topone

silmatha-kaiw

කැලණි වෙහෙරේ ඓතිහාසික අබතෙල් පහන් පින්කම

වාද්දුව මොල්ලිගොඩ සද්ධා පුඤ්ඤ ප්‍රදීප පූජාකාරක සමිතිය සංවිධානය කරන 117 වන අබතෙල් පහන් පූජා පින්කම 2018/03/17 වන සෙනසුරාදා දින පස්වරු 3 සිට පසුදා පහන්වනතුරු පැවැත්වෙයි. මෙම ලිපිය පළවෙන්නේ ඒ නිමිත්තෙනි.
තමන් අදහන, වඳින පුදන දෙවි දේවතාවන් අරබයා පහනක් පිදීම ආදි මිනිසා පටන් වත්මන් ශිෂ්ට මිනිසා දක්වම විවිධ ජනයා අතර පවතින පූජා චාරිත්‍රයකි. ශ්‍රී ලාංකික අප සංස්කෘතික ආභාසය සහ නිරන්තර ‍පෝෂණය ලබන මාතෘ සංස්කෘතිය වූ භාරතීය සංස්කෘතිය ඒ අතින් විශේෂත්වයක් දරයි. වෛදිකයන් හඳුනාගෙන සිටි දෙවිවරුන් තිස්තුන්දෙනාටම ඔවුහු පහන් දල්වා පූජා කළහ. ප්‍රතිවෙදික ආගම්වල අතරද භෞතිකවාදීන් සහ සංශයවාදීන් හැර අන්‍යයන් තමන්ගේම දේව සභාවක් වෙනුවෙන් ප්‍රදීප පූජා පවත්වා ඇත. ඒ දෙවිවරුන්ගේ රූප නිර්මාණය කොට පූජා පවත්වන අවස්ථාවන්හිදී සිතුවම් කළ දේවරූප අල්වා පාමින් සහාය දැක්වූ මංඛයන් පිළිබඳවද අසන්නට ලැබේ. (මක්ඛලී ගෝසාලයන්ගේ පියා ද එවැන්නෙකි.)
බුද්ධ කාලය වන විට පහන නිවෙස් ආලෝක කර ගැනීම සඳහා දල්වන්නක් බවට ජනප්‍රියව තිබුණු බව අවිවාදයෙන්ම පිළිගැනෙයි. භික්ෂුන් පාමොක් උදෙසීම සඳහා ‍පොහෝ දිනවල රැස්වන උ‍පෝස්ථාගාරය හෙවත් ‍පෝය ගෙය පහන් දල්වා ආලෝක කරගත් බව ප්‍රාතිමෝක්ෂයෙහි අන්තර්ග ප්‍රාරම්භක විමසුම්වල ගම්‍යමානය. පාමොක් උදෙසීම සිදුවන්නේ දවල් කාලයක නම් දැන් දිවා  ආලෝකය ඇති නිසා පහන් දැල්වීමේ අවශ්‍යතාවක් නැත. යනුවෙන් පිළිතුරු දෙනු ලැබේ. එහෙයින් එවකට පහන් බෞද්ධයන් අතර පූජා චාරිත්‍රයකට සම්බන්ධ නොවූ බව හැඟී යයි. බුදුරදුන් ජීවමාන සමයේම කෘතවේදීත්වයේ සංකේතයක් සේ ඇරඹුණැයි සැලකෙන බෝධි වන්දනාව බෞද්ධ පූජා චාරිත්‍රයනට පහන් පූජාව එක් කළේ යැයි අනුමාන කළ හැකිය. ආනන්ද හිමියන් රෝපණය කළා යැයි වාර්තා වන බෝධීන්  වහන්සේ වෙත සැදැහැවතුන් මුල්ම පහන පුදන්නට ඇත. බුද්ධ පරිනිර්වාණයත් සමගම සමාරබ්ධ ස්තූප පූජාවන්හිදී පහන මුල් තැනක් ගත් බව නිසැකය. එතැන් පටන් බෞද්ධ පූජා චාරිත්‍රයන් අතර පහන් පූජාවට වැදගත් ස්ථානයක් හිමි විය. 
