topone

silmatha-kaiw

වනාන්තරයේ මහා ගස් කොතෙකුත් ඇති මුත් වනස්පතියක සෙවණේ සිසිලස ලැබිම දුර්ලභය. දෑස් නැති අයෙකුට පවා එවැන්නක් හඳුනාගත හැකිය. දෛවෝපගත ලෙස එවැනි වනස්පතියකගේ සිසිලස විඳීමට අපිද වාසනාවන්ත වීමු. ඒ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක මා හිමිපාණන් වහන්සේගේ සෙවණෙහිය. දවුල්දෙණ මහානායක මා හිමිපාණන් වහන්සේ 102 වැනි ජන්ම දිනය නිමිත්තෙන් තබන සටහනකි.

සියක් වසරකට අධික කාලයක් මෙලොව හිරු නැගෙනු දුටු පරම පූජනීය සංඝ පිතෘ වරයාණන් වහන්සේ පිළිබඳව ලියන්නට කාරණා අපමණය. ඒ අතුරින් ගිහි පැවිදි කාහටත් උන්වහන්සේගේ දින චාරියාව ඔස්සේ තමන්ගේ දිවිය සකසා ගැනීමට උකහාගත හැකි පාඩම් බොහෝය. එම උපයෝගීතාව අනුව මෙම ලිපිය සකස් කරමි.
පරමායුෂයට වසර දහ අටකින් තරුණ වූ අප නාහිමියෝ අරුණටත් පෙර අවදි වෙති. මේ පුරුද්ද නම් උන්වහන්සේගෙන් බිඳුණු දිනක් කිසිදා නුදුටුවෙමි. හිමිදිරි හතරට පමණ අවදි වන උන්වහන්සේගේ කරුණාව, පරමාර්ථය දුකට පත්වූවන් කෙරෙහි අනුකම්පාවෙන්ම වූවකි. අරුණට පළමුව දැහැටි වළඳන උන්වහන්සේ බුද්ධ වන්දනාවේ යෙදෙති. පැයක්වත් කාලයක් වන්දනාවේ හා භාවනාවේ නිතර වන උන්වහන්සේ මෑතක් වන තෙක්ම යෝග භාවනාවේද නිරත වූහ. මහා නායක හිමිපාණන්ගේ සියලු කටයුතු සන්සුන්ය. කෙතරම් වැඩ කටයුතු යෙදී තිබුණද කලබලයක් ඉක්මන් වීමට තරම් කාලයේ පැහැර හැරීමක් සිදු වී නැත. මනස තව තවත් සන්සුන් වීමට උන්වහන්සේ භාවනාවේ යෙදෙති.
භාවනාවෙන් හිත සමාහිත කළ නාහිමියෝ හීල් දානය දක්වා කාලයේදී තම හද මඬලෙහි උත්පාදනය වන්නාවූ යහපත් සිතුවිලි රේඛනය කරති. පවිටු සිතුවිලි මැඩ දමති.
විදෙස් රටක සංචාරය කොට හිමිදිරි පාන්දර වැඩියද නායක හාමුදුරුවෝ හීල් දානයට වඩිති. ඒ දානය වැළඳීමට නොව දායකයන්ගේ අතේ පිරිත් නූලක් ගැට ගසා සිත් සතුටු කිරීමටය. මේ පරහිතකාමී ගුණයයි.
මෑතක් වනතෙක්ම මහා නායක හිමියෝ මිදුල් ඇමදීම වැනි වත්පිළිවෙත්ද නොකඩවා සිදුකළහ. උන්වහන්සෙගේ සිවුරක්වත් සේදීමට අපට අවස්ථාවක් ලැබෙන්නේ නැත. ස්වකීය සිවුරු තමන් වහන්සේම සෝදා ගනිති. එම අලස බව නොහඳුනන චර්යාව නිසාදෝ උන්වහන්සේට මෑත කාලීනව අප රටට මහත් වූ උපද්‍රවයක් බවට පත්වූ මධුමේභය, රුධිර පීඩනය වැනි ප්‍රකට රෝග කිසිවක් නැත.
