topone

silmatha-kaiw

- කැලණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

 

බුදුරජාණන් වහන්සේගේ දේශනා සූත්‍ර වශයෙන් නම් කර ඇත. එම සූත්‍ර දිග ප්‍රමාණයෙන්ද, මධ්‍යම ප්‍රමාණයෙන්ද, කෙටි ප්‍රමාණයෙන්ද අන්තර්ගත වී ඇත. බුදුපියාණන් වහන්සේගේ දේශනා මුද්‍රණ වශයෙන් දිග වුවද, ප්‍රකාශ වශයෙන් ඉතාම කෙටියි. ඉතාම ගැඹුරු අර්ථයෙන් යුක්ත කෙටි වාක්‍යයයි. නිදර්ශන වශයෙන් අනිච්චාවත සංඛාරා නැතහොත් සබ්බේ සංඛාරා අනිච්චා යන වචන තුනේ වාක්‍ය වුවත් දීර්ඝ අර්ථයක් සහිත, දීර්ඝ ප්‍රකාශ ගණනාවක් කළ හැකි, දිග පොත් ලිවීමට හැකි පැය ගණන් විස්තර කළ හැකි කෙටි සූත්‍රයන් විශ්වාසා පරමා ඥාති වචන තුනේ තනි වාක්‍යයක් වුවද දීර්ඝ විස්තරයක් ගෙන යා හැකි කෙටි ප්‍රකාශයක්.

සන්තුටිඨි පරමං ධනං දීර්ඝ විස්තරයක් කළ හැකි කෙටි ප්‍රකාශයක්. ලොකස්වාමී බුදුපියාණන් වහන්සේ විසින් සමස්ත ලෝකයම ආවරණය වන පරිදි කිසිදු පුද්ගලයෙකුට අලුතෙන් වචනයක්වත් එකතු කිරීමට අවශ්‍ය  නොවන එකතු වෙලා තියෙන කිසිදු වචනයක්වත් ඉවත් කිරීමට අවශ්‍ය නොවන , ගාමිභිර අර්ථ විවරණ කළහැකි කෙටි ප්‍රකාශදේශනා කර ඇත.

 

අච්රං වතයං කායෝ ද එවැනි ප්‍රකාශයකි . වචන හතරක් වුවද, අනිවාර්යෙන්ම මෙම ශරීරය ටික කලකි, යන්නයි. මෙම ශරීරය වනාහීි ටික කලක් වන්නේ කෙසේද? යන්න ඔබට සිතිය හැකියි. අවුරුදු හැට හැත්තෑව සියය ගත කරන මිනිසුන් ජීවත්වන ලෝකය තුළ මෙම ශරීරය ටික කලක් බව ප්‍රකාශ කරන්නේ කෙසේද?ශරීරය වනාහි ටික කලකි. යනුවෙන් ලෝකස්වාමී බුදු පියාණන් වහන්සේ විස්තර කර පැහැදිළි කරනු ලබන්නේ, මෙම ශරීරය අපේ අපේම ශරීර සමඟ සසඳමින් නොවේ. අවුරුදු දෙතුන් සියය ගණන් ජීවත් වන සත්ත්වයන් ලෝකය තුළ සිටිනවා. එම අවුරුදු දෙතුන් සියයක් ජීවත්වන සත්වයන් සමඟ සසඳා බලන විට මිනිස් ජීවිතය දීර්ඝ කාලයක් නොවෙයි. අවුරුදු හාරසියය, දෙසියය, එකසිය පනහ, එකසිය හැත්තෑව ජීවත් වන සත්වයන් සමඟ සසඳන විට මිනිස් ජීවිතය ටික කලකි. ලෝකය තුළ තිබෙන්නාවූ දිව්‍ය ලෝක තුළ බ්‍රහ්ම ලෝක තුළ කල්ප ගණන් ජීවත්වන සත්වයන්ගේ ආයුෂත් දිව්‍ය ලෝකවල ජීවත්වන දෙවිවරුන්ගේත් බ්‍රහ්ම ලෝකවල ජීවත්වන බ්‍රහ්මයන්ගේත් වයස සමඟ සසඳා බලද්දී මෙ ම ශරීරය ටික කලකි. සමහර අවස්ථාවලදී අපගේ ගෙවත්ත තුළ තිබෙන ඇතැමි ගස් අවුරුදු තුන් හාරසියයක් තියෙනවා, වෙන්න පුළුවන්. නිවස අවුරුදු දෙසියයක් පමණ ද විය හැකිය. එම නිවසෙහි ගඩොලක් සමඟ සසඳා බැලුවත් ශරීරය බොහොම ටික කලයි. ඒ හැම ශරීරයක්ම මහා දීර්ඝ කාලයක් පවතිනවාය කියලා හිතේ තබාගෙන සිටීම මුළාවකි. අඩියක් මනින විට, අඩියක්, ටික දුරක් වුණාට සැතපුමක් අඩියකින් මැන්නොත් අඩි ගොඩක් තියෙනවා. ඒ වගේ මෙම සංසාරය තුළ එක අවස්ථාවක් තුළ පමණක් එක ශරීරයක්, පමණක් අප ළඟ තබාගෙන ජීවත්වෙයි. එය ජීවිතය නමින් හඳුන්වනවා. එම ජීවිතයට ආත්මභාවයක් තියෙනවා.

