topone

මහසතාණන්ගේ කේශධාතු පූජා ලබන්නට වූයේ උන් වහන්සේ බුද්ධත්වයට පත් වන්නටද පළමුවය. මහබිනික්මනින් අනතුරු බෝසතුන් තම අසිපතින් සිඳලූ කෙහෙවැටිය පිළිගත් සක්දෙවි තව්තිසා දෙව්ලොව සිළුමිණි සෑය බැඳවූහයි කියවේ. තපුස්ස-භල්ලික වෙළෙඳ දෙබෑයන් හා සුමන සමන් දෙවි බුදු රජාණන් වෙතින් කේශධාතු ලැබ සෑ බැඳවූ පුවත්ද සුපතළය. නොපතළ කෙහෙ-දා පුවතක් මෙහි දැක්වේ.


ඡකේසධාතුවංසයත් එහි ඇතුළත් කථා පුවතත් සමාජයෙහි අප්‍රකටය. ඡකේසධාතුවංසය යනු මෙතෙක් ශ්‍රී ලංකාව තුළ විධිමත් අයුරින් ශාස්ත්‍රීය සංස්කරණයකට භාජනය නොවූ කෘතියකි. එහෙත් එහි එක් මුද්‍රිත ප්‍රකාශනයක් අපට හමු වේ. එය වෙ. වි. අභයගුණවර්ධන පඬිතුමන් විසින් සිංහල පරිවර්තනයක් සමඟ කළ පාලි පෙළ සංස්කරණයකි. 1993 වර්ෂයේදී මුද්‍රණද්වාරයෙන් නිකුත් වූ මෙම අනැගි ග්‍රන්ථයේ පාලි පෙළෙහි ද ප්‍රස්තාවනාවෙහිද දෝෂස්ථාන බොහෝය. එහෙත් අප දන්නා පරිදි සිංහල අකුරින් වූ පළමු ඡකේසධාතුවංස මුද්‍රණය මෙය බැවින්ද සංස්කාරතුමන්ගේ උත්සාහය බොහෝ දුරකට සාර්ථකව ඇති බැවින්ද එතුමන්ට සිංහල බෞද්ධ සැමගේ කෘතඥතාව හා ගෞරවය හිමි විය යුතුය.

මීට අමතරව ඡකේසධාතුවංසයෙහි පුස්කොළ පිටපත් දෙකක් කොළඹ ජාතික කෞතුකාගාර පුස්තකාලයෙහි තිබී අපට හමු විය. තවද: මෙම කෘතියෙහි බුරුම අක්ෂර පිටපත් ඇතැයිද කරුණු හමු වේ. මීට අමතරව මෙම වටිනා කුඩා කෘතිය වර්ෂ 1885දී එංගලන්තයේ පාලි පොත් සමාගමේ සඟරාවෙහිද පළ වී ඇත.
සාමාන්‍ය පාලි සූත්‍රයකට සමාන ස්වරූපයකින් මෙම කෘතිය ඉදිරිපත් වේ. මෙහි අන්තර්ගත කතාව සැකෙවින් මෙසේය:

එක් සමයක අප භාග්‍යවතුන් වහන්සේ ලෙහෙනුන් වාසය කළ වේළුවනයෙහි සිව් වනක් පිරිසට දහම් දෙසමින් වැඩ විසූ සේක. ඒ අවස්ථාවෙහි අනුරුද්ධ, සෝභිත, පදුමුත්තර, ගුණසාගර, ඤාණපණ්ඩිත හා රේවත යන රහතන් වහන්සේ ස-නම කතිකාවතක් ඇති කොටගෙන බුදුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙකින් වාඩි වී මෙසේ පැවසූහ:

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ විසින් සමතිස් පාරමී දම් පුරන ලද්දේ එක් දේශයක සත්ත්වයන්ගේ හිත සුව පිණිස පමණක් නොවේ. සියලු සත්ත්වයන්ගේ හිත සුව පිණිසමය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වැඩ වසන තැනට ආසන්නතර සත්ත්වයෝ ඔබ වහන්සේගේ දැක්මෙන් උභයාර්ථ සිද්ධියම සලසාගනිති. ස්වාමීනි, එහෙත් මේ දුර වසන සත්ත්වයන්ගේ හිත සුව පිණිස භාග්‍යවතුන් වහන්සේගේ ශරීරය හා බැඳුණු යම් පූජනීය වස්තුවක් තිබිය යුතුය. ස්වාමීනි, මහ සමුදුරට නුදුරෙහි එක් ප්‍රත්‍යයන්ත දේශයක බොහෝ ජනයා වාසය කරති. ඔවුන්ට අනුකම්පාවෙන් පිදිය යුතු යමක් දීමට වටියි.”

