topone

silmatha-kaiw

බෞද්ධ දර්ශනය එක් රටකට එක් ප්‍රදේශයකට හෝ එක් ජන වර්ගයකට පමණක් සීමා වූ දර්ශනයක් නොවේ. බුදු දහම අපේය එය අපට අයිති වස්තුවකැයි කියා එක් ජන කණ්ඩායමක් පැවසීම යුක්ති සහගත නොවේ. එයට හේතුව වන්නේ බුදු දහම විශ්ව සාධාරණ දර්ශනයක් බැවිනි. සත්‍ය දැකීම අවැසි සැමට බුදු දහමේ දොරටු විවෘතය. ප්‍රඥාව ලැබිමට කැමති සැම හට බුදු දහම විවෘතය.

විශ්ව සාධාරණ සත්‍ය ධර්මතාව බුදු දහමේ  මූලික ඉගැන්වීමයි. එය සරළ උදාහරණයකින් මෙසේ පැහැදිලි කළ හැක. පඨවි, ආ‍පෝ, තේජෝ, වායෝ යන සතර මහා භූතයන්ගෙන් හටගත් මනුෂ්‍ය ශරීරය විනාශ වීමෙන් පසු නැවතත් පඨවි ස්වභාවය පස සමගත් ආ‍පෝ ස්වභාවය හෙවත් වැගිරෙන ස්වභාවය ජලය සමගත් තේජෝ හෙවත් උණුසුම, උණුසුම සමගත් වායෝ හෙවත් වායු ධාතුව වාතය සමගත් මුසු වෙයි. මෙය විශ්ව සනාථන ධර්මතාවකි. මෝහය නම් අන්ධකාරයෙන් වැසී තිබූ මෙම විශ්ව සාධාරණ ධර්මතාව ලොවට හෙළි කළේ බුදුරජාණන්වහන්සේය.
අද වන විට ලෝකයේ විවිධ රටවල්වල ප්‍රධාන ආගම බවට බුද්ධාගම පත්වී ඇත.  විනයට මූලිකස්ථානය දෙමින් බුදු දහම  පිළිපදින පිරිස් ථෙරවාදීහුය. ශ්‍රී ලංකාව ථෙරවාද බෞද්ධ රටකි. බුදුදහම මෙරට රාජ්‍ය ආගම බවට සම්මත වී වසර දෙදහසකට අධික කාලයක් ගතවී ඇත. එදා මෙදාතුර ලක්දිම සිංහලයාගේ හම්, මස්, ‍ලේ, නහර, ඇට, ඇට මිදුලු තුළට  බුදු දහම කාවැදී හමාරය.
බුදු දහමේ ඉගැන්වෙන පටිච්ච සමුප්පාද ධර්මයට අනුව මිනිස් ආත්මය එක් ආත්ම භාවයකින් පසු අවසාන වී යන්නක් නොවේ. සංස්කාර හෙවත් රැස කළ කුසල් අකුසල් වලට සමගාමීව නැවත යම් උපතක් ලබයි. සංස්කාරකවල කුසල් පාර්ශවය අධික නම් හොඳ උපතක් බලා‍පොරොත්තු විය හැක. අකුසල් පාර්ශ්වය  බර වැඩිනම් නරක ස්ථානයකද උපතක් ලැබිය හැක. එය හේතුඵල වාදයයි.
“අවිජ්ජා පච්චයා සංඛාරා” පටිච්ච සමුප්පාද ධර්මයේදී බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කළ සේක. මෙම පාඨයේ අර්ථය වන්නේ අවිද්‍යාව හෙවත් මෝඩකම, නොදැනීම මුල්   කර ගනිමින් සංස්කාර රැස්කර ගන්නා බවයි. සංස්කාර කුසල සහ අකුසල ලෙස කොටස් දෙකකට බෙදිය හැක.
“පදුට්ඨෙන මනසා
භාසතිවා කරෝතිවා
තතොව්නං දුක්ඛමන්වෙති
චක්කංව වහතෝ පදං”
(ධම්ම පදය)
පදුට්ඨෙන මනසා ලෙස හඳුන්වන්නේ නොපැහැදුණු මනසයි. නොපැහැදුන මනසින් කරන කටයුතු වලින් රැස්වන්නේ අකුසල්ය. අකුසල් රැස්වීම හේතුවෙන් සසරදි බොහෝ දුක්ඛිත තත්ත්වයන්ට පත්වෙයි. එය ඉතා දුක්ඛදායකය. ගැල ඇදගෙන යන ගොනාගේ පාද අනුව ඔහුට වද වේදනා දෙමින්  කරත්ත රෝදය කැරකි කැරකී එන්නේ යම්සේද එසේම තමා කළ අකුසල් අධික දුක් වේදනා දෙමින් තමා පසුපස පැමිණෙයි. එය සංසාර ස්වභාවයයි.  එසේම එහි අනෙක් පැත්තද එසේමය.
“පසන්නේන මනසා
භාසතිවා කරෝතිවා
තතොනං සුඛමන්වේති
ඡායාව අනපායිනී”
පැහැදුණු මනසින් යමෙක් යමක් කියයිනම් හෝ කරයිනම් හොඳ ක්‍රියාවකි. හොඳ ක්‍රියාවක ප්‍රතිඵල ඉතා හොඳය. හොඳ ක්‍රියා සැප උපදවයි. එය උදාහරණයකින් මෙසේ පැහැදිලි කළ හැක. සෙවනැල්ල මිනිසා අතහැර නොගොස් පසුපසම පැමිණෙයි. එසේම කළ කුසල්ද ඔහු අත් නොහැර පසුපසම පැමිණ සැප විපාක ලබාදෙයි. එය සසර නියතියකි. විශ්ව සනාතන ධර්මතාවකි.
මෙම සරළ කාරණා කෙතරම් ඇසුවද. ඉගෙන ගත්තද පිළිපදින පිරිස් බොහෝ අඩු බව අපට පෙනී යයි.
ලංකාවට සාපේක්ෂව ලෝකයේ අනෙක් රටවල් දෙස බැලීමේදී අපට පැහැදිලිව පෙනී යන්නේ බොහෝ පිරිස්  බුදු දහම දෙසට ඇදී ඒමට එක් හේතුවක් වන්නේ මානසික සහනය නමැති  බලා‍පොරොත්තුවයි. බටහිර ජාතිකයෝ බුදුදහම පිළිබඳව ගැඹුරින් අධ්‍යනය කරති. එය අධ්‍යනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඔවුහු බුදුදහමේ ඉගැන්වීම්වල ප්‍රායෝගිකව යෙදෙති. ප්‍රායෝගිකව යෙදීමේ ප්‍රතිඵලයක් ලෙස ඔවුහු මානසික සැනසීම ලබති. මෙම විශ්ව සාධාරණ ධර්මයේ සත්‍ය අවබෝධ කරගන්නා පිරිස් දිනෙන් දින ඉහළ යති. පුද්ගලයන්ගේ කාය වාග් මානසික සංවරයට බුදුදහම පිළිපැදීම අනිවාර්ය අංගයකි.

ඉතාලියේ ප්‍රධාන සංඝනායක වගේගොඩ  සීලානන්ද නාහිමි

 

රංජිත් කුමාර චන්ද්‍රසේකර

lakbima

Share

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

-----------------------------------------------------------------------

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software