topone

silmatha-kaiw

ලොව්තුරු බුදුපියාණන් වහන්සේ බුද්ධත්වය ලැබ, පළමු මංගල ධර්ම දේශනය වූ දම්සක් පැවැතුම් සූත‍්‍ර දේශනය බරණැස ඉසිපතනයේදී පස්වග මහණුන් හට දේශනා කරලන්නට යෙදුනේ ද මෙකී වස්සාන සෘතුව ආරම්භ වන ඇසළ පුන් පොහෝ දිනකදීය. එසේ එම දේශනය සිදුකොට බුදුපියාණන් වහන්සේ පළමු වැසි සාර මස එහිම වැඩ විසූ සේක. මෙතැන් සිට බොහෝ කාලයක් යනතුරු වස් විසීමේ නීතියන් උන්වහන්සේ පනවා තිබුණේ නැත. නමුත් ආවේණික ධර්මයක් ලෙස බුදුන්වහන්සේත්, රහතන් වහන්සේලාත් මුලදී ස්වභාවික පුරුද්දක් ලෙස වස් කාලයෙහි චාරිකාවේ නොගොස් එකම තැන වැඩ වාසය කළහ. මෙසේ කල් ගතවත්ම ක‍්‍රම ක‍්‍රමයෙන් භික්‍ෂු පිරිස වර්ධනය වීමෙන් අනතුරුව භික්‍ෂු පිරිසේ ගති පැවැතුම්, සිරිත් විරිත් ආදියද වෙනස් වන්නට විය. ඒ අනුව වැසි කාලය තුළදී ද ගම්, නියම්ගම් සැරිසරමින් ධර්මය ප‍්‍රචාරණය කරලන්නට ද උන්වහන්සෙ ්ලා කටයුතු කළ අතර, එය විවිධ ජනයාගේ දෝෂයණට ලක්වන්නට විය. ඒ හුදෙක් නිඝණ්ඨනාථ ආදී ශාස්තෘවරුන් මුල් කරගත් භක්තිකයන්ගෙනි. එයට ප‍්‍රධාන හේතුව වූයේ ඔවුන්ගේ ආගම සීමාන්තික අවිහිංසාවාදී දහමක් වීමයි. වැසිකාලය තුළ ඇවිදීමෙන් දළු ලා වැඩෙන  කුඩා තණකොළ ආදී ශාක පත‍්‍ර විනාශ වීමත්, එය ප‍්‍රාණඝාතයක් හැටියටත් ඔවුන් අදහස් දැක්වූහ. තිරිසන් සතුන් පවා වැසිකාලයේ තම කූඩුවල, කැදලිවල සිටින නමුත් බුදුන් වහන්සේගේ ශ‍්‍රාවක පිරිස තුළ එබන්දක් දක්නට නැත යැයි විවිධ චෝදනා එල්ල කළහ.
බුදුදහම තුළ ගස්, කොළන් ආදියට පණ ඇතැයි පිළිගැනෙතත් සත්වයන්ට මෙන් හිතක් ඇති බව නොපිළිගනියි. එසේ හෙයින් තණකොළ ආදී ගස්, පැළෑටි වර්ග පෑගීම බුද්ධ ධර්මයේ හැටියට පාපයක් නොවේ. බුදුන් වහන්සේ ඒ මතය නොපිළිගනිතත් වස් කාලයෙහි එක් තැනකට වී වාසය කිරීම යහපත් බව පවසා ශික්‍ෂා පදයක් පනවන්නට යෙදුණි. මෙය උපසම්පන්න භික්‍ෂූන් හා සම්බන්ධ වූ ශික්‍ෂා පදයකි. මෙම ශික්‍ෂා පදය පැනවීමෙන් පසුව මතු වූ ගැටලූව නම් කුමන කාලයක වස් විසීම සිදු කළ යුතු ද යන්නයි.
‘‘අනුජානාමි භික්ඛවේ, වස්සානෙ වස්සං උපගන්තුං’’ යනුවෙන් වස්සාන සෘතුවෙහි වස් එළඹීමට මෙන්ම පෙර වස්, පසු වස් යනුවෙන් වස් විසීම් දෙකක් පෙන්වමින් අසවල් දිනයෙහි මෙසේ වස් සමාදන් විය හැකි යැයි පෙන්වා වදාළහ. වස් සමාදානය ඉතා වටිනා මෙන්ම අගනා උතුම් වූ විනය කර්මයකි.
