topone

silmatha-kaiw

ගාලු කෝරළයේ ප්‍රධාන සංඝ නායක,
අහුන්ගල්‍ලේ සීවක නාහිමි


නායක හාමුදුරුවනේ “කුසල්” යනු කුමක්ද? කෙටියෙන් පහදමු.
කුසල් යනු දක්ෂ බවයි. ඒ වගේමයි පිරිසිදු, නිවැරදි යන අදහස්ද එයට ගත හැකියි. ලෝකෝත්තර වශයෙන් ගත් කළ නිවන් අවබෝධය සඳහා ගත යුතු මාවතේ අනලස්ව බුද්ධියෙන් පියවර ගැනීම ද කුසල් ලෙස හඳුන්වන්න පුළුවන්. ලෞකික වශයෙන් ගත් කල නිවැරදිව සියලු ක්‍ෂේත්‍රයකම උනන්දුවෙන් දියුණූව සඳහා තිදොරින්ම ක්‍රියාත්මක බවත් කුසල් ලෙස ඉතාම සරලව අර්ථකථනය කළ හැකියි.


නොපමාව කුසල් රැස් කරගත යුතු වන්නේ ඇයි අපේ නායක හාමුදුරුවනේ.
මුළු බුද්ධ වචනයම “නොපමාව” යන වචනයට ඇතුළත් බව බුද්ධ දේශනාවයි. ප්‍රමාද වීම නැත්නම් පරක්කු වීම හැමවිටම පසුබෑමක්මයි. ජීවිතයට නිතරම කරදර අභියෝග ඇති වෙනවා. එසේ වූ විට ඒවාට පිළිතුරු සෙවීම, පසුබෑම, කායික මානසික බිඳ වැටීම් නිසා ජීවිතයේ අවුල් වෙනවා. ක්‍රියාකාරකම් බොහෝ විට අඩපණ වෙනවා. පසුතැවීම ඇති වෙනවා. මේ නිසා ඉක්මනින් නිවනට අදාළ දේ සිදු කිරීම සැනසුමට හේතුවන බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා.

අවබෝධයෙන් යුතුව  බුදුරදුන් සරණ යන්නේ කොහොමද අපේ නායක හාමුදුරුවනේ.
“බුද්ධං සරණං ගච්ඡාමි” යයි බුදුරදුන් පිහිට කොට ගනිමි යනුවෙන් බෞද්ධයා කියන මෙම වචනය විමසිය යුතුයි. මෙහිදී බුදුරජාණන් වහන්සේ අනාදිමත් සසරක උන්වහන්සේ ගත් ක්‍රියාමාර්ග සිත, කය, වචනය හසුරපු ආකාරය වටහා ගත යුතුයි. උන්වහන්සේ පෙන්වා ගත් තීරණවලින් උන්වහන්සේ ලද ජයග්‍රහණ සිතා බැලිය යුතුයි. සිදු කළ ජීවිත පරිත්‍යාග වුවද අප අනුගමනය කිරීමට පසුබට නොවිය යුතුයි. ඒ සඳහා බුදු සිරිත හා ජාතක කතා අපි අර්ථවත්ව වටහා ගත යුතුයි. දස පාරමිතා වැනි බුද්ධ කාරක ධර්ම අනුගමනය කිරීමෙන් බුදුරදුන් ගැන මනා වැටහීමක් ලබා ගත හැකියි.

 මනුෂ්‍ය ආත්මයක් ලැබිම දුර්ලභයි. එහි වටිනාකම කෙටියෙන් පහදන්න හාමුදුරුවනේ.
මනසින් දියුණු වූවා මනුෂ්‍යයායි. මනුෂ්‍ය යන වචනය තුළ එන අදහස එයයි. පියවි ඇස් දෙකෙන් අපට පෙනේනේ තිරිසන් ලෝකයයි. එම තිරිසන් සතුන්ගේ ජීවිතවල අසම්පූර්ණ බව, වේදනාකාරී, දුක් කම්කටොලු, රාග, ද්වේශ, මෝහවලින් පිරී ගිය බවක් දැකිය හැකියි. එම සතුන්ගේ ජීවිත හා සැසඳීමේදි මිනිසාගේ පිරිපුන් බව වටහා  ගැනීමට හැකියි. මිනිස් ආත්මයක් ලැබුවද ඉන්ද්‍රියන් විකල නම්, වනචාරී ගති පැවතුම්වලින් පිරුණු ගෝත්‍ර මෙන් කටයුතු කරන්නේ නම් එම ජීවිතවල ඇති හිඩැසද දැකිය හැකියි. මේ නිසා පරිපූර්ණ මිනිසත් බව යනු අති ශ්‍රේෂ්ඨ,  
විශිෂ්ට භාග්‍යමත් අවස්ථාවක් බව අමුතුවෙන් කිව යුතු වන්නේ නැහැ.

 මේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්ම මාර්ගයට අවතීර්ණ වන්නට සුදුසුම කාලයයි නේද අපේ නායක හාමුදුරුවනේ?
ඔව්. බුදුහම කියන්නේ අකාලික දහමක්. ඒ කියන්නේ හැම කාලයකටම හැම අවස්ථාවකටම ගැළපෙන සුදුසු දහමක් කියන එකයි. ලෝවැසියන් වර්තමානයේ ගමන් කරන රාග, ද්වේශ, මෝහ අඳුරු වලාපටලය බිඳ හැර ඊට ප්‍රතිවිරුද්ධ දිශාවකට ගමන් කිරීමේ අවශ්‍යතාව කෙනෙකුට ගොඩ නගා ගැනීමේ සුදුසු කාලපරාසයක් දැනට දැකිය හැකියි. සුවය, සතුට සඳහා මිනිසුන් වෙහෙසී  ගන්නා ක්‍රියාමාර්ගවලින් ලෝකය අවුල් වූ ස්වභාවයක ශීඝ්‍රයෙන් පත්වන වටපිටාව අපට පෙනෙනවා. නමුත් එවැනි පරිසරයක සත්‍ය කුමක්දැයි විමසන ආත්ම දමනය ඇති පුද්ගලයන් සියලු ජන කොට්ඨාසයකම ඇති බවත් මහා ප්‍රාඥයන් බුදුදහම ගැන විමසුම් ඇසකින් සිටින බවත් දකින්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ දෙසු සත්‍ය මාර්ගය සදාකාලික නිවැරදි පිළිවෙතක් බවත් තමන් තුළින්ම සෙවීමට මෙය හොඳම වකවානුවක් බවත් සිහිපත් කළ යුතුයි.

 කුසල් කිරීමට මුදල්, අවශ්‍ය වන්නේ නැහැ. කුසල් රැස් කළ හැක්කේ කෙසේද යන්න අවසන් වශයෙන් කෙටියෙන් පැහැදිලි කළොත් නායක හාමුදුරුවනේ.
නිවැරදිව සිතන්නට මුදලක්වත් ලොකු කාලයක් වත් අවශ්‍ය වන්නේ නැහැ. නිතරම අපි සිතන පිළිවෙළ නිවැරදි වුණොත් වචනත්, කායික ක්‍රියාත් බොහෝ විට නිවැරදි වෙනවා. නීති ගරුක වෙනවා. අනුන්ට යහපතක් මිස අයහපතක් වන්නේ නැහැ. බුදුදහමේ එන සතර බ්‍රහ්ම විහරණ මේ දැන් ඔබේ සිතේ ඇත්නම් මේ මොහොතේදීම බරපතළ කුසල සිතිවිලි උත්පාදනය වෙනවා. සතර සංග්‍රහ වස්තු දැන් දැන්ම ක්‍රියාත්මක කළ හැකියි. මේ ටිකම මේ මොහොතේම කුසල් කිරීමට අවශ්‍ය මූලික පදනම බව ටිකක් සිතුවොත් වැටහෙනවා. පන්සිල් හැකිතාක් හොඳින් රැකීමම කොතරම් හොඳ කුසල් රැස් කිරීමක්ද යන වග ඔබට දැනෙනවා ඇති. බුදුරජාණන් වහන්සේ දුන් උපදෙස්වලට අනුව විමුක්තිය හෙවත් නිවන අවබෝධ කර ගැනීමට නම් හුදකලාව තනිකම ඇති කරගෙන දැඩි මානසික ව්‍යායාමයකින් කෙලෙස් නැසීමෙන් සත්‍ය අවබෝධ කර ගත හැකියි. සතිපට්ඨාන සූත්‍රය විතරක් ගත්තත් බුදුදහමේ අවසාන පරමාර්ථය සඳහා යායුතු මග නිවැරදිව විස්තර වෙනවා. මංගල, පරාභව, වසල වැනි සූත්‍ර ධර්මද, ධම්ම පදයද ඉතා නිවැරදි ජීවන පසුබිමකට මාර්ගය කුමක්දැයි හෙළි කර දෙනවා.

 

සාකච්ඡා කළේ - ජනක හෙට්ටිආරච්චි

lakbima

Share

පාරමිතා පූජාව - 2019

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

-----------------------------------------------------------------------

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software