topone

silmatha-kaiw

මිනිසා යනු සත්ව ලෝකයෙහි උසස්ම සත්වයෙකි. උත්පත්තියෙන් මිනිසාගේ සිත ප්‍රභාස්වරවේ. පිරිසිදුවේ. පුද්ගලයා වයසින් වැඩීමත් සමග ආගන්තුකව ඇතුල්වන නානාවිධි ක්‍ලේෂයන්ගෙන් පිරිසිදු සිත අපිරිසිදු බවට පත්වේ. මිනිස් සිත කිළුටු වන ආකාරය මජ්ක්ධිම නිකායේ ඕපම්ම වග්ගයේ වත්ථූප සූත්‍රයේ කරුණු 16ක් ඇසුරින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් සේක.

අප සිදුකරන සෑම කටයුත්තකම වටිනාකමක් නොමැති විය හැකිය. එහෙත් සියලු කටයුතුවල වඩා  වටිනාම කටයුත්ත වනුයේ සද්ධර්මය ශ්‍රවණය කිරීමයි. ඒ තුළින් ධර්ම මාර්ගයේ ගමන් කිරීමටද, බියකරු සසරින් මිදීමටද හැකියාව උදාවේ. සිත දියුණුවන තරමටම  මාර්ග ඵලාවබෝධයට අදාළ ඉඩ හසර විවර වේ. ඒ සඳහා කරුණු හතරක් සම්පූර්ණ කළ යුතුය.
1) සද්ධර්ම ශ්‍රවණය
2) යෝනිසො මනසිකාරය
3) කල්‍යණ මිත්‍රත්වය
4) ධම්මානුධම්ම පටිපදාව යනුයි.
මේකී ලක්ෂණ හතර සිතක් ඇසුරේ දියුණු වන තරමටම මෙලොව - පරලොව දියුණුවට පත්වේ. එය කෙසේද යත් “ පහනක එළියක් තිබෙන තැන අඳුර නැතිවෙන්නාක් මෙනි.” එබඳු සිත හැ¾ඩීම, වැළපීම, පශ්චාත්තාප වීම, පෙළීම දුරුවෙනු ඇත. බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක “ අම්බ” සූත්‍රයේදී සමාජයේ වෙසෙන මි නිසුන් අඹ වර්ග සතරකට උපමා කළ සේක. මේ ආකාරයෙනි.
1. සමහර අඹ ගසේ තිබෙන විට අමුයි. නමුත් පෙනෙනුයේ ඉදී ඇති බවයි.
2. සමහර අඹ   ඇතුළතින්  හොඳට පැසී නමුත් බාහිරෙන් පෙනෙනුයේ අමු බවයි.
3. සමහර අඹ ඇතුළතින් අමුයි. බාහිරෙන් පෙනෙනුයේ නොපැසුණු බවයි.
4. සමහර අඹ  ඇතුළතින් හොඳින් මෝරා බාහිරටත් පෙනේ. සුවඳත් දැනේ. යනුයි.
මෙම උපමා භාවිතාව පෙන්වා දෙනුයේ සමාජයේ ජීවත්වන අයගේ ස්වාභාවොත්පන්න ක්‍රියාකාරීත්වයයි. එය උක්ත අඹ ගෙඩි හතර හා සමාන වෙති. ඉහතින් ඉදිරිපත් කරන උපමා හතරෙහි ඇති සුවිශේෂීමය ලක්ෂණ කෙටියෙන් විමසීම මෙහිදී වැදගත්වේ.

 

