topone

පීනසට බලපාන හේතු

පීනස යනු සමාජයේ බහුල වශයෙන් තිබෙන රෝගී තත්ත්වයකි. පීනස හැඳින නිසි කලට නිසි අයුරින් ප්‍රතිකාර නොකිරීම නිසා පීඩා විඳින හා එම පීඩාව නිසා ෙදෙනික ජීවිතයේ වැඩකටයුතුවලට බාධා කරගන්නෝ කොතෙකුත් වෙත්. වෛද්‍ය උපදෙස් වෙනුවට හිත මිතුරන්ගේ උපදෙස් අනුව කටයුතු කරන්නට යාමත්, නාසයට නටුවක් දමා කරකවා සෙම පිට කරන්නට යාම වැනි අන්තරායකාරී පිළිවෙත් අනුගමනය කිරීමත් පීනස නිසා ඇති වන මානසික පීඩා කුටුම්බ සාමාජිකයන් හට ද මා ගැසීමත් ඔබට හොඳින් දැක පුරුදුය.
එහෙත් රෝගී තත්ත්වය හඳුනාගෙන ක්‍රමානුකූලව වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම ඔස්සේ පීනසෙන් අත්විඳිය හැකි බවට තහවුරු වී ඇත.

දේශීය ප්‍රතිකාර ඉතිහාසය
පීනස් රෝගයෙන් මුළුමනින් අත්විඳීම සඳහා දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අනුගමනය කිරීම හැමතින්ම ඵලදායකය. එය චිරාත් කාලයක් පැවත එන ප්‍රතිකාර ක්‍රමයකි. එය ඉතාමත් පැරණි, ප්‍රත්‍යක්ෂ චිකිත්සාවකි. එහෙත් එම චිකිත්සාව එතරම් ප්‍රචලිත නොවීමේ ගැටලුවක් ඇත. ඊට හේතු කීපයක් පවතී.
මේ චිකිත්සාව දැන සිටි වෛද්‍යවරුන් එය භාවිත කළේ රහසිගත වෛද්‍ය ක්‍රමයක් ලෙසය. එය තම පරම්පරාවේ අයට පමණක් කියා දීම ඔවුන්ගේ සිරිත විය. පරම්පරාවෙන් පිට අය අතට ප්‍රතිකාර ක්‍රමය පත් නොවීම නිසා පරම්පරාව අභාවයට පත්වීම ප්‍රතිකාර ක්‍රමයේද අභාවය බවට පත්විය. එහෙත් ජාතියේ භාග්‍යයට පරම්පරාවෙන් පිට සුළුතරයක් අතට වෛද්‍යක්‍රමය පත්වීම යන කරුණු අනුව මේ මහානර්ඝ ප්‍රතිකාර ක්‍රමය වත්මන දක්වා පැවත ආයේය.
යටත් විජිත සමය දේශීය සම්ප්‍රදායක් මුලිනුපුටා දැමූ අවධියක් විය. පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ද එයින් එකකි. එය ගර්හාවට ලක් කිරීම, බටහිර වෛද්‍ය ක්‍රමයට පමණක් පහසුකම් සලසා දීම, දේශීය පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය පාසල් අධ්‍යාපනයට මාරු කිරීමේදී දේශීය වෛද්‍ය ක්‍රමය පිළිබඳව තිබූ සුහද ආකල්පය හා අවබෝධය තුරන් කිරීම, යැපුම් කෘෂිකර්මය වාණිජ කෘෂිකර්මයට මාරු කිරීමේදී දේශීය වෛද්‍ය ක්‍රමයේ පදනම වූ ඖෂධ පැළෑටි සංහාරයට ලක්වීම හා පරිසර හිතකාමි ජීවන දර්ශනය වෙනුවට ආත්මාර්ථය ඉස්මතු කිරීම යනාදී හේතු මත සිංහල වෙදකම වැලලී යන්නට විය. මේ අභියෝග සියල්ලට මුහුන දෙමින් දැඩි දුෂ්කර තත්ත්වයක් යටතේ දේශීය වෛද්‍ය චිකිත්සාව රැකගත් සුලු  පිරිසක් නිසා පීනස සඳහා නොවරදින ප්‍රතිකාර ක්‍රමය වත්මන් පරපුරට ලබාදීමට අවස්ථාව ලැබුණි.

පීනස යනු
පීනස යනු ශ්වසනේන්ද්‍රීය පද්ධතිය සම්බන්ධ රෝගී තත්ත්වයකි. නාසය හා සම්බන්ධ සියලු කුහර ආවරණය වී ඇති කොටස නාසාස්කරණය නමින් හැඳින්වේ. ශ්‍ලේෂ්මල කලාප යැයි ද ඊට කියති. මෙහි ඇති වන ප්‍රදාහිත තත්ත්වය පීනසයි.

රෝග ලක්ෂණ
විටෙක නාසය සෙමවලින් බැඳේ. තවත් විටෙක වියළේ. නාස් කුහරය තෙත් වනසරින්ම ගිනියම් වීම මෙහි විශේෂ
ලක්ෂණයකි. හිටි අඩියේ සොටු දියර ගැලීම අතිශය පීඩාකාරී අත්දැකීමකි.
වියළීම ද එසේය.

