topone

silmatha-kaiw

ඉතාලියේ බ්‍රෙෂියා විහාරාධිපති වතෝගල ධම්මික නාහිමියන්ගේ ජාත්‍යන්තර ධර්මදූත මෙහෙවර අගයා මල්වතු පාර්ශ්වයෙන් ඉතාලියේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරිනමා ඇත. ඒ පිළිබඳ අක්තපත්‍ර ප්‍රදානය මෙම මස 19 දා මහනුවර මල්වතු මහ විහාර උ‍පෝසථාගාරයේදී පැවැත්වේ.
‘බෞද්ධ’ යන වචනයේ අර්ථය වන්නේ ‘අවබෝධය’ යන්නයි. මෙම වචනයේ ගැබ් වී ඇති අර්ථය අවබෝධ කරගත් පසු අපට දෙවනුව නැඟෙන ප්‍රශ්නය වන්නේ අවබෝධ විය යුත්තේ සහ අවබෝධ කරගත යුත්තේ කුමක් පිළිබඳවද යන්නයි.

එම ප්‍රශ්නයට දිය හැකි සරලම පිළිතුර වන්නේ සසරෙහි පවතින අනිත්‍යතාව පිළිබඳ අවබෝධයයි. මෙම අවබෝධය ලැබූ තැනැත්තා ‘බෞද්ධයා’ ලෙස හඳුන්වන්නේ මෙම කරුණු පිළිබඳව මනා අවබෝධයෙන් යුතු පුද්ගලයාය.
බෞද්ධයෙකුට සසර දිවියේ නිසරු බව පිළිබඳව අවබෝධය තිබිමට ප්‍රමාණවත් නොවේ. මෙලොව ජිවිතය ගෙවන ආකාරය පිළිබඳවද ප්‍රායෝගික අවබෝධයක් පැවැතීමද අනිවාර්ය අංගයකි.
වර්තමානයේ ලංකාවේ බෞද්ධයන් දෙස විමසුම්ශීලීව බැලීමේදී අපට අවබෝධ වන එක් කරුණක් වෙයි. එනම් බෞද්ධ නමින් හඳුන්වන බොහෝ පිරිසක් උප්පැන්න සහතිකයට පමණක් සීමා වූ බෞද්ධකමට හිමිකම් කියන පිරිසක් යන්නයි.  එවැනි අයගේ ක්‍රියාවේ හෝ චර්යා රටාවේ කිසිදු බෞද්ධ ඉගැන්වීමක් අඩංගු නොවේ. උප්පැන්න සහතිකය නොබලා චර්යා රටාව දෙස බලා බෞද්ධයෙකු හඳුනා ගැනීමට මූලික වශයෙන් හැකියාව තිබිය යුතුය.
වර්තමාන සමාජයේ සංස්කෘතික  සාරධර්ම සෝදාපාළුවට ප්‍රධාන වශයෙන් බලපාන්නේ මිනිසා තුළ ‘ශ්‍රද්ධාව‘ නොමැති කමයි. බුදු දහමේ ශ්‍රද්ධාවට ප්‍රමුඛස්ථානයක් හිමිවෙයි. මෙම ශ්‍රද්ධාව යන සංකල්පය කොටස් දෙකකට බෙදා වෙන් කළ හැක.
1. අමුලික ශ්‍රද්ධා
11. ආකාරවතී ශ්‍රද්ධා
අමුලික ශ්‍රද්ධාව ලෙස හඳුන්වන්නේ ප්‍රඥාවෙන් විමසුම් නුවනෙන් තොර ශ්‍රද්ධාවයි. අමුලික ශ්‍රද්ධාවන්තයාගේ ලක්ෂණය එයයි. නමුත් ආකාරවතී ශ්‍රද්ධාවෙන් යුතු පුද්ගලයා  එසේ නොවේ. යමක් ඇසූ පමණින්  නොපිළිගත් ධර්මය පිළිබඳව විමසුම් ශීලීව ගැඹුරින් සොයා බලයි.
ශ්‍රද්ධාව යන්නෙහි සරලඅර්ථය වන්නේ තුණුරුවන් කෙරෙහි පවතිනා විශ්වාසයයි. තුණුරුවන් කෙරෙහි පවතින විශ්වාසය අද බොහෝ දෙනෙකු තුළින් ලිහිල් වී ගිය බවක් අපට පැහැදිලිව පෙනෙයි.
i    ශ්‍රද්ධා
ii   වීරිය
iii  සති
iv  සමාධි
v  පඤ්ඤා