 

සංසාරය යනු එවැනි ජීවිත විශාල ප්‍රමාණයක එකතුවක් බව ඔබ අවබෝධ කරගත යුතුයි.මේ ලෝකය තුළ ඉපදුන අප සැම දෙනාම ඉපදුන සෑම වාරයේදීම අවුරුදු සියය ගණනේම ජීවත් වුවා නම්, ක්‍රි. ව. පළමු වන සියවසේ පළමු වැනිදා සිට මේ වන තෙක් ශරීර කීයක් නම්, තිබිය යුතුද? ක්‍රි. ව. පළමු සියවසේ සිට විසිවන සියවස වනවිට සියයේ ඒවා විස්සක් ගෙවා අවසානයි. ක්‍රි. ව. පළමු වන සියවස යනු වළගම්බා රාජ සමයයි. ක්‍රි. ව. පළමු වන සියවසේ සිට මේ දක්වා අප ඉපදී ඇති ප්‍රමාණයට අනුව ශරීර අවුරුදු සියය ගණනේම තබාගත්තා නම්,මේ වන විට අඩුම වශයෙන් ශරීර විස්සක් වත් තිබිය යුතුයි. එසේ බලාගෙන යන විට ක්‍රි. ව. පළමු වන සියවසේ සිට මේ දක්වා ශරීර විස්සක් තිබුණා නම්, මෙම ශරීරය ආරම්භ වූයේ වළගම්බා රජ කාලයේ සිට නොවෙයි. වළගම්බා රජ සමයේ සිට ජීවත් වූ අපගේ ශරීරවල ජායාරූප තිබුණා, නම් එම ජායාරූප පේළියට තැබුවිට ජායාරූප විස්සක් තිබිය යුතුයි. එම විස්ස ශරීර විස්සක් වුවද, ඔහු එකම පුද්ගලයකු බව ඔබ වටහාගත යුතුයි. සංසාරය පටන් ගන්නේ වළගම්බා රජ සමයට පෙර සිටයි. අඩුම වශයෙන් වළගම්බා රජ කාලයේ සිට අප ජීවත්වූ අපගේ ශරීරවල ජායාරූප එක්කාසුකර ගත හොත් එය තබා ගැනීමට අපගේ ගෙවල් ඉඩ මදිවෙයි. මීට අවුරුදු සියයකට පෙර කවුරු හෝ මැරුණ පුද්ගලයකු වෙනුවෙන් කිසියම් ස්ථානයක සොහොනක් සාදා තිබෙනවා නම්, එම සොහොන වෙටිට සුද්ද පවිත්‍ර කර තීන්ත ආලේප කරමින් සුදුවැලි අතුරමින් පහන පත්තු කරනවා. ඇතැම් විට සොහොනට වඳිනවා. සමහර විට මෙම සොහොන මීට අවුරුදු ගණනාවකට පෙර අපේම සොහොන ම විය හැකිය. අප ශරීරය අතහැර මරණයට පත්ව, නැවත උපතක් ලබා වෙන ශරීරයක් ලබාගෙන ජීවත්වෙලා, එම ශරීරයත් අතහැර මරණයට පත්ව නැවත උපතක් ලබා ජීවත් වූ වා නම්, අප බිය වන සොහොන ඇතැමි විට අපේම සොහොන විය හැකියි. සමහර විට තීන්ත ආලේප කර ඇත්තේද අපේ සොහොනේම විය හැකියි. ශරීරවල ස්වභාවය එයයි. තව අවුරුදු පනහක් යන්න පෙර අප නැවත වතාවක් වෙනත් ශරීරයක් ලබාගෙන එම සොහොන හදපු වත්ත තුළම නැවත ඉපදිය හැකිය. ශරීරය අතහැර අතහැර යන ගමන සංසාරයයි. ජීවිතය යනු එකක් මිස සංසාරය නොවන බව ඔබ අවබෝධ කරගත යුතුයි. අඟල් ගොඩක් එකතු වූ විට අඩියක් වෙයි. එමෙන් ශරීර ගොඩක් එකතු වීමෙන් සංසාරය හැදෙයි. එම ශරීරය ලබාගනිමින් අතහරිමින් නැවත ලබාගනිමින්, අතහරිමින් යන ගමන සංසාරයයි.

