topone

ප්‍රථම වරට භික්ෂුණීන් 3000ක් පුහුණුකිරීමේ අරමුණින් ඇරඹෙන දහම් පුහුණු මධ්‍යස්ථානය


බටහිර කාන්තා සංවිධාන විසින් මහ ඉහළින් සමරනු ලබන ලෝක කාන්තා දිනය අදට (මාර්තු 08 දාට) යෙදී ඇති නමුත් කාන්තා පරපුර වෙනුවෙන් ඉතිහාසයේ දී ලැබුණ උදාරතර අයිතිය හිමි වූයේ අදින් වසර 2500කට වඩා ඈත කාලයේදීය. ඒ බුද්ධ කාලීන භාරතයේ දී බුද්ධ ප්‍රඥප්තියක් ලෙස භික්ෂුණී ශාසනය පිහිටුවීම හේතු කොටගෙනය.
බුදුරජාණන් වහන්සේගේ සුළු මව වන මහා ප්‍රජාපතී ගෝතමිය බුදු සසුනේ පැවිදි වූ ප්‍රථම කාන්තාව වූ අතර එලෙස ඇරඹි භික්ෂුණී සසුන සිරිලක ස්ථාපිත වූයේ ක්‍රි.පූ. 3 වැනි සියවසේ දීය. ඒ සඟමිත් මහා තෙරණියගේ ලංකා ගමන සමගිනි. සිරිලක භික්ෂුණී සසුනේ උච්චතම වකවානුව ලෙස ක්‍රි.පූ. 6 වන සියවස දැක්විය හැක. මේ සමයේ දී දේවසාරා නම් ලාංකික තෙරණියෝ චීන දේශයට පවා උපසම්පදාව රැගෙන වැඩි බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙයි.එහෙත් 12 වන සියවස වන විට ලාංකික රාජාවලියේ බිඳ වැටීම සහ පසුකාලීන සිදුවූ මානව භෞතික ක්‍රියාවලින් නිසා අභාවයට ගිය සිරිලක භික්ෂුණි සසුන යළි පිහිටවනු වස් මෙරට මෙහෙණින් වහන්සේලා 10 දෙනෙකු  1996 වසරේදි බුද්ධ ගයාවේදී චීන ජාතික භික්ෂුණි වහන්සේ නමක විසින් උපසම්පදා කරවන ලදී. එලෙස ඇරඹි සිරිලක භික්ෂුණි වංශ කතාවේ දවෛනි පියවරේ අද වන විට උපසම්පදා භික්ෂුණිහු දහසකට වඩා වැඩ සිටිති. එබැවින් භික්ෂුණි අධ්‍යාපනය වඩාත් විධිමත්ව සහ අර්ථානුගතව ක්‍රියාවට නැංවීම ජාතික අවශ්‍යතාවක් බවට පත්වෙමින් තිබේ.
එකී අවශ්‍යතාව සපුරාලනු වස් දැවැන්ත වැඩසටහනක් 2015.03.08 දින රයිගම් කෝරළයේ දී  අරඹනු ලැබේ.
ඒ වූ කලී සිරිලක ප්‍රථම භික්ෂුණි පිරිවෙන් අධ්‍යාපන ආයතනය පිහිටවීමයි. හොරණ, කහටපිටිය කඳුවල ප්‍රදේශයේ මනරම් වන අරණක පිහිටි දෙකඳුවල දහම් පුහුණු භාවනා මධ්‍යස්ථෘනයේ අරඹන මෙම පිරිවෙන සමස්ත ලෝක වාසීන්ගේ ප්‍රගමනය වෙනුවෙන් කැපවූ ආයතනයකි.
