topone

ත්‍රි’ම‍ලේ බුදු පිළිම කැඩීම පිටුපස ඉන්නේ කවුද?

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සිදුවූ මෙම සිද්ධියට සමගාමීව මුලතිව් දිස්ත්‍රික්කයට අයත් ජානකපුරෙන්ද අනුරාධපුරය දිස්ත්‍රික්කයට අයත් කැබිතිගොල්ලෑව හා හොරොව්පතාන ප්‍රදේශවලින්ද මෙවැනි සිදුවීම් වාර්තාවීමෙන් මෙය හුදෙකලා සිද්ධියක් නොවන බව පසක් වෙයි.
යුධ ගැටුම් නිමාවීමත් සමග මීට පෙරද අවස්ථා කිහිපයකදී ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ බෞද්ධ සිද්ධස්ථාන රැසක මෙවැනි සිදුවීම් වාර්තා වුණද, පසුගිය දින වූ සිද්ධිය එකම පිරිසක් විසින් සංවිධානාත්මක යම් කිසි අරමුණක් මුදුන්පත් කර ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක කරවූවක් බැවින් එය බොහෝ පිරිසකගේ අවධානයට මෙන්ම කෝපයටද හේතු වන්නක් විය.
මීට මාස කිහිපයකට පෙර ත්‍රිකුණාමලය පුල්මුඩේ මාර්ගයේ සාම්බල්තිව් මංසන්ධියේ මාර්ග බාධකයක් අසල ස්ථාපිත කර තිබූ බෝධියක් යම්කිසි පිරිසක් විසින් කපා දමා තිබූ අතර, පසුව ත්‍රිකුණාමලය ප්‍රදේශයේ බෞද්ධ හිමිවරුන් හා ජනතාව මැදිහත් වී එම බෝධිය සංරක්ෂණය කිරීමට කටයුතුයෙදීය.
මෙම බුදු පිළිම විනාශ කිරීමේ පළමු සිද්ධිය වාර්තා වන්නේ, මොරවැව ප්‍රදේශයෙනි. මොරවැව නාමල්වත්තට හැරෙන මංසන්ධියේ ස්ථාපිත කර තිබූ බුදු පිළිම වහන්සේ බිම ගසා කුඩුකර දමා ඇති බව ඇස ගැටෙන ප්‍රදේශවාසියෙකු එම සිද්ධිය හිටපු ප්‍රාදේශීය සභාවේ සභාපති ඩබ්.ආර්.රංබණ්ඩා මහතාට දැනුම් දෙන්නේ  පෙරවරු හයට පමණය. රංබණ්ඩා මහතා මේ බව මොරවැව ‍පොලීිසියට දැනුම් දෙන්නේ, ඒ අනුවය.
එම පැමිණිල්ලත් සමග එම ස්ථානයට පැමිණෙන මොරවැව ‍පොලීිසිය කඩා බිඳ දමා තිබූ බුදු පිළිමයේ සුන්බුන් වහා එම ස්ථානයෙන් ඉවත් කරන්නේ එහි ඡායාරූපයක් හෝ ගැනීමට ඉඩ නොතබමිනි. මෙම සිද්ධිය ලැව් ගින්නක් සේ ප්‍රදේශය පුරා පැතිර යද්දී, බොහෝ දෙනෙකු තම ගම්මානයන්හි ස්ථාන ගත කර තිබූ බුදු පිළිම වහන්සේලා පිළිබඳ අවධානය යොමු කරන්නේ නිරායාසයෙනි.ඒ අනුව ත්‍රිකුණාමලය අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ තවත් ස්ථාන දෙකකින් මෙවැනි සිදුවීම් වාර්තා වී තිබුණි. ඒ විල්ගම් වෙහෙර හංදියෙන් හා ගෝමරන්කඩවලට හැරෙන මංසන්ධියේ තිරියාය හංදියෙනි. තිරියාය හංදියේ ස්ථාපිත කර තිබූ පිළිම වහන්සේගේ අතකට පහර දී අලාභහානි සිදු කර තිබූ අතර, පිළිම වහන්සේ කළු තෙලෙන් නහවා අපවිත්‍ර කර තිබුණි. විල්ගම් වෙහෙරට හැරෙන මංසන්ධියේ ස්ථාපිත කර තිබූ පිළිම වහන්සේද කළු තෙලෙන් නහවා පිළිම ගෙයට හානි කර ඇති බව පසුව හෙළි වන්නේය.