තෙරුන්ගේ ඒ වචන අසා මහා කරුණාවෙන් යුතු වූ බුදු රජාණන් වහන්සේ සිය හිස පිරිමැදි සේක. එවිට කේශ ධාතූහු ස-නමක් ශ්‍රී හස්තයට පැමිණියහ. බුදුන් වහන්සේ එම කේශ ධාතු ස-නම එම රහතන් වහන්සේලාට දුන් සේක. ඒ රහත් උතුමෝ මහත් ගෞරවයෙන් යුතුව සිය හිසින්ම කේශ ධාතු පිළිගත්හ. එවිට එහි වැඩ සිටි ආනන්ද තෙරණුවෝ බුදු රදුන්ගෙන් මෙකරුණ විචාළහ: “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ කේශ ධාතු හේතුවෙන් එම ජනපද වැසියන්ට යම් අනතුරක් සිදු වේද?” යනුවෙනි. භාග්‍යවතුන් වහන්සේ එයට මෙසේ පිළිතුරු දුන්හ:

“ආනන්දය, කේශ ධාතු නිසා එම ජනපද වැසියන්ට වන යහපතක් මිස අනතුරක් නොදකිමි. ආනන්දය, තථාගත පරිනිර්වාණයෙන් පසු වර්ෂ පන්දහසක් කල් මාගේ සසුන පවතින්නේය. තවද: මෙම කේශ ධාතු ස-නම වසර දෙදහස් පන්සියයකට අධිකකාලයක් ආරක්ෂිතව පවතින්නේය; මහා පූජා සත්කාර ලබන්නේ ය. මේ එක් එක් කේශ ධාතුවක් සඳහා එක් එක් චෛත්‍යය බැගින් මහා සත්ත්වයන්ගේ මූලිකත්වයෙන් ඉදි වන්නේය.”

මෙසේ ඒ කේශ ධාතු ලබාගත් රහතන් වහන්සේ ස-නම භාග්‍යවතුන් වහන්සේට වැඳ පැදකුණු කොට අහසට නැගී පිටත් වූහ. එසේ පිටත් වූ මේ ස-දෙනා වහන්සේ මුලින් සඳහන් කළ ඒ ඈත පිටිසර ප්‍රදේශයට වැඩම කොට එහි එක් රාත්‍රියක් වැඩ සිට පසු දින උදය වරුවේ පිඬු සිඟා ගෙන වැළඳූහ. දන් වළඳා දකුණු දිශා භාගයට වැඩම කළ තෙරවරුන්ට රමණීය වනගත පෙදෙසක් හමු විය. රමණීය වූ ඒ භූමි භාගය දැක සතුටට පත් වූ තෙරවරු මෙතැන එක් කේශ ධාතුවක් නිදන් කරන්නට සුදුසුයැයි සිතූහ. එහෙත් ඒ සඳහා දායකයකු නොමැති ප්‍රශ්නය විය. එකල්හි එහි වැඩ සිටි ස-නම අතුරින් අනුරුද්ධ තෙරණුවෝ ඒ පිළිබඳව අධිෂ්ඨානයක් කළහ.

