topone

silmatha-kaiw

අපට ජීවිතය ගැන අරමුණක් බලා‍පොරොත්තුවක් තිබිය යුතුය. අරමුණ බලා‍පොරොත්තුව සාක්ෂාත් කරගන්න නම් තමන්ගේ ජීවිතයේ හිතන්න ඕන කාරණා තිබේ. අපේ ජීවිත වෙනස් කරගන්න පුළුවන් වැදගත්ම කාරණාවක් ලෙස මිනිසත් බවේ වටිනාකම කල්පනා කිරීම දැක්විය හැකි. ජාතික සාහිත්‍ය පුරාවටම උපදේශාත්මකව බොහෝ සිද්ධි අවස්ථා මුල් කරගෙන බුදුවදන් අපේ ජීවිතාදර්ශනය කරගන්න අපිට පැහැදිලි කිරීම් කෙරේ. සසර ජීවිතය යනු අප හිතන පතන ලෙසටම සැපය පිරුණු බොහෝ සුවදායක තත්ත්වයක් නොවෙයි. සංසාරික ජීවිතය බොහෝ කම්කටොළු දුක් දෝමනස්සයන්ගෙන් පිරුණු විශාල දුක්ඛිත තත්ත්වයකි.
පුත්තාමත්ති ධනං මත්ති ඉතිබාලෝ විහඤ්ඤති
අත්තාහි අත්තනෝ නත්ථි කුතෝ පුත්තො කුතෝ ධනං
අපේ ජීවිත වෙනස් කරවන්නේ යථාර්ථය අමතක කරවන්නේ සම්බන්ධතා යුතුකම් සහ වගකීම්ය. ඒ කාරණාවන්ගෙන් අපේ ජීවිත නිදහස් කරගත යුත්තේ කෙසේද යන්න දහමේදී පෙන්වනවා. තමන්ට දරුවන්ව වස්තුව ධනය බලය හමුවේ බොහෝ විට අපේ ජීවිත කැප කිරීම් කළ යුතු තත්ත්වයන් අපිට අමතක වෙනවා. ඒ යුතුකම් වගකීම් පිළිබඳව දහමේ කිසිවිටෙකත්
ප්‍රතික්‍ෂේප නොකරති. අපේ ජීවිත හුදකලාව පවත්වා ගෙන යන්නට පුළුවන් කමක් නැහැ. දවසින් දවස අපිට වගකීම් පැවරෙනවා මිසක නදහස් වන ස්වභාවයක් මේ ජීවිතයේ නැහැ. ඒ තත්ත්වයන් වෙනස් කර ගැනීමට හැකියාව තිබෙන්නේ අපිටමය. අපි හිතන පතන විදිය ජීවිත පුරුදු අපි නිවැරදි කර ගන්න ඕන. කායස්සබේදා මරණං කය බිඳීමත් සමග මරණයට පත්වෙයි. තමන්ගේ ජීවිතය පිළිබඳව ලොකු කැමැත්තක් වටිනාකමක් ඇතිකරගන්න.
බුදුරජාණන් වහන්සේ සංයුත්ත නිකායේ මාර සංයුත්තයේදී මෙසේ දේශනා කරයි. මහණෙනි මේ ජීවිතයේ ආයුෂ හරිම කෙටියි. ප්‍රථමයෙන්ම අපිට අවධාරණය කරපු කාරණය, මේ ජීවිතයේ ස්වල්ප බව පිළිබඳවත් ලැබිච්ච අවස්ථාව පිළිබඳවත් හිතන්න ඕන. මේ ජීවිතය තුළ බොහෝ පිං දහම් කරගත යුතුයි. මේක අපි දන්න දහමයි. දන්නා දහම අපි අවබෝධ කරගත්තාද කියන කාරණය අපි තේරුම් ගත යුතුයි. ජීවිතයේ බොහෝ පින් දහම් කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. පින කියන විෂයත් සමග අපට පුළුවන් ගමනක් යන්න. අප්පමිදං භික්ඛවේ මනුස්සානං ආයු මනුෂ්‍යාගේ කෙටි ජීවිතය තුළ බොහෝ මහන්සියෙන් කළ යුතු කාරණයන් පිළිබඳව අවබෝධ කරගත යුතුය.
ජීවිතයේ කළ යුතු දේවල් පිළිබඳව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් සේක. ගිහියා නිවන කරා යොමුකරවන ධර්ම කාරණාවක් තමයි ත්‍රිශික්ෂාව. ප්‍රාථමික වශයෙන් අප නිවනට පුරුදු පුහුණු කරන්නේ ත්‍රිශික්ෂාවයි. සිල්වත් බව පුද්ගලයකුගේ මෙලොව සහ පරලොව යහපත පිණිස පවතින කාරණයක්. කයත් වචනයත් සංවරභාවය ඇති කරගත් අයෙකුට පමණයි සමාධියකට නැත්නම් නිවැරදි මානසික ඒකාග්‍රතාවයකට නැත්නම් සිතේ එකඟ බව ආරක්ෂා කරගන්න හැකියාව ලැබෙන්නේ. ඒ සීලය තව තවත් දියුණු කිරීම වශයෙනුයි අපේ සමාධිය අපි ගොඩනගා ගන්නේ. සිල්වත් වූ පුද්ගලයා සමාධිය ගොඩනගා ගන්නේ යම් සේද ඒ සමාධියෙන් සියලු තත්ත්වයන් අවබෝධ කරගෙන අපිට නිවන් අවබෝධ කරගන්න පුළුවන්. මිනිසාගේ ආයු සම්පත්තියේ කෙටි බව නිරන්තරයෙන් අප සිහිපත් කළ යුතුය.

 

සාකච්ඡා කළේ ජනක හෙට්ටිආරච්චි
මොරොන්තුඩුව විද්‍යාසෝම පිරිවෙන්හි ආචාර්ය රාජකීය පණ්ඩිත කතරගම රතනවංශ හිමි

Share

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

-----------------------------------------------------------------------

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software