පුල්මුඩේ 13 කණුවේ ශාන්ත විහාරය අසල ස්ථාපිත කර තිබූ පිළිම වහන්සේගේද සිරස කඩා දමා ඇති බව අරිසිම‍ලේ ආරණ්‍ය සේනාසනයේ විහාරාධිපති පූජ්‍ය පනාමුරේ තිලකවංශ හිමියන් පුල්මුඩේ ‍පොලීිසියට පැමිණ පැමිණිලි කරන්නේද  පෙරවරුවේය.
ඊට අමතරව එදිනම මුලතිව් දිස්ත්‍රික්කයට අයත් ජානකපුර ශාන්ති විහාරයට අයත් බුදු පිළිමයක්ද කළු තෙල්වලින් නහවා තිබියදී සොයා ගන්නා ලද අතර, අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් කැබිතිගොල්ලෑව නගරයේ ස්ථාපිත කර තිබූ පිළිම වහන්සේ නමකටද සිරස කඩා අලාභහානි සිදුකර තිබුණි. ඊට පසු දින හොරොව්පතාන ප්‍රදේශයේ විහාරස්ථානයකට අයත් පිළිම වහන්සේ නමක් කළු තෙලෙන් නහවා ඇති බවට වාර්තා වී තිබුණි.
ජනපති පදවි ප්‍රාප්තිය යෙදී තිබූ දිනටම මෙම කඩා කප්පල්කාරී ක්‍රියාව දියත් කිරීමද යම් යම් සැකයන් ඇති කරවන්නකි. මෙය යම් කිසි දේශපාලන උවමනාවක් මත දියත් කළේද යන්න පිළිබඳවද ‍පොලීිසිය සිය පරීක්ෂණයේදී අවධානය යොමු කර තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ දමිළ දේශපාලනඥයකු කියා සිටියේ සිංහල ජනයා හා දමිළ ජනයා අතර කෙතරම් මත ගැටුම් පැවැතියද, බුදුන් වහන්සේට සියලු හින්දුවරු ගරු කරන බවයි.
මොරවැව බුදු පිළිමය කඩා බිඳ දැමූ ස්ථානයේ වෙළෙඳ සැලක ස්ථාපිත කර තිබූ සීසීටීවී කැමරාවක රූප රාමු පරීක්ෂා කිරීමේදී  අළුයම 2.52 පමණ එම ස්ථානයට යතුරු පැදියකින් පැමිණෙන පිරිසක් යම්කිසි කටයුත්තක නිතරවන වන අයුරු පටිගත වී ඇති අතර, එම රූප රාමු වැඩිදුර පරීක්ෂණය සඳහා මේ වන විට ‍පොලීිසිය භාරයට ගෙන ඇති බව වෙළෙඳස‍ලේ හිමිකරු වන ඩබ්.ආර්.රණ්බංඩා මහතා කියා සිටියේය.
“උදේ හයට විතර පාරේ ගිය කෙනෙක් මට ඇවිත් කිව්වා හංදියේ බුදු පිළිමේ කුඩු කරලා කියලා. පස්සේ මම එතනට ගිහින් බලද්දී කතාව ඇත්ත. මම මේක මොරවැව ‍පොලීිසියට පැමිණිලි කළා. ‍පොලීසිය එතන ඇවිත් අර කඩපු පිළිමෙ අයින් කරලා ‍පොලීිසියේ තිබුණ බුදු පිළිමයක් එතන තැන්පත් කළා. ප්‍රශ්න ඇතිවෙයි කියන බයට කාටවත් ෆොටෝ එකක්වත් ගන්න ඉඩ දුන්නේ නැහැ. කොහොම හරි අපේ කඩේ සීසීටීවී කැමරාව බලද්දී 2.52ට මෝටර් සයිකලයකින් පිරිසක් එතනට ඇවිත් නාමල්වත්ත පැත්තට යන එක පේන්න තියෙනවා. ටිකක් පැහැදිලි මදි... මේ වෙන කොට ඒ රූපරාමු ‍පොලීසිය වැඩිදුර පරීක්ෂණය සඳහා අරන් ගිහින්.”
