topone

silmatha-kaiw

කළමනාකරණය යන සංකල්පය පිළිබඳව සාකච්ඡා කිරීමට විද්වත් කථිකාවක් ගොඩ නැගීමට මෙම කාල වකවානුව ඉතා යෝග්‍ය වේ. එයට මූලික හේතුව වන්නේ නිසි කළමනාකරණයක් නොමැති කමින් අද නිසි කළමනාකරණයක් නොමැතිකමින් අද වනවිට රටට, සමාජයට, මිනිසාට විපත් රැසකට මුහුණ පෑමට සිදුව තිබිමයි.

‘කළමනාකරණය’ සහ සංකල්පය මිනිස් ජීවිතයේ සෑම අවස්ථාවකදීම ඉතාමත් අත්‍යවශය වන වැදගත් සංකල්පකි. යම් පුද්ගලයෙක් සතුව  නිසි කළමනාකරණයක් නොතිබුණහොත් එයින්  ඔහුට, පවුලට, ගමට රටට සමාජයට වන හානිය පිළිබඳව සිතා ගැනීමට පවා ඉතා අපහසුය. බුදු දහමේදී  මෙම මාතෘකාවට විශේෂ ස්ථානයක් ලබා දී ඇති බව  ඒ පිළිබඳව අධ්‍යයනය කිරීමෙන් පැහැදිලි වෙයි. බුදුරජාණන් වහන්සේ කළමනාකරණය යන්න ප්‍රධාන කොටස් දෙකකට බෙදා දැක් වූහ.
එනම්
1. ආධ්‍යාත්මික කළමනාකරණය
2. භෞතික සම්පත් කළමනාකරණය
වශයෙනි. අධ්‍යාත්මික කළමනාකරණය ලෙස බුදුරජාණන්වහන්සේ දේශනා කළේ මිනිසා සතුව පවතින සිතුවිලි  කළමනාකරණය කිරීමයි. මානව සංහතියේ  යහ පැවැත්ම උදෙසා මෙම ආධ්‍යාත්මික කළමනාකරණය ඉතා වැදගත් වෙයි. සිතට සිතුවිලි පැමිණෙන්නේ නිරායාසයෙනි. එහිදී  යහපත් සිතුවිලි මෙන්ම අයහපත් සිතුවිලිද පැමිණෙයි. සිතේ ගොඩනැගෙන සිතුවිලි පසුපස මිනිසා හඹායන්නේද නිරායාසයෙනි. අසීමිත ආශාවන්ගෙන් පෙළෙන  මිනිසා සිතුවිලි පසුපස හඹායාමෙන් නිසි කළමානරකරණයක්  නොතිබුණහොත් අවුලෙන් අවුලට ව්‍යවුලෙන් ව්‍යවුලට පත්වෙයි.
සිතෙහි හටගන්නා සිතුවිලි යහපත් සහ අයහපත් ලෙස කොටස් දෙකකට බෙදාගත යුතුය. ඉන් අයහපත් සිතුවිලි මුලිනුපුටා දැමිය යුතුය. එය ආධ්‍යාත්මික කළමානාකරණයේ පළමු පියවරයි.
මහ‍පොළොවෙන් සොයා ගන්නා මැණික යම් වටිනාකමකින් යුක්තය. එසේ වුවත්  එය කපා ඔපමට්ටම් කළවිට එහි වටිනාකම දෙගුණ තෙගුණ වෙයි. එපරිදිම බාහිර අරමුණු හේතුවෙන් සිතුට නැගෙන සිතුවිලිද යම් තරමක වටිනාකමකින් යුක්තය.  ඒවා නිසි පරිදි කළමනාකරණය කළහොත් ඔප මට්ටම් කළ මැණිකේ අගය වැඩි වන්නේ යම් සේද එසේම නිසි කළමනාකරණය කළ සිතුවිලිද වැඩි වටිනාකමකින් යුතු වෙයි.
