළ  නොහැකි දේත් තිබෙනවා. ඒ අතර මානසික සතුට සහ සැනසීම අප වෙනුවෙන් වෙනත් කිසිම කෙනෙකුට හෝ දේකට කළනොහැකියි. එය අප  විසින්ම උත්සාහයෙන් කැපකිරීම් සමුදායකින් සොයා ගත යුතුයි. 

තව දුරටත් කියවන්න...

 
කොළඹ 07, ශ‍්‍රී සම්බෝධි විහාරාධිපති හා ‘බෞද්ධයා’ රූපවාහිනී මාධ්‍ය ජාලයේ  සභාපති දරණාගම කුසලධම්ම නාහිමිපාණන්ගේ අපවත් වීම වූ කලී ලක්දිවට පමණක් නොව මුළු මහත් බෞද්ධ ලෝකයාට ම සිදු වූ පිරිමැසිය නොහැකි බලවත් පාඩුවකි. 
ලොව්තුරා තථාගත බුදුවදන වනුයේ නැවුම්ව, නිර්මාණාත්මකව, අලූත් මුහුණුවරකින් සිතන තැනැත්තා විශේෂත්වයට පත්වන බවයි. (නාචින්තයන්තො පුරිසො විසෙසමධිගච්ඡුති - ජාතකපාළි දරණාගම කුසලධම්ම නාහිමියන්ටද බෞද්ධ ධර්මත මෙහෙවර හා භික්‍ෂුවගේ කාර්යභාරය පිළිබ`දව නැවුම්ව හා නිර්මාණාත්මකව දැකීමට තිබූ හැකියාව උන්වහන්සේ විශේෂත්වයට හා ශ්‍රේෂ්ඨත්වයට පත් කොට ඇත. එම නෛපුන්‍යත්වයේ ප‍්‍රතිඵලයක් ලෙස මීට දශකයකට පමණ පෙර උන්වහන්සේගේ අප‍්‍රතිහත ධෛර්යයෙන් ලංකාවේ පළමුවරට ‘බෞද්ධයා’ නමින් බෞද්ධ රූපවාහිනී නාලිකාවක් ආරම්භ විය.

තව දුරටත් කියවන්න...

මම ගිහි කාලයේ හරිම දඟයි. ඉස්කෝ‍ලේ යන කාලයේ පාඩම් වැඩවලට දක්ෂ වගේම දඟ වැඩවලිනුත් මම කැපී පෙනුණා. සෙල්ලම වැඩි නිසා මම ගුරුවරුන්ගෙන් අවවාද ලැබූ අවස්ථා අනන්තයි. අපි පන්තියේ  ඉන්න කොට එකපාරටම පන්තියෙන් පැනලා ගිහින් සෙල්ලම් කරනවා
මගේ මේ දඟ වැඩ නිසා මහණ වුණාම මම සිවුරේ ඉන්න එකක් නැහැ කියලා තමයි ගොඩක් අය කිව්වේ. මගේ අම්මා, නැදෑයෝ පවා කිව්වේ ටික දවසක ඉඳලා සිවුර දාලා ගෙදර එයි කියලයි. ඒ තරමටම මම සෙල්ලමට බරයි.
අපවත්වී වදාළ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන් මීට මාස කිහිපයකට පෙර අප සමග එසේ කීවේ සිය අතීතය පිළිබඳව මතකය අවදි කරවමිනි.
බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන්ගේ ගිහි නම  ගිල්බට් පෙරේරාය. ඉපදුණේ 1942 අප්‍රේල් 14 වෙනිදායි. උන්වහන්සේ වැඩ සිටියානම් මේ අප්‍රේල් මාසයට අවුරුදු 78කි.

තව දුරටත් කියවන්න...

