topone

කොළොම්පුරයට අලංකාරයක් වූ නවම් පෙරහර

ගංගාරාමාධිපති ගලබොඩ ඥානිස්සර නාහිමියෝ



පෙරහර යනු ශ්‍රී ලාංකීය ඉපැරණි ඉතිහාසයේ ශ්‍රී විභූතිය විදහා දක්වන සංස්කෘතික මංගල්‍යයකි. ක්‍රි.ව. 301, 328 රජ පැමිණි කිත්සිරිමෙවන් රජ දවස දන්ත ධාතුන් වහන්සේ උදෙසා පළමු පෙරහර ශ්‍රීලංකාදීපයේ පැවැත්වූ බව ඉතිහාසය පුරා විද්‍යාත්මක සාධක ඔස්සේ පිළිගැනීමට හැකිය.
අනුරාධපුර යුගයේ පළමු දළදා පෙරහර සම්බන්ධව පස්වැනි සියවසේ මෙරට පැමිණි චීන ජාතික පාහියන් භික්ෂුවගේ දේශාටන සටහන්වලට ඇතුළත්ය.
දන්ත ධාතුන් වහන්සේට උපහාර දැක්වීම වස් පළමු දළදා පෙරහර පැවැත්විණි. දන්ත ධාතුන් වහන්සේ වැඩ විසූ දිවයිනේ විවිධ බෞද්ධ සිද්ධස්ථාන කේන්ද්‍රිය කරගෙන  පැවැත්වූ බව ඉතිහාස පුරාවිද්‍යාත්මක සාධක ඔස්සේ විස්තර වේ.
පසුකාලීන දෙවියන් මුල්කර කරගෙන පෙරහර පැවැත්විණි. එය ඇසළ උත්සවය කේන්ද්‍රිය කරගෙන වසරින් වසර අඛණ්ඩව පවත්වන සිද්ධස්ථාන රාශියකි. ඒ අතුරින් රත්නපුර මහ සමන් දේවාලය, කතරගම  කතරගම දේවාලය, මහියංගණ සමන් දේවාලය, අලුත්නුවර දැඩිමුණ්ඩ බණ්ඩාර දේවාල ආදී වශයෙන් ස්වල්පයක් සනිටුහන් කළ හැක.
විශේෂයෙන් සෙංකඩගල ශ්‍රී දළදා මාලිගාව ප්‍රමුඛ සිව්මහා දේවාලයන්හි වාර්ෂික ඇසළ මහා මංගල්‍ය සමස්ත ලෝකයාගේම ගෞරව සම්මානයට පාත්‍රවිය.
වත්මන් විවිධ විහාරස්ථාන ආශ්‍රිතව පැවැත එන පෙරහරවල් රාශියකි. එනම් බෙල්ලන්විල කැලණිය හා කොළඹ හුණුපිටියේ ගංගාරාම විහාරයේ පෙරහරවල් දෙස්විදෙස් සංචාරකයන්ගේ බුද්ධාලම්භන ප්‍රිතීයට ඉවහල් විය.
කොලොම්පුර කලා මංගල්‍ය නමින් විරුදාවලිය ලත් කොළඹ හුණුපිටියේ ගංගාරාමස්ථ නවම් මහ පෙරහර මේ මස 14, 15 දිනයන්හි 35 වැනි වතාවට ප්‍රදර්ශනය වේ.
සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලා අගසව් පදවිය සම්ප්‍රාප්තියත් ‍පොදුවේ බුද්ධ, ධම්ම, සංඝ යන තුණුරුවන් උදෙසා පවත්වන පුද පෙරහරත් ලෙස නවම් මහා පෙරහර වාර්ෂිකව පැවැත්වේ.
මේ මහා පෙරහර කොළඹ හුණුපිටියේ ගංගාරාමාධිපති කොළඹ නව කෝරළේ ප්‍රධාන සංඝනායක ගලබොඩ ඥානිස්සර නාහිමියෝ 1979 වර්ෂයේ එවකට අග්‍රාමාත්‍ය ධුරය දැරූ දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ අනුග්‍රහය ඇතිව ආරම්භ කෙරුණි.
තුරුණුවන්ට කෙරෙන පූජාවක් ලෙස මෙම පෙරහර වඩාත් වැදගත් වේ. දේවාභරණ වැඩමවීමක් මේ පෙරහරේ දක්නට නැත.
මේ රටට ආවේණික ඉපැරණි චාරිත්‍ර ධර්ම ආරක්ෂා කිරීම මේ පෙරහරේ මූලික        ලක්ෂණයකි. අලිඇතුන් විශාල සංඛ්‍යාවක් පෙරහරේ ගමන් කරති. සධාතුක කරඬුව සුවිශේෂ හස්ති රාජයෙකු පිටින් වැඩම කරවීම විශේෂිතය. උඩරට, පහතරට, සබරගමු පළාත්බද නැටුම් කලාවන්ගෙන් පෙරහර සමලංකෘත වේ. මේ රටට ආවේණික ඉපැරණි කලාකරුවන්ගේ කලා කෞශල්‍යයන් ඉස්මතු කිරීම තවත්    ලක්ෂණයකි.
මේ රටේ අනාගතය බාර ගැනීමට ආධුනික කලා ශිල්පීන් (පාසල් දරුවන්) විශාල සංඛ්‍යාවක් සහභාගි කරවීමට අපේක්ෂා කරති.
ජාතික සමගිය සංකේතවත් කිරීම වස් මෙවර නවම් පෙරහරට දෙමළ, මුස්ලිම් නැටුම් රංගන කීපයක් ඉදිරිපත් කෙරේ.
විශේෂයෙන් නවම් මාසය උදාවීමත් සමග විදේශ සංචාරකයන් දහස් ගණනක් කොළඹ නගරයට සංක්‍රමණය වන්නේ ගංගාරාමයේ නවම් මහා පෙරහර නැරඹීම සඳහාය.
සංස්කෘතිකාංග රැසකින් සමන්විතව වාර්ෂිකව පැවැත්වෙන නවම් මහා පෙරහැර මේ මස 14 15 යන දිනයන්හි වීථි සංචාරය කෙරේ.

බණ්ඩාර පිලවල

Share

පාරමිතා පූජාව - 2019

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software