topone

silmatha-kaiw

මිනිසාගේ පරම ආයුෂ අවුරුදු එකසිය විස්සක් බව එදා ගැමියෝ  නිතර නිතර කීහ.  නමුත් අද අවුරුදු සියයක් ජීවත්වීමත්  ඉතාම අසීරු කාර්යයකි. එහෙත් අවුරුදු සියයේ  කඩඉම ඉක්මවා අවුරුදු 102ට පියමං කළ ව්‍යාපාරිකයකු මෙන්ම ගොවියකු ලෙස කටයුතු කළ පිංවතෙකු හමුවිය.
ඒ ජූලි 07 දින 102 වන උපන් දිනය සැමරූ දෙල්ගොඩ කඳුබොඩ පදිංචි රෝහණ මුදලාලි ලෙස කවුරුත් හඳුන්වන ලියනගේ ජයසේකර ලියනගේයි.
ඔහුගේ උපන් දිනය සැමරුවේ තරු පහේ හෝටලයක හෝ තම ආලින්දයේ නොවෙයි.තමා හැමදාමත් ආගමික කටයුතුවල යෙදෙන ගමේ පන්ස‍ලේදීයි.  ඒ කඳුබොඩ ශ්‍රී විවේකාරාම විහාරයයි. පංච මහා විහාරාධිපති පරකඩුවේ ශ්‍රී සරණංකර  නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් දූ දරුවන්ගේ දායකත්වයෙන් උපන් දිනය සැමරිණි.
රෝහණ මුදලාලි උපත ලැබුවේ 1915 ජූලි 07 වැනිදා කඳුබොඩ  සිය නිවසේදීයි. ඔහුට සහෝදර සහෝදරියන් දොළොස් දෙනෙකි.  ඒ අතර සහෝදරියන් දෙදෙනෙකි. පවු‍ලේ වැඩිමලා රෝහණ මුදලාලියි. රෝහණ මුදලාලිට දරුවෝ පස් දෙනෙකි.  මුණුපුරු  මිනිපිරියන් විසිතුන් දෙනෙකි. ඔහුගේ බිරිඳ  ලියනගේ මහත්මිය මෙලොව  හැර ගොස් දැනට වසර හයකි. ඇය සිහිපත් කරන්නේ ඉතාමත් අනුවේදනීය ලෙසයි.
ඔහුගේ වතගොත  හෙළි කරමින්  රෝහණ  මුදලාලි මෙසේ කීය. “මම අවුරුදු හතේදී (07) කඳුබොඩ ප්‍රාථමික විදුහලට ගියේ පළමු කැලෑසියටයි. හය වැනි කැලෑසිය දක්වා මම පාසල් ගියා. පසුව තාත්තාගේ ගොවිතැන් වැඩවලට උදව් වුණා. පසුව මට හිතුණා මොකක් හරි  වෙළෙඳාමක් කරන්න. මම මුලින්ම  පෙට්ට්‍රල් ඉන්ධන දෙල්ගොඩ  නගරයේදී වික්කා. ශත අනූපහකට ගැලුමක් අරන් රුපියලකට වික්කා. ලාභය ශත දහයයි. ඒ කාලෙ වාහන ඉතා අඩුවෙන් ධාවනය වූ නිසා පෙට්‍රල් විකුණල ලැබෙන ලාභයක් නැහැ. ඒ නිසා ඒක අතහැරියා.
පසුව මම සුළුවෙන්  ‍පොත් කඩයක් පටන් ගත්තා. “රෝහණ ‍පොත් සාප්පුව” කියල. කොළඹ මුද්‍රණාලවලට ගිහින් ‍පොත් ගෙනල්ල ‍පොතකින් ශතයක් දෙකක් ලාභ තියාගෙන  ‍පොත් වික්කා. ඒක මම සේවාවක් විදිහට තමයි කළේ. වැඩි ලාභයක්  නැතුවට මනසට පුදුම සතුටක් තිබුණා.  ඒ සතුට අදත් මතක් වෙනවා. ‍පොත් කඩය තාමත් තියෙනව පුතාල මගේ ව්‍යාපාර  ඉදිරියට කරගෙන යනවා.
ඔය මහින්ද මහත්තයා මෛත්‍රීපාල මහත්තයට දුන්නයි කියපු සුදු ආප්පයක් එදා ශතයයි.” කියල සභාවටම සිනහ ගැන්වීමට රෝහණ මුදලාලිට හැකිවිය.  හාල් සේරුවක් ශත හතයි. එදා කැලණියට යනකම් ගුරුපාරවල් තිබුණෙ. අපි  මීගමුවට
කොළඹට පයින් ගිහින්  තියෙනවා. බඩු භාණ්ඩ ගෙනාවෙ කරත්තවලින් ශත ගණන් තමයි හැම එකකටම දුන්නෙ. එදා අවශ්‍ය දේවල් වලට වියදම් කරල කීයක් හරි මුදලක්  ඉතිරිත් කර ගන්නවා.
මම හුඟාක් දවස්වල තුන්වේලටම කෑවෙ බත්. එළවළු පළා මැල්ලුම් සමග බත් කෑම මගේ නිරෝගී භාවයට  හේතු වෙන්න ඇති.  මඤ්ඤාෙක්කා, බතල, කොස්වලටත් මම හරි කැමැතියි. බත් නොකන අවස්ථාවල  ඒවා තමා මම කෑවේ. ඔය පාන්, ඉඳි ආප්ප කඩවල්වල නැහැ. හැම ගෙදරකම වාගේ බත් උයනවා.
මස්, මාළු, රා, අරක්කු, බිඩි සිගරට්වලට මම විරුද්ධයි. ඒකත් මගේ නිරෝගී භාවයට හේතුවක් වෙන්න ඇති.
මම දැනුත් රෑ 9.00 විතර තමයි නින්දට යන්නේ. අලුයම 4.00 -4.30 වන විට අවදි වෙනවා. මුලින්ම පිරිත් ශ්‍රවණය කරනවා. පසුව ‍පොත් පත් බලනවා. එහා මෙහා ඇවිදීම  තවමත් කරනවා. මගේ වයසේ හැටියට  මට හොඳට ඇස් පේනවා. කන් ඇහෙනවා. කථා කරන්න පුළුවන් තියෙන එකම රෝගය තමා දණහිස්පත්  වේදනාව. ඉස්සර මම දියේ ඉන්න මාළුවා වගේ නිරෝගියි.
මගේ උපන් දිනය දා දැන් කලක ඉඳන් නැති බැරි උදවියට ශක්තියක් දීලා ඇති හැකි අය බවට පත් කරන්න උදව් කරනවා. ඉදිරි උපන් දිනවලදීත් මම ඒවා කරලා මෙලොව  පරලොව දෙකටම පින් සිද්ධ කරගන්නවා. මට පින්කම් කරන්න මගේ දූ දරුවෝ උදව් උපකාර කරනවා.  ඒකත් මට ලොකු සතුටක්. රෝහණ මුදලාලිට ආයුබෝවේවායි ආශීර්වාද ප්‍රාර්ථනා කරමු.


පද්මසිරි රණතුංග - බියගම

lakbima

Share

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

-----------------------------------------------------------------------

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software