වර්ෂයක් ගෙවී තවත් නව වර්ෂයක් ආරම්භ වූ මොහොතයි මේ. සුබ නව වසරක් වේවා යැයි පතමින් නිරන්තරයෙන් දොඩමලු වන මේ නව වසර සැබවින්ම සුබ නව වසරක් බවට පත්කර ගැනීමට අපි වග බලා ගත යුතුයි. එහිදී අරමුණු ඉතා වැදගත්. අපි හැමෝම කතා කරන 'අරමුණ' විවිධ නම් වලින් භාවිතයට එනවා. 'ආරම්මන', 'බලා‍පොරොත්තුව', 'පරමාර්ථය මේ කියන මොන වචනයකින් එය අදහස් කළත් ඒ තුළ තිබෙන්නේ අසාමාන්‍ය වූ
අර්ථයක් බව නම් ඉතාම පැහැදිලියි. අධ්‍යාත්මික සහ භෞතික කියන අර්ථ දෙකක් ඔස්සේ අරමුණ විග්‍රහ කළ හැකියි. 'ආරම්මන' යන පදය ධර්මයේ අවස්ථා කිහිපයකදීම හමු වෙනවා. 'යංකිඥ්චාරම්මනං කත්වා' මෙහිදී පුද්ගලයකු තුළ දන්දීම   සඳහා ඇති කර ගන්නා  බලා‍පොරොත්තුව යන්නත්, පුද්ගලයාගේ ජීවන පැවැත්ම තුළ පංච්ෙන්ද්‍රියට ගොදුරුවන රූප ශබ්දාදි අරමුණත් මෙහිදී ධර්මානුකූලව විග්‍රහ කෙරෙනවා.

තව දුරටත් කියවන්න...

චරං ෙච් නාධිගච්ඡෙය්‍ය
සෙය්‍යං සදිසමත්තනෝ
ඒකචරියං දළ්හං කයිරා
නත්ථි බා‍ලේ සහායතා - (ධම්ම පදය)


ඉඳින් තමන්ට වඩා උසස් ගුණයෙන්, සම ගුණයෙන් යුක්ත තැනැත්තන් ඇසුරු කිරීම යහපත්ය. තමාගේ ගුණයට වඩා හීන, අධම අය ඇසුරු කිරීම පරිහානියට හේතුවේ. එවැනි අයවලුන් සමග ඇසුරට වඩා හුදෙකලාව ජීවත්වීම යහපත්ය.
අනුවණයන්ගේ, බාලයන්ගේ ඇසුර පුද්ගල පරිහානිය කෙරෙහි තදින්ම බලපාන බව පෙන්වා දී දේශනා කළ දහම් පාඨයයි ඉහතින් දැක්වෙන්නේ. තමන් වහන්සේ අන්‍යයන්ට එසේ බාලයන්ගෙන් ඈත්ව ජීවත්වන ලෙසට උපදෙස් දුන් අතරම තමන් වහන්සේද විටෙක එසේ බාලයන්ගෙන් මිදී වාසය කළ බව කොසඹෑනුවර ඝෝෂිතාරාමයේන් මිදී පරිලෙය්‍ය වනයේ ගත කළ වස් කාලය සාක්ෂ්‍ය දරයි. ඒ සියල්ලන්ගේ නම් පැහැදිලි වන්නේ බාලයන් දුරින්ම දුරුකළ යුතු බවයි.

තව දුරටත් කියවන්න...

ගෙවී ගිය අතීතයෙන් ලද අත්දැකීම්ද ප‍්‍රයෝජනයට ගෙන සුබදායී අනාගතයක් ගොඩනගා ගැනීම සඳහා සුදුසු මොහොත එළඹ තිබේ. එනම් මේ මොහොතයි. වෙනත් අරුතකින් කිවහොත්, ව්‍යවහාර වශයෙන් වසරක් ගෙවී නව වසරක් ආරම්භව ඇති මොහොතයි. ඔබ තුළ ඇති දැඩි අධිෂ්ඨානය, ආත්ම විශ්වාසය, උට්ඨාන වීර්යය යන උත්තේජනයන් හා මෛත‍්‍රිය, කරුණාව, ඉවසීම වැනි මානුෂීය ගුණාංග ඔබට අවශ්‍ය තැනට ඔබව ඔසවා තැබීමට උපකාර වනු ඇත.