 

ඔබ කල්පනා කළ යුතු කාරණාව එයම නොවෙයි. මෙම ආත්ම භවයේ එක ශරීරයක් ලබාගත්තා නම්, එම ශරීරය ක්‍රමයෙන් වර්ධනය වී කාලයක් සමඟ ලෙඩ වෙලා අතහැර යනවා. ඉපදුන ගමන් චූටි ලස්සන ශරීරයක් ලබාගෙන ටික ටික ලොකු වෙලා අවසානයේ එම ශරීරයත් දිරාපත් වෙනවා. ඊට පසු එය අතහැර දමනවා. නැවත තවත් ශරීරයක් ලබාගන්නවා. එයත් ඒ ආකාරයෙන්ම වර්ධනය වෙලා යෞවන භාවයට පත්වෙලා විවාහ ප්‍රාප්ත වෙලා ගේ දොර ඉඩකඩම් හැදුවා, දරුවන් හැදුවා වයසට යාමත් සමඟම එම ශරීරය අතහැර දැමුවා.මේ ආකාරයට මෙම ගමන සංසාරය තුළ ගමන් කරයි. සළකා බැලිය යුතු ප්‍රශ්නය එය නම්, අනිවාර්යෙන්ම අතහැර දමන්නාවූ ශරීරය වෙනුවෙන්ම පමණක් නම්, ජීවිතය සැළසුම් කරන එකේ තේරුමක් නැහැ. මීට අවුරුදු සියයකට පෙර ශරීරයක් තිබුණා . එම ශරීරයට ජායාරූපයක් තිබුණා. හැදුනුම්පතක්ද , බැංකු ගිණුමක්ද, ඉඩමක් කඩමක්ද, හරකාබානද,ස්වාමිපුරුෂයකු හෝ භර්යාවක ද දරුවන් ද සිටිය හැකියි. එම ශරීරය නැති වීමත් සමඟම එම සියල්ලම ඉවත්ව යනවා. එවගේම මෙම ශරීරයටත් අයිති දේවල් බොහොමයක් තියෙනවා. මෙම ශරීරයටත් අම්මෙක්, තාත්තෙක් . දූ පුතුන්, ස්වාමිපුරුෂවරු භාර්යාවරු සහෝදර සහෝදරියන් සිටිනවා. මෙම ශරීරයට තනතුරක් තියෙනවා. විභාග සහතික තියෙනවා., වුණාට ශරීරය මැරුණ ගමන් මෙම සියල්ල අවලංගු වෙලා නැවතත් මැරිලා ගිහින් චූටි ශරීරයක් සමඟ ඉපදුන විට පෙර කී කිසිදු හැදුම්පතක නොම්මරයක් වලංගු නැති නිසා ඒ ශරීරයට පෙර කී කිසිදු දෙයක් අයිතිවන්නේද නැහැ.මීට පෙර අපට බොහෝ ඉඩකඩම් හිමි වී තිබුණාට දැන් ඒවා කොහේද? ගෙනාවෙත් නැහැ. මීට පෙර දෙමවිපියන් , ස්වාමිපුරුෂවරු භාර්යාවරු දූ දරුවන් නෑදෑයන් අපට හිටියාට ඒ අය දැන් නැහැ. අලුතෙන් ශරීරයක් ලැබුණ ගමන් එතැන් පටන් අලුතෙන් සියල්ලම නැවත ලබාගත යුතුයි. ඉඩකඩම් , ගේ දොර , දුවා දරුවන් සියල්ලම නැවත අලුතෙන් ලබා ගත යුතුයි. ඒවා සියල්ලම ශරීරයට පමණක් සම්බන්ධතා තිබෙන දේවල් වෙයි. නිවන් දකින්නේත් එම ශරීරය නොවන බව ඔබ වටහා ගත යුතුයි. නිවන් දකින්නේ සිතයි.

 

 