සිරි සදහම් භාවනා පුහුණු මධ්‍යස්ථානය ඇරඹෙනුයේ නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානාධිපති පූජ්‍ය කිරම විමලජෝති නා හිමියන්ගේ අදහසකට අනුවය. දෙස් විදෙස් හි පතළ කීර්තිධර සංඝ පීතෘවන් වහන්සේ නමක වන උන්වහන්සේ භාවනාව සහ බෞද්ධ වත්පිළිවෙත්වලින් පුද්ගල සංවර්ධනයට ඇති හැකියාව හඳුනාගෙන ඒ ගැන බොහෝ කලක සිට අදහස් පළ කරන හිමි නමකි. ඒ නිසා උන්වහන්සේට දෙස් විදෙස් සහ බෞද්ධ දර්ශනය සහ භාවනා ක්‍රම ගැන උනන්දු වන දහස් ගණනකට සෙත සලසන භාවනා පුහුණු මධ්‍යස්ථානයේ ගොඩ නැගීමට තීරණය කළේ දශක ගණනකට පෙර සිටය. මෙවැනි කටයුත්තක් සඳහා සුදුසු භූමියක් සොයමින් සිරි ලක ගම්දනව් පීරා සැරිසැරූ උන්වහන්සේට දෙකඳුවල ප්‍රදේශයේ පිහිටි අක්කර 20ක මුඩු බිමක් ගැන හෝඩුවාව ලැබෙනුයේ සිය පැවිදි සිසු හිමිනමක වන අමිත ගවේෂි හිමියන් ගෙනි. ගිහි ජීවිතයේ දී ‍පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කළ බැවින් අමිත ගවේෂි හිමියෝ කළුතර දිස්ත්‍රික්කයේ රයිගම් පස්යොදුන් කෝරළ ගැන බොහෝ දේ දැන සිටියහ.
කිරම විමලජෝති හිමි දෙකඳුවලට පැමිණි මුල් දිනයේ දුටුවේ කිසිදු ගහක් කොළක් නැති මුඩු බිමකි. අක්කර 20ක මුළු බිමකට වූයේ අඩි 3කට වඩා උස නොවූ කැන්ද ගස් කීපයක් පමණකි. බිම් පෙදෙස මුඩුව ගොස් තිබුණේ අන් සියලු ගස් කපා දමා තිබූ හෙයිනි. ඒ අනුව මේ මුඩුබිම භාවනානුයෝගි වැඩසටහනකට කෙසේ වත් ගැළපෙන්නක් නොවීය. එහෙත් විමලජෝති හිමියන් මෙම බිම මිලදී ගන්නට තීරණය කළහ. ඒ 1993 වසරේදීය.
එතැන් පටන් බොහෝ දේ සිදුවිය. විමලජෝති හිමියෝ මහා වෙහෙසක් ගනිමින් දෙකඳුවල මුඩුබිම වන සෙනසුනක් කර ගිය මනෝ ලෝකයේ සටහන් වූ දහම් පුහුණු මධ්‍යස්ථානය ගොඩ නැගීමට පටන් ගත්හ. දෙකඳුවල කඳු පියන ගස් කොළන්වලින් ආඪ්‍යව කමෛන් කමෛන් හරිත පැහැය ‍පොරවාගන්නට විය. අඟල් පහ හයක් උසින් සිටවූ කුඩා පැළ මහා වනස්පතින් ලෙස වැඩෙන්නට විය. හොර, නා, ඇසළ, දුන්, දොඹ, කොට්ටම්බා, කෑල, මිල්ල ආදි නොයෙක් වෘක්ෂයෝ එකිනෙකා පරයා අහස් කුස සොයා ඇදෙන්නට විය. වේ වැල්, පුස්වැල්, වෙනිවැල් ආදි වැල් වර්ග සංසාර බැඳීම මේ යැයි කියා පාමින්  මහා වෘක්ෂයන් වැළඳ ගත්හ. කොළ වඳුරන්,  ඉත්තෑවන්, මුගටියන් , හාවුන් මෙන්ම කෑදත්තන්, ගිරාමලිත්තෝ  වැනි පක්ෂීන්ට දෙකඳුවල අභය බිමක් විය. වේලි කේඩෑරි ගැසී තිබූ දිය දහරා කමෛන් පිරී යන්නට විය. දෙකඳුවල මුඩුබිම හරිත වන අරණක් බවට පත් වෙත්දී භාවනා මධ්‍යස්ථානයේ කීර්තියද ලොව පුරා පැතිරෙන්නට විය. 1994 සිට 2000 වසර දක්වා වූ වසර 6ක කාලයේ දෙස් විදෙස් සැදැහැවතුන් 5000ට වඩා වැඩි පිරිසකට දෙකඳුවල වන පෙතේ බවුන් වඩමින් කායික මානසික  ඉඳුරන් හික්මීමට ලක් කර මහත් වූ ෙචෙතසික සංයමයක් උදාකර ගන්නට මග පෑදුණේ ඒ අයුරිනි.
