topone

silmatha-kaiw

බුදුරජාණන් වහන්සේ අනේ පිඬු සිටුතුමාගේ නිවසට දවසක් වැඩම කළහ. ඒ අවස්ථාවේ නිවස ඇතුළින් වෙනදාට නොමැති හඬක් ඇසෙන්නට විය. එම නිසා බුදුහු ඒ හඬ කිමෙක් දැයි විමසූහ. ඒ අවස්ථාවේ අනේපිඬු සිටුතුමා බුදුරජාණන් වහන්සේට කියා සිටින්නේ තම නිවසේ පසුගිය දිනවල සිදුවූ අලුත් සිද්ධිය ගැනයි. බුදුහාමුදුරුවනේ අපේ පුතාට මනාලියක් කැන්දාගෙන ආවා. ඇගේ නම සුජාතා. ධනවත් නිවසක සැපට හැදුණු කුමාරිකාවක් (අඞ්ඩා අඞ්ඩකුලා) ඇයගේ ගති ගුණ හරි අමුතුයි. තමන් ගැන විතරයි වැඩිපුර හිතන්නේ.

ඇයට හිතෙන එක නිවැරැදි එක හැටියට ගන්නේ. නැන්දම්මා ගැන තැකීමක් නෑ. මාමා ගැන තැකීමක් නෑ. ස්වාමි පුරුෂයා ගැන තැකීමක් නෑ. කතාබහ කිරීමේ සංවරයත් අඩු පාටයි. අලුත් හින්දද දන්නෙත් නෑ. ලොකු පවුලක කෙනෙක් නිසාද කියන්නත් බෑ. බුදුහාමුදුරුවනේයි හිතේ තිබුණු අපිළිවෙළ බව හන්දාම අනේ පිඬු සිටුතුමා එක දිගට කියාගෙන කියාගෙන ගියා. ඒ අවස්ථාවේ සිටුවරයාගේ මානසික තත්ත්වය තේරුම් අරගත් බුදුරජාණන්වහන්සේගේ ඇතුළේ සිටි සුජාතා නම් වූ අනේ පිඬු සිටුවරයාගේ ලේලිය බුදුරදුන් වෙත ගෙන්වා ගත්තා. එසේ ගෙන්වාගෙන සුජාතාගේ මානසික තත්ත්වය වටහාගෙන උන්වහන්සේ ධර්මය දේශනා කළහ. බුදුරදුන්ගේ දෙසුම් විමසුම් නුවණින් සුජාතා අසාගෙන සිටියා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇයට ගෞරවයක් තිබුණු නිසාත් උන්වහන්සේ කරන පැහැදිලි කිරීම තමන්ට වැටහෙන නිසාත් ඇය ඒවා හොඳින් අසා සිටියාය. බුදුරජාණන් වහන්සේ ස්වාමි භාර්යාවරුන් සත් දෙනෙක් සිටින බව වදාරා ඒ ඒ අයගේ ගතිගුණත් වෙන වෙනම විස්තර කර දුන්හ. ඉන්පසු සුජාතා දුව ඔබ කෙබඳු භාර්යාවක් වීමට ඇලුම් කරන්නෙහිදැයි බුදුරජාණන් වහන්සේ විමසූ විට සුජාතා ප්‍රකාශ කළේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර දුන් ආකාරයට තමන් දාසි භාර්යාවක් ලෙස ස්වාමි පුරුෂයා සමඟ කටයුතු කිරීමට ආසා කරන බවයි. එවිට බුදුරදුන් විසින් දේශනා කරනු ලැබුවේ 1. දාසි භාර්යාව 2. භගිනි භාර්යාව 3. සචී භාර්යාව 4. මාත භාර්යාව ලෙස  තම ස්වාමිපුරුෂයා කෙරෙහි දයාව බව දක්වන තැනැත්තිය මානසික වශයෙන් අභියෝග ජයගැනීමට සමත් නිසාත් අනිකා කෙරෙහි කල්පනා කරන ආකාරය යහපත් නිසාත් වඩාත් බුද්ධිමත් ලෙස කටයුතු කරනු ලබන නිසාත් මරණින් පසු දිව්‍ය ලෝකයේ උත්පත්තිය ලබන බවයි. 1. වධක භාර්යාව 2. ස්වාමි භාර්යාව 3. චෝර භාර්යාව මානසික අතෘප්තිකර භාවය නිසාත් අකුසල ධර්ම වැඩිදියුණු කර ගන්නා නිසාත් මරණින් පසු අපායේ උත්පත්ති ලබන බවයි.


