topone

silmatha-kaiw

රටේ මහා බලසම්පන්න මහනාහිමිවරු සිවු නම ලෙස නිල වශයෙන් ප්‍රසිද්ධියට පත්ව සිටින්නේ සියම් මහ නිකායේ අස්ගිරි - මල්වතු පාර්ශ්වල හා අමරපුර හා රාමඤ්ඤ යන නිකායවල මහනාහිමිවරුය. එහෙත් ඒ සිවු නම හැරුණු කොට මහා බලසම්පන්න භික්ෂුවක් කොළඹ හතේ විහාරස්ථානයක වැඩ හුන්නේය. උන්වහන්සේගේ දායකයන් වූයේ ජනපති, අගමැති, අගවිනිසුරු, ත්‍රිවිධ හමුදාපතිවරු, ‍පොලිස්පති, ආරක්ෂක ‍ලේකම්, රටේ කීර්තිමත් මහා ධනපතියන්, ලක්ෂ්මන් කදිර්ගාමර් වැනි පුද්ගලයන්ය. වකුගඩු රෝගයකින් පෙළෙමින් හුන් ලක්ෂ්මන් කදිර්ගාමර්ට එකල වකුගඩුවක් සොයා දීමට මැදිහත් වූවේද උන්වහන්සේය.
 මේ ප්‍රභූ දායකයන් නිසා උන්වහන්සේට කළ නොහැකි දෙයක් එකල තිබුණේ නැත. කොටින්ම කියනවා නම් මහානාහිමිවරුන්ට රජයෙන් දෙන ‍පොලිස් පෙරගමන් රථ පවා උන්වහන්සේ වෙනුවෙන්ද දුන්නේය. කොළඹ හතේ ගේ‍රගරි පාරේ සම්බෝධි විහාරාධිපතිව වැඩ සිටි උන්වහන්සේ දරණාගම කුසලධම්ම හාමුදුරුවෝය.  පිළිකා රෝගයකින් අපවත් වී වදාළ කුසලධම්ම හාමුදුරුවන් මෑත කාලයේ රටේ ප්‍රසිද්ධියට පත්වූයේ 'බෞද්ධයා රූපවාහිනී නාලිකාවේ නිර්මාතෘ ලෙසය. එහෙත් උන්වහන්සේ බොහෝ කටයුතු කෙරුණේ තිරයෙන් පිටුපසය. මේ රටේ ආණ්ඩු වෙනස් කළ ඇතැම් කටයුතු සම්බෝධි විහාරයේ බිත්ති හතරේ කෙරුණේ් කුසලධම්ම හිමියන්ගේ මූලිකත්වයෙනි.
කුසලධම්ම හාමුදුරුවන්ගේ නම රටේ මුලින්ම කතාබහට ලක්වන්නේ පුනරුත්පත්ති කතාවක් සමගය.
මම ගිය ආත්මෙත් හාමුදුරු නමක්. පන්සල දියුණු කරගෙන ඉන්න කොට මට බත්වලට වස දාලා දුන්න නිසා තරුණ වයසේදීම මම අපවත් වුණා. ඒ ආත්මේ බත්වලට වස දාලා දුන් නිසා මම මේ ආත්මෙත් තරුණ වයසට එනතුරු බත් කෑවේ නැහැ.
ඒ දරණාගම කුසලධම්ම හිමියන්ගේ පුනරුත්පත්ති කතාවයි. පැවිදි වී වසරක් ගත වූ තැන 1986 දී උන්වහන්සේ මෙම පුනරුත්පත්ති කතාව කර ඇති අතර ඒ දිනවල 'බුදුසරණ' පත්‍රයෙන් ඒ පිළිබඳව විශාල ප්‍රචාරයක් ලැබුණේය.