පූජ්‍ය කිරම විමලජෝති හිමියන් මේ වකවානුවේ ලාංකික බෞද්ධ සංචාරයේ සිදුවන බොහෝ විපරිත කාරණා දෙස බලා සිටියේ දැ සංවේගයකිනි. සිරිලක සම්බුදු සසුනේ චිරස්ථිය උදෙසා උගත් විනයගරුක හිමිවරුන්ගේ බරපතළ හිඟයක් ඇති බව උන්වහන්සේ දුටුවහ. එමෙන්ම පැවිදි බව ලබා ගන්නට පුරුෂ පාර්ශ්වයේ ඇති උනන්දුවට වඩා වැඩි උනන්දුවක් කාන්තාවන් තුළ ඇති බවද උන්වහන්සේ විසින් වටහා ගෙන තිබුණි. 1996 වසරේ පටන් සිරිලක භික්ෂුණි සසුන යළි ප්‍රතිෂ්ඨාපනය කර තිබුණ මුත් පුරුෂාධිපත්‍යට නතු වූ ඇතැම් පාර්ශ්වයන් භික්ෂුණි සසුන ප්‍රසිද්ධියේම අභියෝගයට ලක් කරන්නට පටන් ගෙන තිබුණි. එමෙන්ම වර්තමාන ලාංකික සමාජයේ කාන්තාව සහ ළමුන් මුහුණ දෙන ගැටලු සඳහා විසඳුම් දීමට ඇති සුදුසුම ක්‍රමය ලෙස බෞද්ධ දර්ශනය ලෝ පුරා පිළිගැනීමට ලක් වෙමින් තිබුණි. එබැවින් සම්බුදු සසුනේත්, ලාංකික ජන සමාජයේත් සුරක්ෂිත භාවය උදෙසා සිරිලක භික්ෂුණි පරපුර ත්‍රිපිටක ධර්මයෙන් බෞද්ධ උපදේශනයෙන් සිංහල සංස්කෘතික සහ ආගමික උරුමයන්ගෙන් සන්නද්ධ කිරීම සුදුසු බව විමලජෝති හිමියන් තීරණය කර තිබුණි.
ඒ අනුව 2004 වසරේ අගභාගයේ සිට දෙකඳුවල දහම් පුහුණු භාවනා මධ්‍යස්ථානය සිරිලක භික්ෂුණි ශාසනයේ අභිවෘද්ධිය වෙනුවෙන් කැප කරන්නට උන්වහන්සේ තීරණය කළහ. මායින්නළුවේ  ධර්ම ශාන්ති භික්ෂුණිය දෙකඳුවල දහම් පුහුණු භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන පාලිකා ධුරයට පත්වනුයේ එකී තීරණයේ ප්‍රතිඵලයක් ලෙසිනි.