එම ශරීරය තුළ සිතක් තිබෙන අතර මරණය යනු ශරීරය අතහැර යාමයි. ඉපදෙනවා යනු, ශරීරය තුළ තිබුණ සිත අලුත් වාහනයක් ගන්නවා වගේ දෙයක්. රියදුරෙක් එක වාහනයකින් සැතපුම් දෙකක් ගමන් කර තවත් වාහනයකින් සැතපුම් තුනක් ගොස් තවත් වාහනයකින් සැතපුම් හතරක් ගොස්, තවත් වාහනයකින් සැතපුම් පහක් ගිය විට සැතපුම් ගණනාවක් ගොස් තිබෙන්නේ එකම රියදුරා වුණාට වාහනය වෙනස් වුණා. එකම රියදුරා සැතපුම් ගණනාවක් ගියද, වාහනය වෙනස් වූ එකක්. වෙන වෙන වාහනවල එකම රියදුරකු ගමන් කළා වගෙයි. අපිත් ශරීරය නමැති වාහනය එක එක කාලසීමාවන් තුළ ටික දුරක් රැගෙන ගිහින් එය අතහැර දමල වෙනත් සියලුම දේ අතහැර යනවාමයි වාහනයක් අරගෙන යනවා.සලකා බැලිය යුතු ඊලඟ කරුණ නම්, ජීවිත කාලයක් පුරාවට අප විවිධාකාරයෙන් වෙහෙස වහන්සි දරමින්,හම්බකළාවු , සියල්ලම අප වියදම් කරන්නේ ටික දවසක් තිබෙන ශරීරයටද? සමස්ත ජීවිත කාලය පුරාවටම හම්බ කරන දේ වියදම් කරනු ලබන්නේ ශරීරය වෙනුවෙන්ද? සිත වෙනුවෙන්ද? ඔන්න සළකා බැලිය යුතු වැදගත්ම කාරණාවයි. අප වියදම් කරන්නේ කෑම සදහාත්,බීම සදහාත් ඇඳුම් පැළඳුම් සදහාත් , බේත් හේත් සදහාත් කරන්නාවූ වියදම් ශරීරයටද? සිතටද? කමින් බොමින් නඩත්තු කරනු ලැබුවේ ශරීරයද? සිතද? සමහරු බීල බීල වෙරි කරනු ලබන්නේ ශරීරයද? සිතද? ඇඳුමෙන් පැළඳුමෙන් වසාගනු ලබන්නේත්, සුවඳ ගල්වමින් සුවඳ කරනු ලබන්නේත්, ශරීරයද? සිතද?බෙහෙත් පෙති, කුඩු වර්ග , එන්නත් වර්ග, ගුලි කල්ක චූර්ණ සියල්ල බීල සුවපත් කරනු ලබන්නේ ශරීරයද ? සිතද? මෙම සියල්ලම කරමින් ශරීරය නඩත්තු කරනු ලබන්නේ අවුරුදු සියයට අඩු කාලසීමාවක් තුළමැරිල අවසන් කරන්නයි. ජීවිත කාලය තුළම හම්බකරල හම්බකරල ජීවිත කාලය තුළම ශරීරය නඩත්තු කරල කරල ශරීරය මැරුණට පසුව සිත වෙනුවෙන් කුමක් හෝ දෙයක් කර තිබුණේ ම නැත්නම්, සිත මහපාරට බහින හිගන්නෙක් වගේයි. ශරීරය අතහැර දුක්ඛිත ගමනක් යාමට මහ පාරට බහිනවා. අප ළඟ සිටි පුද්ගලයකු ෂොපින් කවරයකට සරම් කඩමාල්ලක් දමාගෙන පයේ සෙරෙප්පු දෙකක් වත් නොමැතිව අහිංසකව මහපාරට වැටිල බස් හෝල්ටි එකක සිටිනවා වගෙයි. යන එන මං නැති උන්හිටි තැන් නැති පුද්ගලයකු වෙලා මහපාරට බහින අයෙකු වගේ සිත අසරණවෙලා. සිත අහිංසක වෙලා. එම සිත මහපාරට වැටිලා ජීවිත කාලයට හම්බකරපු සියල්ලම වියදම් කර ඇත්තේ ශරීරයට මිස සිතට නොෙවි.

මෙයට පෙර බොහෝ ඉඩකඩම් තිබුණත් දැන් ඒවා කොහේද? ගෙනාවෙත් නැහැ. මෙයට පෙර දෙමවිපියන්, ස්වාමිපුරුෂවරු භාර්යා වන්, දූ දරුවන් , නෑදෑයන් අපට හිටියාට ඒ අය දැන් නැහැ. අලුතෙන් ශරීරයක් ලැබුණ ගමන් එතැන් පටන් අලුතෙන් සියල්ලම නැවත ලබාගත යුතුයි. ඉඩකඩම් , ගේ දොර, යානවාහන, දුවා දරුවන් සියල්ලම නැවත අලුතෙන් ලබා ගත යුතුයි. ඒවා සියල්ලම ශරීරයට පමණක් සම්බන්ධතා තිබෙන දේවල් බව අප අවබෝධ කරගත යුතුයි. නිවන් දකින්නේ සිතයි. එම ශරීරය තුළ සිතක් තිබෙන අතර මරණය යනු ශරීරය අතහැර යාමයි. ඉපදෙනවා යනු ශරීරය තුළ තිබුණ සිත අලුත් වාහනයක් ගන්නවා වගේ දෙයක් . රියදුරෙකු එක වාහනයකින් සැතපුම් දෙකක් ගමන් කර වෙනත් වාහනයකින් සැතපුම් තුනක් ගොස් තවත් වාහනයකින් සැතපුම් හතරක් ගොස් වෙනත් වාහනයකින් සැතපුම් පහක් ගිය විට සැතපුම් ගණනාවක් ගිහින් තිබෙන්නේ එකම රියදුරා වුණාට වාහනය වෙනස්. එකම රියදුරා සැතපුම් ගණනාවක් ගියද , වාහනය වෙනස් වූ එකක්. වෙන වෙන වාහනවල එකම රියදුරකු ගමන් කළා වගෙයි. අපගේ ශරීරය නමැති වාහනය එක එක කාලසීමාවන් තුළ ටික දුරක් ගෙනගිහින් එය අතහැර දමා වෙනත් ශරීරයක් රැගෙන යනවා.

