topone

silmatha-kaiw

නවතින්න ජීවිතය ගැන සිතන්න

ඒ කල් දැමීම නිසා ඔබට නැති වන්නේ ඔබවමය. උපතේ සිට වැඩීගෙන එන ගසක් වැලක් මෙන් එය එක්තරා සශ්‍රීක කාලයක් පෙන්වන්නේ ඔබේ තරුණ විය ලෙසින්මය. එහෙත් එහි මල් දරා කාලයත් සමග කොතරම් වතුර ‍පොහොර යෙදුවත් නැවත ප්‍රකෘති තත්ත්වයට ගත නොහැකි කාලයක් මතු වේ.
සුවඳ මලට බමරු ඇදෙති. සුවඳ මලින් මුනිඳු පුදති. දුගඳ මලට බමරු නොඑති. දුගඳ මල් බුදු පුදට ද නොගනිති. මිනිස් ජීවිතයද එබඳුය. මිනිසුන්ට වටිනාකම් ලැබෙන්නේ ඔවුන් සතු ගුණධර්ම සහ අගනාකම්වලටය.
එලෙසම අපේ ජීවිතවලද යමක් කළහැකි කාලයේදී බුදුදහම මැනවින් තේරුම් ගත හැකි නම් එයයි ඔබේ මනුෂ්‍ය ජීවිතයේ උත්කෘෂ්ටභාවය ළඟා කර දෙන දිව ඔසුව. දිව්‍ය මන්ත්‍රය. ඒ උසස් තත්ත්වය ලැබෙන්නේ ඔබ තුළ ඇති කර ගන්නා ගුණධර්මවලින් පිරුණු උසස් හැසිරීමෙන් බව ඔබ මොහොතකටවත් සිතුවාද? සෑම දෙනාගේම පාහේ සිත්වල රැඳී ඇත්තේ මහලු බවට පත් වනවිට සිල් රකින භාවය වඩන පිරිසක් ඇති වන බවත් තරුණ වයසේ එලෙස නොවන බවත්ය.
එහෙත් බුදු බවට පත් උත්තම බෝසත් චරිතය ඉතාම ළාබාලා වියේදීම වෙනස් ලෙස සිතන්නට අවිහිංසාව දයාව, කරුණාව, මෛත්‍රීය වැනි සිතුවිලි වැඩි දියුණු කරන්නට අප්‍රමාදීව කටයුතු කළේය. බුද්ධ යනු බුද්ධිමත් භාවයයි. බුද්ධිමතාගේ හැසිරීම සෑම විටම බුද්ධිහීනයන්ගෙන් වෙනස් බව ද බුදුහු වදාළහ. බුදුන්වහන්සේට සිටියේ තරුණ හමුදාවක් බව ගණේගම සරණංකර හිමියෝ උන්වහන්සේගේ බුදුහාමුරුවෝ කෘතියේ සඳහන් කර ඇත. තරුණ පිරිස ජව සම්පන්නය. යෞවන මදය හෙවත් යොවුන් හැකියාවෙන් මත්වීම(යෞවනත්වය සෑම කල්හි ඇති බව සිතීම), ආරෝග්‍යමදය හෙවත් හැම කල්හි නිරෝගි බව ඇතැයි සිතීම, ආදී මත්වීම්වලින් සිත උඩඟු බවට පත් කර ගැනීම නිසා මෙම සීලය අවඥාවට ලක් වේ. එහෙත් බුදුන් වහන්සේ දේශනා කර ඇත්තේ, “සීලය” නම් බියකර සසර නමැති මහ මුහුද තරණය කරන මහ නැව බවය. එහි සිදුරක් ඇති වුවහොත් ගිලීයාම සඳහා ඉක්මනින්ම වතුර පිරෙනු ඇත. එහෙත් ඒ සිදුර දැක වහ වහාම එය වසා දමා සුරක්ෂිත කළහොත් තවදුරටත් සසර තරණය කරගත හැකිය. බුදුවරු ලොව පහළ වූයේ වැරදිවලට උපදෙස් ලබා දෙන්නට නොවේ. එයම වැරදි වැටහීමකි. ඒ නිසා ලෝකයේ කොහේදීත් සීනි, පැණි රස මෙන්ම දහම කොහෙන් ගෙන බැලුවත් ඇත්තේ එහි දහම් රසයයි. දහම් රසය විඳි කෙනාට එහි විමුක්ති සුව දැනේ. එය වෙනත් සියලු රස ඉක්මවා සිටී. එහෙයින් ඔබේ ජීවිතය අරුත්බර කරගන්නට නම් අවශ්‍ය ගුණ ධර්ම කිහිපයක් වර්ධනය කර ගන්නට උපදෙස් මේ ලිපියේ සටහන් කරමි.