අද වන විට මෙම මධ්‍යස්ථානය භික්ෂුණි වහන්සේලා 15 නමක් පමණ වැඩ වාසය කරන අතර අනාගතයේ භික්ෂුණි සසුනට ඇතුළත් වීමේ උදාරතර අරමුණින් යුතුව ධර්ම කරුණු සහ ආගමික වතාවත් හදාරන තරුණියන් 10 දෙනෙකු පමණද මෙහි වාසය කරති. ඔවුන් සසුනට ඇතුළු කර ගැනීමට පෙර වසර කිහිපයක් මෙලෙස ගත කරනු ලැබේ. එයට හේතු “කය” පැවිදි කිරීම, පහසු භෞතික කරුණක් වන මුත් “සිත” පැවිදි කිරීම වූ කලී ඊට වඩා අසීරු මානසික ව්‍යායාමයක් වන බැවිනි.
ලොව දියුණු යැයි සම්මත රටවල් බොහෝමයක වර්තමානයේ සිග්මන් ‍ප්‍රොයිඩ්ගේ මානසික විද්‍යා න්‍යායන්ගෙන් බැහැරව චතුරාර්ය සත්‍ය පදනම් කරගත් බෞද්ධ උපදේශනය මගින් මානසික ආගමික සමනය කිරීමට කටයුතු කරනා බැවින් බෞද්ධ උපදේශනය බොහෝ වටිනාකම් සහිත විෂයකි.
වර්තමානයේ මෙහි ශිල්ප හදාරන පිරිස 30කට සීමා වුවද, දැනට දේශීයව සහ විදේශීයව ධර්ම ප්‍රචාරණය, බෞද්ධාගමික උපදේශනය උදෙසා විශාල ඉල්ලුමක් පවතී. එනිසාම පළපුරුදු උපදේශකයන් සහ ධර්ම දේශකයාණන් වහන්සේලාගේ විශාල අවශ්‍යතාවක් ඇත.  විදේශීයව ඇතිවී ඇති ඉල්ලුම කෙසේ වෙතත් වර්තමාන සමහර ගැටලු හමුවේ දේශීයව ඇතිවී ඇති ඉල්ලුමට ප්‍රමාණවත් ධර්මෝපදේශකයන්වත් රට තුළ නැත. දෙකඳුවල දහම් පුහුණු භාවනා මධ්‍යස්ථානය භික්ෂුණි අධ්‍යාපනය වෙනුවෙන් පිරිවෙනක් බවට පත් කරන්නට විමලජෝති නාහිමියන් තීරණය කරනුයේ මේ කාරණද සැලකිල්ලට ගනිමිනි.
නව භික්ෂුණි පිරිවෙන වෙනුවෙන් තුන් මහල් ගොඩනැගිල්ලක් ඉදිවන අතර, මෙහි ලබාදෙන පිරිවෙන් අධ්‍යාපනය සඳහා වර්තමානයේදී ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් භාවිත වන කිසිදු විෂය නිර්දේශයක් භාවිත නොකිරීමද විශේෂත්වයකි. මෙහි අධ්‍යාපනය ලබා දෙනුයේ අදින් දශක පහකට පමණ පෙර ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක  වූ පැරණි පිරිවෙන් විෂය නිර්දේශයයි. දෙකඳුවලදි පැරණි පිරිවෙන් අධ්‍යාපනය භික්ෂුණීන්ට ලබා දීමෙන් උගත් ශික්ෂාකාමී භික්ෂුණි පරපුරක්  සිරිලක  ස්ථාපිත කිරීම උන්වහන්සේගේ අරමුණ වී තිබේ.
දෙකඳුවල දහම් පුහුණු භාවනා මධ්‍යස්ථානයේ සාමාන්‍ය ජනතාව උදෙසාද බොහෝ වැඩසටහන් ක්‍රියාත්මක වෙයි. නේවාසික භාවනා පුහුණු වැඩ සටහන්, දහම් පුහුණුව, උපදේශනය ආදි වැඩසටහන් ඒ අතර වෙයි. මෙම වැඩසටහන සඳහා සහභාගි වන්නන්ට ඊට අවශ්‍ය සියලු පහසුකම් සපයනු ලබන්නේද මෙම ආයතනය මගිනි.