අනුරුද්ධ තෙරුන්ගේ එම අධිෂ්ඨානය හේතුවෙන් ශක්‍රයාගේ පණ්ඩුකම්බලසිලාසනය උණු බවක් දැක්වීය. සිය අසුන උණු වීමට හේතු විමසන ශක්‍රයාට එයට හේතු කරුණු පෙනී ජිනේන්ද්‍රයන් වහන්සේගේ උතුම් කේශ ධාතූනට දායකයකු වීමේ භාග්‍යය දැක දෙව්ලොවින් බැස එම රහත් උතුමන් ස-නම ඉදිරියේ පහළ විය. ශ්‍රද්ධාවෙන් ඔද වැඩුණු ශක්‍ර තෙමේ අනුරුද්ධ තෙරුන්ගේ ශ්‍රී හස්තයෙන් එක් කේශ ධාතු නමක් ලැබ සිය සිරසෙහි තබා සතුටු සිතින් යුතුව චෛත්‍යයක් නිර්මාණය කරන්නට විය. එහි අසූ මහා ශ්‍රාවකයන්ගේ රූප, සර්වඥයන් වහන්සේගේ දෙමව්පියන්ගේ රූප හා අනූපම රූ ඇති ඒ සර්වඥයන් වහන්සේගේ රූපයද මැවීය. ඒ සියල්ල මැද සත් රුවක් රාශියක් කොට හාත්පසින් රන් දැලකින් වට කොට සුදු ඡත්‍රයක් ඔසවා එයට යටින් නොයෙක් රත්නයන්ගෙන් බබළන පළඟක් මවා දශබලයන් වහන්සේගේ කේශ ධාතුව සිය සිරසින් ගෙන තවත් නොයෙක් සක්කාර කොට එහි තැන්පත් කළේය. එම අවස්ථාවෙහි නොයෙක් ආශ්චර්යයන් සිදු විය. ඉන් පසු චෛත්‍යයෙහි ඉතිරි කටයුතුද කොට නිමවීය. අනතුරුව අනුරුද්ධ තෙරුන් වහන්සේ එම ධාතූන් වහන්සේ තමන් වහන්සේ විසින් ගෙනෙන ලද බව ප්‍රකාශ කරනු වස් තමන් වහන්සේගේ ප්‍රතිමා රූපයක්ද එහි කරවීය. සක් දෙව් රජ තෙමේ එක් රන් ගුහාවක් කොට ධාතු පූජාවක් කළේය. ආරක්ෂාව පිණිස එක් දිව්‍ය පුත්‍රයකුද එහි තැබීය. පී‍්‍රතිමත් සිත් ඇති ඒ රහතන් වහන්සේ ස-නම ධාතු සෑයට පසඟ පිහිටුවා වැන්දාහ.

මෙලෙස පළමු සෑයෙහි කටයුතු නිමවා ඒ නුදුරෙහි දකුණු දිශා භාගයෙහි තුන් ගව්වක් පමණ තැන් ගොස් නොයෙක් ආකාරයේ වැලි ගොඩවලින් යුතු, පරම රමණීය ගස්-ගල් ආදියෙන් තොර මැනවින් සකස් කළාක් වැනි තැනි භූමියකට වැඩම කොට එම ස්ථානයද කේශ ධාතුවක් තැන්පත් කිරීමට සුදුසු තැනකියි සිතා නැවතුණහ. ඉක්බිති එම පිරිසෙහි වැඩ සිටි සෝභිත තෙරුන් වහන්සේ “සෑය කිරීම සඳහා දායකයකු සෙවීම මට භාරයි” වදාරා, ඒ සඳහා අධිෂ්ඨානයක් කළහ. එම උත්තම අධ්ෂ්ඨානයට අනුවම වලා ගැබ අතරින් නික්මුණු පජ්ජුන්න නම් දිව්‍ය පුත්‍රයාට භාග්‍යවතුන් වහන්සේගේ ධාතු සෑය ඉදි කිරීමේ දායකයකු වන ලෙස වදාළහ. පජ්ජුන්න දෙවියා තෙරුන්ගේ එම ආරාධනාව සතුටු සිතින් පිළිගත්තේ, නොයෙක් අලංකාරවත් දෑ කරමින් සෑයෙහි වැඩ කටයුතු නිම කළේය. අවසානයේ චෛත්‍ය ප්‍රාකාරයක්ද බැඳ, ඒ සමීපයේ පොකුණක්ද කරවීය. අනෙක් දෙවියෝද සතුටු සිතින් මේ පින්කම්වලට උපකාරි වූ අතර, සියල්ලෝ පින්කම සතුටින් අනුමෝදන් වූහ.

ඉන් පසු එතැනින් නික්මුණු රහතන් වහන්සේ ස-නම තවත් දුරකට වැඩම කළ අතර, එක් කේශ ධාතුවක් මෙහි තැන්පත් කිරීම සුදුසුයැයි එහිදී තීරණය විය. අනතුරුව මෙම කටයුත්ත සඳහා දායකයකු සෙවීමේ කටයුත්ත භාර ගත් පදුමුත්තර තෙරණුවෝ පෙර තෙරවරුන් මෙන් ඒ සඳහා අධිෂ්ඨානයක් කළහ. එහිදී එම කටයුත්ත සඳහා මුහුද රක්නා මණිමේඛලා නම් දෙව්දුව පිරිවර සහිතව පැමිණ ඉදිරිපත් වූවාය. තමා කාන්තාවක බැවින් චෛත්‍යය කෙසේ කළ යුතුදැයි ඇය විවමසුවාය. එවිට තෙරවරු “වැටුප් ගෙවීමට හැකි නම් මිනිසුන් එය කරනු ඇත” යනුවෙන් වදාළහ. මැනැවැයි තෙරවරුන්ගේ අවවාදය පිළිගත් ඇය වෙනත් වෙසක් ගෙන මිනිසුන් සොයා ගොස් ඔවුන්ට වැටුප් ගෙවා ධාතු සෑය මැනවින් කරවූවාය.

