ගෙදොර අතු ගෑමෙන
මූණ කට සෝදා ගෙන
ඔළුව පීරාගෙන
අකුරු පාඩම් කරනු සතුටින
ගේ දොර අතු ගා මුහුණ කට සෝදා හිස පීරා සතුටින් පාඩම් කටයුතු කරන්න.
අත පය සෝදා ගෙන
නරක කෑමක් නොමගෙන
හොඳ දෙයක් කෑමෙන
සැර සෙන්න පාසලට යන මෙන
අත් පා සෝදා නරක ආහාරයක් නොගෙන හොඳ ආහාරයක් අනුභව කොට පාසලට යාමට සූදානම් වන්න.
කිළුටු රෙදි බැනියම්
ඇඳුම් නාඳිනු කිසියම්
පිරිසිදු නිසි ඇඳුම්
අඳින් හැම කල නුඹට ඇත්නම්
කිළිටි වූ රෙදි බැනියම් ඇඳුම් නොඅඳින්න. ඔබට තිබේ නම් හැමවිටම පිරිසිදු ගැළපෙන ඇඳුම් අඳින්න.