පුද්ගල චරිත සංවර්ධනයට ආකල්ප සංවර්ධනයද  ප්‍රධාන වශයෙන් බලපායි. යමෙක් හිස් යෝගට් කෝප්පයක්, ටින් එකක් ටොෆි කොළයක් විසිකර දැමුව හොත් එසේ දුර දිග නොබලා කරන ක්‍රියාවෙන් මිනිස් ජීවිත රැසක් අහිමි වීමට පුළුවන. ඒ පිළිබඳව ඔබ මොහොතකට හෝ සිතුවෙහිද? එසේනම් තමා තමාගෙන්ම ප්‍රශ්න කළ යුතුය. ඒ සඳහා ප්‍රධාන වශයෙන් බලපාන්නේ පුද්ගල ආකල්ප නොවේද?
කළමනාකරණය පිළිබඳව වැඩිදුරටත් උගන්වන බුදුරජාණන්වහන්සේ සිඟාලෝවාද සූත්‍රයේදී ආර්ථික ක ළමානරකණය පිළිබඳව මෙසේ දේශනා කළ සේක. එනම්
ඒ කේන භෝගේ භුංජෙය්‍ය
ද්වීහි කම්මං පයෝජයේ
චතුත්තංච නිධාපෙය්‍ය
ආපදාසු භවිස්සති
ආර්ථිකය කළමනාකරනය කළයුතු ආකාරය මෙම අවස්ථාවෙන් මනාව පැහැදිලි වෙයි. ඒ අනුව තමා උපයන ධනය, වැටුප කොටස් හතරකට බෙදිය යුතුය.  ආහාර හා ඇඳුම් පැළඳුම් සඳහා එක් කොටසක්ද ආයෝජන සඳහා කොටස් දෙකක්ද මතු ප්‍රයෝජනය සඳහා සුරක්ෂිතව තැම්පත් කළයුතුය.
මෙම දහම් පාඨයට අනුව අනාවරණය වන තවත්  වැදගත්  කරුණක් වන්නේ බැංකු සංකල්පයේ  මූලික වස්තුබිජ හඳුන්වා දුන්නේ බුදුරජාණන්වහන්සේ බවය. අද වනවිට ලෝකයේ ආර්ථික කළමනාකරණයේ කේන්ද්‍රස්ථානය බවට බැංකු ක්‍ෂේත්‍රය පත් වී ඇත. මෙයින් පැහැදිලි වන්නේ කළමානාකරණය පිළිබඳ බුදු දහමේ සඳහන්වන ඉගැන්වීම් කෙතරම්දුරට සමාජය සහ පරිසරය සමග බද්ධ වී පවතිනවාද යන්නයි.
භෞතික සම්පත් කළමනාකරණය රටක යහපැවැත්මට මහෝපකාරී වෙයි. භෞතික සම්පත් නිසි පරිදි කළමනාකරණය කළයුතු ආකාරය පිළිබඳව බුදුදහමේ  ඉතා සරලව උගන්වා ඇත. වර්තමාන සමාජයේ බොහෝ දෙනා  පුරුදුව සිටින්නේ  යමක් වරක් හෝ දෙවරක් පාවිච්චි කොට ස්ථානය කුමක් වුවත් විසිකර දැමීමය. එය හිස් බෝතලයක්, රෙදි කැබැල්ලක් ආදී සරළ යමක් වීමටද පුළුවන.
නමුත් බුදු දහමේ උගන්වන්නේ යමක් පාවිච්චි කරනවා නම් එයින් උපරිම ඵල ප්‍රයෝජන ගත යුතුය බවයි. බුදුරජාණන් වහන්සේ භික්ෂුන්  වහන්සේලෙට මෙසේ දේශනා කළහ. සිවුරු පරිහරණයේදී එම සිවුරු පෙරවීමට නොහැකි තරම් පරණ වූ විට ඒවා ඇඳ ඇතිරිලි වශයෙන් පාවිච්චි කළ යුතුය. අද ඇතිරිල්ලකට පවා යොදා ගැනීමට නොහැකි වූ පසු පාපිස්සක් වශයෙන් පාවිච්චියට ගැනීමට සුදුසුය. පාපිස්සක් ලෙස භාවිතා කිරීමෙන් අනතුරුව බිත්තිවලට මැටි ගසන අවස්ථාවලදී ඒවාට මැදිකොට මැටි ගැසිය යුතුය.
