topone

silmatha-kaiw

මිනිසුන් වශයෙන් අප සැම සැප කැමැත්තෝ වෙමු. දුක ප‍්‍රතික්ෂේප කරන්නෝ වෙමු. දිනෙන් දින මොහොතින් මොහොත සැප සෙවීම සඳහාත් දුක ඉවත් කර ගැනීම සඳහාත් වෙහෙස දරන්නෝ වෙමු. එම සැප සොයන, දුක ඉවත්කරන ක‍්‍රියාවලියේ දී ඉතාම සුළු පිරිසක් තාවකාලික තෘප්තියක් ලබති. අති බහුතරය ඉටු නොවූ බලාපොරොත්තු ඇතිවම ලතැවෙති. පීඩාවට පත් වෙති. මානසික ව්‍යාකුල තත්ත්වයට ද පත් වෙති.
එම තත්ත්වයන් මගහරවාගෙන කළකිරීම්වලින් හා පසුතැවීම්වලින් තොර සාර්ථක ජීවිතයක් ගතකිරීම සඳහා බුදුසමය මග පෙන්වා දෙයි.
තම සිත් සංවර්ධනය  කරගෙන සිටින පුද්ගලයන් සෑම විටම නිසල, සන්සුන් හා ප‍්‍රභාවත් අන්දමින් වාසය කරන බව දක්නට ලැබෙන්නේ කවර හේතුවක් නිසාදැයි තථාගතයන් වහන්සේගෙන් විමසන ලද විට උන්වහන්සේ මෙසේ වදාළහ.
”අතීතං නානුසෝචන්ති - නප්පජප්පන්ති නාගතං
පච්චුප්පන්නේන යාපෙන්ති - තේන වණ්ණෝ පසීදතී.
අනාගතප්පජප්පාය - අතීතස්සානුසෝචනා
ඒතෙන බාලා සුස්සන්ති - නළෝව හරිතෝ ලූ‍තෝ ති.”
”ඔවුහු ගෙවීගිය අතීතය ගැන ශෝක නොකරති, තවම උදාවී නොමැති, පසුව සිදුවන දේ සම්බන්ධව දැඩි ප‍්‍රාර්ථනා ඇතිකර නොගනිති. වර්තමානය ඔවුන්ට ප‍්‍රමාණවත් ය. ඒනිසා ප‍්‍රභාවත් අන්දමින් ඔවුහු පෙනී සිටිති. අනාගතය කෙරෙහි දැඩි ආශාව පවත්වා ගැනීමෙන්, අතීතයේ සිදු වු දේ කෙරෙහි ශෝක කිරීමෙන් අඥානයා තම ශක්තිය පරිහානියට පත්කර ගන්නේ කපාහෙළන ලද ළපටි බට ගහක් මෙනි.”
මෙම උපදේශයෙන් පැහැදිලි වන්නේ ප‍්‍රීතිමත් සහ සාර්ථක දිවි පැවැත්මක රහස රඳා පවතින්නේ ඉටුකිරීමට අවශ්‍යව තිබෙන කාර්යය දැන් හෙවත් එළඹ සිටි මොහොතේ ඉටුකිරීම මත බවයි.
නොපැමිණි අනාගතය ගැන අනවශ්‍ය අන්දමේ සිහින දැකීමෙන් හෝ ගතවූ අතීතය පිළිබඳව සිතමින් කනස්සල්ලට පත්වීමෙන් හෝ පළක් නැත. අප විසින් අතීතයේ කරන ලද ක‍්‍රියා අහෝසි කරගැනීමට අතීතයට යා නොහැකිය. අනාගතයේ සිදුවනු ඇතැයි මහත් අභිරුචියෙන් බලාපොරොත්තුව සිටින සියලූ‍ දෑ ඒ අයුරින් ම ඉටුවෙතැයි ද අපේක්ෂා කළ නොහැකිය. ලෝකය තුළ නිරතුරුවම වෙනස් වන සහ කල් ඇතිව ප‍්‍රකාශ කළ නොහැකි තත්ත්වයන් උද්ගතවන බැවිනි.
එහෙත්, බුදු වදනට අනුව අපට යම් ප‍්‍රමාණයක සචේතනික පාලනයක් ඇතිකරගත හැකි එක මොහොතක කාලයක් තිබේ. එය නම් වර්තමානයයි.
