topone

silmatha-kaiw

හාමුදුරුවනේ  කෙනෙක් තමන්ගේ ජීවිතයට සතුට සැනසීීම ළං කර ගන්නේ කෙසේද ? 
සතුට සැනසීම ජීවිතයකට ළංකර ගැනීම කම්මැලිකමින් හෝ ප‍්‍රාර්ථනා 
සමුදායකින් කර ගත හැකි දෙයක් නොවන බව ප‍්‍රථමයෙන්ම සිහිපත් කළ යුතුයි. එය වටහා ගැනීමට අද බොහෝ දෙනා අසමත් වී ඇති බව පෙනෙන්නට තිබෙනවා. එකෙන් වෙන නරක ප‍්‍රතිඵලය තව තවත් පැතුම් ගොඩක අතරමං වෙන එක පමණයි. අපේ ජීවිත වල වෙනසක් ඇති කරගන්නට නම් අපගේ හිත් අදහස් හා සංකල්ප යහපත් අයුරින් වෙනස් කර ගත යුතුයි. හිතට එන්නත් කරන ආකල්ප පිළිබඳ මනා අවබෝධයකින් කටයුතු කළ යුතුයි. අන් අයට අප වෙනුවෙන් කළ හැකිදේ මෙන්ම කළ  නොහැකි දේත් තිබෙනවා. ඒ අතර මානසික සතුට සහ සැනසීම අප වෙනුවෙන් වෙනත් කිසිම කෙනෙකුට හෝ දේකට කළනොහැකියි. එය අප  විසින්ම උත්සාහයෙන් කැපකිරීම් සමුදායකින් සොයා ගත යුතුයි. 
මෙලොව ජීවත් වන හැම ජීවියෙක්ම දුක , කඳුළ, සන්තාපය, පීඩනය , පසුතැවිල්ල යන දේවල්වලට කිසි විටෙකත් කැමති නැහැ. එහෙත් බොහෝ දෙනකුට ජීවිතයේ මුහුණ දෙන්නට වෙන්නෙත් මෙවැනි දේවල්වලටයි. සතුට , සැනසීම , සිනහව , සන්තෝෂය ජීවිතයට සැබෑ ලෙස ළං කර ගත් අය දුර්ලභයි. එහෙත් අප සෑම කෙනෙකුම අපගේ ජීවන ගමන් මග දෙස මැනවින් සිතා බැලීමට පුරුදු පුහුණු වුවහොත් ජීවිතයට සැනසීම හා සතුට අප‍්‍රමාදව ලබා ගත හැකියි. ඒ සඳහා අවශ්‍ය වන්නේ ජීවිතාවබෝධයට අවශ්‍ය ධර්ම ඥානය හා වැරදි නිවැරදි කර ගැනීමට උත්සාහවත් වීම පමණයි.
ඒ සඳහා බුදුරජාණන් වහන්සේ දේශිත දේ කුමක්ද ? 
ජීවත්වීමේ සොඳුරු මාවත ලෙස  බුදුරජාණන් වහන්සේ  දේශනා කොට වදාළේ මාර්ගාංග අටකින් යුතු ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. 
එය නිර්වාණාවබෝධය කරා ගමන් කරන සොඳුරුතම මාර්ගයයි. ඒ සඳහා වෙනත් මාවතක් නැහැ. විශේෂයෙන්ම එය ප‍්‍රතිපදාවක්. ක‍්‍රියාවෙන් පුහුණුවට නැගිය යුතු ක‍්‍රියාකාරකමක්. එම ක‍්‍රියාකාරකම් සාර්ථක වූ තරමට ජීවිතයේ අඳුර ජීවිත වලින් සමුගෙන ඒ සමුගන්නා අඳුර අතරට නිරායාසයෙන්ම  ආලෝකය ගලා එනවා. ළිඳක් අපවිත‍්‍ර වූ විට ළිඳ ඉස පිරිසිදු කරනවා. හැබැයි ඒ ළිිඳට පිටතින් වතුර ගෙනත් දාන්නෙ නැහැ. ළිඳේම උල්පත් වලින් පිරිසිදු ජලය ලැබෙනවා. අපිත් අපේ ජීවිත අපිරිසිදු වන අවස්ථා හා පුද්ගලයන්ගෙන් වෙන්ව පිරිසිදු පුද්ගලයන් හා ආකල්ප ඇසුරු කිරීමට පුහුණුව ලබන්නේ නම් අපට අපගේ ජීවිතවල ඇති  ඕනෑම අඳුරක් පළවා හල හැකියි. ඒ සඳහා අවශ්‍ය වන්නේ නිවැරදි බුද්ධිය හා කැපවීම පමණයි. ජීවිතයේ යථාර්ථය පළමුවෙන්ම අපි මැනවින් අවබෝධ කර ගත යුතුයි. ”දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතා” යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනම් මේ ලෝකය පිහිටා තිබෙන්නේ දුක මතය යන්නයි. එයින් අදහස් වන්නේ සැපයක් නැහැ කියන එක නෙමෙයි. හැම සෑම ලෞකික සැපයකම අවසානයේ දුකකට සම්බන්ධ වන බවයි. මෙය අප පළමුවෙන්ම වටහා ගත යුතුයි. දුකට වෛර කිරීම හෝ සාප කිරීම කිසි විටෙකත් නොකළ යුතුයි. අඳුරට සාප කරනවාට වඩා එක පහන් සිළුවක් හෝ දැල්වීම කෙතරම් වටනේද යන්න අප නිතර මෙනෙහි කළ යුතුයි. තමා තමාට ප‍්‍රශංසා කර ගත යුතුයි. තමාගේ අඩුපාඩු ගැන තමාම විවේචනයක් කර ගත යුතුයි.