හීල් දානයෙන් පසු උන්වහන්සේ ධර්ම ශාස්ත්‍ර සේවාවේ නිරත වෙති. අප නාහිමියන්ගේ විහාර දොරටු ඕනෑම අයෙකුට විවරය. කිසිදු අතරමැදි බාධාවකින් තොරව ඕනෑම අයෙකුට උන්වහන්සේ බැහැ දකින්නට අවසර ඇත. උන්වහන්සේගේ අවවාද, අනුශාසනා ලබන්නට මෙන්ම ආශිර්වාදය ලබන්නට ශ්‍රී ලාංකිකයන් මෙන්ම විදේශිකයන්ද පැමිණෙන්නේ එම කරුණා ගුණය ලබා ගනු සඳහාය.
නායක හිමියන්ගේ තවත් සුවිශේෂ වූ ලක්ෂණයක් නම් කල් වේලාවට අනුව වැඩ කිරීමයි. කවුරුන් හෝ දින ‍පොතෙහි වෙන් කළ යම් වේලාවක් වේ නම් එම වේලාවට පැමිණෙන්නැයි උන්වහන්සේ අපේක්ෂා කරති. මහානායක හාමුදුරුවෝද තමන් වහන්සේ විසින් පිළිගත් යම් ආරාධනාවක් වෙතොත් ඒ සඳහා වේලාසනින්ම වැඩම කරනු ලබයි. ඒ එම ස්ථානයට පැමිණෙන අනෙක් භික්ෂූන් වහන්සේලා සමග සතුටු සාමිචියේ යෙදීමටය.
ජීවිතයේ මතක ඇති කාලයක මහා නාහිමියන් දහවල් 12.00 පසුව පැන් පහසු නොවූ බව මතක් කරති. දහවල් දානයට සූදානම් වන්නේ පැන් පහසුවීමෙන් අනතුරුවය. දහවල් දානය සඳහා පිටතට වැඩම කිරීමේදී රිය තුළ ගෙවනා කාලය පවා උන්වහන්සේගෙන් මිදෙන්නේ නැත. ප්‍රයෝජනයක් නොගෙන කාලය ඔහේ ගතවන්නට ඉඩ හැරීම සිත වසඟ කර ගන්නට නොහැකිවූවන්ගේ ස්වරූපයකි. මහා නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ එම අල්ප කාලය තුළදී පවා ශ්ලෝක රචනා කරති. ඇතැම් අවස්ථාවලදී දානය පිළිගෙන ආපසු වැඩම කිරීමේදී අත් පිස්නා කඩදාසියේ පවා ශ්ලෝක රචනා කළ අවස්ථා මට මතකය.
දානය පිළිබඳව සාකච්ඡා වූ නිසා උන්වහන්සේ වළඳන්නට කැමැති දේ ගැන දැන ගැනීමට කැමැති වනු ඇති නිසා ඒ පිළිබඳව යමක් සඳහන් කළ යුතු වෙයි. උන්වහන්සේ වඩාත් ප්‍රිය කරන්නේ ගමේ එළවළු, පලතුරු ආදී ආහාර සඳහාය. නවීනත්වය සඳහා කෙතරම් උනන්දු වුවද නවීන කෘත්‍රිම හා රසකාරක යෙදූ ආහාර සඳහා ප්‍රියතාවයක් නොදක්වති. මෙලෙස ලබා ගන්නා නිර්මාංශ දාන වේල නාහිමිගේ නිරෝගීකම රකියි.
නුතන බෞද්ධ ධර්මදූත සේවාව සඳහා ඉංග්‍රීසි භාෂා ඥානය මෙන්ම අන්තර්ජාල පරිහරණය සඳහා අවශ්‍ය පරිගණක දැනුමද අවශ්‍යය. නාහිමියෝ නවමු ඉංග්‍රීසි වදන් නෙත ගැටුණු විට ඒ පිළිබඳව සොයා බලති. තමන් වහන්සේ වෙත පැමිණි ඊමේල් පණිවුඩ සඳහා පිළිතුරු යවති. නාහිමි ඉංග්‍රීසි මෙන්ම චීන, බුරුම වැනි භාෂා කතාවෙහි ඇති නිපුණත්වය එම ජාතිකයන්ද පුදුමයට පත් කරවයි.