මෙම ලක්ෂණ බෞද්ධ ප්‍රතිපදාවේ මූලික කාරණයෝය. බෞද්ධ ජීවිතයක පදනම ගොඩ නැගෙන්නේ මෙම අත්තිවාරම මත සිටය. යම් නිවසක් ඉදිකිරීමේදී ශක්තිමත් අත්තිවාරමක් දැමීම අත්‍යවශ්‍යය.  අත්තිවාරම ශක්තිමත් නොවේනම් එම නිවසේ පැවැත්ම පිළිබඳව ගැටලු සහගතය එසේම යමෙකුගේ ජීවිතය මෙම පදනම මත ක්‍රමානුකූලව සංවර්ධනය නොවුවහොත් විශාල ගැටලු මතුවෙයි.
බොහෝ පිරිස් අද සිතා සිටින්නේ විවිධ වර්ගයේ පුජා පැවැත්වීම බුදුදහම ලෙසයි. පූජා පැවැත්වීම හෙවත් ආමිස පූජාව බුදුදහමේ එක් අංගයක් පමණි. එය සමස්ත බුදු දහමට නොවේ. ආමිස පූජාවන් අප යොදාගත යුත්තේ මිනිසුන් ධර්මය වටා එක් රැස් කර ගැනීම සඳහා පමණි. අද සිදු වී ඇත්තේ බොහෝ බෞද්ධයන් විවිධ වර්ගයේ පූජාවලට යට වී සිටීමයි. මෙය නිර්මල බුද්ධ ශාසනයේ පිවිතුරු බවට මරු පහරකි. මෙම තත්ත්වය පිළිබඳව අප සෑම දෙනාම වගකිවයුතු වෙයි.
සමාජයේ වැරදිමත වැරදි චර්යා රටාවන් ව්‍යාප්ත වී යන විට බෞද්ධ භික්ෂුව මැදිහත් වී මිත්‍යා දෘෂ්ඨියෙන් ජනයා මුදාගත යුතුය. නමුත් මේ කාරණය අද වනවිට කෙතරම් දුරට සිදුවන්නේද පිළිබඳව විමසිය යුතුය.
විවිධ භික්ෂුන් වහන්සේලා පවා විවිධ  රැළි නිර්මාණය කර ගනිමින් විවිධ සංස්කෘතීන් සංකල්ප හඳුන්වා දෙමින් මිනිසුන් මුලාවට  පත්වන අයුරුද බොහෝ අවස්ථාවල අපට දක්නට ලැබෙයි.
අද මිනිසුන් සෑම දෙයකම වටිනාකම මැනීමට පුරුදුව සිටින්නේ මුදල් මත සහ පාවිච්චි කරන වාහනය අනුවය. භික්ෂූන් වහන්සේ දෙස වුවත් බැලීමට පුරුදුව සිටින්නේ  එපරිදීම ධර්ම දේශනායට ස්වාමීන් වහන්සේලා වඩින විට නවීන  පන්නයේ වාහනයකින් වැඩියහොත් විහිළු කතා කියමින් ශ්‍රාවක පිරිස හිනස්සවමින් සංවේදී ස්වරයෙන් කවි ගයමින් මිනිසුන් සංවේදීත්වයට පත් කළ හොත් එය ඉතා හොඳ බණක් ලෙස හුවා දක්වති. සරළ දිවිපෙවතක් ගත කරන මනාලෙස  ධර්ම පුරුදු පුහුණු කළ භික්ෂුන් වහන්සේ නමක් සසර අනියත බව පිළිබඳව කෙතරම් දුරට විග්‍රහකළත් එයට වඩා  මුලින් දැක් වූ කාරණයට ප්‍රමුඛතාවක් ලැබේ. පුද්ගලයෙකුගේ සුදන දුදන භාවය වාහනයෙන් හෝ ඇඳුමෙන්,
පැළඳුමෙන් තීරණය කිරීම යුක්ති සහගත නොවේ. එය තීරණය කළ යුත්තේ ඔහුගේ ක්‍රියාවෙනි.

රාජකීය පණ්ඩිත වතෝගල ධම්මික හිමි

 

සාකච්ඡාව රංජිත් කුමාර චන්ද්‍රස්කර

lakbima

Share

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

-----------------------------------------------------------------------

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software