 

සළකා බැලිය යුතු ඊළඟ කරුණ නම්, ජීවිත කාලයක් පුරාවටම අප විවිධාකාරයෙන් වෙහෙස මහන්සි දරමින්, හමිබකළාවූ, සියල්ලම අප වියදම් කරන්නේ ටික දවසක් තිබෙන ශරීරයටද? හැමදාම අප සමඟ සිටින සිතටද? සමස්ත ජීවිත කාලය පුරාවටම හමිබ කරන දේවල් වියදමි කරනු ලබන්නේ ශරීරය වෙනුවෙන්ද? සිත වෙනුවෙන්ද? යන්න සළකා බැලිය යුතු වැදගත් කාරණාවයි. කෑම බීම , ඇඳුම් පැළඳුම් , බේත් හේත්, සඳහා අප වියදම් කරන්නේ ශරීරයටද? සිතටද? කාල කාල නඩත්තු කරනු ලැබුවේ ශරීරයද? සිතද? සමහරු බීීලා වෙරි කරනු ලබන්නේ ශරීරයද? සිතද ? ඇඳුම් පැළඳුමින් සැරසිලා සුවඳ ගල්වමින් සුවඳවත් කරනු ලබන්නේ ශරීරයද? සිතද? මෙම සියල්ලම කරමින් ශරීරය නඩත්තු කරනු ලබන්නේ අවුරුදු සියයකට අඩු කාල සීමාවක් තුළ මැරිලා අවසන් කරන්නාවූ ශරීරයක් සදහායි. ජීවිත කාලයම හමිබ කරලා හමිබ කරලා ජීවිත කාලය තුළම ශරීරය නඩත්තු කරල ශරීරය මැරුණට පසුව සිත වෙනුවෙන්ම කුමක් හෝ දෙයක් කර තිබුණේම නැත්නම්, සිත මහපාරට බහින හිඟන්නෙක් වගේ ශරීරය අතහැර දුක්ඛිත ගමනක් යන්න මහ පාරට බහිනවා. අප ළඟ සිටි පුද්ගලයකු ෂොපින් කවරයකට සරම් කඩමාල්ලක් දමාගෙන පයේ සෙරෙප්පු දෙකක් වත් නැතිව අහිංසකව මහපාරට වැටිල බස් හෝල්ටි එකක ඉන්නවා වගෙයි. යන එන මං නැතිව උන්හිටි තැන් නැති පුද්ගලයකු වෙලා මහපාරට බහින අයෙකු වගේ සිත අසරණ වෙලා . සිත අහිංසක වෙලා. ජීවිත කාලය පුරාම හමිබකරපුු සියල්ලම වියදම් කර ඇත්තේ ශරීරයට මිස සිතට නොවේ. එනිසා සිත මහපාරට වැටිලා.

 