ඉනික්බිති තෙරවරු ස-නම උතුරු දිශාවට වැඩම කළහ. එසේ වඩින අතරමඟ එක් නුග රුකකට අධිගෘහිත දෙවියෙක් තෙරවරුන්ගේ ආගමනය දැක ඉදිරියට ගොස් “ස්වාමීනි, මෙහි වැඩම කළේ කුමක් නිසාද?” යනුවෙන් විමසුවේය. තමන් වහන්සේලා එහි වැඩම කළ හේතුව වදාළ විට රුක් දෙවියා සතුටට පත්ව එය අනුමෝදන් විය. අනතුරුව එම භික්ෂු පිරිසෙහි වැඩ සිටි ගුණසාගර තෙරණුවෝ අධිෂ්ඨානයක් කළේය. එහිදී බුදු සසුන ගැන දන්නා මුහුදු ගිය වෙළෙඳ පිරිසක් සහිත නැවක් සුළං වේගයෙන් තෙරවරුන් වැඩ සිටි දිශාවට පැමිණියහ. ඉන් පසු තෙරවරු දැන-හැඳිනගත් එහි වූ නැවියා හා පිරිස එක් වී ධාතු සෑය ඉදි කිරීමට භාර ගත්හ. එහිදී එක් රුක් දේවතාවෙක් ද ඔවුන්ගේ සහායට ඉදිරිපත් විය. සියල්ලන්ගේ සහභාගිත්වයෙන් ධාතු සෑයේ කටයුතු නිම කැරිණි. අවසානයේදී මේ කටයුතු සඳහා සහාය වූ රුක් දෙවියා සෑය ආරක්ෂා කරමින් දීර්ඝායුෂ්කව සිටින්නට විය.

ඉන් අනතුරුව තෙරවරු එම ස්ථානයෙන් නැගෙනහිර දිශාවෙහි ගංගා තීරයෙහි එක් රමණීය ස්ථානයක් කරා එළැඹුණහ. එහිදී ඤාණපණ්ඩිත තෙරුන්ගේ අදිටනින් වරුණ නම් නා රජු පිරිවර සහිතව පැමිණ ඉතිරි වූ තවත් කේශ ධාතුවක් වෙනුවෙන් සෑයක් කළේය.එයින් පසු තෙර පිරිස එම ස්ථානයෙන් උතුරු දිශාවට වැඩම කොට, ඉතිරි වූ එකම කේශ ධාතුව වෙනුවෙන් සෑයක් කිරීමට ස්ථානයක් තෝරාගත්හ. අනතුරුව රේවත තෙරුන්ගේ අදිටනින් එහි පැමිණි ශ්‍රද්ධාවන්ත දෙමළ නැවියෝ පිරිසක් එම ස-වන කේශ ධාතු ථූපය කළහ. මෙම ථූපය ශ්‍රද්ධාවෙන්ම කළ එකක් බැවින් සද්ධාචේතිය යනුවෙන්ද දෙමළ උපාසකයන් විසින් කළ එකක් බැවින් දමිළචේතිය නමින්ද හැඳින්විණ.

මේ ආකාරයට තථාගතයන් වහන්සේගෙන් කේශ ධාතු ලැබූ එම රහතන් වහන්සේ ස-නමගේ බලාපොරොත්තු සඵල විය. තවද: කේශ ධාතු තැන්පත් කොට චෛත්‍යයන් ඉදි වූ ඒ දේශය ‘කේසවතී’ නමින්ද හැඳින්විණ.
කේසධාතුවංසයෙහි සඳහන් කතාව එතෙකින් අවසන් වේ. මෙහි සඳහන් කේසවතිය නම් වත්මන කුමන දේශයක්දැයි අපි නොදනිමු.

 

හසන්ත සමරසිංහ

namaskara.lk

Share

පාරමිතා පූජාව - 2019

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software