topone

සමාජයේ “දඹරන්” උන්මාදය නිසා ඇතැම් බුද්ධ ප්‍රතිමා “කූඩු”කරලා!

“මිල කළ නොහැකි වටිනාකමකින් යුතු දඹ රන් පිළිමයක් හමුවෙයි.” වැනි සිරස්තල වලින් යුතු ප්‍රවෘත්ති පුවත්පත්වල තවමත් වරින්වර දකින්නට ලැබෙනවා. මේ නිසා මෙරට වටිනා පුරාවස්තු වලට සේම එම පුරාවස්තු තැන්පත් කොට ඇති විහාරස්ථානවල වැඩ වෙසෙන භික්ෂුන් වහන්සේලාගේ ජීවිතවලටත් නිරතුරු තර්ජන එල්ල වෙමින් පවතිනවා. මේ තත්වයට අපගේ ජන මාධ්‍යකරුවන් සෘජුවම වගකීව යුතුවෙනවා.”

මෙසේ පවසනුයේ ශ්‍රී ලංකාවේ මුල් පෙලේ පුරාවිද්‍යාඥයකු සහ කෟතුක විද්‍යාඥයකු වන හිටපු ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂ, කැලණි විශ්ව විද්‍යායීය පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ හිටපු අධ්‍යක්ෂ සහ ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයන් ගේ සභාවේ සමාරම්භක ලේකම් ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ මහතාය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේ ද කීය.

“මේ වගේ ප්‍රතිමා විද්යුත් සහ මුද්‍රිත මාධ්‍යවලින් දඹරන් පිළිම වශයෙන් ප්‍රවෘත්ති දිගට හරහට ප්‍රචාරය කරන අපේ මාධ්‍ය කරුවන් කිසිම දවසක මොනවද මේ දඹරන් කියන්නේ කියලා අපෙන් විමසලා නැහැ. ඒ අය දඹරන් ගැන ප්‍රවෘත්ති ප්‍රචාරය කරන්නේ දඹරන් කියන්නේ මොනවද කියලාවත් දන්නේ නැතුවයි. ආචාර්ය ලක්දුසිංහ කියයි. ඔහු ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් විස්තර දක්වන්නේ මෙලෙසිනි.

“දඹරන් වලට සංස්කෘත භාෂාවෙන් කියන්නේ ජම්බෝනාද ස්වර්ණ කියලා; මේකට හේතුව මේවා ජම්බෝනාද නදියෙන් හුමවෙන එවා නිසා කියලයි ශබ්ද කෝෂවල දැක්වෙන්නේ.

නමුන් සිංහල බෞද්ධ ජන සමාජයේ මේ දඹරන් පිළිම පිළිබඳව ඊට වඩා වෙනස් පුරාවෘත්තයක් තියනවා. ඒක බුද්ධ පරිනිර්වාණය සම්බන්ධ එකක්. බුදු රජාණන් වහන්සේ ගේ අදාහන පූජෝත්සවය සිදු කෙරෙන අවස්ථාවේ ඒ වටා සිටි රජවරුන් ශෝකය දරාගත නොහැකිව තමන් පැළඳ සිටි ස්වර්ණාභරණ ගලවා ශ්‍රී දේහය දැවෙන චිතකයට හෙළු බවත් පසුව ඒ ආභරණවල තිබූ රත්රන් උණු වී එකම පිඬුවක් සේ ඝනීභවනය වූ බවත් මේ පුරාවෘත්තයේ සඳහන්;

කෙසේ හෝ සැබෑ රත්‍රන් සහ මෙම දඹරන් අතර පවතින වෙනස පිළිබඳව අපි ආචාර්ය ලක්දුසිංහයන් ගෙන් විමසා සිටියෙමු. එවිට ඔහු මෙසේ කීය.