අප සළකා බැලිය යුතු ඊළඟ කරුණ නම්, ජීවිත කාලයක් පුරාවට යමි යම් දේ ශරීරයට පුරුදු කළාට සිතට පුරුදු කරන්නේ නැත. ශරීරයට පුරුදු පුහුණු කරනු ලබන්නේ ව්‍යායාම පමණයි. මෙම කාරණා ප්‍රතික්ෂේප කරනවා නොවේ. අප සිත වෙනුවෙන් කරන්නාවූ කැප කිරීම ප්‍රමාණවත් නොවන බවයි. ව්‍යායාම, තනතුරු,හා වෙනත් භෞතික සම්පත් ඊළඟ ආත්මය සඳහා එම ශරීරයත් සමඟ ගමන් කරනවාද? සිතට යමක් පුරුදු කරනු ලැබුව හොත් එම සිතට පුරුදු කළාවූ දෙය ඊළඟ ආත්මයට ගමන් කරයි. මෑත ඉතිහාසයේ එක්තරා තරුණ යුවළකට ලැබුණ දරුවාට මහණ වීමට අවශ්‍යතාවයක් ඇතිවුණා. ඔවුන් අන්‍ය ආගමික පවුලක පිරිසක් වුවත් එම දරුවාට මහණවීමේ සිතිවිල්ලක් පහළ වූයේ ඇයි? ඇතැමි විට ගිය ආත්මභාවය තුළ හොඳ බෞද්ධයකු වෙලා ඉන්න ඇති. අප දැක තිබෙන පරිදි අසා තිබෙන පරිදි භාෂා දහ හතරකින් කතා කළ හැකි දරුවන් ඉපදිලා සිටිනවා. එම දරුවා බහ තෝරන වියේ සිටම භාෂා දහහතරකින් කතා කරනවා නම්, එය එසේ විය හැකිද? එය එසේ විය හැකියි. භෘෂාව පුරුදු පුහුණු කර ඇත්තේ සිතට මිස ශරීරයට නොවේ. ශරීරය මැරිලා ගියාට පුරුදු කළ සිත ඉතිරි වුණා. අපවත් වී වදාල අතිපූජනීය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ වයස අවුරුදු අනූවේදීත් පරිගණක අධ්‍යාපනය ලැබුවා. ඔබ වහන්සේ පරිගණක ඉගෙන ගන්නේ ඇයි? අවුරුදු අනූවක් ගිහින් පරිගණක ඉගෙන ගැනීමෙන් වැඩක් නැහැනෙ .යන ප්‍රශ්නයට පිළිතුරු ලබාදුන් මහානායක ස්වාමින් වහන්සේ මතක් කරනු ලබුවේ මම ඉගෙන ගනු ලබන්නේ මේ ආත්මයට නොවෙයි. ඊළඟ ආත්මය සඳහායි. අප කන්නේ බොන්නේ අඳින්නේ පළඳින්නේ ශරීයට වුණාට ඉගෙන ගන්නේ සිතට මිස ශරීරයට නොවෙයි. සිත ඊළඟ ආත්ම භවයට යනවා. මේ ආත්මය තුළ දන්දීම සිතට පුරුදු පුහුණු කළහොත් , ඊළඟ ආත්ම භාවයටත් දන්දීම සිතට පුරුදු පුහුණු වෙලා යනවා. මේ ආත්ම භාවය තුළ ඊර්ෂ්‍යාව මූසලකම පමණක් පුරුදු කළහොත් ඊ ළඟ ආත්ම භාවයේදීත් උපදින විට එම මූසලකම අරගෙන උපදිනවා. කිසිම හේතුවක් නොමැතිව මූසලකම් කරන දරුවන් ඕනතරම් ඔබ දැක ඇති. අම්මත් තාත්තත් එසේ නොවේ නම්,අම්මත් , තාත්තත් නටන්නේ නැති, නටන කෙනෙක් පවුල තුළත් නැති, නටන කෙනෙක් දන්නේත් නැති දරුවන් අතර හොඳට නැටුම් පුරුදු දරුවන් සිටිය හැකියි. අම්මත් තාත්තත් චිත්‍ර අඳින්නේ නැති වුණාට චිත්‍ර අඳින අයෙකු පවුල තුළ නැති වුණාට එම පවුල තුළ උපදින දරුවකු හොඳ චිත්‍ර ශිල්පියකු විය හැකියි. කුඩා වයසේ සිට වයර් කෑලි බැටරි කෑලි පමණක්ම සොයමින් එවා ගැටගසමින් යමි යමි දේ හැදීමට උත්සාහ කරන්නාවූූ දරුවන් ඕිනෑතරම් ඔබ දැක ඇති. ඒ ගිය ආත්ම භාවය තුළින් රැගෙන ආ දේ විය හැකියි. ලෝකයේ ඕිනෑම රටක , නගරයක සිතියම් පෙන්වන විටම නිවැරැදිව පෙන්වන දැරියක පිළිබඳව පසු ගිය කාලයේදී වාර්තා වුණා. එම දැරියට එසේ ප්‍රකාශ කිරීමට ලැබුණ ශක්තිය කොහෙන්ද? සිත පුරුදු පුහුණු කළවිට ඇති වන තත්වයයි. සිතට දානය පුරුදු පුහුණු කළ විට ශරීරය අතහැර ගියත් ආත්මයෙන් ආත්මයට දානය පුරුදු වෙනවා. සිතට වෛරය පුරුදු කළ විට උපනුපන් ආත්මයෙන් ආත්මයට එම වෛරය ගමන් කළ හැකියි. ඇතැමි අය දකින විට අප සිත කැමැතිම නැහැ. කළ වරදකුත් නැති වුණාට පෙන්නන්න බැහැ. සිතට වෛරය පුරුදු කර ඇති ආකාරයයි. එය ආත්මයෙන් ආත්මයට ගමන් කරනවා. තරුණ යුවළකට සිටි එකම දරුවා ශිෂ්‍යත්ව විභාගය හොඳින් සමත්ව අධ්‍යාපනය සදහා කොළඹ ඉහළම පාසලකට අතුළත් වුණා.