සත්ත භාරියා සූත්‍රය හි දේශනා කරනු ලැබ තිබෙන කරුණු ස්ත්‍රියක් අරභයා දේශනා කළ නිසා භාර්යාවන් සතක් ලෙස දැක්වුවද එයම එලෙසම අනෙක් පැත්තටද ගත හැකි බව පෙනේ. එනම් භාර්යාව කෙරෙහි,

1. උපේක්ෂා සහගතව කටයුතු කරන සැමියා
2. සහෝදරයකු වගේ කටයුතු කරන සැමියා
3. මිතුරකු වගේ කටයුතු කරන සැමියා
4. පියෙකු වගේ කටයුතු කරන සැමියා
5. හොරෙකු වගේ කටයුතු කරන සැමියා
6. වදකයෙකු වගේ කටයුතු කරන සැමියා
7. බිරිඳ වැඩකාරියක යැයි සිතා කටයුතු කරන සැමියා


මෙම පිරිසෙන් පළමුව දක්වා ඇති සතර දෙනා තම ගිහි ගෙදරද දිව්‍ය ලෝකයක් වගේ කර ගන්නා බැවින් මරණින් මතු දිව්‍ය ලෝකයෙහිද අනෙක් තුන්දෙනා ගිහි ගෙදරද අපායක්වගේ කර ගන්නා බැවින් මරණින් පසු අපායෙහිද උත්පත්තිය ලබන බවද දහමෙහිද එන බොහෝ විග්‍රහයන්ට අනුව නිගමනය කළ හැකිය.


විවාහයක් නම් ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේ දෙදෙනකුගේ එක්වීමක්ම විය යුතු බව බුදු දහම දකියි. එසේ දැකීමට ද හේතුවක් තිබේ. විවාහවීම යනු දරුවකු බිහි කිරීමේ හැකියාව සඳහාම වන එකතුවක් ලෙස බෞද්ධ සමාජය එතරම් කැමැත්තක් දක්වන්නේ නැත. පිරිමියෙකු වීම පිනක් ලෙසත් ස්ත්‍රියක් වීම පවක් ලෙසත් බුදු දහමෙහි කිසිම තැනක දක්වන්නේ නැත. මනුෂ්‍ය ආත්මයක උත්පත්තිය ලැබීම පිනක් ලෙසත් දක්වන බුදු සමය.


ස්ත්‍රියක වී උපත ලැබීම පවක් ලෙස නොදක්වන්නේ ස්ත්‍රිය හා පුරුෂයා අතරේ බුද්ධි වර්ධනයේ හෝ චින්තනමය වශයෙන් හෝ කායික ශක්තියෙහි කිසිදු වෙනසක් නොමැති නිසාය.


පුරුෂයකුවීම පිනක් ලෙසත් ස්ත්‍රියක වීම පවක් ලෙසත් බමුණු දහමෙහි උගන්වයි. බමුණු දහම බිහි වූයේ දඹදිව නමුදු ශ්‍රී ලාංකේය සංස්කෘතිය සකස් වීමේදී යම් යම් බමුණු අදහස්ද මිශ්‍ර වී තිබේ. කතෝලික දහමෙහිද ඒවා මැවූ පසු තහනම් ගස පෙන්වා එහි ඵල අනුභව නොකරන්නයැයි අණ කළ බව බයිබලයේ දක්වයි. බයිබලයෙහි එන උත්පත්ති කථාවත් අගගඤසූත්‍රයේ එන විවාහ සංස්ථාවේ ආරම්භයත් එකිනෙකට එය දුරස්ථ ඉගැන්වීම් දෙකකි. ඒ දෙක කෙසේවත් සමකරන්නට යාම හෝ එසේ හැකි යයි සිතීම හෝ මුළාවකි.


ස්ත්‍රිය පුරුෂයා අතර චින්තනමය හා හැකියාවන්ගේ වෙනසක් නොමැති බව දක්වන බුදු දහම ස්ත්‍රියක්වීම නිසාම ඇයට ආවේණික ලක්ෂණ කිහිපයක් දක්වා තිබේ.