තව දුරටත් කියවන්න...

තුන් ලොව විදු නෙතින් දුටු අසමසම නායකයාණෝ අප තිලෝගුරු බුදුරජාණෝය. උන්වහන්සේ නිරතුරුවම ලොවෙහි පවතින සියල්ල මනාව අවබෝධ කරගෙන මනාව එහි තත්ත්වය  සමාජයට පෙන්වා වදාළසේක. උන්වහන්සේගේ ගැඹුරු දේශනාවන් මිනිස් සමාජයට ගැළපෙන ලෙසට විවිධ උපමා උපමේය දක්වමින් වදාළ අපූරු ත්‍රිපිටකයේ සූත්‍ර පිටකය පිරික්සීමෙන් මනාව පැහැදිලි වෙයි. අංගුන්තර නිකායේ සඳහන් පහාරාද සූත්‍රයද උපමා උපමේයවලින්  යුතුව මිනිස් සමාජයට  වටිනා ධර්ම කරුණු රැසක් හෙළි කරන සූත්‍ර දේශනාවකි. මහ මුහුදෙහි පවතින  සුවිෂේශත්වය මෙම පහාරාද සූත්‍රයෙන් විවරණය වෙයි. 

තව දුරටත් කියවන්න...

අප සැම දෙනාම මේ ලෝකයේ මනුෂ්‍යයන් වශයෙන් ඉපදුනද ඉපදෙන විටම මේ සමාජයෙන් ඒ පුද්ගලයා කුලයෙන් ධනයෙන් වර්ග කිරීමට හුරු වී ඇත. නීච කුල, උසස්, දිළිඳු, ධනවත් ආකාරයෙන් මෙසේ වර්ග කරනු ලබන මිනිසා මෙලොවදී සිදුකරන ක්‍රියාවන් ගැන අවධානය යොමු කරනවා අඩුය. 
නමුත් බුදුන් වහන්සේගේ දේශනාවම අනුව කුමන තරාතිරමක මවකට හෝ පියෙකුට දාව උපන්නද ඒ පුද්ගලයාගේ උසස් පහත් භාවය තීරණය කෙරෙනුය් ඔහු ඉපිද මිය යනු තුරු සිදුකරන ක්‍රියාකාරකම් මතය. එය කොටස් හතරකින් ඔනතෝනක  සූත්‍රයේදී බුදුන් වහන්සේ අපට පැහැදිලිව පෙන්වා දෙයි. 

තව දුරටත් කියවන්න...

බෞද්ධ දර්ශනය එක් රටකට එක් ප්‍රදේශයකට හෝ එක් ජන වර්ගයකට පමණක් සීමා වූ දර්ශනයක් නොවේ. බුදු දහම අපේය එය අපට අයිති වස්තුවකැයි කියා එක් ජන කණ්ඩායමක් පැවසීම යුක්ති සහගත නොවේ. එයට හේතුව වන්නේ බුදු දහම විශ්ව සාධාරණ දර්ශනයක් බැවිනි. සත්‍ය දැකීම අවැසි සැමට බුදු දහමේ දොරටු විවෘතය. ප්‍රඥාව ලැබිමට කැමති සැම හට බුදු දහම විවෘතය.

තව දුරටත් කියවන්න...

ඔබට  එළඹුණු කුමන හෝ  කරදර විපත්වලදී ඊට පිළියම් ලෙස ඔබ බෞද්ධයකු නම් බෝධි පූජා තැබිම සිදු කරනු ඇත. ඒ හැරුණු විට කේන්ද්‍ර බලා නක්ෂත්‍රඥයන්ද මේ ග්‍රහ අපලවලට බෝධි පූජාවක් තියන්න යනුවෙන් ඔබට උපදෙස් දුන් වාර බොහෝ විය හැකිය.ග්‍රහ අපල දුරු කර ගැනීම සඳහා බෝධි පූජා තැබිම අතීතයේ සිටම බෞද්ධයන් විසින් සිදු කරනු ලබන දෙයකි. මෙවැනි කාර්්‍යයන් සඳහා බෝධි පූජා තැබිම තුළින් මොනතරම් දුරට ප්‍රතිඵල අත්කර ගත හැකිද යන්න පිළිබඳව අපි ධර්මානුකූලව විමසා බලමු.

