topone

silmatha-kaiw

එපමණක්ද නොව රාජ රාජ මහාමාත්‍යාදී අති සුඛෝපභෝගි ලෙස ජීවත් වුවද එක් නිමේෂයකදී හිසට සෙවණක් නැති ඉණට වස්ත්‍රයක් නැති කුසට අහරක් නොලැබෙන යාචකයෙකු තත්ත්වයට පත්වීමට පුළුවන. ඒ තරමටම මෙම සංසාර ගමන භයානකය. බුදු රජාණන් වහන්සේ මෙම සත්‍යතාව ලොවට හෙළි කළ සේක.
සංසාර ගමනේදී මෙවන් බිහිසුණු දුක්ඛ දෝමනස්සයන්ට මිනිසාට මුහුණදීමට සිදුවන්නේනම් එයින් මිදීම සඳහා කළයුතු එකම පිළියම වන්නේ සංසාර ගමන හෙවත් භව චක්‍රය සිඳ දැමීමයි. භව චක්‍රය සිඳීමට ඇති එකම මාර්ගය වන්නේ බුදුදහම ඒකායන පරමාර්ථය වන නිර්වාණය හෙවත් නිවනයි. වාන යනු තෘෂ්ණාවට පදයකි. නිර්යන උපසර්ගයෙන් වැනසීම නැති කිරීම යන අර්ථය ගෙන දෙයි. ඒ අනුව වාන යන පදයට මුලින් නිර්යන උපසර්ගය යෙදුනු තෘෂ්ණාව දුරුකිරීම යන අර්ථය ගෙන දෙයි. එසේනම් නිවන යනු තෘෂ්ණාව දුරු කිරීමයි. ඉපදීම නැවත්වීමට නම් කළ යුත්තේ නිවන් දැකීමයි. නිවන් අවබෝධ කිරීම පහසු කටයුත්තක් නොවේ. එය ඉතා දුෂ්කර කටයුත්තකි.
නිවන් දැකීමේ ඉතා අපහසු කටයුත්තක් වන්නේ ඒ සඳහා විවිධ බාධක එල්ලවන බැවිනි. ධර්මයේ සඳහන් වන පරිදි  “පංචනීවරණ” ධර්මද සත්වයා සසරට ඇදබැඳ තබන නිවන් මග වළකන ධර්මයෝය. “අභිධම්මත්ත විභාවිනී” ටීකාව පැහැදිලි කර ඇති ආකාරයට “ධ්‍යානාදි වශයෙන් උපදින කුසල්සිත උපදින්නට ඉඩ නොදී වළකාලන හෙයින් නීවරණ යන නම භාවිතා වෙයි.” අපගේ සිතෙහි මතෛක් පහළ නොවූ කුසල සිතිවිලි උපදවා ගැනීම පිණිස හෝ දැනට පහළවී ඇති කුසල සිතුවිලි නොනසා ගනිමින් ඉදිරියට පවත්වාගෙන යාමට ඉඩ නොදී කුසලයට බාධා කිරීම නීවරණවල ස්වභාවයයි.
නිවන් මග වළකන පංච නීවරණ ධර්මයෝ මෙසේය.
i  කාමච්ඡන්ද
ii  ව්‍යාපාද
iii ථීනමිද්ධ
iv උද්ධච්ච කුක්කුච්ච
 විචිකිච්ඡා
මෙම නීවරණවල ස්වභාවය එකිනෙක විමසා බැලීම සුදුසුය.
 කාමච්ඡන්ද
ඡන්දය යනු කැමැත්තයි. කාමයන් විඳීමට ඇති ආශාව කාමච්ඡන්දය ලෙස හඳුන්වයි. කාමය හෙවත් කැමැත්ත කොටස් දෙකකට බෙදෙයි. එනම් වස්තුකාම සහ ක්‍ලේශකාම යන්නයි. මිනිසුන් සැමවිටම අපේක්ෂා කරන්නේ ඉඳුරන් පිනවීමටය. පංච්ෙන්ද්‍රීයන්වලට අරමුණු වූ කාමයන් නැවත නැවත විඳීමට මිනිසා තුළ ඇති වන්නේ අප්‍රමාණ ආශාවකි. මිනිසා සතුව පවතින ආශාවන් දිනෙන් දින වැඩිවනු මිස අඩුවීමක් සිදු නොවෙයි. රන්රිදී යානවාහන මිල මුදල් ආදි යස ඉසුරු ලැබිමට සියල්ලෝම ප්‍රිය කරති. නොනිමි ආශාවන් පසු පස හඹායාමේදී මිනිසා දුකෙන් දුකට අවුලෙන් අවුලට පත් වෙයි. කාමච්ඡන්දයෙන් මැඩුණු පුද්ගලයන් නිසා සමාජය විවිධ දුශ්චරිතවලින් පිරී පවතියි. පංචකාමවල බැසගත් පුද්ගලයාගේ හිරි ඔතප් බිඳ වැටී විෂමාචාර ක්‍රියාවන්ට
පෙළෙඹෙයි එයින්ම ඔහු පරිහානියට පත්වෙයි.
 ව්‍යාපාද
ව්‍යාපාදය ලෙස හඳුන්වන්නේ ක්‍රෝධය හෙවත් තරහාවයි. යම් පුද්ගලයෙක් සතු සියලු සම්පත් විනාශ කිරීමට තරම් ද්වේශයට ශක්තියක් ඇත. ව්‍යාපාදය ඇතිවීමට හේතු දහයක් ධර්මයේ දක්වා ඇත. අසවල් පුද්ගලයා මට සහ මගේ මිතුරාට. අතීතයේදීත් වර්තමානයේදීත්, අනාගතයේදීත්, අනර්ථයක් කළ බව, කරන බව, කිරීමට බලා‍පොරොත්තු වන බව සිතමින් ද්වේෂය ඇති කර ගැනීම, තමන් නොකැමැති අවස්ථාවල අව්වැසි වැටීම් ගැනත් නොසැලකිලිමත් බැවින් සිදුවන පා පැකිලීම් ආදී පීඩා නිසාත් ක්‍රෝධ උපදවා ගනිති.