1. තරුණ වියේ විවාහය නිසා මවගෙන් ඈත් වන්නට සිදුවීම.
2. මාසික සිදුවන ශාරීරික වෙනස්වීම් දරා සිටීම.
3. දරුගැබක් දස මාසයක් (සති තිස්හයක්) දරා සිටීමට සිදුවීම.
4. ප්‍රසූත වේදනාව දරා සිටීමට සිදුවීම.
5. ස්වාමියාගේ අදහස්වලට වැඩි තැන ලබාදීමට සිදුවීම යනාදියයි. 


ආවේණික දුක්ඛ සූත්‍රයෙහි මේ කරුණු දක්වා තිබේ. එකී කරුණු එලෙසින් සිදුවීම වර්තමානයේ කාන්තාවන් තමන්ට ඇති දුකක් ලෙස සළකනවාද එසේ නොමැතිනම් ඒවා නොමැතිවීම දුකක් ලෙස සළකනවාද යන්න විමසා බැලිය යුතුය. ස්ත්‍රියක් ලෙස උපත ලැබීම පෙර සංසාරයේ පවක් ලෙස බුදු දහමෙහි සළකන්නේ නැත.


ස්ත්‍රියක් හා පුරුෂයකු එක්ව ජීවත්වීමේදී ජිවිතය සාර්ථකවීමට නම් දෙදෙනා අතර විශ්වාසය හා ප්‍රඤ්ඤාව යන කාරණා දෙකම අත්‍යවශ්‍ය වෙයි. විශ්වාසයද අන්ධ විශ්වාසය නොවිය යුතුය. ප්‍රඥාව ද කොටස් දෙකකි. ප්‍රඥාව සහ ස්ථානෝචිත ප්‍රඥාවයි. කතා කිරීමේදීද ක්‍රියා කිරීමේදීද කල්පනා කිරීමේදීද යන තුන් අවස්ථාවෙහිදීම මැනවින් ප්‍රඥාව තිබිය යුතුවෙයි. ප්‍රඥාව යනු අධ්‍යාපන සහතිකවලින් මනිනු ලබන්නක් නොව තම ජීවිතයේදී තම තුන්දොර හසුරුවනු ලබන ආකාරය අනුව තීරණය කරනු ලබන්නකි.


වර්තමාන සංකීර්ණ සමාජයේ විවාහ ජීවිත බහුල වශයෙන් දික්කසාද තත්ත්වයට පත්වන අවස්ථා ද දික්කසාද වී ඒ දෙදෙනාම නැවත විවාහවන අවස්ථාද බහුල වශයෙන් දක්නට ලැබේ. සාපේක්ෂ වශයෙන් නැවත විවාහවීමට වඩා දෙදෙනා වෙන්වන අවස්ථා වැඩි බවද වාර්තා වේ. දික්කසාද සියයක් අධ්‍යයනය කර බැලුවහොත් ඒ සියයෙන් අනූවකට පමණ තම විවාහය දික්කසාද වීමට බලපෑ පොදු කාරණා කිහිපයක් මෙසේ ගොනු කළ හැකිය.


දික්කසාදය ඉල්ලන්නේ විවාහ වී මුල් අවුරුදු දෙක ඇතුළත්වීම
විවාහවීමේදී එක් පක්ෂයක් කළ වංචනික බවක් පසුව එළිදරව්වීම
තමන්ගේ මනස තමන්ට පාලනය කරගත නොහැකිවීම නිසා විවිධ අරගල ඇති කර ගැනීම
විවිධ මානසික අක්‍රමිකතා
ඥාතීන් අතර පවතින අනවබෝධය හා අනවශ්‍ය වචන හුවමාරුව
දෙදෙනාගේ අදහස් එක අරමුණකට නොගැනීම
තම දෙමාපියන්ගේ විවාහ ජීවිතවල පැවැති කඩතොලු
දෙදෙනා විවාහ ජීවිතයට සාපේක්ෂව ආදරය යනු කුමක්දැයි අර්ථ කථනය කර නොගැනීම
විවාහ ජීවිතය වෙනුවෙන් අනෙකා කරන කැප කිරීම් අවතක්සේරු කිරීම


වර්තමාන දික්කසාද වන සියයට අනූවකගේ ඇත්ත කථාව එයයි. එය එසේ නමුත් බොහෝ විට නීතියට යන්නේ නීතිඥ මහත්වරුන් දක්වන විවාහ ජීවිතයේ අභ්‍යන්තර හේතු දක්වමිනි. ඇතැම්විට එයට හේතුවන්නට ඇත්තේ අප පෙර දැක්වූ කරුණු කාරනා දික්කසාදයක් වීමට තරම් ප්‍රබලහේතු කාරණා ලෙස නීතියේ දක්වා නොතිබීම විය හැකිය.