කුසලධම්ම හිමි ගිහිව සිටින කා‍ලේ මෙන්ම පැවිදි වූ මුල් යුගයෙත් හරියට භාවනා කළා. එහෙම භාවනා කරලා දවසක් අහවර වුණාට පස්සේ තමයි මේ පුනරුත්පත්ති කතාව කිව්වේ.
කුසලධම්ම හිමියන්ගේ එම පෙර ආත්ම කතාව ගැන කොරතොට විමලධම්ම නාහිමියෝ විස්තර කළේ එසේය.
කොරතොට විමලධම්ම හිමි යනු දරණාගම කුසලධම්ම හිමියන්ගේ ප්‍රථම පැවිදි ගුරුවරයාණෝය. ජල්තර යෝගාශ්‍රමයේදී දරණාගම කුසලධම්ම හිමියන් පැවිදි බිමට පත්වූයේ 1985 අප්‍රේල් මස 05 වෙනිදාය.
ඒ පැවිදි බිමට පිවිසි කතාවත් හරි අපූරුය.
1963 ජුනි මස 30 වෙනි දින සියඹලාපේ දරණාගමදී උපන් මුන්වහන්සේගේ ගිහි නම වූයේ ආනන්ද නෙවිල් කුමාරපේලිය. පවු‍ලේ වැඩිමලා ආනන්දය. තවත් සහෝදරියන් දෙදෙනකු හා සහෝදරයෙක් සිටී. පියා ගුණසේන කුමාරපේලිය. මව කැරලැයින් නෝනා බාලසූරිය වූවාය. මේ වන විට පියා මිය ගොසිනි.
වඩුවේගම විදුහලෙන් ප්‍රාථමික අධ්‍යාපනයත් දරණාගම මහ විදුහලෙන් 6 වන ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වාත්, දෙල්ගොඩ කල්‍යාණ ප්‍රදීප පිරිවෙනින් විශ්ව විද්‍යාල ප්‍රවේශය දක්වාත් ආනන්ද අධ්‍යාපනය ලැබිය.
ආනන්දට පුංචි අවධියේ සිටම ආගමික නැඹුරුවක් තිබිණ. සිය නිවස ආසන්නයේ ඇති වෙලෙහි ඇති කිරිමැටි ගෙනවිත් කුඩා ෙචෙත්‍ය අනුරූ ඉදිකර ඒවාට වන්දනාමාන කිරීම ඔහු දිනපතා කරන්නකි.
පාසල් යන සමයේදී පවා අහළපහළ මළ ගෙයක් සිදුවූ විට දේහයේ අවසන් කටයුතු නිමකරන තුරු, පුටුවක වාඩි වී නිවැසියන්ට දිනපතා බණ දේශනා කරන්නේද ආනන්දය. දිනක් අසල්වැසි ඥාතියෙකුගේ සත් දින බණ අවසන් වී හාමුදුරුවන් යළි වැඩිය පසු එම අසුනේ වාඩිවී හාමුදුරුවන් දේශනා කළ බණ ටික යළි දේශනා කළේ කුඩා ආනන්දය. මේ හේතුව නිසා නිවැසියන්ට පැය 2 ක් බණ අසන්නට සිදු විය.
පැවිදි වීමට අවසර පැතුවත් මව්පියන්ගෙන් ඊට අවසර නොලැබිණි. ඒ හේතුව නිසාම ඔහු කෑම වතුර වර්ජනය කළේය. දොර වසාගෙන දවස් ගණන් කාමරයට වී සිටියේය. වරින්වර පැවිදි වීමට නිවෙසින් පලා ගියේය. එසේම පැවිදි වීමට පන්සල්වලට යෑමට දෙමාපියන් නොආ නිසා වෙනත් ඥාතීන් දෙමව්පියන් ලෙස පෙන්වමින් පන්සල්වලට ගිය වාර අනන්තය.
ඒ කිසිවක් සාර්ථක නොවීය. 
