topone

පුරාවස්තු රකින්න දැන් චන්ද්‍රිකා තාක්ෂණය

ලංකාවේ පුරාවිද්‍යා දිනය ලෙස නම්කර ඇත්තේ ජූලි 07 වැනිදාය. ඒ මෙරට මුල්ම පුරාවිද්‍යා කොමසාරිස්වරයා වූ එච්.සී.පී. බෙල් කැණීම් සඳහා අනුරාධපුරය බලා පිටත් වූයේ එදින නිසා බැවිනි. දහ අට සියවසේ අග භාගයේ එසේ අනුරාධපුරය බලා ගිය බෙල්ට තවත් වසර කීපයක් එහි ගත කිරීමට සිද්ධ වූයේ අපේ යටගියාවේ උරුමය හෙළිකර ගැනීමටය. බෙල්ට පමණක් නොව පුරාවිද්‍යා කොමසාරිස් ධුරයට පත් මුල්ම ශ්‍රී ලාංකිකයා වන මහාචාර්ය Saterlightසෙනරත් පරණවිතානයන්ටද සිය වෘත්තීය දිවියේ බොහෝ කාලයක් ගස් ගල් යට සිටීමට සිද්ධ වූයේ අතීත උරුමය ගොඩ ගැනීමටය.
ඒ අතරේ වර්තමාන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය  සෙනරත් දිසානායක  කියන්නේ දෙලක්ෂ පනස් දහසක් පමණ රට පුරා විසිරි තිබෙන පුරාවිද්‍යා ස්මාරක ආරක්ෂා කර ගැනීමට තමන්ට ප්‍රමාණවත් සේවක පිරිසක් නැති බවය. හැරත් එක ස්මාරකයට එක මුරුකරුවෙකු ගාණේ යෙදුවත් ඊට අලුතෙන් සේවකයන් විශාල ගණනක් දෙපාර්තමේන්තුවට අවශ්‍ය වන්නේය. එය ප්‍රායෝගික ක්‍රියාවක් නොවන්නේ ඒසා විශාල පිරිසක් බඳවා ගත  නොහැකි බැවිණි.
කෙසේ නමුදු අපේ අතීතය සොයන්නට පුරාවිද්‍යාඥයන්ට ගත වන කාලය මෙන්ම පුරාවිද්‍යා ස්මාරක ආරක්ෂා කර ගැනීමට මුරකරුවන් නොමැති වීම ඇතුළු ප්‍රශ්න රැසකට විසඳුම් සෙවීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අලුත් වැඩකට අතගසා තිබේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා චන්ද්‍රිකා තාක්ෂණය යොදා ගනිමිනි. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සෙනරත්  දිසානායක පවසන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට  විසි වසරකින් කළ දත්ත රැස්කිරීමක් චන්ද්‍රිකා     තාක්ෂණය ඔස්සේ විනාඩි පහළොවකින් කළ හැකි බවය. එමෙන්ම පුරාවිද්‍යා රක්ෂිත ඉඩම්වල කෙරෙන නීති විරෝධී ක්‍රිය චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ක්ෂණිකව දැන ගත හැකි බව ආචාර්ය සෙනරත්  දිසානායක පෙන්වා දේ.
පුරාවිද්‍යා  දෙපාර්තමේන්තුව මේ කාර්යයට අතගසා ඇත්තේ චන්ද්‍රිකා තාක්ෂණය පිළිබඳ මෙරට තිබෙන විශේෂඥම ආයතනය වන ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය සමගය. එම ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු සනත් පනාවැන්න පවසන පරිදි නව වැඩපිළිවෙළ මගින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පුරාවිද්‍යා වටිනාකම් සහිත ස්ථාන හඳුනා ගැනීම,  නිරීක්ෂණය හා සංරක්ෂණය උදෙසා චන්ද්‍රිකා තාක්ෂණය යොදා ගැනීමට හැකිවනු ඇත.