ශ්‍රී ලාංකික බෞද්ධ සමාජයට අලුත් අත්දැකීමක් වූ තාවකාලික පැවිද්ද මුල්වරට හඳුන්වා දුන්නේද දෙකඳුවලදීය. සති දෙකක නේවාසික කාලපරිච්ජේදයක් තුළ ක්‍රියාත්මක වූ තාවකාලික පැවිද්ද ලබා ගැනීමට ඒ කාලය බොහෝ දෙනෙකු ඉදිරිපත් වූහ. මෙරට ප්‍රකට වෛද්‍යවරුන්, මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් දෙකඳුවලදි තාවකාලික පැවිද්ද ලැබූහ. අප පුවත්පතේ සහකාර කතුවරයෙකු වන මිහිරි ෆොන්සේකා ද මෙම ආයතනයේ සති දෙකක තාවකාලික පැවිද්ද ලැබූ මාධ්‍යවේදියෙකි.
ශාසනික පුනරුදය වෙනුවෙන් එවැනි නවාංග හඳුන්වා දෙමින් පැමිණි ඉදිරි ගමනේ තවත් සුවිශේෂි හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස 2015.03.08 දින ඇරඹෙන භික්ෂුණි පිරිවෙන හඳුන්වා දිය හැක. තුන් දහසක පමණ පිරිසකට ධර්ම ගවේෂණය උදෙසා පහසුකම් සහිතව ඇරඹෙන මෙම පිරිවෙන මගින් ත්‍රිපිටක ධර්මය, පාලි, බොදු උපදේශනය, දේශීය සංස්කෘතිය වැනි බොහෝ විෂයන්ට අමතරව ඉංග්‍රීසි සහ වෙනත් භාෂාවන් පිළිබඳ පුහුණුවද ලබා දෙනු ඇත. එහෙත් තරග විභාග ඉලක්ක කර ගනිමින්. මෙහි කිසිදු පාඨමාලාවක් නොපැවැත්වෙන අතර තම අභිමතය පරිදි ප්‍රාචීන මධ්‍යම සහ ප්‍රාචීන ප්‍රාරම්භ විභාග සඳහා ඉදිරිපත් වීමට ඉඩ සලසා ඇත. මෙම පිරිවෙණෙන් සිය ධර්ම ඥානය වඩවා ගන්නා භික්ෂුණියන් දෙස් විදෙස් හි ධර්ම ප්‍රචාරණය, උපදේශනය වැනි පරාර්ථ චර්යාවන්හි යෙදෙන්නට ඉඩ කඩ සලසා දීමට කටයුතු සැලසුම් කර ඇත.
වසර දෙදහස් පන්සියයකට පෙර බුදුන් වහන්සේ විසින් කාන්තාවට ලබා දුන් භික්ෂුණී වරම පුරුෂාධිපත්‍යයට නතුව තිබූ භාරත සමාජයේ කාන්තාව දුක්ඛිත තත්ත්වයෙන් මුදවා ලන්නට ප්‍රධාන හේතුවක් විය. එමෙන්ම වර්තමානයේ කාන්තාව  පමණක් නොව සමස්ත සමාජයම පත්ව ඇති ආධ්‍යාත්මික පීඩාකාරි  තත්ත්වයෙන් මුදවා ගැනීමට දෙකඳුවල දහම් පුහුණු මධ්‍යස්ථාන පිරිවෙනෙන් ඉදිරියේ දී බිහිවන ධර්මධර, විනයධර,භික්ෂුණියන්ට හැකි වනු ඇත. එබැවින් ලෝක කාන්තා දිනයේ සිරිලක රයිගම් කෝරළයේ දෙකඳුවලදි දල්වනුයේ කාන්තා පරපුරට පමණක් නොව සමස්ත මානව වර්ගයේම ප්‍රගමනයට හේතුවන ධර්ම ප්‍රදීපයක් බව සඳහන් කළ යුතුව ඇත.

Share

පාරමිතා පූජාව - 2019

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software