හාමුදුරුවෝ ගිහි කා‍ලේ අවුරුදු 14ක් 15ක් විතර යන කල් බත් කෑවේ නැහැ. බත් පේනකොට ළඟින් යන්නෙත් නැහැ. අපිට ඒක වැටහුණේ උන්වහන්සේ පැවිදි වී පුනරුත්පත්තිය කීවාට පස්සෙයි. පෙර ආත්මයේ බත්වලට වසා දමා දුන් නිසා මේ ආත්මෙත් බත්වලට ප්‍රිය වුණේ නැහැ කියලයි අපි හිතාගත්තේ.
දරණාගම කුසලධම්ම හිමියන්ගේ මෑණියන් අප සමග එසේ පැවැසුවාය.
ආනන්දට පැවිදි වීමට හිතට ඇල්ලුවේ ගැටඹේ රාජෝපවනාරාමයයි. සිය ඥාතීන් දෙපළක් සමග ඔහු එහිද ගියේය. තව හොඳට ඉංග්‍රීසි එහෙම ඉගෙන ගෙන මහණ වෙන්න එන්නැයි එවකට විහාරාධිපතිව සිටි ලබුදූවේ සිරිධම්ම නාහිමියෝ ආනන්දට අවවාද කළහ.
සියඹලාපේ මීගහවත්ත භාවනා මධ්‍යස්ථානයේ භාවනා වැඩසටහන් කිහිපයකට කොරතොට විමලධම්ම නාහිමියන් වැඩියේ ඒ අතරේය. එම භාවනා වැඩසටහනට සහභාගි වූ ආනන්ද කොරතොට විමලධම්ම හිමියන් සොයාගෙන ජල්තර යෝගාශ්‍රමයට ගියේය.
ඒ අතරේ ඔහු උසස් පෙළ ලියා විශ්වවිද්‍යාලයටද තේරී තිබිණි. විශ්වවිද්‍යාලයට යන්න නම් මහණ වෙන්න අවසර දිය යුතු බව ආනන්ද නිවසට කොන්දේසියක් දැම්මේය. එවර නම් ඔහුට අවසර ලැබිණි.
ඒ අවසරයෙන් ජල්තර යෝගාශ්‍රමයේ නතර වූ ආනන්ද භාවනා කරන්නට විය. එසේම පන්සලට පැමිණෙන උපාසක උපාසිකාවන්ට භාවනා වැඩසටහන්ද කළේය.
ජල්තර යෝගාශ්‍රමය යනු පානදුරේ අරියධම්ම හිමියන් මුලින්ම බෝධි පූජා ආරම්භ කළ ආශ්‍රමයයි. අරියධම්ම හිමියෝ කාලයක් එහි වැඩ සිටියහ.
ආනන්ද පැවිදි වූයේ සිංහල අවුරුද්ද ආසන්නයේදීමය. එනම් 1985 අප්‍රේල් 5 දාය. දරණාගම කුසලධම්ම හිමි කොරතොට විමලධම්ම නාහිමිගේ ප්‍රධාන ශිෂ්‍යයෙකි. ඒ අනුව කුසලධම්ම හිමිගේ ප්‍රථම පැවිද්ද වූයේ අමරපුර ස්වේජින් නිකායේය.
පැවිද්දෙන් පසු කැලණිය විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන අවධියේදී බම්බලපිටිය වජිරාරාම සම්ප්‍රදාය ගැන උන්වහන්සේගේ සිත ගියේය. වජිරාරාමය අයත්වන්නේ අමරපුර ධර්මරක්ෂිත නිකායටය. එවකට එහි මහානායක ධුරය දැරුවේ අග්ගමහා පණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ මහානාහිමියන්ය.
1989 නොවැම්බර් මාසයේදී කුසලධම්ම හිමියන් මහරගම වජිරඥාන ධර්මායතනයට ගියේ මඩිහේ මහානාහිමියන් බැහැදැකීමටය. වජිරාරාම සම්ප්‍රදාය පහදා දී ඒ අනුව සිටිය හැකි නම් ආරාමයක විසිය හැකි බව මහානාහිමියෝ අවධාරණය කළහ.