ආත්මාවලෝකනය යනු එයයි නේද හාමුදුරුවනේ 
ඔව්. අත්මාවලෝකනය, ප‍්‍රත්‍යවේක්ෂණය, අන්තරාවලෝකනය , ඇතුළට එබී බැලීම මේ සියලූ‍ වචන වලින් පැහැදිලි වන්නේ එකම දෙයයි. මේ දේ කර ගැනීමට අපිට ආත්ම ශක්තිය තිබේ නම් ඥානය ප‍්‍රබෝධය ඇති කර ගත හැකි නම් අප අඳුරට ඇද දමන සියලූ‍ නිසරු ලෝකවලින් අපට නිදහස් වීමට හැකියි. ලෝ සතන් වෙත වෛරයෙන් සිතීමට නොව අනුකම්පාවෙන් සහ දයාවෙන් සිතීමට නිරතුරුවම වග බලා ගත යුතුයි. ලොවෙහි කල්‍යාණ සත්පුරුෂයන් නැත කියමින් පසු නොතැවී අප අපට කලන මිතුරකු වීම ඉතාමත් වටිනා දෙයක්. මේ ශරීරයට 
නොවටිනා වටිනාකම් දීම වහා නවතා දැමිය යුතුයි. කිසිවිටෙකත් අපට කා සමගවත් තරගයක් නැති බව නිරතුරු මෙනෙහි කිරීමට උත්සහවන්ත විය යුතුයි.
අපේ සිතේ ඇති විය හැකි තරහව වෛරය නැති කරගන්නේ කොහොමද හාමුදුරුවනේ 
අප අපේ සිතේ වෛරය ඇති කර ගන්නවා කියන්නේ අනුන්ගේ වරදට අපේ සිත සහ යහපත් සිතිවිලි පද්ධතිය වනසා ගැනීමට අපි අපිට අනාදරයෙන් කරගන්නා බරපතළම වැරදි. එම දුර්වලතාවය කෙසේ හෝ හදා ගැනීමට වෙහෙසිය යුතුයි. අද දවසේ මම නිසා මගෙන් කිසි කෙනෙකුට උපකාරයක් මිස හිංසාවක් නම් නොවේවා යන උතුම් මෛත‍්‍රී සහගත හැගීම හැම උදෑසනකම ඇති කර ගත යුතුයි.
නපරෙසං විලෝමානි - නපරේසං් කතාකතං 
අන්තනෝව අවෙක්ඛේයිය  - කතානි අකතානිව 
අනුන් කළ නොකළ දේ ගැන නොසොයන්න. තමා කළ නොකළ දේ ගැන පමණක් හිතන්න. මේ ටික කර ගැනීමට හැකි නම් අප මොනතරම් සැනසුමක් ලබනවා ඇත්ද ?නමුත් බොහෝ දෙනා කරන්නේ එය නොවෙයි. තම යුතුකම අමතක කර අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වැදීම පමණයි. එවැනි සමාජයක 
වන්නේ තව තවත් ප‍්‍රශ්න අර්බුද වැඩි වීම පමණයි.
බොහෝ දෙනාගේ සතුට අහිමි වීමට ධර්මය නොදැනීමත් හේතුවක් විය හැකියි. කෙනෙක්ට සතුට ළඟා කර ගත හැකි ක‍්‍රමවේදය ධර්මානුකූලව පහදන්න 
බොහෝ දෙනකුගේ සතුට අහිමි වී යන්නේ ධර්මය නොදන්නා නිසයි. බණ අසන විට ඇසුවත් එම ධර්මය මනසේ ආරක්ෂා වී නොපවතී නම් ඔහුට සැනසීමක් ලැබෙන්නේ නැහැ.
අතීතං නා නුසොචන්ති - නප්පජප්පන්ති නාගතං 
පච්චුප්පන්නේන යාපෙන්ති - නේනවන්නෝ පසීදති 
ඉක්ම ගිය දේ ගැන කිසිවිටෙකත් ශෝක නොකළ යුතුයි. නොපැමිණි දේ ගැන විශාල ආශාවන්ගෙන් පිරුණු ජීවිත ගත නොකළ යුතුයි. අනිත්‍ය සමග උරණ නොවිය යුතුයි. එය මෙලොව ඇති ලස්සනම භාවනාව බව සිතිය යුතුයි. අපගේ ජීවිත සදාකාලික නොවන බැවින් දරන්නට , ඔසවන්නට , ගෙන යන්නට නොහැකි බර ජීවිතයට පටවා ගන්නට උත්සහ නොගෙන සරල හා අල්පේච්ච ජීවිතයේ වටිනාකම දකින්න. තෘෂ්ණා ජාලය තුනී වන අන්දමට සිතන්නට පෙළඹිය යුතුයි.
 
සාකච්ඡුා කළේ - ජනක හෙට්ටිආරච්චි
ජනවිජය පදනමේ ලේකම් ශාස්ත‍්‍රපති රාජකීය පණ්ඩිත උඩදුම්බර ලංකානන්ද හිමි
lakbima
Share

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

-----------------------------------------------------------------------

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software