තව දුරටත් කියවන්න...

භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා යන සිවුවනක් පිරිස ප්‍රධාන අරමුණක්  බලා‍පොරොත්තුවක් ඇතිව බුද්ධශාසනයේ කටයුතු කරති. එනම් නිර්වාන අවබෝධ කර ගත යුතුය යන්නයි. එම නිසා මේ ජීවිත තුළ අපි මහන්සිගත යුත්තේ පැහැදිලි අවබෝධයකින් පැහැදිලි අරමුණක් වෙනුවෙනුයි.
ලොවුතුරු බුදුරජාණන් වහන්සේගේ දහමට ප්‍රියකරන පුද්ගලයන් පිළිබඳව අංගුත්ර නිකායේ අනුරුද්ධ කියන සුත්‍රයේ කරණා අටක් පැහැදිලි කරනවා. ධර්මයට කැමැති වෙන පුද්ගලයෝ, හුදකලාව ප්‍රිය කරන අය, අල්පේච්ඡතාවය ප්‍රියකරන අය, නිතර සතුටින් ජීවිත ගතකරන්න කැමැති අය ආදී වශයෙන් එහි දැක්වෙනවා. මේ ලෝකය අතික්‍රමණය කරමින් මේ ලෝකයෙන් එතෙර වන්නට උත්සාහ කරන උනන්දු වන බලා‍පොරොත්තු ඇති අයට මේ ධර්මය විෂය වෙයි. කොයිතරම් ලැබිම්, නොලැබිම් අපේ ජීවිතවලට උරුම වුණත් අපි බලා‍පොරොත්තු වන නිරාමිස සතුට නොවන්නට පුළුවනි.

තව දුරටත් කියවන්න...

ඉතාලියේ බ්‍රෙෂියා විහාරාධිපති වතෝගල ධම්මික නාහිමියන්ගේ ජාත්‍යන්තර ධර්මදූත මෙහෙවර අගයා මල්වතු පාර්ශ්වයෙන් ඉතාලියේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරිනමා ඇත. ඒ පිළිබඳ අක්තපත්‍ර ප්‍රදානය මෙම මස 19 දා මහනුවර මල්වතු මහ විහාර උ‍පෝසථාගාරයේදී පැවැත්වේ.
‘බෞද්ධ’ යන වචනයේ අර්ථය වන්නේ ‘අවබෝධය’ යන්නයි. මෙම වචනයේ ගැබ් වී ඇති අර්ථය අවබෝධ කරගත් පසු අපට දෙවනුව නැඟෙන ප්‍රශ්නය වන්නේ අවබෝධ විය යුත්තේ සහ අවබෝධ කරගත යුත්තේ කුමක් පිළිබඳවද යන්නයි.

තව දුරටත් කියවන්න...

මිනිසා යනු සත්ව ලෝකයෙහි උසස්ම සත්වයෙකි. උත්පත්තියෙන් මිනිසාගේ සිත ප්‍රභාස්වරවේ. පිරිසිදුවේ. පුද්ගලයා වයසින් වැඩීමත් සමග ආගන්තුකව ඇතුල්වන නානාවිධි ක්‍ලේෂයන්ගෙන් පිරිසිදු සිත අපිරිසිදු බවට පත්වේ. මිනිස් සිත කිළුටු වන ආකාරය මජ්ක්ධිම නිකායේ ඕපම්ම වග්ගයේ වත්ථූප සූත්‍රයේ කරුණු 16ක් ඇසුරින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් සේක.

තව දුරටත් කියවන්න...

