topone

සම්බෝලයි බතුයි සාමණේර හිමිවරුන්ට දී කුසගින්නට වතුර බොන රතනජෝති හාමුදුරුවෝ

දානයට හාල් ‍පොල් ගන්නේ ගොවිතැන් කරලා

කුරුණෑගල නගරයේ සිට බරන්දන හන්දිය පසුකර මාවතගම නගරය දක්වා ගමන් ගන්නා මාර්ගයේ කිලෝමීටර් 15ක් පමණ ගිය තැන ටීගොල මංසන්ධිය හමුවෙයි. එතැනින් වමට හැරී ටික දුරක් ගිය විට නිසංසලව ගලා බසින කොස්‍පොතු ඔයෙන් එගොඩ වෙත්ම අලංකාර කුඹුරුයායකට ඔබ්බෙන් සුන්දර ස්ථානයක පිහිටි කුඹල්ලංගාපිටිය විහාරස්ථානය හමුවේ. නැවතත් නාගරීකරණයේ සුළං ධාරාවකට හසුනොවුණු අක්කර පනහ නම් වූ මනරම් ගම්මානයේ කෙළවරක පිහිටි මේ පින්බිම අපගේ මාතෘෘකාවට ලක්වන්නේ නිවන සොයා යන බුද්ධ පුත්‍රයින් පිරිසක් වැඩ සිටින ස්ථානයක් නිසාම නොව තවමත් කිරිසුවඳ මුවින් නැගෙනා කුඩා හිමිවරුන්ට මෙන්ම ජීවිතයේ සැඳෑ සමය ගතකරන සංඝ පීතෘෘවරයෙකුට ද රැකවරණය සලසමින් දෑතේ වීරයෙන් සංඝාරාමයක් ගොඩනැගීමට මහ‍පොළොව සමග හරි හරියට ‍පොර බදන වීර්යවන්ත නායක හිමිනමක වැඩ සිටින නිසාය.
මේ පුරාණ පින්බිම වනාහි දොඩම්ගස්ලන්ද මැතිවරණ බල ප්‍රදේශයට අයත් රිදීගම ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාසයේ අවසන් කෙළවරේ පිහිටි කුඹල්ලංගාපිටිය පුරාණ විහාරයයි. ‍පොළොන්නරුවේ රතනජෝති හිමි මේ පන්ස‍ලේ විහාරාධිපතීත්වය උසුලයි. මේ වන විට මේ විහාරස්ථානයේ හිමිවරු 19 දෙනෙක් වැඩ සිටින අතර ගිහි දරුවෝද හතර දෙනෙක් වාසය කරයි. ඒ අතරේ වයස අවුරුදු 94ක් වන වයෝවෘද්ධ හිමිනමක්ද අසනීපව වැඩ වාසය කරයි. වයස අවුරුදු 7ක් වන කුඩා හිමිවරුන් දෙනමකටද නායක හිමියන් රැකවරණය සපයන්නේ පියෙකු සේ මහත් දයාවෙනි. විසිතුන්දෙනෙකු සඳහා වාසය කීරීමට සංඝාවාසයේ ඇති ඉඩකඩ අවමය. සංඝාවාසයේ ඇත්තේ කාමර කීපයකි. තරුණ හිමිවරුන් සඳහා කාමර වෙන්වී ඇත. නායක හිමියන් අනෙක් කුඩා හිමිවරුන් සමග එකපෙළට බිම පැදුරු දමා සැතපෙති. සැගෑලෙන පිරිවෙනේ පරිවේනාධිපති ධුරය දැරුවද රතනජෝති හාමුදුරුවන්ට සිය රාජකාරි කටයුතු කරගැනීමටත් පන්ස‍ලේ කාමරයක් වෙන්කර ගැනීමට මේ හේතුව නිසා නොහැක.
මේ සියලු බාධක මැද වුවද රතනජෝති හිමියන් සිය ශිෂ්‍ය හිමිවරුන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට කටයුතු කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස 2010 වර්ෂයේ ලංකාවේ සියලු පිරිවෙන්වල ශිෂ්‍ය හිමිවරුන් අභිබවා රචනා අංශයෙන් ප්‍රථම ස්ථානය ලබාගැනීමට මෙහි වැඩ සිටින ධම්මානන්ද හිමියන්ට හැකිවිය. ඒ ලොකු හාමුදුරුවන්ගේ මග පෙන්වීම මතය. ඊට අමතරව විචිත්‍ර ධර්ම කථික හිමිනමක්ද, කවි බණ කීමෙහි දක්ෂ හිමිවරු දෙනමක්ද පන්ස‍ලේ වැඩ සිටිති. මේ සියල්ල සිදු වූයේ ලොකු හාමුදුරුවන්ගේ ගුරුහරුකම් මැදය.
