topone

දෑසට කඳුළු දී හිමිසඳු සමුගනී

සෑම ව්‍යසනයකදීම අභීතව ඉදිරියට ආවා

වර්තමාන ශ්‍රී ලංකාවේ පහල වූ රටට දැයට මෙන්ම බුද්ධ ශාසනයටද ඉමහත් සේවයක් සිදු කළ වාදීභසිංහ මාදුළුවාවේ සෝභිත මාහිමියන්ගේ අපවත් වීම මුළු මහත් බෞද්ධ ලෝකයටම විශාල පාඩුවකි.
දේශපාලන වශයෙන් විවිධ මත දැරුවත් උන්වහන්සේ සැමදා විපක්ෂයේ සිටි බව අමුතුවෙන් කිය යුතු නොවේ. රටට දැයට යම් ව්‍යසනයක් වන බව දුටු උන්වහන්සේගේ ජාතික සංඝ සම්මේලනය පෙරටු කොට නැගී සිටි අවස්ථා අපට මතකය. ජේ. ආර්. ජයවර්ධන යුගයේ ඉන්දීය හමුදා ආගමනයට විරුද්ධව පිටකොටුවේ සිදු කළ සත්‍යග්‍රහයේදී උන්වහන්සේගේ ජීවිතය බේරුණේ අසීරුවෙනි. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ යුගයේ කරන ලද ඇතැම් ප්‍රතිසංස්කරණවලට විරුද්ධව උන්වහන්සේ නැගී සිටි ආකාරය ද අපට මතකය. ජාතියේ උන්නතිය වෙනුවෙන් ඉදිරිපත්ව කටයුතු කළ අවස්ථාවලදී පහර කෑමට පවා උන්වහන්සේ ලක් විය. මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන් හා උන්වහන්සේ ජේ. ආර්. ජයවර්ධන යුගයේදී මැරවරයන්ගෙන් පහර කෑමට ලක් වූයේ රටේ සුබ සිද්ධිය වෙනුවෙන් පැවති සමුළුවකදීය. අවසාන වශයෙන් යහපාලනය ඇති කිරීමට සාධාරණ සමාජයක් වෙනුවෙන් ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට දැවැන්ත ව්‍යාපාරයක් ගෙන ගිය උන්වහන්සේ බලා‍පොරොත්තු වූ දේ සිදු නොවුණු විට නිර්භයව එය විවේචනය කරමින් වත්මන් රජය තමන්ට පා පහර දී ඇති බවත් ගෝඨාභය මහතා කරන ලද දේ වත් රැක ගැනීමට අපහසු බවත් වේදනාවෙන් ප්‍රකාශ කළහ.
සමාජ සේවාවන් වලදී උන්වහන්සේ සිදු කරන ලද කාර්යභාරය කියා නිම කළ නොහැකි තරම්ය. මායිම් ගම්මාන ලෙස යුද සමයේ හැඳින් වූ ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් නිවාස සාදා දීමට ජනතාව දැනුවත් කරමින් සිදු කළ සේවය ඉතා විශාලය.
ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධ සෙක්සා පදනම මගින් සංවිධානය කළ අසර සරණ සේවාවන් වලදී සෝභිත හිමිපාණන් දක්වන ලද මග පෙන්වීම කිසිසේත්ම සුළුපටු නොවේ. 1994 වසරේ බණ්ඩාරනා්‍යක සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන ලද ආර්ථික අපහසුතා ඇති සිසුන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවයේ උන්වහන්සේ විසින් කරන ලද දේශනය නිසා එම වැඩසටහන ඉදිරියට ගෙන යන්නට ලැබුණු සහයෝගය බෙහෙවින්ම අගය කළ යුතුය. කැබිතිගොල්ලෑව ඛිෙදවාචකය නිමිති කරගෙන අප මෙහෙය වූ වැඩසටහනට  සහභාගී වී උන්වහන්සේ සිදු කළ දේශනය අසරණ ජනතාවට මහත් අස්වැසිල්ලක් විය. අප ආරම්භ කළ දිවයින  පුරා ගස් ලක්ෂ දෙකක් සිටුවීම වෙනුවෙන් උන්වහන්සේ ලබා දුන් දිරිමත් කිරීමද  කෘතවේදීව සිහි කළ යුතුය. රණවිරු පවුල් වෙනුවෙන් කරන ලද සුබසාධනයන්ට සහ ප්‍රංශයේ ශ්‍රී ලාංකික සංවිධානය මගින් හමුදාවේ  යහපත වෙනුවෙන් කරන ලද බොහෝ කටයුතුවලට අනුශාසකත්වය සපයා දෙමිනි එම කටයුතුවලට සහභාගී වෙමින් නන් අයුරින් උන්වහන්සේ ලබාදුන් සහය තවමත් ප්‍රංශයේ සිටින ජනතාවගේ මෙන්ම එවක සිටි යුද හමුදා සේනාංක වලටද අමතක නොවන සටහනකි.

පරවාහැර චන්දරතන නාහිමි
ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක

www.lakbima.lk

Share

පාරමිතා පූජාව - 2019

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software