ශ්‍රී ලංකාව තුළ චන්ද්‍රිකාවක් නොමැති නිසා මෙහිදී බාහිර පාර්ශ්වයක සහය ලබා ගැනීමට සිදුව ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවට නවීන තාක්ෂණය වඩාත් කඩිනමින් හඳුන්වා දීමට මුල්වී ක්‍රියා කරන මොරටුව කටුබැද්දේ ආතර් සී ක්ලාක්  මධ්‍යස්ථානය සහ චීනයේ ස්වාභාවික හා සංස්කෘතික උරුමයන් පිළිබඳ අභ්‍යවකාශ තාක්ෂණය යොදා ගැනීමේ ජාත්‍යන්තර මධ්‍යස්ථානය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරුණි.
මෙහි තාක්ෂණ යෙදවුම් අධ්‍යයනය සහ ඊට අවැසි ජාත්‍යන්තර තලයේ සියලු සම්පත් සපුරා දීමට ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය කටයුතු කරයි. අවශ්‍ය මානව සම්පත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සපයයි. ඒ අනුව මෙම ව්‍යාපෘතිය රට තුළ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පුහුණුව ලැබිම සඳහා පුරා විද්‍යා නිලධාරින් පිරිසක් දැනටමත් චීනයේ ඩ්ඉඊ ආයතනය යවා ඇත. පුහුණුවෙන් පසු චන්ද්‍රිකා තාක්ෂණික දත්ත සහ ඡායාරූප ගැනීම, ඒවා විශ්‍ලේෂණය කිරීම, පුරාවිද්‍යා වටිනාකම් සහිත ස්ථාන හඳුනා ගැනීම සහ ඒවාට අදාළ පුරෝකථනයන් කිරීමට මෙම නිලධාරීන් යොදා ගනු ඇත.  ඊට අමතරව පුරාවිද්‍යා පරිශ්‍රයන්ගේ වත්මන් තොරතුරු සහ ඒවා සංරක්ෂණයට අදාළ සැලසුම්  විද්‍යාත්මකව සකස් කිරීමටද ඔවුන්ට හැකි වනු ඇත.
ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා වටිනාකම් සහිත ස්ථාන බහුතරයක් සඳහා පූර්වාරක්ෂක කලාප ප්‍රකාශයට පත්කර ඇත. මෙකී කලාප පුරාවිද්‍යා වටිනාකම් සහිත ජාතික උරුමයන් සංරක්ෂණයේදී අමිල මෙහෙයක් ඉටු කරයි. එහෙත් මෙම පුරාවිද්‍යා රක්ෂිත කලාපවලට මිනිසුන්ගෙන් එල්ල වන්නේ සුළු පටු තර්ජනයක් නොවේ.
 අනවසර ඉදිකිරීම් කිරීම, ගස් කොළං කපා දැමීම වගා කටයුතු කිරීම, මැටි ලබා ගැනීම සඳහා වළවල් කැපීම ඒ අතර වේ. ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ  අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසන්නේ යෝජිත වැඩපිළිවෙළ යටතේ පුර්වාරක්ෂක   කලාපවල සිදුවන මෙවැනි ක්‍රියා පහසුවෙන්             නිරීක්ෂණය කර ක්ෂණිකව ක්‍රියාත්මක වීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට  හැකියාව ලැබෙනු ඇති බවය. කෙසේ නමුදු මෙකල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මුහුණ පා තිබෙන බරපතළ ප්‍රශ්නය වන්නේ පුරාවස්තු විනාශ කිරීමය. පුරාවස්තුවල තැන්පත් කර ඇතැයි විශ්වාස කරනා නිධන් ලබා ගැනීමට සහ කෞතුක වටිනාකම් සහිත දේ විකුණා ලාභ ලැබිමේ අරමුණු කරනා මෙකී ව්‍යසනයන් මැඩපැවැත්වීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තුළ වෙනමම ‍පොලිස් ඒකකයක්ද ස්ථාපනය කර ඇත. එනමුත් ‍පොලීසියක් තිබුණද කෞතුක උරුමයන් කොල්ල කෑම වළකා ලීම පහසු කාර්යක් නොවේ.