“ලෝහමය වශයෙන් ගත්තොත් ඒවා සාමාන්‍ය රත්තරන්ම තමයි; නමුත් ඒවා එකතු කළ යුත්තේ රන්සුනු වශයෙන්. අදත් ඉන්දියාවේ කෝටි පති ධන කුවේරයන් පවා දෙවියන්ට වුණු බාරහාර ඔප්පු කරන්න ඒරන්සුනු තියන ගංගා වලට බැහැලා දැඩි දුක් විඳලා ඔය රන් ගැරීම කරනවා; අපේ රටේ පූගොඩ ප්‍රදේශයෙනුත් කැලණි ගගෙනුත් ඔහොම රන්සුනු හම්බුවෙනවා; නමුත් උදේ ඉඳන් රෑ වෙනකම් ගඟට බැහැලා රත්‍රන් ගැරුවත් රුපියල් එකසිය පනහකට දෙසීයකට වඩා රත්‍රන් හොයා ගන්න බැහැ. නමුත් ඉන්දියාවේ දේවභක්තික කෝටි පතියෝ පවා මේ විදිහට දහදුක් විඳලා රත්‍රන් එකතු කරගන්නේ දෙවියන්ට ඇති ශ්‍රද්ධා භක්තිය පෙන්නන්න; එහෙම අවුරුදු ගණන් දුක් විඳලා එකතු කර ගන්න රත්‍රන් ලෝකඩ දේව රූපවල තුනියට අලේප කළාට පස්සේ ඒ පිළිම දඹරන් පිළිම බවට පත්වෙනවා. නමුත් ඒ රත්‍රන් තට්ටුව ළූණු සිවියකට වඩා ගණකම නැහැ. ඒ වගේම අපේ රටේ මැටියෙන් තනපු බුද්ධ ප්‍රතිමාවලටත් ඔය වගේ රන් ආලේප කළාට පස්සේ ඒවා හැඳින්වෙන්නේ දඹරන් පිළිම හැටියටයි. නමුත් මේ යථාර්ථය නොදන්න මාධ්‍යකරුවන් මේවා “මිල කළ නොහැකි”, “වටිනාකම කියා නිම කළ නොහැකි” වගේ සිරස්තල සහිතව මේ පිළිම ගැන ප්‍රවෘත්ති මාධ්‍යවල පළ කරනවා; එතකොට මේවා කෝටි ප්‍රකෝටි ගණන් වටිනා රත්‍රන් පිළිම හැටියට සිතා මේවා පැහැරගන්නා හොරු අන්තිමට පුරා විද්‍යාත්මක හා කෞතුක වශයෙන් විශාල වටිනාකමකින් යුතු ඒ වස්තුන් විනාශ කරලා දානවා. ඒ එක්කම මේ නොමඟ යාම් නිසා සමහරුන් ඒවා පැහැර ගන්නේ එම විහාරස්ථාන වල වැඩ සිටින භික්ෂූන් වහන්සේලා ඝාතනය කරලා.” ආචාර්ය ලක්දුසිංහ කීය.

නමුත් මෙම පිළිම හමු වූ අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන පුරාවිද්‍යා නිලධාරීන් පවා මේවා මිල නොහැකි පුරාවස්තු ලෙස හඳුන්වන අවස්ථා තිබෙනවා නේදැයි අපි ඔහුගෙත් ඇසීමු.

“කොහේ හරි පිටිසර ගෙදරක කියන පරණ හිරමන කොටයක් හොරු ගන්තාය කියමු. එතකොට කවුරුහරි ඇහුවොත් ඒක කීයක් විතර වටීද කියලා ඒ ගෙදර මිනිස්සු කියන්නේ ඕකේ ගාණ නම් හරියට කියන්න බැහැ කියලා; ඒ වගේ දෙයක් තමයි ඕකත්; සාමාන්‍යයෙන් පුරා වස්තුවක් බලධාරීන් භාරයට ගත්තට පස්සේ ඒකේ පුරාවිද්‍යාත්මක අගය ගැන මිසක් මූල්‍යමය අගය ගැන මූලිකව තක්සේරු කරන්නේ නැහැ. ඒ හින්දා තමයි ඔය වගේ “මිල කළ නොහැකි” “වටිනාකම කියා නිම කළ නොහැකි” වගේ ජනකාන්ත සිරස්තල යොදන්නේ. හැබැයි ඉතින් ඕවයින් සිද්දවෙන්නේ වටිනා පුරාවස්තු වගේම ඒවායේ භාරකාරත්වය හිමි ස්වාමීන් වහන්සේලාගේ ජීවිතවලට බරපතල තර්ජන එල්ල කරන එක තමයි;” ආචාර්ය ලක්දුසිංහ කීය.
මේ විදිහට පහුගිය කාලය පුරා දඹරන් පිළිම විදිහට ප්‍රසිද්ධ වුණු බුද්ධ ප්‍රතිමාවලට නිරන්තරයෙන් සොරුන්ගේ අවධානය යොමුවීම නිසා ඒවා ‘සිරකූඩු’ වැනි යකඩ කූඩු ඇතුලේ දමා ආරක්ෂා කිරීමට භාරකාර ස්වාමීන් වහන්සේලාට සිදුවී තිබෙනවා. මේකත් හරිම අවාසනාවන්ත තත්වයක්.” ආචාර්ය ලක්දුසිංහ කීය.

දමයන්ති ගමගේ

Share

පාරමිතා පූජාව - 2019

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software