අතීත සැමරුම් සමග ජීවත්වීමත්, අනාගතය පිළිබඳ සිහින  මැවීමත් නිෂ්ඵල දේ ලෙස පෙන්වා දෙන බුදු දහම, එළඹ ඇති වර්තමාන මොහොත සහ එහි අවස්ථාවන් නොසලකා හරිමින් කටයුතු කිරීම ද එබඳුම අඥානකමක් බව ද පෙන්වා දෙයි. කාලය ඔබ වෙනුවෙන් මොහොතක් හෝ නතරව නොසිට ගතවී යයි. දිවා රාත‍්‍රීන් ද නොනවත්වා ඔබව අභිභවා යයි. එබැවින් සාර්ථකත්වයට පත්වීම සඳහා වූ ඔබගේ බලාපොරොත්තු අසාර්ථකත්වයේ මතක සටහන් බවට පත්වනතුරු අලසයකු ලෙස කල්ගත නොකිරීමට ඔබ වග බලා ගතයුතු ය. ඔබ බලාපොරෙත්තු වන තත්වය කරා එළඹිය හැකි වන්නේ ඒ වෙනුවෙන් යමක් ගොඩනැංවීමට හෝ නිර්මාණය කිරීමට මේ එළඹ තිබෙන මොහොතේ ඔබ තුළ පවතින ශක්තිය මතය.
භාරතීය මහා කවි කාලිදාසයන් විසින් ද වර්තමානයේ සරල ලෙස ජීවත්වීම පිළිබඳව දක්වා ඇත්තේ මෙබඳු අදහසකි.
”පැවති ඊයේ දැන් සිහිනයක් පමණි. හෙට යනු සංකල්පනාවක් පමණි,
එහෙත් අද හොඳින් ජීවත් වූ විට එය හැම ඊයේ දිනයක් ම නිර්මාණය කරයි.
එය සතුටේ සහ ප‍්‍රීතියේ සිහිනයකි. සෑම හෙට දිනයක්ම, බලාපොරොත්තුවේ සහ සතුටේ සංකල්පනාවකි.
ඒ නිසා අද දිනය ගැන හොඳින් බලාගන්න.”
තම අනාගතය ගැන කල්පනාවේ නිමග්නව සිටින විට බොහෝ දෙනා කනස්සල්ලට පත්වෙති. තම දිනපතා ජීවිතය තුළ මනා කළමණාකරණයක් ඇතිකරගැනීමට හැකිනම් ඔවුනට කනස්සලූ‍ වීමට හේතුවක් නැත. කෙනෙකුගේ ජීවිතයේ හැසිරීම් රටාව හැඩගසා ගැනීමේ හැකියාව පවතින්නේ වර්තමානයේ පමණි. අතීතයේ හෝ අනාගතයේ නොවේ. එනම් කෙනෙකුට තමන්ට යහපත ගෙනදෙන යමක් ආරම්භ කිරීමටත් අයහපත ගෙනදෙන යමක් නවතා දැමීමටත් සුදුසුම කාලය වන්නේ වර්තමානයයි. එය කළ හැක්කේ ද වර්තමානයේ පමණි.
අහසේ තනන ලද මාලිගා කුමන ආකාර වුව ද, තම සිත තුළ කුමන ආකාරයේ සිහින පැවතුන ද ඒවා සම්බන්ධයෙන් යම් පියවරක් නොගන්නා තාක් ඒවා කිසිදු වැදගත්කමක් නැති දේ බවට පත්වනු ඇත. සිහින හා අහස් මාලිගා පමණක්ම වනු ඇත.
පුද්ගලයා තුළ ස්වභාවයෙන්ම පවතින මිනිස් දුර්වලතා ද ඇත. මතට ලොල් වීම, දුම් පානය, සූදු කෙළිය, ඉඳුරන් පිනවීම පිණිස අනවශ්‍ය වියදම් දැරීම, පාප මිත‍්‍ර සේවනය, ඊර්ෂ්‍යාව, මානය, වෛරය, තෘෂ්ණාව ආදිය ඉන් සමහරකි. මේවා තුළින් පුද්ගල පැවැත්ම විෂයෙහි සිදුවන හානිය ඉතා විශාල ය.

ශාස්ත‍්‍රපති කිරින්දේ පේමසිරි හිමි

lakbima

Share

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

-----------------------------------------------------------------------

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software