නත්ථි අත්තසමං පෙමං - තමනට තමා වැනි ප්‍රියයෙක් නැත
මිනිසුන් තුළ, පෘථග්ජනයන් තුළ, ප්‍රේමය, ප්‍රියභාවය ඒකාන්තයෙන්ම හටගනියි. මිනිස්සු, සැමියාට, බිරියට, දරුවන්ට, දෙමාපියන්ට, සහෝදර සහෝදරියන්ට, මිතුරු මිතුරියන්ට ප්‍රේමය දක්වති. ඔවුන් හා ඇඟෑලුම්කම් ඇති කර ගනිති. ප්‍රේම බැඳුමෙන් බැඳෙති. එහෙත් කවුරුත් තම ජීවිතයම උසස් කොට සලකති. හැමටම ස්වකීය ජීවිතය ප්‍රියය. ප්‍රේමය පමණට ඔවුනොවුන්ගේ එකතුකම් හිතවත්කම් ඇති වුවත් තමාට තමා හා සමාන ප්‍රියයෙක් නම් නැත්තේමය. තමන්ගේ හිසට තමන්ගේ අතමය යන පැරණි කීමෙනුත් ඒ බව ඔප්පු වේ. එබැවින් අනුන්ගේ ප්‍රේමය, හිතවත්කම ඉවසන ගමනේ තෙමේ තමහට ප්‍රියයකු වීමට වෑයම් කළ යුතුමය.
අප නිතර අපගේ මේ වටිනා ජීවිතය රැක ගන්නේ පෝෂණය කර ගන්නේ ජීවිතය අපට ප්‍රිය නිසාමය. හිතවත්ව සිටියවුන් අප අත් හැර යනවිට, සියල්ලන්ම අප කොන් කරනවිට අප, අපගෙන්ම ආස්වාදයක් සැනසිල්ලක් ලබා ගන්නට තරම් පොහොසත් විය යුතුය. ඒ සඳහා අපගේ ජීවිතය නිසි මග ගෙන යා යුතුය. ආත්මනාථ භාවයෙන්, තමහට තෙමේම පිහිටක් වන අයුරු, ජීවිතය ගෙන යා යුතුය. අනුන්ගෙන් ලැබෙන උපකාරය කෙරෙහි අපට විශ්වාසය තැබිය නොහැකිය. එහෙත් අපට අපගෙන් ලැබෙන උපකාරය ගැන විශ්වාසය තැබිය හැකිය. තෙමේමය තමනට පිහිට ඒ බව සිහිකොට තෙමේ තමහට නියම ප්‍රියයෙක් වන්නට උත්සහ දරනු මැනවි.