නිතර ක්‍රෝධයෙන් පෙළෙන පුද්ගලයා සතුව ප්‍රියමනාප ස්වභාවයක් නොමැති බැවින් ඔහු ආශ්‍රය කිරීමට කිසිවෙක් නොපෙළඹෙයි. ව්‍යාපාදය නිසා ලෝකයේ විශාල අවුල් හටගනියි. වාදභේද කෝලාහල යුදගිනි හටගන්නේත් සමගිය සමාදානය අවිහිංසාව වැනි මානුෂික ගුණ ධර්ම විනාශ වන්නේත් ව්‍යාපාදය නම් නීවරණය හේතුවෙනි.
 ථීනමිද්ධථීන යනු සිතෙහි පවත්වා පසු බැසීමයි. එනම් කුසල් කිරීමට පසුබට වීමයි. මිද්ධ යනු ෙචෙතසිකයන්ගේ පසුබෑමයි. කුසල් කිරීමට පසුබට වීම
සරලව මෙලෙසින් හැඳින්විය හැක. ථීන මිද්ධය හටගත් විට සිත කය දෙකම අලස වෙයි. ශරීරය අලස වූ විට නිදිමත බව දැනෙයි. සිත කය අප්‍රාණික වීමෙන් කිසිදු කටයුත්තක් සාර්ථකව කිරීමට  හැකියාවක් නොමැත. අද කළ යුතු දේ හෙටට කල් දැමීම ථීන මිද්ධයේ ස්වභාවයයි. අලසකම කම්මැලිකම හේතුවෙන් ගත සිත දෙකම ලෙඩ වෙයි. මිනිසාගේ භෞතික, ආධ්‍යාත්මික සංවර්ධනය වළකන ථීන මිද්ධ නම් නීවරණය දුරු නොකළහොත් එය විනාශයේ මුලයි.
 උද්ධච්ච කුක්කුච්ච
සිතෙහි පවතින නොසන්සුන් බව මේ නමින් හැඳින්වෙයි. අළු ගොඩකට යමකින් පහර දුන්විට එම අළුගොඩ වහා විසිරී යයි. උද්ධච්ච කුක්කුච්ච නීවරණයෙන් පීඩිත සිතුද එපරිදිවෙයි. එක ස්ථාවරයක සිත පවත්වා ගැනීමට නොහැක. සෑම අවස්ථාවක දීම සිත නොයෙක් අරමුණු ඔස්සේ දිව යයි. එය බොහෝ දුරට යොමුවන්නේ අයහපත් මාර්ගයටය. මෙම නීවරණයට ගොදුරු වූ පුද්ගලයා කර්මය කර්මඵලය විශ්වාසය බිඳ දමා ගනිමින් මිථ්‍යා දෘෂ්ටික තත්ත්වයට පත්වෙයි. සිත කුසල් පක්ෂයට යොමු කිරීමට උද්ධච්ච කුක්කුච්ච නීවරණය නිසා නොහැකි වෙයි.
 විචිකිච්ඡා විචිකිච්ඡා යනු සැකයයි. නුවණින් සොයා නොබලා කටයුතු කිරීම මෙහි ස්වභාවයයි. බුද්ධාදී අටතැන පිළිබඳව සැක කිරීම ඒකාන්ත විචිකිච්ඡාව ලෙස හැඳින්වෙයි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ධර්මය කෙරෙහි, සංඝයා කෙරෙහි, ත්‍රීශික්ෂා කෙරෙහි, පෙර පසු ආත්ම කෙරෙහි, පටිච්ච සමුප්පාද ධර්ම කෙරෙහි විශ්වාස නොකිරීම විචිකිච්ඡාවේ ස්වභාවයයි.
විචිකිච්ඡා නීවරණයෙන් යුතු පුද්ගලයාට කිසිදු කාර්යයක් නිරවුල්ව කිරීමට හෝ සෘජු තීරණ ගැනීමට හෝ නොහැක. තමා අතර සිටින කිසිවෙකු පිළිබඳව විශ්වාසයක් නොමැති බැවින් ප්‍රියශීලීව හා මිත්‍රශීලීව අන්‍යයන් ආශ්‍රය කිරීමට හැකියාව නොලැබෙයි. නිවන වළකන, සත්වයා සසරට ඇද බැඳ තබන මෙම පංචනීවරණ ධර්ම සිඳ දමන තෙක් සංසාර චක්‍රයෙන් එතෙර වීමට නොහැක.


කැලණිය පට්ටිවිල දහම්හඬ
ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති යටමලගල සුමනසාර හිමි
සාකච්ඡා කළේ - රංජිත් කුමාර චන්ද්‍රසේක

www.lakbima.lk

Share

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

-----------------------------------------------------------------------

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software