topone

silmatha-kaiw

‘බෝධිය’ යන්නෙහි අර්ථය අවබෝධය යන්නයි. සිදුහත් මහ බෝසතාණන් වහන්සේ වෙසක් පුන් ‍පෝ දිනයේ ඇසතු වෘක්ෂ මූලයේදි චතුරාර්්‍ය සත්‍යය අවබෝධ කරගෙන සම්මා සම්බුද්ධත්වයට පත් වූ සේක. බුදුරජාණන් වහන්සේට එම උතුම් අවබෝධය  ලබා ගැනීමට උපකාරි වූ ඇසතු වෘක්ෂය පසුව බෝධි වෘක්ෂය නමින් හැඳින්විණි.  එසේම එම බෝධි  වෘක්ෂය අනිමිස ලෝචන පූජාවෙන්ද පිදුම් ලැබිය. බෝධිය යනු බුදුරාජණන් වහන්සේගේ සර්වඥතා ඥානය නිරූපණය කරනු ලබන එක් සංකේතයකි. එබැවින් බෝධියට උපහාර දැක්වීම සම්බුද්ධ පූජාවක් මිස වෘක්ෂ වන්දනාවක් නොවේ.
තමන් වහන්සේ වෙනුවට වන්දනාමාන කිරීමට බුදුරජාණන් වහන්සේ විසින් අනුදත් පූජනීය වස්තු අතර බෝධීන් වහන්සේට ප්‍රමුඛස්ථානයක් ලැබේ. ඒ එය බුදුරජාණන් වහන්සේ සත්‍ය අවබෝධය සඳහා ප්‍රමුඛස්ථානය ලබා ගත් පාරිභෝගික වස්තුවක් නිසාය.
නමුත් බෝධි පූජා වශයෙන් වර්තමානයේ බොහෝ බෞද්ධයන් කරනු ලබන්නේ සම්මා සම්බුද්ධත්වයට උපහාර දැක්වීමක් නොවේ. බෝධි වෘක්ෂයෙහි බල සම්පන්න දෙවි කෙනෙක් වාසය කරන්නේය යන අදහසින් එම දෙවියන්ගෙන් පිහිට ඉල්ලීමය. බෝධියට උපහාර දැක්වීමෙන් දෙවියන්ගේ දේවානුකම්පාව ලබාගෙන අපල දුරු කරගෙන සියලු පැතුම් ඉටුකර ගැනීම ඒ අයගේ අපේක්ෂාවයි.
අපල යනු අප මේ භවයේදී හෝ මීට පෙර භවයන්හි සිදු කරන ලද අකුසල කර්ම විපාක දෙන කාල සීමාවය. තව දුරටත් කිවහොත් පින් පල නොදෙන කාල සීිමාවය. එම කාලයේදී බොහෝ ‍ජ්‍යොතිශාස්ත්‍රඥයන් පවසන්නේ පින් දහම් සිදුකොට වැඩි වැඩියෙන් හොඳ  කර්ම රැස් කර ගන්නා ලෙසය. එලෙස කුසලකර්ම සිදු කිරීමෙන් නරක කර්ම, විපාක දීමට ඇති ඉඩකඩ තුනී වීම හෝ වෙනස් වීම  හෝ විපාක දෙන කාල සීිමාව පමා වීම හෝ අහෝසි වීම සිදුවිය හැකිය. ඒ අනුව සැබැවින්ම නිසි පරිදි පවත්වනු ලබන බෝධි පූජාවෙන් ග්‍රහ අපල දුරු කර ගත හැකිය.
අපි මෙය තවදුරටත් පැහැදිලි කර ගැනීම සඳහා නිදසුනක් ගනිමු.
කුඩා දිය බඳුනකට ඔබ සෙන්ටි මීටරයක තරම් ප්‍රමාණයේ ලුණු කැටයක් දැමුවොත් බඳුනේ ජලය ලුණු රස වෙයි. නමුත් ඒ ප්‍රමාණයේම ලුණු කැටයක් ලොකු ‍පොකුණකට දැමුවොත් එහි ලුණු රසයක් නොදැනෙනු ඇත. ඒ කුඩා බඳුනේ මෙන් නොව ලොකු ‍පොකුණේ විශාල ජල ප්‍රමාණයක් තිබෙන නිසාය.
මෙහිදී ලුණු කැටයෙන් උපමා කළේ අප  කරන ලද පාප කර්මයන්ය. ජලයෙන් උපමා කළේ කරන ලද පුණ්‍ය කර්මයන් වේ. පුණ්‍ය කර්ම හෙවත් පින්කම් අඩු වන්නට අඩුවන්නට පව්වලට විපාක දීමට තිබෙන ඉඩකඩ වැඩිය. පින්කම් වැඩිවන තරමට පව්වලට  විපාක දීමට තියෙන අවකාශ අඩු වී යයි.
බෝධි පූජාවද පින් කමකි. එබඳු පින්කම් නිතර නිතර කිරීමෙන් කරන ලද අකුසල කර්මවල විපාක ලෙස ඇති වී තිබෙන අපල දුරු කර ගත හැකිය. බෝධි පූජාව යනු සිත, කය, වචනය යන තුන්දොරම මෙහෙයවා සිදු කළ හැකි උතුම් පින්කමකි. එබැවින් අවබෝධයෙන් යුතුව නිසි පිළිවෙළට අනුව බෝධි පූජා පැවැත්වීමෙන් අපල උවදුරු  මග හරවා ගන්නට සේම නිවන් මගට දොරටු විවර කර ගන්නටද ඉඩකඩක් සැලසෙනු ඇත.

සාකච්ඡා කළා ඉන්දු පෙරේරා
පූජ්‍ය තලල්‍ලේ චන්දකිත්ති
හිමිපාණෝ අවධාරණය කරති

Share

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

-----------------------------------------------------------------------

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software