1. සමහර අඹ ගසේ තිබෙන විට අමුයි. නමුත් පෙනෙනුයේ ඉදී ඇති බවයි.
 බුදු සමිඳාණෝ තිලොවට අධිපති වන සේක. උන්වහන්සේගේ දෘෂ්්ටියට හසු නොවන කිසිදු දෙයක් මෙම විශ්වයේ  නොමැත. උක්ත උපමාවද  සමාජයේ ජීවත්වන සියලු මිනිසුන්ගේ මනෝභාවමය ලක්ෂණයන්ගේ ස්වරූපය පිළිබිඹු කෙරේ. එයින් අර්ථවත් වනුයේ චිත්ත අභ්‍යන්තරයේ කිසිදු පුණ්‍යකාමී සිතුවිල්ලක් නොමැති බවය. නමුත් පෙනෙනුයේ සිල් රකින, ගුණ ගරුක, සමාජයේ හිතැති කෙනකු ලෙසය. එය ඒ අයගේ ඇතුළත නොපැසුණු නොඉදිණු නමුත් පිටතට පැසුනාක් මෙන් පෙනෙන පළමු අඹ ගෙඩිය මෙනි. මෙබඳු පුද්ගලයන් අද සමාජයේ දක්නට ඇත. එවැනි පුද්ගලයෝ තමාද රැවටී සමාජයේද රැවටීමට සමත් වෙති.
මෙවැනි මිනිසුන්ගෙන් සමයුක්ත සමාජයක යහපත, අභිවෘද්ධිය ගොඩනැගීමට නොහැකිවේ. එම නිසා බුදුරජාණන් වහන්සේ අවධාරණය කරනුයේ පුද්ගල ස්වරූපය අධ්‍යනය කිරීම අධ්‍යාත්මික කිරීම අධ්‍යාත්මික දියුණුවට මහෝපකාරී වන බවය. කලාම සූත්‍රය පෙන්වා දෙනුයේ “ මා භබ්බරූපතා”  පුද්ගල ස්වරූපය අනුව යමක් නොපිළිගත යුතු බවය. මෙයින් බුදු හිමියන් පැහැදිලිව පෙන්වා දෙනුයේ පුද්ගලයන්
පිළිබඳව වඩ වඩාත් හොඳින් අධ්‍යනය කිරීමේ වැදගත්කමය. එමගින්  පුද්ගල දියුණුව ගොඩනගා ගැනීමට හැකියාව උදාවනු ඇත.


2. සමහර අඹ ඇතුළතින් හොඳට පැසී නමුත් බාහිරෙන් පෙනෙුනයේ අමු බවයි.
මෙම උපමාවට අදාළව සමාජයේ බොහෝ පිරිස් දක්නට ඇත. එහෙත් කැපී පෙනීමක් දක්නට නොලැබේ. එයට හේතුව වූයේ තම ගමන නිවැරදි අධිෂ්ඨානයකින් ගොඩනගා ගන්නා බැවිනි. දාන, ශීල, භාවනා  ත්‍රිවිධ පුණ්‍යක්‍රියා සමාජයේ විවිධ වරදාන ආපේක්ෂාවෙන් ඔවුහු සිදු නොකරති. කර්මය හා එහි ඵලය දෙස ගැඹුරින් දැක නිහඬව ආධ්‍යාත්මිකව ක්‍රියාවන් හි නිරත වීම විශේෂවේ. ඔවුහු උපමා කරනුයේ “ ඇතුළතින් පැසුණු අඹ ගෙඩි මෙනි” යනුවෙනි. එහෙත් ඔවුන්ගේ ඇති වැදගත්කම සමාජවාසීහු නොදනිති. එය බාහිරව දෘෂ්‍ය වන “ අමු අඹ ගෙඩි මෙනි” මෙය ආධ්‍යාත්මිකව දිවි ගෙවන මිනිසුන්ගේ ඇසුර අපේක්ෂා කරන සැමට ඇති කරන අභාග්‍යසම්පන්න තත්ත්වයකි. එම නිසා ආධ්‍යාත්මික ගුණාංගයන්ගෙන් සු‍පෝෂිත මිනිසුන්ගේ ඇසුර වඩ වඩාත් හොඳින් ලබා ගැනීමට මිනිසුන් යුහුසුළව ක්‍රියා කළ යුතුවේ. එය නිවන් මගට වඩාත් පහසු වනු ඇත.