අමිමාටයි තාත්තාටයි සිටි එකම දරුවා වුණාට එම දරුවාට මහණ වීමට අවශ්‍ය බව ප්‍රකාශ කළා. කුඩා කල සිට මහණ වීමට කතා කළා. ගෙදරින් බාගයක් සෙල්ලම් බඩු පුරවමින් දරුවාට එය අමතක කර දැමීමට එම තාත්තා කෙතරම් වෙහෙස වුණද, දරුවා නවතා ගැනීමට හැකි වුණේ නැහැ. දරුවා පැවිදි වුණා. ආත්මයෙන් ආත්මයට යන සිරිත් . ශරීරය සිත නොවේ. සිත ශරීරය නොවේ. අච්රං වතයං කායෝ කය බොහොම ටික කාලයක් වුවද සිත ටික කාලයක් නොවේ. ශරීරය ඇතුළත තිබෙන්නාවූ සිත ඊළඟ ට තවත් ශරීරයක් ගනිමින් පවත්වාගෙන යනවා. ආත්ම වාදයක් ප්‍රකාශ කරනවා නොවේ. විඤ්ඤාණ වාදයක් දක්වා බුදුසමය රැගෙන යනවා නොවෙයි. කුමක් හෝ චෛතසික පදාර්ථයන් අපගේ ශරීරය ආශ්‍රිතව පවතිනවා. එම ශරීරය ආශ්‍රිතව පවතින්නාවූ චෛතසික පදාර්ථය පෝෂණය ලබනුයේ සිත දූෂණය වීමට හැකියාව තිබෙන ලෝභ , ද්වේෂ, මෝහ යන අකුසල චේතනා තුළින් සිත පිරිසුදු විය හැක්කේ අලෝභ අද්වේෂ අමෝහ තුළින්. දාන මාන ශිල ආදී දේවලින් සිත පිරිසුදු විය හැකිය. මෛත්‍රිය , දයාව, කරුණාව අනුකම්පාව තුළින් සිත පිරිසුදු කළ හැකිය. ද්වේෂය වෛරය , ක්‍රෝධය තුළින් සිත දූෂිත විය හැකිය. මෙම දූෂිත වන්නාවූ සිත ඒ සියල්ලම රැගෙන යා හැකියි. කාපු බීපු ඇඳපැළඳවූ ශරීරය රැගෙන යන්නේ නැහැ. එම ශරීරය තියලා යනවා. අප කළ යුත්තේ ශරීරය වෙනුවෙන්ම යමක් කිරීමද? සිත වෙනුවෙන් යමක් කිරීමද? කන්නේ බොන්නේ බේත් හේත් කරන්නේ ශරීරයට වුණාට නිවන් දකිනු ලබන්නේ සිත නිසා සිත පෝෂණය කරගැනීමෙන් පමණයි ඊළඟ ආත්ම භාවය යහපත් ආත්මභාවයක් බවට පත්වන්නේ .

නිතර නිතර සිතට පුරුදු කළ යුතු සොමනස්ස සහගත සිතිවිලි ඵලදායක වන්නේ ආත්මයෙන් ආත්මයටයි. ඔබ බණ අසන සද්පුරුෂයන් බවට පත්වන්නේ ගිය ආත්මභාවයන්හි ඔබ විසින් පුරුදු කළ සද්පුරුෂ සිතම පමණයි ඒ නිසා සද්පුරුෂයන්ගෙන් පිරුණ පවුලක අසද්පුරුෂයන් උපදින්නත් , අසද්පුරුෂයන්ගෙන් පිරුණ පවුලක සද්පුරුෂයන් බිහිවිය හැකියි. ඉතාම අවාසනාවන්ත පවුල් ජීව්ත ගත කරන්නාවු පුද්ගලයන් ළඟ වාසනාවන්ත දරුවකු ඉපදීමට පුළුවන් . එම නිසා ශරීරය එකම ආකාරයෙන් පවතින්නේ නැහැ.

ඉතාම වැදගත් කාරණාව නම්, අප බෞද්ධයන් ලෙස අපගේ අවසාන ඵලය වන්නේ අමාමහ නිවන් දැකීමයි. එම නිවන් දකිනු ලබන්නේ ශරීරය නොවේ. නිවන් දකිනු ලබන්නේ සිතයි.