සිල් රකින්නට විශේෂිත වූ කාලයක් නැත. බාල කාලයේ දේවල් වැඩීමට හෝ දේවල් තේරුම් ගැනීමට යොමු වෙයි. තරුණ මහලු යන ඕනෑම අවස්ථාවක යම් කෙනෙක් වෙනස් ලෙස සිතන්නට පුරුදු පුහුණු වන්නේ නම් වර්ධනය කරගත යුතු කරුණු හතරක් බුදුන්වහන්සේ දේශනා කළහ. ආයුෂ ආයාසයකින් තොරවම වැඩිවේ. එහෙයින් එය වයෝවෘද්ධ යනුවෙන් සඳහන් කෙරේ. අනෙත් වෘද්ධත්ව හතරක්ම අප ආයාසයෙන් ඉවසීමෙන් වැඩි දියුණු කරගත යුතුය. එනම් සීල වෘද්ධ, ගුණ වෘද්ධ, ඥාන වෘද්ධ, ත‍පෝ වෘද්ධ යන වෘද්ධත්ව හතරයි.
මේ ලොව උසුලනා  මිහිකතටත් වැඩිය. “ඉවසන දනා රුපු යුදයට ජයකොඩිය” ආදී ජන කවිවලද නුවණැතියෝ සසල නොවෙත් - කොතරම් දුක් සැප වුවත්.
“ගැසුවත් තද මේඝ පවන් - නිසලව සිටින සල මෙන්” යනුවෙන් ධම්මපදයේ එන “සේලෝ  යථා ඒකඝනො” ආදී ගාථාව ලෝකෝපකාර කතුවරයා සිංහලට පරිවර්තනය කර තිබේ. එහි කියැවෙන්නේ කොතරම් දුක් සැප වෙනස් ලෙස පැමිණිය ද නුවණැතියෝ සසල නොවෙන බවය. එනම් ඉවසන බව මෙන්ම
නොකැළඹෙන බවය.
මහ මුහුදේ රළ පතර කොතරම් සසල වුවද පර්වත, දූපත් නිශ්චලව තිබෙනු ඔබ දැක ඇතැයි සිතමි. සාමාන්‍ය ජනතාව කොතරම් සසල වුවද දූපත් වැනි නිශ්චල පුද්ගලයන්ගේ සිත් ඉවසීමෙන් අවබෝධයෙන් නිශ්චලව ඇත. එබඳු සන්සුන් ගැඹුරු සිතක් බවට ඇති කර ගත හැකිනම්? සැබවින්ම ඔබ කොතරම් වටිනා කෙනෙක් වේවිද?
“ඉටුකොට කළ යුතු යුතුකම්
ලැබුණත් ලෝකෙන් ගැරහුම්
ඉවසන්නට පුළුවන්නම්”
නුඹයි මගේ පුතා උතුම්” යැයි එස්. මහින්ද හිමියෝ නිදහස වෙනුවෙන් සටන්පාඨයක් ලියා තැබූහ. එයින්ද අපට උගන්වන පාඩම වන්නේ අප විසින් කළයුතු යුතුකම් ඉටුකළද ලෝකයාගෙන් ගැරහුම් ලැබෙන්නට
පිළිවන. එබඳු අවස්ථාවකදීත්
නොකැළැඹී ඔබට ඉවසිය හැකිනම් ලක්මවගේ උතුම් පුතෙකු වන්නේ නුඹ” යැයි විදේශියකු වුවද ලංකාව ගැන හැඟීමකින් ලියා තැබූහ. බුදුන් වහන්සේ ද ලෝකයටම දහම් දෙසූහ. එම දෙසුම් දේශ සීමා ඉක්මවා යන බව පැහැදිලිය. අපේ ගුණ ධර්ම ද දේශ සීමා ඉක්මවා යන්නකි.