අනතුරුව මහානාහිමියන් කුසලධම්ම හිමියන් යොමු කළේ අම්පිටියේ රාහුල නාහිමියන් ළඟටය. මේ වන විට උන්වහන්සේ 103 වන වියේ පසුවෙති. කහ පැහැති සිවුරක් ‍පොරවාගෙන මඳක් හිස රැවුල් වවාගෙන සිටින කුසලධම්ම හිමියන් දෙස නෙත් යොමු කළ අම්පිටියේ රාහුල හිමියෝ තුවායක්, රේසරයක්, සබන් කැටයක් දී ළිඳෙන් නාගෙන පිරිසිදු වන ලෙස නියම කරන්නට විය.
ඒ අනුව මුලින්ම මහනුවර බෝවලවත්ත වජිරාරාම ආරණ්‍ය සේනාසනයටත්, පසුව බම්බලපිටිය වජිරාරාමයටත් කුසල ධම්ම හිමිගේ ආගමනය සිදුවිය.
ලෝක ප්‍රසිද්ධ ධර්ම දූතයන් වහන්සේ නමක වූ වජිරාරාමාධිකාරී පියදස්සී නාහිමියන්ගේ උපස්ථායක ලෙස කුසලධම්ම හිමියන් කටයුතු කරන අතරේ වජිරාරාම දහම් පාස‍ලේ ප්‍රධානාචාර්ය ධුරයටද පත්විය.
කොළඹ සම්බෝධි විහාරය එවකට පාලනය කළේ සුචරිත ව්‍යාපාරයෙනි. පානදුරේ අරියධම්ම හිමිගෙන් පසු එහි ස්ථිර හිමිනමක් නොවීය. ඒ අතරේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ඇරයුමෙන් පියදස්සී නාහිමියන් සම්බෝධියට වැඩම කළ අතර ඒ සමගම දරණාගම කුසලධම්ම හිමිගේ ආගමනයද සිදුවිය.
ප්‍රේමදාස මහතා ඝාතනය වූ පසු ඔහුගේ භෂ්මාවශේෂද කෙටි දිනක් තැන්පත් කර තිබුණේද සම්බෝධි විහාරයේය. එපමණක් නොව පානදුරේ අරියධම්ම හිමියන්ගේ භෂ්මාවශේෂද තැන්පත් කර තිබුණේ ඒ බිමේය.
මේ අතරේ පතල ඉංග්‍රීසි උගතෙකු වූ පියදස්සී නාහිමිගෙන් ඉංග්‍රීසියෙන් ධර්මය ඉගෙනගැනීමට එවකට ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ දරුවන් දෙදෙනා වූ විමුක්ති හා යශෝධරා වජිරාරාමයට එවීය. එය පාදක කරගෙන ලංකාවේ ප්‍රථම ඉංග්‍රීසි දහම් පාසල සම්බෝධියේ ආරම්භ කළේද කුසලධම්ම හිමියන්ය.
කුසලධම්ම හිමි වැඩ හුන්නේ කොළඹ හතේය. ඉහළම රාජ්‍ය නිලධාරීන්ගේ නිල නිවාස ද පිහිටියේ උන්වහන්සේගේ පන්සල ආසන්නයේය. ජනපතිට, අගමැතිට, හාමුදාපතිවරුන්ට ‍පොලිස්පතිට පවා සෘජුව කතා කිරීමට උන්වහන්සේට හැකියාව තිබුණි.
1998 දී මහනුවර ශ්‍රී දළදා මාලිගාවට ත්‍රස්තවාදීන් පහර දුන් විට ලෝකයේ විවිධ රටවලින් පවා එය නැරඹීමට පැමිණියහ. ඒ අතරේ වියට්නාම් භික්ෂු පිරිසක් පැමිණ දළදා මාලිගාව අබියස මාරාන්තික උපවාසයක් කිරීමට සූදානම් විය. එය සංවිධානය කිරීමට මූලික වූයේද දරණාගම කුසලධම්ම හිමියන්ය. මෙය රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් යැයි ඉහළට සැලවිණි. තත්ත්වය භයානක විය. කුසලධම්ම හිමියන් අත්අඩංගුවට සූදානම් වන බවක් පෙනෙන්නට විය. වහාම ක්‍රියාත්මක වූ පියදස්සී නාහිමියන්, එවකට විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ වැඩ සිටි ගම්පහ පේමසිරි නාහිමි සමග ජනාධිපතිනිය හමුවී කරුණු පහදා දී කුසලධම්ම හිමියන් අත්අඩංගුවට ගැනීමෙන් වළක්වා ගත්තේය. 
චන්ද්‍රිකා රජය සමයේදී ගෙනා පැකේජය පරාජය කිරීමට තිරය පිටුපස සිට විශාල වැඩ කොටසක් කළේද දරණාගම කුසලධම්ම හිමියන්ය. ඒ සඳහා මහානායක හිමිවරුන් සිවු නමගෙන් නිකුත් කළ කෙටි නිවේදනය සකස් කර ගැනීමටද උන්වහන්සේ මුල් විය. 
කුසලධම්ම හිමියන් බොහෝ ජාතික ප්‍රශ්න ගැන කළ යුතු දේ ගැන කතා කළේ  කිත්සිරි නිමල් ශාන්ත මහතාසමගය. පැකේජයට එරෙහිව එවකට මල්වතු පාර්ශ්වයේ මහානායකව වැඩ සිටි රඹුක්වැල්‍ලේ විපස්සි හිමියන් අත්සන් කිරීමට මැලිකමක් දක්වන බවක් පෙනෙන්නට විය. 
දරණාගම හිමි ඊට මඩිහේ පඤ්ඤාසීහ මහා නාහිමියන් මැදිහත් කරගත්හ. මඩිහේ මහා නාහිමියන් මල්වතු විහාරයට වැඩම කර මේ ලියවිල්ලට මල්වතු මහා නාහිමියන්ගේ අත්සන යෙදීමේ වැදගත්කම පහදා දුනි. ඒ අනුව නිවේදනය නිකුත් විය. එය පේළි 4ක කෙටි නිවේදනයකි. එතැනින්ම පැකේජයද නතරවිනි. 
ස්වේජින් නිකායේ පැවිදි උපසම්පදාවී අමරපුර ධර්මරක්ෂිත නිකායේ ඇසුරෙහි වැඩුණු දරණාගම කුසලධම්ම හිමිට සියම් නිකායට එක්වීමට සිත්විය. 
ඒ අදහසින් උන්වහන්සේ මුලින්ම සියම් නිකායේ කැලණි පාර්ශ්වයට එක්වීමට කටයුතු යෙදීය. ඒ නවගමුව රජමහා විහාරාධිපති මාදන ජිනරතන මහා නාහිමිගේ ශිෂ්‍යයෙකු වශයෙනි. ඇතැම් විට එය ජීවිතයටද ප්‍රශ්නයක් වේ යැයි පැවැසූ උන් වහන්සේ ඒ අදහස අත්හැරීය.
පසුව 2008.07.12 දින කුසලධම්ම හිමියෝ අස්ගිරි මහා විහාරයේදී සිවුරුහැර එදිනම පැවිදි වී එදිනම උපසම්පදා වූයේ එවකට අස්ගිරි පාර්ශ්වයේ මහානායකව වැඩ සිටි උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමිගේ ශිෂ්‍යයකු වශයෙනි.
 
ධර්ම ශ්‍රී තිලකවර්ධන
lakbima
Share

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

-----------------------------------------------------------------------

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software