topone

silmatha-kaiw

වර්ෂයක් ගෙවී තවත් නව වර්ෂයක් ආරම්භ වූ මොහොතයි මේ. සුබ නව වසරක් වේවා යැයි පතමින් නිරන්තරයෙන් දොඩමලු වන මේ නව වසර සැබවින්ම සුබ නව වසරක් බවට පත්කර ගැනීමට අපි වග බලා ගත යුතුයි. එහිදී අරමුණු ඉතා වැදගත්. අපි හැමෝම කතා කරන 'අරමුණ' විවිධ නම් වලින් භාවිතයට එනවා. 'ආරම්මන', 'බලා‍පොරොත්තුව', 'පරමාර්ථය මේ කියන මොන වචනයකින් එය අදහස් කළත් ඒ තුළ තිබෙන්නේ අසාමාන්‍ය වූ
අර්ථයක් බව නම් ඉතාම පැහැදිලියි. අධ්‍යාත්මික සහ භෞතික කියන අර්ථ දෙකක් ඔස්සේ අරමුණ විග්‍රහ කළ හැකියි. 'ආරම්මන' යන පදය ධර්මයේ අවස්ථා කිහිපයකදීම හමු වෙනවා. 'යංකිඥ්චාරම්මනං කත්වා' මෙහිදී පුද්ගලයකු තුළ දන්දීම   සඳහා ඇති කර ගන්නා  බලා‍පොරොත්තුව යන්නත්, පුද්ගලයාගේ ජීවන පැවැත්ම තුළ පංච්ෙන්ද්‍රියට ගොදුරුවන රූප ශබ්දාදි අරමුණත් මෙහිදී ධර්මානුකූලව විග්‍රහ කෙරෙනවා.

