topone

silmatha-kaiw

 
කොළඹ 07, ශ‍්‍රී සම්බෝධි විහාරාධිපති හා ‘බෞද්ධයා’ රූපවාහිනී මාධ්‍ය ජාලයේ  සභාපති දරණාගම කුසලධම්ම නාහිමිපාණන්ගේ අපවත් වීම වූ කලී ලක්දිවට පමණක් නොව මුළු මහත් බෞද්ධ ලෝකයාට ම සිදු වූ පිරිමැසිය නොහැකි බලවත් පාඩුවකි. 
ලොව්තුරා තථාගත බුදුවදන වනුයේ නැවුම්ව, නිර්මාණාත්මකව, අලූත් මුහුණුවරකින් සිතන තැනැත්තා විශේෂත්වයට පත්වන බවයි. (නාචින්තයන්තො පුරිසො විසෙසමධිගච්ඡුති - ජාතකපාළි දරණාගම කුසලධම්ම නාහිමියන්ටද බෞද්ධ ධර්මත මෙහෙවර හා භික්‍ෂුවගේ කාර්යභාරය පිළිබ`දව නැවුම්ව හා නිර්මාණාත්මකව දැකීමට තිබූ හැකියාව උන්වහන්සේ විශේෂත්වයට හා ශ්‍රේෂ්ඨත්වයට පත් කොට ඇත. එම නෛපුන්‍යත්වයේ ප‍්‍රතිඵලයක් ලෙස මීට දශකයකට පමණ පෙර උන්වහන්සේගේ අප‍්‍රතිහත ධෛර්යයෙන් ලංකාවේ පළමුවරට ‘බෞද්ධයා’ නමින් බෞද්ධ රූපවාහිනී නාලිකාවක් ආරම්භ විය.
 එය මෑතකාලීන ලංකාවේ බෞද්ධ පුනරුදයට ඉවහල් වූ බව අතිශයෝක්තියක් නොවන්නේමය. බටහිරින් හා කලාපයේ බලවතා වූ ඉන්දියාවෙන් සම්පේ‍්‍රෂණය වන විවිධ සංකර,  ඕලාරික, අවර ගණයේ රූපවාහිනී වැඩසටහන් හා ඒවා අනුකරණය කරමින් සකසන ලද ඇතැම් විද්‍යුත් නිර්මාණයන්ගෙන් වාණිජ රූපවාහිනී තිර වැසී යද්දී, තරුණ ප‍්‍රජාව පමණක් නොව වැඩිහිටියන්ද ඒවාට ගොදුරු වෙමින් සිටි සමයක ඉසිවර නුවණින් යුතුව උන්වහන්සේ සිදු කරන ලද්දේ උඩුගංබලා පිහිනීමකි. එහි ප‍්‍රතිඵලයක් ලෙස අවබෝධයෙන් ධර්මය ශ‍්‍රවණය කරන ගිහි පැවිදි ප‍්‍රබුද්ධ ශ‍්‍රාවක පිරිසක් මෙන් ම පෙළ අටුවා ටීකාදිය සම්පරීක්‍ෂණය කොට නැවුම්ව සරලව ධර්මය තේරුම් කර දිය හැකි විශාල ධර්මදේශකයන් වහන්සේලා පිරිසක්ද බිහි වී ඇති බව සිහිපත් කරනුයේ උන්වහන්සේට ගෞරවයෙනි. ඇතැම්විට අත පය වාරු නොමැතිව හුදෙකලාව ජීවිතයේ සැ`දෑසමය ගත කරන උවැසි උවැසියන් මේ තුළින් ලබන මානසික ප‍්‍රබෝධයමකුසලධම්ම නාහිමියන්ට ප‍්‍රාර්ථනීය බෝධියකින් නිවන් දැකීමට හේතු වන බලවත් කුසල කර්මයකි. 
බෞද්ධයා එකතු වූ විට, සමගි වූ විට කළ නොහැක්කක් නොමැති බව මෑතකාලීනව සනාථ කිරීමේ ගෞරවයද කුසලධම්ම නාහිමි නමට එකතු විය යුතුය. බෞද්ධ සැදැහවතුන් ඒකරාශී කොට සිදු කළ අසිරිමත් මහා පින්කම් පමණක් නොව පිළිසරණක් අවැසි අසරණ ජනයා සොයා ගොස් ඔවුන්ගේ ජීවන තත්ත්වයන් නගා සිටුවීමට කළ යුග මෙහෙවරද ප‍්‍රශංසාර්හ ය. සිංහල බෞද්ධයා ආධ්‍යාත්මිකව මෙන්ම ජීවන මට්ටමෙන්ද නගා සිටුවීමට අනුගමනය කළ යුතු ක‍්‍රමවේදය නිවැරදිව අවබෝධ කරගෙන ක‍්‍රියා කළ සහ කරන යුග පුරුෂයන් සුළුතරය අතර කුසලධම්ම නාහිමියෝ ඉදිරියෙන් සිටියහ. උන්වහන්සේ වැනි යුගකාරක භික්‍ෂූන් වහන්සේලා වැඩ සිටිය යුතුම කාලවකවානුවක උන්වහන්සේගේ අපවත් වීම පිරිමැසිය නොහැකි බලවත් පාඩුවකි. අපවත් වී වදාළ ගෞරවාර්හ දරණාගම කුසලධම්ම නාහිමිපාණන්ට ප‍්‍රාර්ථනීය බෝධියකින් අමාමහ නිවන් සුව අත්වේවා ! 
 
කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙණේ
ආචාර්ය රාජකීය පණ්ඩිත වල්පොළ සිරි පියරතන හිමි
lakbima
 
Share

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

-----------------------------------------------------------------------

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software