කළ අධ්‍යයනවලදී දුටු අනෙක් ලක්ෂණය වන්නේ විවාහය දික්කසාදයකින් අවසන් කළ යුතුය යන ඇති වන්නේ හෝ එය නීතියට යන්නේ හෝ යවන්නේ ස්ත්‍රී පක්ෂය විසින් වීමය. දික්කසාදයක් වීමට පළමුව දෙදෙනාගේ නොගැළපීම ගැන ඒ දෙදෙනා විසින්ම වෙන වෙනම සිය හිත මිතුරන් සමඟ අදහස් දක්වනු ලැබේ. අප දෙදෙනා නොගැළපෙන්නේ මෙන්න මේ කාරණා නිසායයි කියති. එසේ අදහස් දක්වනු ලැබුවත් ඒකියන්නේ සත්‍යම කාරණාව නොවේ. බොහෝ ඒවා වෙනත් මානසික සිතුවිල්ලක් පෙරදැරි කරගෙන කියන අසත්‍ය ඒවාය. සත්‍ය කරුණු කීවත් ඒ කියන්නේ සත්‍ය ඒවා නොවේ. ඒ කියමන්වල ඇත්තේ සිදුවූ සිද්ධි දාමය ගැන තමන් සිතන ආකාරයයි. ඒ සිද්ධි දාමය තුළ තමන් දුටු දෙයයි ඒ සිද්ධිදාමය ගැන තමන් ඇසූ දෙයයි සිද්ධියේ සත්‍යය අසන්නා සිහි බුද්ධියෙන් විමසා දැන ගත යුතු මිසක කියන්නා ප්‍රකාශ කරන්නේ සත්‍යයයි පිළිගැනීම මුලාවකි.


සත්ත භරියා සූත්‍රයේදී දැක්වූ කරුණු අනුව අනේ පිඬු සිටුතුමාගේ පුත්‍රයාගේත් ලේලියගේත් විවාහය දික්කසාදය දක්වා ඈතට නොගියේ ලේලියගේ අදහස් සාවදානව අසා සිටීමටත් විවාහ ජීවිතයක පවතින අභියෝගාත්මක බව තේරුම් බේරුම් කර දීමටත් බුදුරජාණන් වහන්සේ නිවසට වැඩම කළ නිසාය. අනවබෝධී අදහස් අවබෝධයෙන් ද පුරවා ලන්නට උන්වහන්සේට එමනිසා හැකියාව ලැබුණි.


විවාහවී දික්කසාද වූ තරුණියක් හා තරුණයෙක් මා සමඟ සිය විවාහ ජීවිතය ගැන කියූ කතා දෙකක් මගේ හිතේ තදින්ම කා වැදී තිබේ. දික්කසාද සිද්ධි සිය ගණනක් ගැනත් විවාහ ජීවිතවල විවිධ දුක් ගැනවිලි ගැනත් අසා හුරු පුරුදු මට ඒ අදහස්වල කිසියම් අමුත්තක් දැනිණ. ඒ තරුණයා කිව්වේ මෙයයි.

හාමුදුරුවනේ මගේ නෝනා හරි හොඳයි ඒත් අපිට අපි අපි හරිහැටි තේරුම් ගන්න බැරි උණා. මගේම කරුමෙ වෙන්නැතියි කියමින් හේ බිම බලා ගත්තේය තරුණිය කීවේ මෙයයි මට කේන්ති යනවා වැඩියි ගෙදර නිතර නිතර කළ කෝලාහල ගියා තමයි. ඒත් මේක මෙච්චර දුර දිග යාවී යැයි කියා මම එදා හිතුවේ නෑ. ඈ දෑසේ දෑලෙන් වෑහෙන කඳුළු දෑසේ සඟවාලමින් කීවාය.

Share

පාරමිතා පූජාව - 2019

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

-----------------------------------------------------------------------

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software