පවත්නා සමාජය සමග උන්වහන්සේ යාවත්කාලීනය, රූපවාහිනිය ඔස්සේ සෑම දිනකම රාත්‍රී හතටත්, අටටත් උන්වහන්සේ නොවරදවාම ප්‍රවෘත්ති විකාශනය නරඹති. නමුදු එතැනින්ද නොනැවතී රූපවාහිනිය ඉදිරියේ කාලය ගත කිරීමක් උන්වහන්සේ නොකරති.
විශේෂ කටයුත්තක් ඇත්නම් නායක හාමුදුරුවෝ රාත්‍රිය නොනිදාම පහන් කළ අවස්ථාද ඇත. ඒ එදිනට නියමිත වැඩ කොටස ඒ දිනට හමාර කිරීම මහා නායක හිමියන්ගේ පුරුද්දක් වූ බැවිනි.
උත්තරීතර මහානායක හිමිපාණන් වහන්සේගේ දින චර්යාව සරලය. චාම්ය. එසේම නායක හාමුදුරුවන්ගේ ස්මෘති ශක්තියද ඉතා ඉහළය. සිංහල ජාතියත්, බුද්ධාගමත්, සිංහල ද්වීපයත් යම්කිසි තර්ජනයකට මුහුණ දුන් විට විනා උන්වහන්සේගේ මඳ සිනහව අතුරුදන් නොවේ. නාහිමියෝ එතරම්ම තම ජාතියට ආදරය කරති.
මෙවැනි අත්‍යුධාර ගුණයන් ප්‍රකට කරමින්ම තම දින චරියාවෙහි යෙදෙන මහානායක හිමියෝ මනා සිහි නුවණින් වාසය කරති. නමුලා වූ සිහි ඇතිව තම යහපත් වූ අතීත මූලයන්ගෙන් පැන නැගී ප්‍රීතිය නැමැති අධ්‍යාත්මික ඵලයන් ලෙස බලා සතුටින් වෙසෙන එකසිය දෙවැනි වියෙහි පසුවන අප මහා නාහිමිපාණන් වහන්සේ දක්නා කල්හි නිතැනින්ම බුද්ධ කාලය සිහිපත් වේ. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධ ශාසනයෙහි හස්ති රාජයන් බඳු සිතුවේ යැයි වදාළේ අප මහානායක තෙරුන්වහන්සේ වැනි මහා තෙරුන් වහන්සේලාටය.
ආරහථ නික්ඛමථ - යුඤ්ජථ බුද්ධ සාසනේ
ධුනාථ මච්චුනෝ සේනං - නළාගාරංව කුඤ්ජරෝ
යෝ ඉමස්මිං ධම්ම විනයේ - අප්පමත්තෝ විහෙස්සති
පහාය ජාති සංසාරං - දුක්ඛස්සන්තං කරිස්සති
“අරඹව්, නික්මෙව් බුදු සසුනෙහි යෙදෙව්. මහා ඇතෙකු බට දඩුයෙන් කළ කුටියක් වනසන්නාක් මෙන් කෙලෙස නැමැති මාර සේනාව නසම්.”
“යමෙක් මේ සසුන් පිළිවතෛහි අප්‍රමාදීව උත්සහවන්තවේද හේ තෙමේ ඉපදෙමින්, මියැදෙමින් යන්නාවූ මේ සසර ගමන් අත්හැර දුක් කෙළවර කරන්නේය.”
(අරුණාවතී සූත්‍රය - බ්‍රහ්ම සංයුක්තය)

ශාස්ත්‍රපති - කරගහඋල්පත පඤ්ඤාරතන හිමි

Share

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

-----------------------------------------------------------------------

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software