topone

ප්‍රංශ විහාරයට බුද්ධ ප්‍රතිමා වැඩමකිරීමේ පිංකම

Pilimawahanse1ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකළ විහාර මන්දිරයේ තැන්පත් කරන බුද්ධ ප්‍රතිමා වහන්සේලාට නේත්‍ර තැබිම නිමිත්තෙන් ගල්කිස්ස වටරප්පල පාර බෞද්ධායතනයේදී පුණේ‍යා්ත්සවයක් පැවැත් වින.ගල්කිස්ස බෞද්ධායතනාධිපති කොළඹ නව කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක දිවියාගහ යසස්සි නාහිමියන්ගේ මෙහෙයවීමෙන් මෙම පුණේ‍යා්ත්සවය සංවිධානය කෙරිණ.
මෙහිදී මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ජායනාවෙන් පසු සුබ මොහොතින් ප්‍රතිමා වහන්සේලාට නේත්‍ර තබන ලදී. අනතුරුව සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල හා ‍‍‍ජ්‍යෙෂ්ඨ අමාත්‍යංශ කාර්යාලයේ ‍ලේකම් මහින්ද මඩිහහේවා යන මහත්වරු ඇතුළු ආරාධිතයන් ප්‍රථම මල් පූජාව කරන ලදී.Pilimawahanse2මෙහිදී කෙටි අනුශාසනාවක් කළ ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක හා ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පරවාහැර චන්දරතන නාහිමියෝ මෙසේ පැවැසූහ.අද ප්‍රංශයට වගේම ශ්‍රී ලංකාවටත් ඓතිහාසික දිනයක් ලෙස මෙම අවස්ථාව හැඳින්විය හැකියි. ශ්‍රී ලංකාවෙන් මෙවන් විශාල පිළිම වහන්සේලා ප්‍රංශයට වැඩම වන ප්‍රථම අවස්ථාව මෙයයි.
මම 1981 වර්ෂයේ සිට ප්‍රංශයේ වැඩ සිටියත් මට ලැබෙන සෑම දෙයක්ම මගේ රට, ජාතිය, ආගම වෙනුවෙන් පරිත්‍යාග කළා. මගේ සෑම කටයුත්තකදීම ප්‍රංශයේ වෙසෙන ලාංකිකයන් මෙන්ම ශ්‍රී ලංකාවේ වෙසෙන පින්වතුන් නිරන්තරයෙන් සහය දෙනවා. එසේම සෑම මාධ්‍යයක්ම දෙන සහය නිරතුරු අගයනවා. විශේෂයෙන් සංඝරත්නයෙන් ලැබෙන ආශීර්වාදය මට මහත් ශක්තියක්.
Pilimawahanse41988 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ ආරම්භ කළ ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය අද ප්‍රංශයට බුදුදහම බෙදා දෙන දහම් මණ්ඩපයක් බවට පත්වී තිබෙනවා. ප්‍රංශයේ සිංහල බෞද්ධ සංස්කෘතියේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය ලෙස මෙන්ම ප්‍රංශයේ ජීවත්වන බෞද්ධ හා බුදුදහම සොයන සියලු පිරිස්වලට ත්‍රිපිටකය ප්‍රංශ බසට හරවා මුද්‍රණය කරනු ලබන්නේද අපේ බෞද්ධ ආයතනයයි.
අපේ අභිනව විහාර මන්දිරයේ තැන්පත් කෙරෙන ප්‍රතිමා වහන්සේලා වැඩම කිරීමේ කාර්යයේදී නිහාල් හේවා වළඳනගේ යුවළ හා ඔස්ටින් වික්‍රමසිංහ යුවළ මෙන්ම ප්‍රංශයේ ෙචෙත්‍ය ඉදිකිරීමේදී ප්‍රංශ ශ්‍රී ලංකා සංවිධානය විශාල සහයක් දුන්නා.

Pilimawahanse5ගල්කිස්ස වටරප්පල පාර බෞද්ධායතනාධිපති කොළඹ නව කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක දිවියාගහ යසස්සි නාහිමි -
ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ආරම්භ කර එය කේන්ද්‍ර කර ගෙන චන්ද්‍රරතන නාහිමියන් සුවිශාල සේවයක් සිදුකරනවා. විශේෂයෙන් ශ්‍රී ලංකා අධ්‍යාපනික, සංස්කෘතික හා සමාජයීය සංවිධානය ආරම්භ කර වසර 20ක කාලයක් පුරා ශිෂ්‍යත්ව ප්‍රදානය මගින් ශ්‍රී ලාංකික දිළිඳු දරුවන්ගේ අධ්‍යාපනය නංවන්නට උන්වහන්සේ කටයුතු කළා. සුනාමි වැනි ආපදා අවස්ථාවන් හී සහනාධාර ලබාදීමේ වැඩපිළිවෙළ මෙන්ම පහසුකම් අඩු පාසල් හා විහාරස්ථානවලටද විශාල ලෙස ආධාර කළා. දිළිඳු පවුල්වලට නිවාස ඉදිකරදීම මෙන්ම හමුදාවට හා රෝහල් ආදියට අවශ්‍ය උපකරණ ලබාදීම උන්වහන්සේ කරන සේවාවන්ට අයත් වෙනවා.

Pilimawahanse6පරවාහැර චන්දරතන නාහිමියන් ජාත්‍යන්තර ධර්මදූත සේවයේ යෙදෙන ගමන් තමන්ගේ මව් රට වෙනුවෙන් කරන සුවිශාල මෙහෙවර ඉතා ඉහළ බව විශේෂයෙන් කිව යුතුයි.
දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක හබරකඩ ඉන්දරතන, බස්නාහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක අත්තුඩාවේ පියරතන, ගාලු දිසාවේ ප්‍රධාන සංඝනායක මාපලගම බුද්ධසිරි යන නාහිමිවරු ඇතුළු මහ සඟරුවන හා විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

Share

පාරමිතා පූජාව - 2019

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software