ශරීරයට චේන් පොටක් තිබුණාට, ගිණුම් අංකයක් තිබුණාට, තනතුරක් තිබුණාට එය නිවන් දකින්නට බාධාවක් වන්නේ නැහැ. ඔබ සතු ඉඩකඩම් , යාන වාහන රන් රිදී මුතු මැණික් ආභරණ ශරීරය ට තිබුණාවේ. එය නිවනට හේතුවක්ද නොවෙයි. නිවන් දකිනු ලබන්නේ සිත නිසයි. ප්‍රශ්නය ඇතිවන්නේ ඇතැම් දෙනෙක් කරේ තිබ්ය යුතු චේන් පොට සිතට දමාගැනීමයි. සිතට චේන් දමපු ගමන් සිත නිවන් දක්වන්න බැහැ. කරට දැමිය යුතු චේන් පොට කරට දමල සිතෙන් ඉවත් කළ හොත් නිවන් දැකිය හැකියි. ලෝභකම සිත තුළ මිස ශරීරය තුළ නොවේ. චේන් පොට දැම්ය යුත්තේ ශරීරයට මිස සිතට නොවේ. ලෝභ කම සිතේ තබාගෙන චේන්පොට කරට දැමීම නොකළ යුතුයි. නිවන් දකින්නේ සිත නිසා ලෝභය සිතට බාධා කරන ආකාරයයි. . එම නිසා ශරීරයට ඉඩකඩම් , යානවාහන මිළ මුදල් . තිබුණාට ප්‍රශ්නයක් නැහැ. එය සිතේ තිබුණොත් පමණක් එය නිවනට බාධවක් වෙයි. තණ්හාය ජායතී සෝකෝ. තණ්හාව ඇතිවන්නේ සිත තුළයි. සිත තුළ තණ්හාව ආශාව නිසාම සිත තුළ දුක ඇතිවෙයි. එම නිසා චේන් පොට , මුදල් ගිණුම් , මුතු මැණික් ගේ දොර වතු පිටි ආශාවෙන් අතහැරීමට බැරි තරමට සිතෙන් අල්වාගෙන සිත තුළ දරාගෙන සිටිනවා නම්, නිවන් දකින්න බැහැ. මේ සියල්ල ශරීරය තුළින් අතහැරිය යුතුය යන්න පිළිබඳව නියමයක් නැති වුණාට සිතෙන් එය අතහැරිය යුත්තේ එය අනිවාර්යෙන්ම අතහැර යාමට සිදුවන නිසයි. අවුරුදු සියයකට වඩා අයිතිව සිටි කිසිවෙක් ඉන්නවාද? අවුරුදු සියයක් අයිති වුණ දෙයක් කාටවත් නැහැ. මෙ දේවල් එසේම පවතින අතර අයිතිය පමණක් වෙනස් වෙයි. ඒ නමැති තැනැත්තාට අයිති ඉඩම ටික කලකින් බී නමැත්තාට අයිති වන අතර තව කලකින් එම ඉඩම සී නමැත්තාට අයිති වූ ඉඩම වෙනස් නොවුුණාට අයිතිය පමණක් ශරීරවලට වෙනස් වී ඇත. එනිසාම තිබෙන්නාවූ සියලුම දේ තිබෙන්නේම අතහැර යාම මයි. තිබෙන්නාවු සියලුම දේ තිබෙන්නේම ශරීරයට පමණයි. තිබෙන්නේම දමා යාමටම නම්, සිතෙන් පමණක් අල්ලාගෙන සිටියාට ඇතිඵලය කුමක්ද? එය තිබෙන්නේම ශරීරයට නම්, සිතට එහි අයිතියකුත් නැහැනෙ. දමා යන්නේ ශරීරය නම්, සිතෙන් අල්වාගෙන සිටියාට ඇති වැඩකුත් නැහැ. තියෙන්නේම දමා යන්නටම නම්, එය අනිවාර්ය නම්, සිතෙන් ලෝබකමින් අතහරින්නට බැරි තරමට අල්ලාගෙන සිටිමේ තේරුමක් නැහැ. අචිරං වතයං කායෝ නිවැරැදිව වටහා ගනු ලැබුව හොත් සෝවාන් විය හැකියි. එම නිසාම නිවන් දකින්නේ ශරීරය නොව සිතයි. අච්රං වතයං කායෝ. අනිවාර්යෙන්ම මෙම ශරීරය ටික කාලයක්මයි.මෙය වටහාගෙන සිත නිවනට බාධාවක් කරනොගෙන ශරීරයට අයත් සියලුම දේ තිබියදී සිතින් එය ස්පර්ෂ නොකර සිටීමට ඔබට හැකියාව ලැබේවා .

 

Share

පාරමිතා පූජාව - 2019

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

-----------------------------------------------------------------------

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software