විසිතුන් දෙනකු වෙසෙන බැවින් සමහර දිනවල දන් වැළඳීමට යාමේදී යම් යම් අඩුපාඩුකම්ද සිදුවන අවස්ථා බොහෝය. එවැනි අවස්ථාවල කුසගින්න ඉවසීම ලොකු හාමුදුරුවන්ට හොඳට හුරුය. ‘හැදෙන වයසේ පුංචි අයනේ. ඒ අයට පෝෂණය ඕනේ” ලොකු හාමුදුරුවෝ එසේ කියමින් තමන්ට තියෙන දෙයක් කුඩා හිමිවරුනට බෙදා දේ. කුස පිරෙන්නට වතුර බි බඩගින්න නිවා ගනී. එදිනෙදා සොයාගන්නා සුළු මුදලකින් යාන්තමට ජීවිතය ගැටගසා ගනිමින් වෙසෙන සිය දායක පින්වතුන්ට ආගමික හා ශාසනික සේවාව ඉටුකරන අතරේ ඔවුන් මතින් සිය විහාරස්ථානයේ අඩුපාඩු සපුරා ගැනීමට ඇති ඉඩකඩ අවම බව නායක හිමියන්ට වැටහුණේ කාලයක පටන්ය. එනිසා තමා යටතේ රැකවරණය ලබන කුඩා සාමණේර හිමිවරුන්ගේ ඉගෙනුම් කටයුතු ඇතුළු සියලු ඕනෑ එපාකම් ඉටුකිරීමේ වගකීම තම කරපිට ඇති බවද උන්වහන්සේට අවබෝධ විය. මේ සියල්ලටම මුදල් අවශ්‍යය. පන්සල සතු ආදායම් මාර්ගයක්ද නොවීය. දායක පින්වතුන්ට මුදල් ඉල්ලා කරදර කිරීමටද නොහැක. මහා බරක් හිතේ දරාගෙන උන්වහන්සේ තනිවම පන්සල් බිමේ ඒ මේ අත සැරිසරමින් දින සති ගණන් කල්පනා කරන්නට විය. “මම ගොවිතැන් කරන්න පටන් ගන්නවා” පන්සල ඉදිරිපසින් පිහිටි නිල්වන් කුඹුරු යාය දෙස බලමින් උන්වහන්සේ  තමන් වහන්සේ ගත් තීරණය සිය ශිෂ්‍ය හිමිවරුන්ටද පැවසූ නායක හිමියන් ඒ සඳහා සුදුසු කාලවකවානුවද තීරණය කළේය.
ඒ නියඟය තදින් පැවති යල කන්නයකි. පන්සලට අයත් කුඹුරේ වී වෙනුවට ගර්කින් වගාව ආරම්භ කිරීමට කතිකාව විය. ඒ සඳහා ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක සහයෝගයද ලැබුණි. ඒ වගාව සඳහා අවශ්‍ය උපදෙස්, තෙල්, ‍පොහොර, බිජ ආදිය ලබාදීමෙනි. උදෙන්ම පිරිවෙනට ගොස් සවස පන්සලට ආ සැනින් කුඩා හිමිවරුන්ද සමග ගොවිතැනේ නිරත වීම රතනජෝති හිමියන්ගේ දින චරියාව විය. දින සති මාස ගණන් ගොස් ගර්කින් වගාවේ අස්වනු නෙළීමේ කටයුතු ද ආරම්භ විය. හැමදෙනාගේම සිත් සතුටින් පිරී ගොසිනි. “අපට හොඳ ආදායමක් ගන්න පුළුවන් වෙයි” ඒ හැමෝගේම සිතුවිල්ලය. කොම්පැණියේ මහත්වරු පැමිණ අස්වැන්න කපා කොටා කිරා මැන බැලූහ. “හාමුදුරුවනේ අපි මෙච්චරක් වියදම් කරලා තියෙනවා. නමුත් අස්වැන්න අඩුයි. ඔබ වහන්සේලා අපට ණයයි.” කුඩා හාමුදුරුවරු මූණෙන් මූණ බලාගත්හ. අලංකාර සංඝාවාසයේ සිහින දකිමින් සිටි ඔවුන්ගේ මුහුණු අඳුරින් බරවිය. “අටලෝ දහම කියන්නේ ඕකම තමයි ‍පොඩි හාමුදුරුවනේ” ලොකු හාමුදුරුවෝ බුදු බණ මෙනෙහි කරමින් ඔවුහු සැනසූහ. “අපි උත්සාහ කරමු.”