වර්තමාන ථෙරවාදී බෞද්ධයන් අතර පහන් පූජාව උත්කෘෂ්ට ගණයේ පුණේ‍යා්ත්සවයක් බවට පත්ව තිබේ. එය කතෛක් උත්කර්ෂයෙන් වර්ණනා කෙරේද යන්න පහනක් දීම ඇසක් දිම සමයැයි කියනු ලැබේ. (දීපදෝ හෝති චක්ඛුදෝ) ඇස් ඇත්තෙකුට වුවද අඳුරෙහි යමක් දකින්නට නම් පහනක් අවශ්‍යයි. එහෙයින් ඒ කියුමෙහි වැදගත් හරයක් තිබේ. අඳුරෙහි පහනක් රැගෙන ගිය අන්ධයෙකුට ඇස් නැතිව පහනක් කුමටදැයි අවමන් කළවුනට එය මගේ ප්‍රයෝජනයට නොව ඔබේ ප්‍රයෝජනයටය. යි ඔහු පිළිතුරු දුන් බව ළමා වියේදී අප කියැවූ පාසල් ‍පොතක සඳහන් විය. පහනෙහි ප්‍රථම කාර්යය සැමට ‍පොදුවේ අඳුරෙන් මිදී ආලෝකය ලබන්නට සැලැස්වීමයි. ආලෝකය නැති විට පසිඳුරන් අතර වැදගත්ම සහ අත්‍යන්තයෙන්ම ප්‍රබල ඉන්ද්‍රීය වූ ඇසට කිසිම කාර්යයක් කරන්නට නොහැකි වෙයි. රාත්‍රී හුදු නිද්‍රෝපගත වීමේ කාලය බවට පත් නොවී විද්‍යාර්ථී කාටත් අර්ථවත් සක්‍රිය සමයක් බවට පත් වන්නේ පහන නිසාය.
ආලෝකය අපගේ ජීවිතයට අත්‍යවශ්‍ය සාධකයක් නිසා විද්‍යාඥයෝ අපට විදුලි බලයෙන් පහන දැල්වීමේ තාක්ෂණය ලබාදුන්හ. එහෙයින් විදුලි පහන සොයා ගැනීම මානව ශිෂ්ටාචාරයේ දිගු ඉදිරි පිම්මක් බව අවිවාදයෙන්ම පිළිගැනෙයි. එතකුදු වුවත් ශිෂ්ටාචාරයේ ඓතිහාසික ජයග්‍රහණ අමතක කිරීමට අපට හැකිද? කෘතවේදී මිනිස්සු එසේ නොකරති. ජයග්‍රාහී සොයාගැනීම්වල අගට සදානුස්මරණීයය. ඒවා සංස්කෘතියේ සම්භාවණීය සංකේත ලෙස සදා රැකගන්නා බව සමාජ මානව විද්‍යාඥයන් විසින් හඳුනාගැනෙයි. කඩුව මෙවන් තවත් සංස්කෘතික ජය සංකේතයකි. කෙතරම් තුවක්කු, පිස්තෝල වැනි ආයුධ සොයා ගැනුණත් හමුදා නිලධරයන්ගේ කස්තානයෙහි රැඳෙන්නේ කඩුවය. එය සම්භාවනීය ආභරණයකි. කඩු සටන් වැදගත් ක්‍රීඩාවකි. කඩු දෙකක් දෙපසෙන් එක්වන සංකේතය සාඩම්බරය. ප්‍රභූ නිවාසවල බිත්තියද එයින් සැරසෙයි.
තෙල් යොදා දල්වන පහන උත්සව සභා ආරම්භයේදී දැල්වෙන්නේ පූජනීය අරුතකිනි. විදුලි පහනින් තොරණක් ආලෝක කෙරෙන නමුත් බුදුරුව, ස්තූපය සහ බෝධිය පුදන්නේ තෙල් පහනිනි. විදුලි පහනට තෙල් පහනේ පූජනීයත්වය සහ සම්භාවනීයත්වය පවරන්නට ජනතාව හදිසි වන බවක් කිසි විටෙක නොපෙනේ. විසිඑක් වන සියවසේ හිමිවරුන් කියන්නේද ලියන්නේද විදුලි පහන් පිදීමේ අනුසස් නොව තෙල් පහන් පිදීමේ අනුසස්ය. 115 වන අබතෙල් පින්කම වෙනුවෙන් නිකුත් කළ පහනින් පහනට නම් ධර්ම සංග්‍රහයෙහි බෝපිටියේ ධම්මිස්සර නාහිමියන් පෙන්වා දෙන්නේ පහන් පූජාවෙන් සෘද්ධි කොටස් කිරීමේ නුවණ, දුර හඬ ඇසීමේ නුවණ, පරසිත් දක්නා නුවණ, පෙර විසූ පිළිවෙළ දත හැකි නුවණ, ධ්‍යාන සමාපත්ති නුවණ මෙන්ම ලිවීම ගණිත මිණිත ශිල්ප ශාස්ත්‍ර ඥානයද ලැඅබනෙ අතර ඇස් රෝගවලින් තොරව මනා පෙනුමක්ද ලද හැකි බවයි. මේ සියල්ල තෙල් පහන් පූජාවෙහි ආනිසංස වෙති.
අබතෙල් පරිසරය ප්‍රසන්න කරන අතර ප්‍රබල ඖෂධීය ගුණයකින්ද සමන්විත වෙයි. එය රසකාරකයක්ද වන අතර වේදනා නාශයක්ද වෙයි. සිද්ධාර්ථ නමින් පාලියෙන් හැඳින්වෙන අබ බලගතු ආයුර්වේද ඖෂධයක් වෙයි. සාගත, වසංගත, සුළිසුළං වැනි ආපදාවන්හි මෙන්ම සතුරු උවදුරු දුරුකර ගැනීම සඳහාද අබතෙල් පහන් දැල්වීම සිරිතකි. යක්ෂ භූත දෝෂ නිරාකරණය කර ගැනීම සඳහා ටිබෙට් බෞද්ධයෝ අබතෙල් මතුරති. පැරණි ලක්දිව ජනයාද මෙවැනි පූජාවන් කළ බවට ඇති හොඳම නිදසුන බුදුරුවගලින් ලැබි ඇති යෝධ පහනයිත. එය භාවිත කරන්නට ඇත්තේ අබතෙල් සඳහාම බවට ඇති ප්‍රබලතම සාධකය එයින් අද පවා උද්වහනය වන අබතෙල් සුවඳයි.
මීට වසර 117කට පෙර වාද්දුවේ මොල්ලිගොඩ නම් ගම් පියසට උදා වූ වසංගයකට පිළියමක් ලෙස සුවන්දි නම් උපාසක මහතෙකු විසින් අබතෙල් පූජාවක් සංවිධානය කරන ලදී. එහි අනුහසින් වසංගතය දුරු වී ගියෙන් ප්‍රමෝදයට පත් ගම්වැසියෝ සද්ධා පුඤ්ඤ ප්‍රදීප පූජාකාරක සමිතිය නමින් දායක සභාවක් පිහිටුවාගෙන වසරක් පාසා කැලණි රජමහා වෙහෙරෙහි අබතෙල් පූජා පින්කමක් පැවැත්වීමට ශපථ කරගත්හ. මේ උදාර සිරිත පරපුරෙන් පරපුරට උරුම කර දෙමින් අද දක්වාම නොකඩවා පවත්වාගෙන ඒම උත්කෘෂ්ට කාර්යයකි. මෙරට බෞද්ධ සංස්කෘතිය මැනවින් හඳුනන ගිහි පැවිදි බෞද්ධ ප්‍රභූන් බොහෝ දෙනෙකුගේ සහය ඇතිව වසරක් පාසා පැවැත්වෙන මෙම මහා පුණ්‍යකර්මයට සහභාගි වන සේ සද්ධා පුඤ්ඤ ප්‍රදීප පූජාකාරක සමිතිය ඔබ හැමටද බැතිබරව ඇරයුම් කරයි.
 
මහාචාර්ය චන්දිම විජේබණ්ඩා
Share

පාරමිතා පූජාව - 2019

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

-----------------------------------------------------------------------

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software