ත්‍රිකුණාමලය අනුරාධපුර මාර්ගයේ පිළිම වහන්සේලාට හානි සිදු කිරීම එකම පිරිසක් විසින් සංවිධානාත්මක ලෙස සිදු කරන්නට ඇති බවට සැක කිරීමට සාධක ඇති මුත්, එය කවුරුන් විසින් කළේද යන්න සැක සහිතය. යතුරු පැදිය ගිය බවට අනුමාන කෙරෙන නාමල්වත්ත අන්‍ය ජාතිකයන් වැඩි වශයෙන් ජීවත්වෙන ප්‍රදේශයක් වුවද, මුලතිව් ජානකපුර මුළුමනින්ම සිංහල ජාතිකයන් වෙසෙන ප්‍රදේශයකි. ඊට ආසන්නම ගම්මානය වන මුලතිව්වලටද එම ස්ථානයේ සිට අඩුම තරමින් කිලෝ මීටර් තිහක් පමණ ඇති බැවින්, යම් කිසි දේශපාලන අරමුණක් පෙරදැරි කරගනිමින් හා ජාතීන් අතර ගැටලු ඇති කිරීමේ අරමුණින් යම් කිසි කණ්ඩායමක් මෙම අපරාධය සිදු කළේදැයි සැක සහිතය.
පුල්මුඩේ 13 කණුව ශාන්ති විහාරය ආසන්නයේ පිහිටි බුදු පිළිමයට හානි සිදු කිරීම සම්බන්ධයෙන් එම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය පනාමුරේ තිලකවංශ හිමියන් ඇඟිල්ල දිගු කරන්නේ පුල්මුඩේ ප්‍රදේශයේ මූලධර්මවාදය දැඩි සේ කර පින්නාගෙන වත්මන් දේශපාලන බලය උපරිම අන්දමින් බුක්ති විඳින පිරිසකටය.
“මේ මුළුමනින්ම අන්තවාදීන්ගේ වැඩක්... මේවා බහුතරයක් අනුමත කරන්නේ නැහැ. මීට කලිනුත් සුනාමි කන්දේ තිබුණ බුදු පිළිමේ ඔය අන්තවාදීන් කඩලා දැම්මා. ඒ අය ‍පොලීිසියෙන් අත්අඩංගුවට ගත්තට පස්සේ හෙළි වුණේ, මේක පිටි පස්සේ කවුද ඉන්නේ කියලා... ඔය ශාන්ති විහාරය ආසන්නයේ තිබුණ බුදු පිළිමය 70 වසරේ ස්ථාපිත කරපු එකක්. ඔය පිළිමේ කැඩුවේ තුන්වැනි වතාවටයි. පසුගිය 31 රාත්‍රියෙත් පිළිමේ සිරස කඩලා දාලා තිබුණා... මේ සිදුවීම් සියල්ල පිටිපස්සේ ඉන්නේ මේ ප්‍රදේශයේ අන්තවාදී මූලධර්මවාදීන්... ඒකෙ කිසිම සැකයක් නැහැ. ඔවුන් දේශපාලන බලය අතේ තියෙන නිසයි මේවා බය නැතිව කරන්නේ. රජය මේ පිළිබඳ අවධානය යොමු නොකළහොත්, මේ තත්ත්වය මීට වඩා දරුණු වෙන්න පුළුවන්. සිංහල ජනයාගේ ඉවසීම හා ශික්ෂණය දුර්වලකමක් සේ සිතනව නම් ඉදිරියේ දී මේ තිබෙන සාමකාමී තත්ත්වයට හානි වෙන්න පුළුවන් බවයි මගේ හැඟීම.”