ඒ අනුව ඊළඟ වගාව පැ‍පොල්ය. පන්සල් වත්තේ එක් කොටසක් සුද්ද කර පැ‍පොල් ඉන්දවූවේය. මෙවර කිසිවෙකුගේ උපදෙස් වුවමනා නැති බවට හාමුදුරුවෝ කලින්ම තීරණයක් අරන් තිබුණි. පැ‍පොල් පැළ දිනෙන් දින වැඩෙන විට උන්වහන්සේ කෙසෙල් වගාවටද සිත යොමු කළහ. එයද සාර්ථක වන බව තේරුම් ගත් උන්වහන්සේ ගම්මිරිස් පැළද වත්තේ එක් කොටසක සිටුවනු ලැබූහ. දැන් පන්සල් වත්ත පුරාම කොළ පාටින් බැබළෙමින් තිබිණි. ඒ අතරේ උදේට සිය ශිෂ්‍ය හිමිවරු 19 දෙනා බුළුවල සැගෑලෙන පිරිවෙනට ගොස් අධ්‍යාපන කටයුතුවලද නිරත වෙති. සවස පන්සලට පැමිණ ගොවිතැනේය. දැන් දැන් ගම්මිරිස්වලින් හා පැ‍පොල්වලින් ටික ටික ආදායම් ලැබිම ආරම්භ වී ඇත. “අපි ඉඟුරු ටිකක් හදමු” ඒ ලොකු හාමුදුරුවන්නේ යෝජනාවකි. තරුණ හිමිවරු ලහි ලහියේ වැඩ ආරම්භ කරන්නට වූහ. කාණු දමන්න, බිම පෙරළන්න, උදලු ගාන්න මේ සියල්ල ඔවුන්ට අලුත් අත්දැකීමක් නොවීය.
“ලොකු හාමුදුරුවනේ ඇයි ගොවිතැනට හිත වැටුණේ?” අවසාන පැනය අපෙනි. “ඇත්තටම මේ පන්ස‍ලේ ඉන්නේ දුප්පත් දායක පිරිසක්. ඒ අයට ශක්තියක් නෑ විශාල වශයෙන් පන්සලට උදව් කරන්න. අනික මේ පන්සල රිදීගම ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාසයේ කෙළවරක පිහිටි හින්දාද දන්නෑ රාජ්‍ය අනුග්‍රහය ලැබෙනවා අඩුයි. සංඝාවාසයක් නැතිව අපි අවුරුදු පහක් බණ මඩුවේ එකපෙළට පැදුරු දාලා නිදාගෙන තියෙනවා. පස්සේ ගමේ අයගෙන් උදව් ඇතිව අලුත් සංඝාවාසයේ වැඩ පටන් ගත්තා. මේ වෙනකොට වයඹ පළාතේ පන්සල් හාරසියයකට ආසන්න ප්‍රමාණයක් වැහිලා ගිහිං තිබෙනවා, හාමුදුරුවරු නැති නිසා. අපේ මේ පන්ස‍ලේ හාමුදුරුවරු 19 දෙනක් දැනට ඉන්නවා. ඉතිං මම මේ කරන්නේ ජාතික යුතුකමක්, ඉටුකිරීමක්. මට ඒකට අවශ්‍ය පහසුකම් මදි. ඒ අඩුපාඩු සකස් කරගන්න තමයි ගොවිතැන් කරලා හරි උත්සාහ කරන්නේ. බලමු පුළුවං විදිහකට කරගන්නවා.”
ඔබටත් උන්වහන්සේට ආධාර කිරීමට කැමති නම් 0715623536 දරන දුරකථනය අමතා තොරතුරු දැනගත හැකිය.

lakbima

Share

පාරමිතා පූජාව - 2019

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software