topone

silmatha-kaiw

කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් උතුරු මායිමේ අවසාන ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාසය ගල්ගමුවයි. නගරයට නුදුරින් මනස්කාන්ත පරිසරයක එමෙන්ම අතීත බෞද්ධ උරුමකම්වලට හිමිකම් කියන යකා බැඳි වැව ආශ්‍රිතව පිහිටා ඇත්තේ කංකානියාගම විහාරස්ථානයයි. මේ විහාරස්ථානයට අප ගියේ එහි වැඩ වසන නායක ස්වාමින් වහන්සේ මුණගැසීමේ අරමුණිනි. එහෙත් එහිදී කුඩා හිමි නමක් සඳහන් කර සිටියේ ''පැ‍ලේ ඉඳලා තවම ලොකු නම වැඩියේ නැහැ යනුවෙනි. අධික පින්න වැටෙන ඒ හිමිදිරියේ මොහොතක් ගතවුණි. ඊළඟ මොහොතේ විදුලි පන්දමක්ද අතැතිව උන්වහන්සේ ආවාස ගෙට ගොඩ වූහ.

අව්‍යාජ සිනහවකින් සංග්‍රහ කළ අපට මහත්තයා වාඩි වෙන්න'' යැයි කියා පුංචි බංකු කොටයක් දික් කළේය. කංකානියාගම ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ විහාරාධිපති ධුරය දරන උන්වහන්සේ නමින් සංගප්පාලයේ අමරවංශ හිමියන්ය. වයස අවුරුදු 45කි. පාංශු දේහධාරි නොවන උසින් අඩු මේ හාමුදුරුවන් ඇවිද යන්නේ අත් වාරුවක ආධාරයෙනි. ඒ උන් වහන්සේ අංශබාග රෝගයට ගොදුරු වී සිටින නිසාය. ඊළඟ මොහොතේ අප උන්වහන්සේගේ තොරතුරු දැන ගැනීමේ අටියෙන් කතාවට වැටුනෙමු. මම උපන්නේ 1973යි. වයස අවුරුදු අටෙන් මහණ වුණා. මගේ දෙමව්පියන් ගොවිතැනෙන් ජීවත් වුණේ. මම පවු‍ලේ හය වැනි දරුවා. මට සිතුනා කුඩා කලම මහණ වෙලා මේ බුදු දහමට සේවය කරන්න ඕනෑ කියලා. ඒ නිසා මම 1981 නොවැම්බර් 16 වැනිදා මහව උඩගම ඉන්ද්‍රජෝති පිරිවෙණේ මහණ වුණා. ටික කලක් එහි ඇති පිරිවෙනේම ඉගෙන ගත්තා. පස්සේ අවුරුදු 8ක් ගිරිඋල්ල ෙශෙලාරාම පුරාණ විහාරස්ථානයේ වැඩ සිටියා.'' ඉන්පසු උන්වහන්සේ ආණමඩුව ප්‍රදේශයේ වල්පාලුව ගම්මානයට වැඩම කරන්නේ එහි බෞද්ධ ජනතාවට අඩුවෙන්ම තිබූ විහාරස්ථානයක් ඉදිකිරීමේ අරමුණිනි.  ඒ අනුව ස්වඋත්සාහයෙන් සුගතබ්බාරාමය නමින් විහාරස්ථානයක් ගොඩනැංවීමට උන්වහන්සේ අපිරිමිත දායකත්වය ලබා දී ඇත. කාලයාගේ ඇවෑමෙන් එම විහාරස්ථානය දියුණු කොට වෙනත් ස්වාමින් වහන්සේ නමකට එම විහාරස්ථානය බාරදී තම ගම් ප්‍රදේශය වූ වර්තමාන කංකානියාගම පන්සල නිර්මාණය කිරීමට උරදී ඇත.
ඒ අනුව මේ විහාරය ඉදි කිරීමට ගල්ගමුව ප්‍රදේශයේ වනිගසූරිය පවු‍ලේ අය පර්චස් 44ක ඉඩමක් පූජා කර ඇත. 2001 වර්ෂයේදී ආරම්භ කරන ලද මේ වර්තමාන විහාරස්ථානය සඳහා පේරාදෙණිය සරසවියේ මහාචාර්ය මල්කාන්ති චන්ද්‍රසේකර මැතිනියත්, නුගේගොඩ සුමිත් කුරුප්පු මහතාත් කිරුලපන සිංහ මාලාද සිල්වා මහත්මියත් ලබා දුන් අනභිිභවනී දායකත්වය උන්වහන්සේ සිහිපත් කරන්නේ දැඩි භක්ත්‍යාදරයකින්ය.
