topone

කීර්තියට හෝ- අපකීර්තියට
නියමිත ප්‍රමාණයක් නැත
ඒවා ඒ ලෙසම පැවැතීම සිරිතයි

නැගුම හා බැස්මත්- කෙනෙකුගේ ඉරණමයි
එනිසා අනුන් හට- දොස් පවරනුද කුමකට

යම් හෙයකින් අපට- හැකිනම් අපේ මානය
නැති කර ගැනීමට- හිතට එය ලොකු පහසුවක් වේ

අධික තණ්හාවක්- අප සිත තුළ නොවේ නම්
එවිට අප ගතිගුණ- පිරිසිදු බවට පත්වේ

හොඳ මිනිසුන් මෙන් නරක මිනිස්සුද වෙති. නරක මිනිසාගෙන් හොඳ මිනිසා තෝරන්නේ කෙසේද? ස්ථීර කළ තත්ත්වයක් නැත. අපරාධකරුවන් සමාව ලබන අතර හොඳ මිනිසෙක් නරක් වේ. ප්‍රමාණයට වඩා ප්‍රශංසා කිරීමෙන් ඊර්ෂ්‍යාව කැඳවයි. ශ්‍රේෂ්ඨ මිනිසුන් දෙස බලන්න. ඔබ විශ්වාස කරන්නේ නම් ඔහු තේරුම් ගනීනම්, එකඟ වේ නම්, එවිට ඔහු බුදු කෙනෙක් වැනිවේ. ඔබ යම් හෙයකින් ඔහු තේරුම් නොගනී නම්, විශ්වාස නොකෙරේ නම්, එවිට ඔබේ සිතට ඔහු භයානක මිනිසෙකි.
සෑම කෙනෙක්ම ගුණවතෙක් වන අතර අපරාධකාරයන් හැම කෙනෙක්ම අපරාධකාරයන් ලෙස සිතයි. හැමවිටම අපේ කීර්තිය හෝ අපකීර්තිය එක ලෙස නොපවතී. හොඳ හෝ නරක පිළිබඳ අන්‍යයන්ගේ තීරණය ගැන අපි නොදනිමු. කෙනෙක් ප්‍රශංසා කළත් අප හොඳයැයි නොසිතිය යුතුයි. කෙනෙක් අප දෝෂ දර්ශනයට ලක් කළත් අප නරක යැයි නොසිතිය යුතුයි. සමහරු නරක අදහසින් අනුන්ට ගරහති. ඔබට මේ ගැන කුමක් කළ හැකිද? බුදුරදුන්ට පවා උන්වහන්සේගේ ඥාතිවර දේවදත්ත හිංසා කළේය. උන්වහන්සේ පිළිතුරු වශයෙන් දොස් නොකියා මහාකාරුණික වී ශ්‍රේෂ්ඨත්වය පෙන්වූ සේක.
අඳුරේ සිට ආලෝකයට ස්තූති කළ නොහැක. නරක මිනිසුන් නැතිව හොඳ මිනිසුන්ට ප්‍රශංසා කළ නොහැක. මෘදු දෙය ඉතා මෘදුය. අප යමකට කෙනෙකුට බාධා කළත්, ඒවා ඉතා බහුලය. අප අන්‍යයන්ට, මව්පියන්ට, දෙවියන්ට දෝෂාරෝපණය නොකළ යුතුයි. අපේ වර්තමාන ප්‍රතිඵල අපේ අතීත බිජයන්ගේ විපාකයයි. අපේ පාලනයක් නැතිව අපේ අදහස ඉටුකරගත නොහැකි බව සිතිය යුතුයි. වගකීම ඇත්තේ අපේ උරහිසය.
අපේ සත්‍ය ස්වභාවය අපිට සිතිය හැකි නම්, ඉදිරියට යායුතු අවස්ථාව අපි දනිමු. සමහර විට නියමිත කරුණෙන් සිටිය යුතු අතර, සමහර විට පසු ආසනයේ සිටිය යුතුය. අවස්ථාවට යෝග්‍ය දේ කිරීම ඒ ක්‍රියාවේ යතුරයි. එවිට එහි ඇති පහසුව අපටම වැටහේ.
අවුල් සහගත මේ සමාජයේ අපට අවශ්‍ය වන්නේ අපේම ආත්ම දමනයයි. ලෝකයේ කිසිවක් කෙරෙහි තෘෂ්ණා ඇති කර ගැනීම අයෝග්‍යය. අපේ බෞද්ධත්වය රැක ගැනීමට අවට පරිසරයේ බලපෑම්වලට ඉඩ දිය යුතු නොවේ. පවිත්‍ර ලොවක් මැවීමට ධෛර්යයෙන් ක්‍රියා කළ යුතුයි. එවිට මේ භූතලය ජීවත්වීමට ඉතා හොඳ ස්ථානයක් වේ.


සිංයුං නාහිමිගේ වලාකුළ හා වතුර කෘතියෙන්

Share

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software