මිනිසාගේ පරම ආයුෂ අවුරුදු එකසිය විස්සක් බව එදා ගැමියෝ  නිතර නිතර කීහ.  නමුත් අද අවුරුදු සියයක් ජීවත්වීමත්  ඉතාම අසීරු කාර්යයකි. එහෙත් අවුරුදු සියයේ  කඩඉම ඉක්මවා අවුරුදු 102ට පියමං කළ ව්‍යාපාරිකයකු මෙන්ම ගොවියකු ලෙස කටයුතු කළ පිංවතෙකු හමුවිය.ඒ ජූලි 07 දින 102 වන උපන් දිනය සැමරූ දෙල්ගොඩ කඳුබොඩ පදිංචි රෝහණ මුදලාලි ලෙස කවුරුත් හඳුන්වන ලියනගේ ජයසේකර ලියනගේයි.ඔහුගේ උපන් දිනය සැමරුවේ තරු පහේ හෝටලයක හෝ තම ආලින්දයේ නොවෙයි.

තව දුරටත් කියවන්න...

සැදෑ හිරු බැස ගිහින්ය. රැයේ ඇඳුන අඳුර ඉරා සුදු සඳ රැස් ගලා එන නිමේෂයේ මා සිත දැහැන් ගත වනු දැනේ. හමන මද නල සමඟ මුසුව ගිය මගේ සිතිවිලි කලාවැව ඉස්මත්තේ ගල් පවුර මත පතිත විය. මා අබියස ඇත්තේ අසිරිමත් බුදුරුවකි. ඒ අවුකන සම්බුදු පිළිරුවයි.

මගේ දෙසවන් ඇදී ගියේ ගුවන් විදුලියෙන් විකාශනය වූ ගී පැදි පෙළකට ය. ඒ ප්‍රවීණ ගායක සුනිල් එදිරිසිංහයන්ගේ මධුර මනෝහර හඬිනි. ගී පදවැල් රජී වසන්ත වෙල්ගම ද, සංගීතය දර්ශන රුවන් දිසානායක ද සපයා ඇත. මේ කලාකරුවන් තිදෙනාගේ තුලාබර මෙහෙය නිසාම සෙල් කරුගේ විශිෂ්ටත්වයට ද ගීතයෙන් සාධාරණයක් ඉෂ්ඨ වී ඇතැයි සිතේ.

තව දුරටත් කියවන්න...

අවුරුද්දේ දොළොස් මාසය ප‍්‍රධානවශයෙන් සෘතු තුනකට බෙදේ. එනම්,
* හේමන්ත සෘතුව
* ගිම්හාන සෘතුව
* වස්සාන සෘතුව
යනුවෙනි. මෙහි වස්සාන සෘතුව ලෙස දැක්වෙන්නේ ඇසළ මස අවපෑලවිය පටන් ඉල් මස පුන් පොහොය දක්වා සාර මස් කාලයයි. බුදුන් වහන්සේ පහළ වූ භාරතය තුළ අදටත් ඉහත කී සෘතුවල ඒ ඒ කාර්යයන් ස්වභාවික වශයෙන් සිදුවෙනවා දැකගත හැකිය. වස්කාලය වනාහී වැසි වසින කාලයයි. අනෙකුත් සෘතු දෙකට වඩා වස්සාන සෘතුව තුළ එක දිගට වැසි ඇද හැලීම සිදුවේ.

තව දුරටත් කියවන්න...

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ මෙන්ම බෞද්ධ ජනතාව අතර ඉමහත් ගෞරව පූර්වක භක්තියෙන් වඳින පුදන ආනන්ද බෝධින් වහන්සේගේම අංකුරයක් රෝපණය කිරීමත් සමඟම දහම් සිසිලසින් සිත් නිවී සැනැසෙන මහර ශ්‍රී විවේකාරාම විහාරස්ථානය සාසනික සම්ප්‍රදායානුකූලවම ඇවතුම් පැවතුම් ඇති පූජනීය ස්ථානයකි.