ඔබට යහපත් යහළුවන් සිටිනවාද?  යහපත් යැයි කී පමණින් ඔබ කෙබඳු යහපත් යහළුවන්දැයි විමසනු ඇත. ඔබ සිටින තත්ත්වයෙන් ඉහළට ඔසවා තබන්නට වෑයම් කරන යහළුවන් සිටිනවාද? නැතිනම් ඔවුන් ඉන්නා තැනින් පහළට ඇද දමන යහළුවන් වැඩිපුර සිටිනවාද? ඔබේ බුද්ධිමත්  භාවය යනු ඔවුන් හඳුනාගත හැකි වීමයි.
බුදුන්වහන්සේ ද කළ්‍යාණ මිත්‍රයන් ඇසුරට ළඟා කර ගන්නටත් පාපමිත්‍රයන් ඇසුරෙන් ඈත් කරන්නටත් අනුදැන වදාළහ. අසේවනාච බාලානං - පණ්චිතානංච සේවනා” යනුවෙන් මංගල සූත්‍රයේ ආරම්භක ගාථාවෙන්ම කියා දුන්නේ එයයි. පුද්ගලයෙකු සතුව අන් මත ඉවසීමේ ගුණය ඇත්නම් ඔබට හැම දෙනාම කල්‍යාණ මිත්‍රයෝ වෙති.
ඔබ දහමින් දුරස්තයැයි සැමවිටම ඇසෙන මැසිවිලි ස්වභාවයෙන් මිදෙන්නට ඔබට නිවැරදි ලෙස හැසිරිය හැකිනම්, එය ඔබගේ විශිෂ්ටත්වය. ඔබ මහ ගසක් නම් බොහෝ දෙනෙකුට සෙවණ සලසාවි. බොහෝ පෙදෙසකට සෙවණ වෙමින් තමන් අව්වේ සිටින ගස් ඔබ දැක තිබේද? සැබවින්ම ගස කොතරම් කැප කිරීමක් කරනවාද? තමන් අව්වේ වියළෙමින් අන් අයට සෙවණ සලසන මහා වෘක්ෂයක් බඳු කළණ මිතුරෝ තමන්ට දුකක් වුවද අනෙකාගේ යහපත වෙනුවෙන් සේවය කරති.
බුදුදහමින් උගන්වන්නේ තමා මඩෙන් ගොඩට පැමිණ අනෙක් පිරිස මඩෙන් ගොඩට ඇද ගන්නා ලෙසයයි. එයින් ආත්මාර්ථකාමී බව නොකියැවේ. තමන් සුදුස්සෙක් වෙමින් අනෙකාට මග පෙන්වීම බුදුදහමේ පරමාදර්ශයයි. එනිසා ඔබ ඔබවම සන්සුන් වන අයුරු ඔබෙන්ම විමසන්න. සිත හඳුනා ගනිමින් මැණිකක් වගේ අගනා  සිත පිරිසිදු කර ගන්න. තව කෙනෙකුගේ පහසක් නොලද පිරිසිදු දිය බඳුනක් මෙන්, පාපි වේතානාවලින් වෙන් වනවිට ඔබට සැනසිල්ලක් දැනේවි. සකස් කරගත් ඔබේ සිත ඔබට මෙලොව පරලොව දෙලොවම සෙත සලසාවි. ඔබේ සිත ඔබ විසින්ම විමසීමෙන් මිස එය තව කෙනෙකුට සිදු කළ හැකි දෙයක් නොවන බවද සිහි තබාගත යුතුම වේ. ඉවසීමෙන් සැකසූ සිත බොහෝදෙනාට හිත සුව පිණිස වේවි.

 

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ
‍‍‍ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නාවලපිටියේ
අනුරාධා සුධම්මිකා භික්ෂුණිය

Share

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

-----------------------------------------------------------------------

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software