මෙම ඉගැන්වීම භෞතික සම්පත් කළමනාකරණය පිළිිබඳ කෙතරම් වැදත් පාඩමක් කියා දෙන්නේද? මෙයින් ප්‍රතිඵල කිහිපයක් ලැබෙයි. එනම් යම් දෙයකින් ගත හැකි උපරිම ප්‍රයෝජන ගැනීම සහ පරිසරයට කසළ ලෙස කිසිවක් බැහැර නොකිරීමයි. පරිසරයට කසළ බැහැර කළ පසු මිනිසාට පමණක් නොව සතා සිව්පාවට පවා දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදුවෙයි.
ඩෙංගු, පාචනය, වසූරිය වැනි භයානක වසංගත රෝවලට පවා මුහුණ පෑමට සිදුවන්නේ නොහික්මුණු මිනිසුන් දුරදිග නොබලා පරිසරයට මුදාහරින කැළි කසළ හේතුවෙනි.
  සේථියා ධර්ම භික්ෂු විනයේ වැදගත් කොටසකි. එහිදී බුදුරජාණන් වහන්සේ පරිසර සංරක්ෂණවිධි සහ භෞතික සම්පත් කළමනාකරණය පිළිබඳව
උගන්වයි. දානය වැළදීමේදී භික්ෂුන් වහන්සේලාට දේශනා කරන්නේ තමාට වැළඳීමට හැකි ප්‍රමාණය පමණක් පාත්‍රයට බෙදාගන්නා ලෙසයි. වැඩිපුර යමක් බෙදාගතහොත් සිදුවන්නේ ආහාර අපතේයාම පමණි. ඉන්පසු එම ඉඳුල් තැන තැන මුදාහළවිට පරිසරය අපවිත්‍ර වෙයි. එසේම යමෙක් අවශ්‍ය ප්‍රමාණ්‍යට වඩා බෙදා ගැනීමෙන් සිදුවන්නේ තවත් අයෙකුගේ කුසගින්න නිවීමට තිබෙන අවස්ථාවක් මගහැරී යෑමයි.
වර්තමාන සමාජයේ වෙසෙන බොහෝ දෙනෙක් පුහු ආටෝපයට  සාටෝපයට මුවා වී උදෑසන කෑම ටිකක් හෝ ඉතිරි වුවහොත් දහවලට පවා පාවිච්චියට නොගනී. ඒවා කුණු කූඩවලට දමයි. දස දෙනෙක් මෙසේ කළොත් පරසරයට කෙතරම් කසළ ප්‍රමාණයක් එකතු වන්නේදැයි අපට හිතා ගැනීමට පවා නොහැක.
රටක යහ පැවැත්මට එරට ජීවත්වන වැසියන්ගේ අවබෝධය, ආකල්ප, සාරධර්ම කළමනාකරණ පිළිවෙත් අතිශය ප්‍රයෝජනවත්ය. මෙම හර පද්ධතීන් පිළිබඳ අවබෝධය කුඩා කලසිටම ලබා නොදුනහොත් චරිත සංවර්ධන ගොඩනැගීම අපහසුවෙයි. සාර්ථක පුද්ගලයෙක් නිර්මාණය වුවහොත් නිවසත්, ගමත්, සමාජයත් සමස්තයක් ලෙස රටක් යහපත් වෙයි. එසේ නොවූ විට ලැබෙන අහිතකර ප්‍රතිඵල විඳීමට සිදුවන්නේ සියලු දෙනාටම ‍පොදුවේය.
 
ජාතික අධ්‍යාපන ආයතනයේ කථිකාචාර්ය
නෙළුවකන්දේ ඤාණානන්ද හිමි

සාකච්ඡාව - රංජිත් කුමාර චන්ද්‍රසේකර

 

lakbima

Share

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

-----------------------------------------------------------------------

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software