හානියට පත්වූ බුදු පිළිම අතර විල්ගම් වෙහෙර මංසන්ධියේ ස්ථාපිත කර තිබූ පිළිමයද වේ. විල්ගම්වෙහෙර යනු අතීතයේ දමිළ බෞද්ධයන් විසූ ප්‍රදේශයක් බවට පුරාවෘත්තවල සඳහන්ය. එම විහාරස්ථානයට දමිළ රජ කෙනෙකු දොළොස් මහේ පහනක් පූජා කළ බවට සඳහන් සෙල් ලිපියක් අදටත් එහි දැකිය හැක. මෙවැනි සිදුවීම් ඉදිරියේදී සිදු නොවීමට රජය වගබලා ගත යුතු බව විල්ගම්වෙහෙර රජ මහා විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සීලවංශ හිමියන් පෙන්වා දෙති.
“අපිට මේක කව්ද කළේ කියලා නිශ්චිතවම කියන්න බැහැ. කොහොම වුණත්, මේක සංවිධානාත්මක පිරිසක් කළේ කියන එක සැකයක් නැහැ. මේක ඉදිරියේදී අපේ ජීවිතවලටත් තර්ජනයක් වෙන්න පුළුවන්... පිළිම වහන්සේලාට තිබ්බ අත අපිට නොතියයි කියලා කියන්නේ කොහොමද?
එහෙම දෙයක් නොවෙන්න රජය වගබලා ගත යුතුයි...”
මේ වන විට ඇතිවිය හැකි තත්ත්වයන් වැළැක්වීමට ප්‍රදේශයේ පිහිටි සියලු පිළිම වහන්සේලාට ‍පොලිස් ආරක්ෂාව ලබාදීමට කටයුතු කර ඇති බවත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට විශේෂ ‍පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවත් ත්‍රිකුණාමලය කොට්ඨාස භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී ජගත් චන්ද්‍ර කුමාර මහතා කියා සිටී. මේ වන විටත් වැදගත් තොරතුරු රාශියක් අනාවරණය වෙමින් පවතින බැවින් වැඩි දවසක් ගතවීමට පෙර මීට වගකිව යුත්තන් නීතිය හමුවට පැමිණවිය හැකි බව ත්‍රිකුණාමලය කොට්ඨාස භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරිවරයාගේ අදහසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වන නැගෙනහිර පළාත් සභාවේ විපක්ෂ නායක එස්. උදුමාන් ලබේබේ මහතා කියන්නේ ආගම් අතර ජාතීන් අතර පවතින  සුහදත්වය විනාශ කිරීමට කටයුතු කරන සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි.
“නැගෙනහිර පළාත කියන්නේ සියලු ජාතීන් සාමයෙන් සමගියෙන් ජීවත්වන පළාතක්. මේ සාමය නැති කරන්න උත්සාහ කරන අමනයන් පිරිසක් ඉන්න බව පෙනෙනවා. ඔවුන් නිහඬ නොකළහොත්, තත්ත්වය මීට වඩා වෙනස් විය හැකියි. මම ඉස්ලාම් භක්තිකයෙක්. අපේ ආගමේ කියලා තියෙන්නේ, සෑම ආගමකටම ගරු කරන්න කියලයි. ඊට ඉහළින් වැඩ කරන කිසිම කෙනෙක් ඉස්ලාම් භික්තිකයෝ ‍නෙවෙයි, ඔවුන් අන්තවාදියෝ...”

මංගලනාත් ලියනආරච්චි

lakbima.lk

Share

පාරමිතා පූජාව - 2019

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software