topone

වෑවලදෙණියේ රාජා දිවි ගමන නිමා කරයි

es6මහනුවර ඇසළ මහා පෙරහැරේ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ රැගත් දළදා කරඩුව වැඩමවීමේ භාග්‍ය ලද වෑවලදෙණියේ රාජා හස්ති රාජයා සඳුදා (10) රාත්‍රී 9.45ට පමණ මිය ගියේය.

මරණයට පත්වන විට වෑවදෙණියේ රාජා හස්ති රාජයා 55 වන වියේ පසු විනැයි එම හස්තියා අයත් කෑගල්ල වෑවලදෙණීය මහින්දෝදය විහාරස්ථානයේ අධිපති හතරකෝරළේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය හෙම්මාතගම ශ්‍රී සිද්ධාර්ථ නා හිමි සදහන් කරති.

එම විහාරස්ථ දායක සභාවේ සභාපති සබරගමු මහ ඇමති මහීපාල හේරත් මහතා සදහන් කළේ දකුණූ පළාතේ අගුණුකොළපැලැස්සේ දී අල්ලා ගනු ලැබූ මෙම ඇත්පැටවා 1976 වසරේ එවකට සංචාරක කටයුතු අමාත්‍ය පී.බී.ජී .කළුගල්ල මහතා විසින් වෑවලදෙණීය විහාරස්ථානයට පූජා කළ බවය.

වසර 77 පමණ දිගු ඉතිහාසයක් ඇති කෑගල්ල පොසොන් පෙරහැරේ පුරා විසි වසකට ආසන්න කාළයක් සදාතුක කරඩුව වැඩම කිරීමේ භාග්‍ය ලද වෑවලදෙණීය රාජා ඊට අමතරව මහනුවර ශ්‍රී දළදා පෙරහැර ,ගංගාරාමය, බෙල්ලන්විල ,කැලණිය ,රත්නපුර මහ සමන් දේවාලය ,කතරගම වැනි ඇසළ පෙරහැර වල ද දෙහිඹ්විට රඹුක්කන ,මාවනැල්ල හෙම්මාතගම වැනි වාර්ෂික ඇසළ පෙරහැර වලද සධාතුක කරඩුව වැඩම කරලීමේ භාග්‍ය ලත් දුරලභ ගනයේ හස්ති රාජයෙකැයිද සබරගමු මහ ඇමතිවරයා සදහන් කරයි.

පුරා පහළොස්වරක් පමණ මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දළදා වහන්සේ වැඩ සිටින කරඩුව වැඩමකරලීමේ දුලභ අවස්ථාව එම ඇත් රජුට හිමිවිනැයි කී මහ ඇමතිවරයා ඊට අමතරව දළදා වහන්සේ වැඩමවන ඇතු ,දෑලවර ගමන්ගන්නා ඇතෙකු ලෙසද දිගුකළක් දළදා පෙරහැරට දායක වීමට රාජාට අවස්ථාව උදාවිනැයිද කීය.

කෙටි කළක් රෝගාතුරව සිටි වෑවලදෙණීය රාජා ශ්‍රී දළදා මාළිගාවට අයත් පල්ලෙකැළේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන භූමියේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මරණයට පත්විනැයි කී මහ ඇමතිවරයා එම හස්ති රාජයාගේ අවසන් කටයුතු අඟහරුවාදා (11) ප.ව.2.00ට පල්ලෙකැළේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී සිදු කිරීමට නියමිත බවද කීය.

මෙම හස්තිරාජයා මරණයට පත්වීම හුදෙක් වෑවලදෙණිය විහාරස්ථානයට පමණක් සිදු වූ පාඩුවක් නෙවන බව කී මහ ඇමතිවරයා කැගල්ල දිස්ත්‍රික්කයේ පමණක් නොව මහනුවර ඇතුළු කන්ද උඩරට මෙන්ම දිවයින පුරා බෞද්ධ විහාරස්ථානවලට බරපතල පාඩුවකැයි සදහන් කරයි.සධාතුක කරඩුව වැඩමවීමේ සියලු ගුණාංගයන්ගෙන් සහ අංග ලක්ෂණ වලින් ද සපිරි මෙම ඇත් රජුගේ මරණයෙන් අපේ පෙරහැර ඇතුළු ආගමික වතාවත් වලට පිරිමසා ලිය නොහැකි පාඩුවක් සිදු වී ඇති අතර එම හිඩස පිරලීම බලවත් ගැටළුවකැයි ද සබරගමු මහ ඇමතිවරයා පැවසීය.

Share

පාරමිතා පූජාව - 2019

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software