මෙම කටයුත්ත සඳහාද චන්ද්‍රිකා තාක්ෂණය යොදා  ගත හැක. එහිදී වඩාත් වැඩිදියුණු කරන ලද සූක්ෂ්ම චන්ද්‍රිකා ඡායාරූප ලබාගැනීම අනිවාර්ය වෙයි. එවන් ඡායාරූප නිශ්චිත කාල පරතරයක් සහිතව ලබා ගැනීම මගින් පුරාවිද්‍යා වටිනාකම් සහිත ස්ථානවලට සිදුකර ඇති හානි දැන ගත හැක. ඊට අමතරව චන්ද්‍රිකා ඡායාරූප සහ දත්ත පුරාවිද්‍යා නිලධාරීන් පෙර ලබා ඇති අත්දැකීම් සමග ගළපා විශ්‍ලේෂණය කිරීමේත් තෝරා ගන්නා ලද ප්‍රදේශ ට්..අ. තාක්ෂණය මගින් පරික්ෂා කර , කැණීම් සඳහා සුදුසු බිම් තීරණය කිරීමටද හැකිවනු ඇත.
පුරාවිද්‍යා ශක්‍යතා වර්ධනයේ දී පැන නගින ප්‍රධාන ගැටලුවක් වනුයේ පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන නිසි පරිදි සිතියම් ගත නොකිරීමය. සාමාන්‍ය ක්‍රමයට මෙවැනි  සිතියම් සැකසීමට ගුවන් ඡායාරූප යොදා ගත්තද වර්ග සැතපුම් 25000 පුරා විසිරී ඇති විවෘත කෞතුකාගාරයක් බදු ශ්‍රී ලංකාවට සම්බන්ධ පුරාවිද්‍යාත්මක සිතියම් සැකසීමට එම ක්‍රමය එතරම් සුදුසු නොවේ. ඒ සඳහා සුදුසුම ක්‍රමය වනුයේ අභ්‍යවකාශ තාක්ෂණ යෙදවුම් බව ලෝපුරා විද්වතුන්ගේ මතය වෙයි. චන්ද්‍රිකා තාක්ෂණය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හඳුන්වා දීම මගින් ඉදිරියේ දී  වඩාත් සියුම් සහ නිවැරදි ආකාරයෙන් සැකසුණා සිතියම් නිර්මාණය කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හැකි වනු ඇත. එමගින් මතෛක් හඳුනා නොගත් ජාතික  උරුමයන් රාශියක් හඳුනාගැනීමට සහ දැනටත් හඳුනාගෙන තිබෙන එවැනි ස්ථාන වඩාත්  විධිමත්ව සංරක්ෂණය කිරීමටද හැකියාව ලැබෙනු ඇති බව සනත් පනාවැන්න පවසයි.
චන්ද්‍රිකා තාක්ෂණය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හඳුන්වා දීම මගින් දිවයිනේ පිහිටි  සියලුම පුරාවිද්‍යා ස්ථාන එකම ස්ථානයක සිට නිරීක්ෂණය කිරීමට දෙපාර්තමේන්තුවට හැකි වනු ඇත. එමෙන්ම අඩු පිරිස් බලයක් යොදවා වඩාත් කාර්යක්ෂම ලෙස දවසේ පැය 24 පුරාම එකී    නිරීක්ෂණයන් කිරීමටත් යම් අයථා කටයුත්තක් සිදු වෙතොත් එය මර්දනය කිරීමට කඩිනම් පියවර ගැනීමටද හැකි වෙනුඇත. එහෙත් මේ සියලු කාර්යන් චන්ද්‍රිකා තාක්ෂණයට පමණක් කළ නොහැක. ඒ සඳහා තවත් බොහෝ අංශවල දායකත්වය ලබා ගැනීම අනිවාර්ය වෙයි.  ක්‍ෂේත්‍ර චාරිකා මගින් ලබාගන්නා දත්ත, ෙඓතිහාසික මුලාශ්‍රවල තොරතුරු පමණක් නොව වංශ කතා සාහිත්‍යයේ එන පුවත්ද චන්ද්‍රිකා තාක්ෂණයෙන් ලබාගන්නා දත්ත සහ ඡායාරූප සමග එකම තලයක තබා  විශ්‍ලේෂණය කිරීම මගින් වඩාත් සාර්ථකව සහ විද්‍යාත්මක පුරාවිද්‍යා සංරක්ෂණයක් කිරීමට දෙපාර්තමේන්තුවට හැකිවනු ඇත.