වස් සමාදානය තුළ, වස් ආරාධනාව සුවිශේෂී වූවකි. දායක කාරකාරාදීන්ගේ ආරාධනාවක් ලැබුණත්, නොලැබුණත් සුදුසු ස්ථානයක් නොලැබීම් ආදී බාධාවක් නැතොත් භික්‍ෂූන්   විසින් වස් විසිය යුතුය. වස් ආරාධනා කරනු ලබන්නේ හුදෙක් දායක පින්වතුන්ගේ ප‍්‍රයෝජනය පිණිසය. මෙකල මෙන් නොව පෙර භික්‍ෂූන් වහන්සේ නිතර එක තැනක වාසය නොකළහ. අවුරුද්දේ වැඩි කාලයක් ධර්ම චාරිකාවට යෙදවූහ. එයින් දායක ඇත්තන්ට අවශ්‍ය වෙලාවට බණක් ඇසීමට, දනක් පූජා කිරීම ආදී ගැටලූ ද මතුවිය. යම් ප‍්‍රදේශයක භික්‍ෂූන් වහන්සේලා වස් වසවා ගන්නට ලැබුනොත් සිව්පසයෙන් උපස්ථාන කිරීමෙන් දායක පක්‍ෂයට පින් සලසා ගැනීමටත්, යහපත සලසා ගැනීමටත් හැකිවන්නේය. මෙහිදී ගිහි, පැවිදි යන දෙපිරිසම අතර අන්‍යොන්‍ය සහ සම්බන්ධතාවක් ගොඩනැගෙනවා මෙන්ම සාමාන්‍ය කාලවලට වඩා මේ කාලය තුළ පින් පුරවා ගැනීමට ද නිරතුරුවම පුළුවනි. මෙසේ සීල, භාවනා දී ගුණධර්ම පිරීමෙන් නිරතව කල් ගෙවන නිසා පුණ්‍යකාලය ලෙසද මෙම කාලය සම්මත වී තිබේ.
වැසි කාලයෙහි චාරිකාවේ භික්‍ෂූන් වහන්සේ නොයෙදුනු නමුත්, පිණ්ඩපාත ගමනාදියෙහි යෙදුනු භික්‍ෂූන් අතර නොතබා වැටෙන වැස්සෙන් තෙමී පීඩා විඳින්නට වූහ. මේ දුටු විශාඛා මහෝපාසිකාව බුදු රජාණන් වහන්සේ වෙත ගොස් ස්වාමීනී, මම ජීවිතාන්තය දක්වා සංඝයාට වැසි සලූ පුදන්නට කැමැත්තෙමියි කීහ. ඊට අවසර දී මහණෙනි, වැසිසළු අනුදනිමි යැයි වැසි සළු නියම කළහ. මේ වැසි සළුවද හැඳින්වෙන්නේ සිවුරක් ලෙසය. නමුත් ස`ගල, දෙපොට සිවුරුවලට වඩා දිග පළලින් වැඩිය. භාවිත කළ හැක්කේ වැසි සාර මස තුළ පමණය.
මෙම ආරාධනාවේදී  භික්ෂූන් හට විහාරස්ථානයේ වස් සමාදන් වීම සඳහා ආරාධනා කරමින් වස් කාලය තුළ උන්වහන්සේලාට දානය පිළියෙල කර දීම, අවශ්‍ය බෙහෙත් හේත් ආදී වෛද්‍ය ප‍්‍රතිකාරද, සෙනසුන්ද, අවශ්‍ය සිවුරු පිරිකරද ලබා දෙමින් සුඛවිහරණයට අවැසි වටපිටාව සකස් කර දීම දායක කාරක ආදීන්ගේ පරම යුතුකමකි. භික්ෂුව විසින්ද එකී සිවුපසයෙන් උවටැන් කරන දායක පින්වතුුන්ට අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වරදෙන් මුදවා ගැනීමද පරම යුතුකමක් වන්නේය. මෙලෙසින් ගිහි, පැවිදි දෙපිරිසම අවබෝධයෙන් වස්සාන කාලය තුළ කටයුතු කරන්නේ නම් පින් සිතුවිලි මනා කොට වර්ධනය වී සසර කෙළවර උතුම් වූ අමා නිවන ප‍්‍රත්‍යක්ෂ කර ගැනීම දුෂ්කර නොවන්නේමය.නැගෙනහිර හෝකන්දර බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථාන විහාරවාසී,
බැද්දේවල ධම්මකිත්ති හිමි

 

lakbima

Share

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

-----------------------------------------------------------------------

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software