topone

silmatha-kaiw

තම රෝගී මවට කුඩාවට ස්ථිර නිවසක් තනන්නට ඊට අවශ්‍ය ග‍ඩොල් කපන පැවිදි කුඩා පුත්‍ර රත්නයන් දෙපළක් පිළිබඳව අපට අසන්නට ලැබෙන්නේ දිඹුලාගල අරලගංවිල බමුණකොටුව ගම්මානයෙනි.මේ අනුවේදනීය කතාව පිටුපස තවත් සැඟවුණු සංවේදී සිද්ධීන් බොහොමයකි. අරලගංවිල, බමුණුකොටුව පොළොන්නරුව ලිපිනයේ ඉඩමේ අයිතිය ලබන ඩබ්ලිව්.එල්. මංජුලා නිල්මිණී 45 වියැති තිදරු මවකි.

ඇයගේ ස්වාමියා මීට වසර දහයකට ඉහතදී ඇය හා දරුවන් තනිකර අන් සැපතක් සොයා ගොසිනි. ඒ ඇයගේ පිරිමි දරුවන් තිදෙනා කුඩා කළය. දරුවන්ගේ බර කරට ගත් ඇයට දරුවන් බරක් නොවීය. ඇය එදා බමුණු කොටුව ප්‍රදේශයේ වළං කඩයක් දමා එයින් උපයන ආදායමෙන් පිරිමිදරුවන් තිදෙනා ටිකෙන් ටික ලොකු මහත් කිරීමට මහත් වෙහෙසක් ගත්තාය.
එස්.ඒ. දමිත් තරිඳු (20), එස්.ඒ. නිලාන් විමුක්ති (18), එස්.ඒ. ඉරේෂ් තිලංග කරුණාතිලක (11) ඇයගේ දරුවන්ය. ඉන් පවුලේ වැඩිමහල් දරුවා වන දමිත් තරිඳු මේ වනවිට ගනේමුල්ල ප්‍රදේශයේ පරිගනක මෘදුකාංග ඉන්ජිනේරු පාථමාලාවක් හදාරමින් සිටින්නේය.  ඒ වෙනත් ආයතනයක රුපියල් 13,000ක මාසික වැටුපකට සේවය කරමින් ලබන මුදලෙනි.‍
18 වියැති නිලාන් විමුක්ති 2006.11.22 තිස්සමහාරාම නැදිගම්විල විල්පිට රජමහා විහාරස්ථානයේ දී කඩවන සද්ධා මූර්ති නමින් පැවැදිව මේ වනවිට විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබා සිටිති.
11 වියැති ඉරේෂ් නිලංග 2010.10.23 මැදගම ශ්‍රී සුමිත්‍රාරාමයේදී බදුල්ලේ දිසාලංකාර නාහිමියන්ගෙන් කඩවන සමනාලංකාර නමින් පැවිදි වී මේ වන විට දිඹුලාගල මහා කාශ්‍යප මහා පිරිවෙනෙහි අධ්‍යාපනය හදාරති.
ස්ථිර ඉඩමක්, නිවසක් නොමැති මෙකී පැවිදි දරුවන්ගේ මව මංජුලා නිල්මිණි ගම්මානයේ අසල්වැසි නිවෙස්වල ජීවිතය ගත කරන්නේ දුක් කන්දරාවක් හිස මත පටවාගනිමිනි.


“මහත්තයෝ මට දරුවොත් එක්ක මැරෙනවානම් 2006 ඉඳලා දහස්වාරයක් මැරෙන්න අවස්ථා ගානක් ආවා. ඒත් මම හැමදෙයක්ම ඉවසාගෙන මේ දරුවන්ට පුළුවං විදිහට කන්න‍ බොන්න ටික දීලා ලොකු මහත් කළා. මගේ ජීවිතේ කලකිරුණට පස්සේ මටත් මහණ වෙන්න හිතුනා. මේ සේරම අපේ ජීවිත අඳුරට වැටුණේ 2006 දී මගේ මහත්තයා මමයි, දරුවොයි තනිකරලා දාලා ගියාට පස්සේ. 2006 අගෝස්තු පස්වෙනිදා ගාල්ලේදී අපි ගිය ත්‍රීවිල් එක පෙරළිලා මගේ කකුල කැඩිලා අසනීප වුණා. ඒකෙන් මම ගොඩක් අසරණ වුණා. එහෙම ඉද්දි තමා මගේ මහත්තයා මමයි දරුවො තුන්දෙනයි තනිකරලා වෙන දීගෙක යන්න ගියේ.”  මංජුලා නිල්මිණි සිය අතීත කතාව කඳුළු හලමින් අවසන් කළාය.


තම සෙනෙහෙබර මවට ස්ථිර නිවසක් ඉදිකර ගැනීමට අවශ්‍ය ගඩොල් කපන පැවිදි පොඩි හාමුදුරුවන් දෙනමද සිය අධ්‍යාපනයත්, පැවිදිකමත් මොහොතකට අමතකකර මහ ගිනි අව්වේ මහ පොළොව සමඟ පොරකමින් මේදින වල කඩොල් කපති.


පොඩි හාමුදුරුවෝ දෙනම මේ වන විට මැදගම ශ්‍රී සුමිත්‍රාරාම විහාරස්ථානයේ වැඩ සිටිමින් දහවල් කාලයේ තම ඉඩමට ගඩොල් කැපීමට වැඩම කරති.
මේ සාමනේර හිමිවරුන්ට පන්සලෙන් ලැබෙන දානයෙන් කොටසක් කහ සිවුරේ සඟවාගෙන විත් මවගේ කුසගිනි නිවන්නේ මවට ඇති අසීමිත දයාව සෙනෙ‍හස නිසාමය.

 

www.lakbima.lk

Share

පාරමිතා පූජාව - 2019

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

-----------------------------------------------------------------------

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software