3. සමහර අඹ ඇතුළතින් අමුයි. බාහිරෙන් පෙනෙන්නේ නොපැසුණු බවයි.
තුන්වන අඹ ගෙඩියට සමාන වන මිනිසුන් ඇතුළතින් හා පිටතින් කිසිදු පිරිසිදු බවක් නොමැත. කිසිදු සිල්වත් බවක්, ගුණවක් බවක්, දැහැමි බවක් නොමැත. හුදු අර්ථ ශුණ්‍ය ක්‍රියාවන් ජීවිතය තුළින් දෘෂ්‍ය වේ. ඔවුන්ගේ ජීවන දර්ශනය තුළ සැබැවින්ම කිසිදු හරයක් නොමැත. මිනිස් බවේ සැබෑ අරුත එවැනි ජීවිත ඇසුරේ ගොඩ නොනැගේ. ජීවන ඉලක්ක නොමැත. එවැනි මිනිසුන් සමාජයට එකතු කරනුයේ අයහපත් දේ පමණි. ඔවුන් උපමා කරනුයේ “ ඇතුළතින් පිටතින් යුතු අමු අඹ මෙනි” බුද්ධිමත් මිනිසුන් මෙවැනි අයගේ ඇසුර දුරස් කළ යුතුවේ. මන්ද එවැනි අයගේ ඇසුර අපායට යොමුවන මාර්ගයක් වන බැවිනි. නිවනට අදාළ කිසිදු යහපත් සංකල්ප ඔවුන්ගේ සිත් තුළ නොමැති වේ. සම්මා සතියෙන් හා සම්මා ප්‍රඤ්ඤාවෙන් දිවිගමන අරුත්බර කරගැනීමට බුදුරජාණන් වහන්සේ අවධාරණය කර ඇති බව ජීවිත යහපත කැමැති වන සැවොම කල්පනා කළ යුතුව ඇත.


4. සමහර අඹ ඇතුළතින් හොඳින් මෝරා ඒ බව බාහිරටත් පෙනේ. සුවඳත් දැනේ.
හතරවන අඹ ගෙඩිය ඇතුළත බොහෝම හොඳය. එවැනි මිනිසුන් තුළ සද්ධා සති, වීරිය, සමාධි, ප්‍රඥා වැනි ගුණ ධර්ම ඇතුළත්ව පවතී. ඒ  අයුරු ජීවිත තුළින්ද දෘෂ්‍යමානවේ. එබඳු මිනිසුන් අප සමාජයේ දක්නට ඇත්තේ අතේ ඇඟිලි ප්‍රමාණයට බව අවබෝධ කරගත යුතුය. මෙබඳු පිරිසක් සමාජයේ තුළ ගොඩනැගීමේ අරමුණින් බුදුහිමියෝ වසර 45ක්ම ධර්ම ප්‍රචාරය සිදු කළහ. මෙබඳු ගුණ ඇති අය ඇසුරු කරන්නෝ දිවිමග සරුසාර කර ගනිති. ඔවුහු “ ඇතුළතින් ඉඳුණු මිහිරි රසයක් ඇති බාහිරටත් ලස්සනට පෙනෙන අඹ ගෙඩියක් මෙනි” යනුවෙන් අවබෝධ කර ගැනීම වැදගත් වේ. මේ අනුව පැහැදිලිව පෙනෙනුයේ සමාජයේ වෙසෙන සියලු මිනිසුන්ගේ සිත් තුළ ඇති විචිත්‍ර ස්වරූපයයි. එය බුදුහිමියන් ලගන්නා සුළු වූ උපමා ඇසුරෙන් පෙන්වා දී ඇති අයුරු “ අම්බ සූත්‍රය” තුළ එන කරුණු අධ්‍යනය තුළින් ඉහතින් අප හඳුනාගනිමු. මෙහිදී විශේෂයෙන් ඔබගේ අවධානය යෙමු විය යුත්තේ එකී අඹ ගෙඩි අතරින් ඔබ අයත් වන්නේ කෙබඳු අඹ ගෙඩියකටද? යන්නය. එය හඳුනාගෙන තිබිම නිර්වාණාවබෝධයට මහත් පිටිවහලක් සපයනු නොඅනුමානය.


සකස් කළේ - රංජිත් කුමාර චන්ද්‍රසේකර
ත්‍රිපිටක විශාරද කරඹෑවේ සීවලී හිමි

lakbima

Share

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

-----------------------------------------------------------------------

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software