මහනුවර කොළඹ කඩවත හරහා දිවෙන මහා මාර්ගය ආසන්නයේ කිරිබත්ගොඩ පසුකරවනවාත් සමගම ආසන්නවන මහර ශ්‍රී විවේකාරාම විහාරස්ථානය ඉපැරැණිම සිද්ධස්ථානයක් නොවූවත් ඉතා ඉක්මනින් ශ්‍රද්ධා බුද්ධි සම්පන්න සැදැහැවතුන්ගේ සිත් තුළ පැලපදියම් වී ඇත්තේ ආනන්ද බෝධියේ ශාන්ත පිහිටිමත් මෙතෙක් විහාරස්ථානයක බස්නාහිර පලාතේ දී දක්නට ලැබී නැති බුද්ධ ප්‍රතිමා වහන්සේලාත් ඉපැරණි ක්‍රමවේද අනුව යමින් කෙරෙන පුද පූජාත් නීතිරිති නැති අවබෝධයෙන් ගත සිත සංවර කර ගැනීමට නැඹුරු කොට ඇති ස්වාමීන් වහන්සේලාගේ අවවාද රටාවත් නිසා යැයි සිතේ.

විහාරස්ථානාධිපති ශාස්ත්‍රවේදී ගරු මීගහතැන්නේ සංඝරක්‍ඛිත හිමි තරුණ භික්‍ෂූන් වහන්සේ නමක් වුවත් ගැඹුරු ආගමික නැඹුරුවත් ධර්මධර බවත් පැසුණු මහ තෙරුන් වහන්සේ නමකගේ මෙන් ප්‍රසන්නය.

තව දුරටත් කියවන්න...

කළමනාකරණය යන සංකල්පය පිළිබඳව සාකච්ඡා කිරීමට විද්වත් කථිකාවක් ගොඩ නැගීමට මෙම කාල වකවානුව ඉතා යෝග්‍ය වේ. එයට මූලික හේතුව වන්නේ නිසි කළමනාකරණයක් නොමැති කමින් අද නිසි කළමනාකරණයක් නොමැතිකමින් අද වනවිට රටට, සමාජයට, මිනිසාට විපත් රැසකට මුහුණ පෑමට සිදුව තිබිමයි.

තව දුරටත් කියවන්න...

මෛත්‍රී සහගත සිත, මිතුරු ලෙස සිතීම, මිත්‍රබව, ස්නේහය.ප්‍රිය මනාප පුද්ගලයකු දැකීමෙන් මිත්‍ර සිත ඇතිවේද, එසේ සෑම කෙනෙකු ගැනම සිතීම මෙත්තානමි.
මෛත්‍රී භාවනාවේ යෙදෙන යෝගාවචරයාට ලැබෙන අනුසස් එකොළොසකි. එයින් දහයක්ම මේ ජීවිතය තුළදීම අත්විදිය හැකියි. එකොළොස් වැනි ආනිශංසය වුවද මේ ජීවිතය තුළම ලබාගත හැකි නිවණය. බඹලොව උපදිනු ලබන්නේ නිවන ලබාගත නොහැකි වූ විට පමණි. එසේ වුවහොත් එය පරලොවදී ලබන ආනිශංසයකි.

තව දුරටත් කියවන්න...

බුද්ධ දේශනයට අනුව සංසාරය ඉතා  භයානකය. සංසාර චක්‍රයේදී මිනිසුන්ට පමණක් නොව තිරිසන් සතුන්ට පවා ඝෝර, දරුණු, භයානක දුක්ඛ දෝමනස්සයන්ට මුහුණදීමට සිදු වෙයි. යමෙක් එක් ආත්මයක දේවත්වය ලැබුවත් පින් අවසන් වීමෙන් අනතුරුව අසූචි ආහාරයට ගන්නා පණුවෙක් වී ඉපදීමටද පුළුවන.

තව දුරටත් කියවන්න...

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

-----------------------------------------------------------------------

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software