ඉතාමත් අඩු දායක සංඛ්‍යාවක් (පවුල් 50ටත් අඩු) විහාරස්ථානය හා සම්බන්ධ වී ඇති අතර ඉන් නොසැලී ධෛර්යවන්තව ක්‍රියා කළ අමරවංශ හාමුදුරුවෝ තම ගෝල පිරිස මේ වන විට 21 දක්වා ඉහළ දැමීමට සමත්වී ඇත. වයස අවුරුදු 7 සිට 22 දක්වා වූ වයස් කාණ්ඩවල කුඩා සාමණේර හිමිවරුන් වැඩ වසන මේ විහාරස්ථානයට ඇත්තේ අල්ප පහසුකම්ය. හරිහැටි සැතපෙන්නටවත් තැනක් නොමැති උන්වහන්සේලා ජීවත් වන සැටි දුටු විට මෙනෙහි වන්නේ බුදුන් වහන්සේගේ       දුෂ්කර ක්‍රියාව කළ ආකාරයය. මෙහි වැඩ වෙසෙන ස්වාමින් වහන්සේලාගේ  ප්‍රමාණය වැඩිවීමත් සමග ප්‍රදේශයේ බෞද්ධ දායක දායිකාවෝ දුෂ්කර තත්ත්වයකට පත්වූහ. ඒ දාන මාන නිසියාකාරව ලබාදෙන්නේ කෙසේද යන ගැටලුවය. ඒත් අමරවංශ හාමුදුරුවන් දායකයින්ට බරක් නොවීමට වග බලා ගත්හ. තමන්ගේ ශක්තිය ඔවුන්ට ලබාදීමට අදිටන් කර ගත් උන්වහන්සේ කොහුලණු ඇඹරීමට පටන් ගත්හ. ඉන් නොනැවතී ගඩොල් කැපීමටත්, හේන් වගා කිරීමටත් ආරම්භ කළහ.
මම හොඳ ගොවි පවුලක දරුවෙක්. ගොවිතැන් වැඩ හොඳට හුරුපුරුදුයි. දායකයින්ට බරක් නොවී අපිම ආහාර සොයා ගත්තත් එයින් මුදල් උපයලා ‍පොඩි හාමුදුරුවන්ට උගන්වන්න පන්සල දියුණු කරන්නත් මම හිතාගත්තා. උපයන මුදලින් යටකී වැඩ ටික කරගන්නවා. ඒ විතරක් ‍නෙවෙයි. වල් අලි, උවදුර  වගේම සිව්පා සතුන්ගෙන් ගොවිතැන බේරා ගන්න ඕනෑ නිසා මම රෑට පැල් රකින්න යනවා. ‍පොඩි අය ගොඩක් ඉන්න නිසා මම විතරයි පැලට යන්නේ. වැඩිමහල් හිමිවරු දෙන්නෙක් ‍පොඩි අය බලාගන්න තියලා යනවා. හේනේ වැඩ වලට නම් ‍පොඩි අයත් හැකි පමණ උදව් කරනවා.
අමරවංශ හාමුදුරුවෝ දැනට අසනීප තත්ත්වයෙන් පසුවුවද උන්වහන්සේගේ මෙම වීර්ය පාරමිතාව සැබවින්ම අගය කළ යුතුය. පසුගිය දිනක දඹාන ප්‍රදේශයේ වැදි පවුලකට අයත් කුඩා දරුවෙකුද මෙහි මහණ කරවාගෙන ඇත. ඒ සඳහා වැදි නායක වන්නියලා ඇත්තෝද කංකානියාගම පන්සලට පැමිණි බව දැන ගැනීමට ලැබුණි. ඉතා අඩු පහසුකම් මැද වුවද මෙම සාමණේර හිමිවරුන් 21 දෙනා ඉගෙනුම් කටයුතු කරන්නේද අධිෂ්ඨානශීලීවය. විටෙක සෙල්ලම් කරන මේ සාමණේර හිමිවරු   තවත් විටෙක හේනේ වැඩය. පන්සල, පන්සලක් ලෙස තබාගැනීමට උන්වහන්සේලාගේ දායකත්වය නොඅඩුව ලැබෙන බව අපට මෙහිදී දැක ගන්නට හැකි විය.
බුද්ධාගම රැකගෙන සඟ පරපුර වැඩි කිරීම සඳහා අමරවංශ හාමුදුරුවෝ ගන්නා වීර්ය ඇත්තටම අමරණීය බව මෙහිදී අපට පසක් විය.

සටහන හා ඡායාරූප:- කේ.ඉලංගකෝන්,චන්ද්‍රරත්න ඉලංගකෝන්

lakbima.lk

Share

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

-----------------------------------------------------------------------

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software