චීනයේ ඩ්ඉඊ ආයතනය සමග ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය එළඹ ඇති අවබෝධතා ගිවිසුම අනුව මේ මහා කාර්ය ආරම්භ කිරීමට සුදුසු වේදිකාවක් නිර්මාණය වී තිබේ. එහෙත් අනාගතයේ දී මෙම ක්‍රමය වඩාත් ව්‍යාප්තව ක්‍රියාවට නැගීමේ දී ඩ්ඉඊ ආයතනය හෝ එහි චන්ද්‍රිකා මත පමණක් යැපීමට අපට නොහැකි වනු ඇත. මෙයට හේතුව චන්ද්‍රිකා තාක්ෂණය යනු පරාස ගණනාවක ක්‍රියාත්මක අතිශය සංකීර්ණ එකක් විය. සාමාන්‍ය වශයෙන් අභ්‍යවකාශයේ විවිධ කටයුතු සඳහා යොදා ගන්නා චන්ද්‍රිකා වර්ග ගණනාවක් රඳවා ඇත. තොරතුරු තාක්ෂණ චන්ද්‍රිකා රඳවා තබනුයේ පෘථිවියේ සිට කිලෝ මීටර් 35786ක් උසිනි. එම චන්ද්‍රිකා පෘථිවියේ ගමන් වේගයට සමාන වේගයකින් භ්‍රමණය වෙයි. එනිසා අඛණ්ඩව පෘථිවියට සංඥා ගැනීමට හැකිවෙයි. එම චන්ද්‍රිකා මෙවැනි කටයුත්තකට  යෝග්‍ය නොවෙයි. එබැවින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා යොදා ගනුයේ පෘථිවියේ සිට කිලෝමීටර් 500 සිට 5000 අතර රඳවා ඇති පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකාය.
මෙම වර්ගයේ චන්ද්‍රිකාද විවිධ ආකාරයෙන් පෘථිවියේ ඡායාරූප ලබාගනී. දෘෂ්‍ය ඡායාරූප එක ක්‍රමයකි. එහෙත් වායුගෝලීය තත්ත්වය මෙවැනි ඡායාරූප සඳහා ඇතැම් අවස්ථාවල බාධා ගෙන එයි. එබැවින් ක්ෂුද්‍ර තරංග කැමරා මගින් ගන්නා චන්ද්‍රිකා ඡායාරූප වඩාත් නිවැරදි වෙයි. මෙම කර්තව්‍යයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මේ දෙආකාරයේම ඡායාරූප භාවිතා කිරීමට සිදුවෙයි. විශේෂයෙන්ම යම් නිශ්චිත ස්ථානයක් හෝ ස්මාරකයක් වැනි දෙයක් නිවැරදිව හඳුනා ගැනීමට වඩාත් නිවැරදි සහ විස්තිරණ ඡායාරූප ගැනීම අනිවාර්ය වෙයි. සාමාන්‍ය වශයෙන් පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකාවක් පෘථිවිය වටා ගමන් කිරීමට විනාඩි 60 ත් 80 ත් අතර කාලයක් ගනී. එවැනි චන්ද්‍රිකාවකට පෘථිවියේ එක් ස්ථානයක ඡායාරූපයක් ලබාදිය හැක්කේ විනාඩි80කට වරකි. (විවිධ හේතු නිසා මෙම කාලය තවත් වැඩිවිය හැකිය.) එනිසා අනාගතයේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වඩාත්  කාර්යක්ෂම සේවක් ලබා ගනු වස් ඩ්ඉඊ ආයතනයේ චන්ද්‍රිකාවලට අමතරව තවත් චන්ද්‍රිකා ගණනාවක සහය ලබා ගැනීමට සිදුවිය හැක. එවැනි දේ සඳහා අමතර මුදල් වැය කිරීමටද සිදුවනු ඇත. එහෙත් බොහෝ සන්නිවේදන ක්‍රමවල මිල ඉතා  ශීඝ්‍රයෙන් පහත වැටෙනා බැවින් අනාගතයේ දී වර්තමානයේදී ගෙවනා මිලට වඩා අඩුමිලකට එකී සේවා ලබා ගැනීමට හැකි වනු ඇත. එබැවින් පුරාවිද්‍යා උරුමයන් රකිනා “අභ්‍යවකාශ උකුසු ඇස” අනාගතයේ දී වඩාත් ලාභ, සහ කාර්යක්ෂම වනු ඇත.

Share

පාරමිතා පූජාව - 2019

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software