ඇසට රූප අරමුණු කර ගැනීම, කනට ශබ්ද අරමුණු කර ගැනීම ආදී වශයෙන් පසිඳුරන්ට ගොදුරු වන අරමුණු අසීමිතව සොය නොයා යුතු බවත්. ඒ තුළින් ඇලීම ඇති වී දුක හටගන්නා බවත් එය තේරුම් ගැනීමෙන් දුක නැති කර ගැනීමට හැකි බවත් බුදුරදුන් දේශනා කළහ. බෞද්ධයාගේ උත්තම පරමාර්ථය හෙවත් අරමුණ විය යුත්තේ උතුම් නිවනයි. එම අරමුණ කරා යන ගමන දම්සක් පැවැතුම් සූත්‍ර දේශනාව වැනි  දේශනාවන් තුළින් පැහැදිලි කොට තිබෙනවා. අරි අට මග අනුගමනය කොට මැදුම් පිළිවෙත ඔස්සේ ගමන් කිරීමෙන් තම උත්තම අරමුණ කරා ගමන් කළ හැකි වෙනවා. 'සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්ථාය' යන පාලිපාටය තෙවරක්ම හඬ නගා කියවා භික්ෂුවක් පැවිදි දිවියට එළැඹෙද්දීම එම අරමුණට යාම සඳහා අදිටන් කර ගන්නවා. ස්වකීය අරමුණ සාක්ෂාත් කර ගන්නා තුරු යන ගමන කෙසේ සකස් කර ගත යුතුද යන්න දසධම්ම සූත්‍ර වැනි දේශනා තුළින් භික්ෂුවට මැනවින් පැහැදිලි කොට තිබෙනවා. ගිහි පිරිසද ස්වකීය අභිප්‍රාය සාධනය කර ගැනීම සඳහා කුසලයන් උපදවා ප්‍රතිපදාවන්හි පිහිටා ක්‍රියා කළ යුතුයි. මේ අනුව ගිහි පැවිදි දෙපාර්ශ්වයටම සීලයෙන් කාය වාක් සංවරය ඇති කරගෙන, භාවනාවෙන් චිත්ත ඒකාග්‍රතාවයේ රැදී සිට සමාධි  ඇතිකර ගනිමින්, ප්‍රඥාවෙන් ජීවිතය සහ ලෝකය පිළිබඳ යථාවබෝධය ලබා සසර දුක් නිමා කර ගැනීමේ පරමාර්ථ සාධන කර ගතයුතු බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබෙනවා.
මිනිසුන්ට සිය ජීවන ගමනේදී භෞතික අරමුණු රැසක් තියෙන්නට පුළුවන්. ඒ සියලු අරමුණු ඉටු කර ගත්තද සෑහීමට පත් නොවීමත් තව තවත් අරමුණු කරා යන්නට හේතු වෙනවා. ඉගෙන ගන්නා දරුවෙක් තුළ වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවරයෙක්, ගුරුවරයෙකු, ව්‍යාපාරිකයෙක් ආදී විවිධ වෘත්තීන්වලට යාමේ බලා‍පොරොත්තු තිබෙනවා. ඒ අරමුණු තමන් විසින් ඉටු කර ගත්තද සෑහීමට  පත් නොවීම තුළ යළි එයින් ඔබ්බට යන තවත් අරමුණු එක්කර ගන්නට ඔහු හෝ ඇය උත්සාහ ගන්නවා. ඇතැම් විට එයින්ද සෑහීමට පත් නොවී නොනැවතී තව තවත් අරමුණු කරා සිය දිවි මග මෙහෙයවනවා. ඕනෑම අරමුණක් ඉලක්ක කර ගනිමින් යන තැනැත්තා ඉලක්කය සපුරා ගන්නා තුරු ළංකර ගැනීමට සුදුසු නොවන අයහපත් වූ ක්‍රියාදාමයන් තුළද නිරත වීමට උත්සාහ දරනවා. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, කුහකකම, ආත්මාර්ථය ආදී කෙලෙස් සතුරන් මෙහෙයවමින් සිය අරමුණට යන්නට යත්න දරනවා. තව කෙනෙකු පහත් කොට සලකමින් බොරුව, කේලම, අල්ල, දූෂණ, වංචාව, මිනී මැරීම මෙන්ම කෙනෙකු අබිභවා යාමට උත්සහා කිරීම ආදිය භෞතික අරමුණු ජය ගැනීමේදී පුද්ගලයා ඇති කර ගන්නා දුර්ගුණයෝයි. බාල මහලු තරුණ කවුරු තුළ වුවත් ඉලක්කයක් කරා යන ගමන තුළ ඉහත දුබලතාවයන් විද්‍යමාන වෙනවා. සෑම පුද්ගලයකු තුළම යහපත් අරමුණක් තිබිය යුතුයි. ඒ අරමුණ භෞතික අරමුණක් වුණත් කමක් නැහැ. ඒත් ඒ අරමුණ 'කොහොම හරි' ඉටුකර ගන්නවා යන ද්වේශ සහගත අදහසින් බැහැරව සංයත බවින් යුතුව කළ යුතුයි. වර්තමානයේ බොහෝවිට පුද්ගලයා තම අරමුණු ඉටු කර ගැනීමට යාමේදී බොදු මතින් පිට පැන කටයුතු කිරීම නිසා සමාජය තුළ බොහෝ ගැටුම් නිර්මාණය වී ඇති බව අපිට පෙනෙන්නට තිබෙනවා. ඇතැම් දේශපාලකයන්, ව්‍යාපාරිකයන්, නීතිඥයන් වගේම බොහෝ ක්‍ෂේත්‍ර වල ඇතැමුන් තම අරමුණු ඉටු කර ගැනීමට යාමේදී බොදු මගින් පිට පැනීම නිසා සමස්ත සමාජය තුළම අර්බුද පැන නැගී තියෙනවා.
අරමුණ කෙතරම් වැදගත්ද ඒ කරා යන ගමන් මගද ඒ හා සමානවම වැදගත් වෙනවා. ඒ නිසා අරමුණ යහපත් වී ගමන් මග අයහපත්වීමත්, ගමන් මග යහපත් වී අරමුණ අයහපත් වීමත් හොඳ නැහැ. මේ අංශ දෙකම සමබර විය යුතුමයි. ඒ නිසා අප තෝරා ගත යුත්තේ හොඳ අරමුණු සහ හොඳ ගමන් මාර්ගයන් බව අවධාරණය කර ගත යුතු වෙනවා. ආධ්‍යාත්මික හා භෞතික අරමුණු සුන්දරත්වයට පත් වන්නේ එවිටයි. ලොව්තුරු බුදුරජාණන් වහන්සේ අති උතුම් බුද්ධත්වයට පත් වීම නමැති අරමුණ සාක්ෂාත් කර  ගැනීම සඳහා පුර්ණය කරන ලද පාරමිතා මාර්ගය තේරුම් ගැනීමෙන් මේ යථාර්ථය අවබෝධ කර ගත හැකි වෙනවා

 

සාකච්ඡ කළේ - ජනක හෙට්ටිආරච්චි
කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති
ඕනෑගම උපාලි මාහිමි

lakbima

Share

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

-----------------------------------------------------------------------

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software