පීනස් ප්‍රභේද
සොටු දියර ගැලීමේ පීනස් ප්‍රභේදය “දිය පීනස” නමින් හැඳින්වේ.” ගල් පීනස” වැළඳුණු අයගෙන් සොටු දියර ගැලීමක් සිදු වන්නේම නැත. එහිදී සෙම කොටස්
වියළෙයි. හිසෙහි එක්රැස් වෙයි. හිසේ බර ගතිය හිස කැක්කුම හා ශ්‍රවනේන්ද්‍රීය අවහිර වීම මෙහි ප්‍රතිඵලයයි. මෙබඳු ප්‍රභේද 18ක් පවතී.

ප්‍රභේද අනුව ප්‍රතිකාර
පීනස් ප්‍රභේදය අනුව ප්‍රතිකාරය වෙනස් වේ. ගල් පීනසේ දී සෙම කොටස් බුරුල් කිරීම සඳහා ඖෂධීය වාෂ්ප, ශ්වේද ඇල්ලීමකට රෝගියා භාජනය කෙරේ. නමුත් දිය පීනස සඳහා
වාෂ්ප ශ්වේද ඇල්ලීමක් අවශ්‍ය නොවේ. මේ ප්‍රභේදවලට උචිත වු පාරම්පරික චිකිත්සා ක්‍රම වෙන වෙනම ඇත.

නස්න කිරීම
පීනස් රෝගයට ප්‍රතිකාර කිරීමේදී නස්න ක්‍රම අනුගමන කිරීම ඇතමුන්ගේ විවේචනයට ලක්ව තිබේ. මෙයින් මරණය පවා සිදුවිය හැකි බවට ඇති දුර්මතයෙහි කිසිදු පදනමක් නැත.
නස්නය යනු ආයුර්වේදයෙහි භාවිත වන වාමන, විරෝඛන, වස්ති, රක්තමෝක්ෂණ යන පංචකර්ම චිකිත්සාවලින් එකකි. මෙහි දී කරනු ලබන්නේ නාසයට ඖෂධ යෙදීම හෙවත් නස්නයි. ඒ සඳහා පූර්වයෙන් ශරීරය සූදානම් කිරීම අවශ්‍ය වේ.
මෙහි පූර්ව කර්ම යනු ඖෂධීය
වාෂ්ප ශ්වේද ඇල්ලීම සහ ‍පොට්ටනිවලින් තැවීමයි. ඝන වූ සෙම් කොටස් ද්‍රව බවට පත් වී ශරීරයෙන් ඉවත් කිරීම පුහුණු කිරීමේ ක්‍රමයකි. එය පසුව නස්න කිරීම ඔස්සේ සෙම කොටස් සීරුවෙන් බැහැර කෙරේ. ඉන්පසු විෂබිජ නාශකයක් නැවත සෙම් කොටස් සෑදීම වැළැක්වීම සඳහා ඖෂධීය දුම්පානය සිදු කෙරේ. ආයුර්වේදයේ මෙය හඳුන්වනු ලබන්නේ පශ්චාත් කර්ම ලෙසය. උදේ වරුවේ නස්න කර  එදින සවස රෝගීන් නහවයි.
නස්න ප්‍රතිකාරය හා නැහැවීම ඉන්ද්‍රියන් චිකිත්සාවෙහි නොමැති වීම පිළිබඳ සැක සංකා ඇති කරගත යුතු නැත. මෙය දේශීය චිකිත්සාවකි.
දුම්පානය ශරීරයට අහිතකර දෙයකි. එහෙත් මෙහි දී දුම්කොළ හෝ වෙනත් මත්ද්‍රව්‍ය භාවිත නොකෙරේ. මෙහි දී භාවිත කරනුයේ සිරුරට හිතකර වු ඖෂධ ද්‍රව්‍ය පමණි.

වියළීම පිළිබඳ බිය
සෙම වියළිවීමේ ප්‍රතිඵලය වන්නේ නැවත වරින් වර රෝගය උත්සන්න වීමය. එනිසා දේශීය චිකිත්සාවෙහි එම ක්‍රමවේදය ඇතුළත් නොවේ. සෙම
වියළීමෙන් හිසේ කැක්කුම ද ඇති විය හැකිය.
දේශීය චිකිත්සාවේදී සිදු කරන්නේ තැන්පත් වී ඇති සෙම කොටස් ඉවත් කිරීම හා නැවත සෙම තැන්පත් වීම වැළැක්වීමය.

නිට්ටාවට සුව කිරීම
ඕනෑම ප්‍රතිකාරයකින් පසුව රෝගියකුට ඇති වන බිය, නැවත එම රෝගය හට ගන්නේ ද යන්නය. එහෙත් පීනස් ප්‍රභේදය නිවැරදිව හඳුනාගෙන එයට නිසි ප්‍රතිකාර කිරීම හා රෝගියාගේ කල්කිරියාව  යහපත් වීම අනුව පීනස මුළුමනින්ම තුරන් කළ හැකිය. මේ ප්‍රතිකාරය සඳහා අවශ්‍ය වන්නේ ප්‍රතිකාර දින 7ක කාලයකි. සුව වන බව තහවුරු කර ගන්නේ රෝගියාට අගුණ ආහාර සියල්ල ලබා දී නැහැවීමෙනි.
රෝග මූල්‍ය හඳුනාගෙන එයට ප්‍රතිකාර කිරීම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ස්වභාවයයි. මෙය නිසියාකාරව කළ විට නැවත රෝගය මතු නොවේ. එහෙත් පීනසට බලපාන හේතු පිළිබඳ නොසැලකිලිමත්ව කටයුතු කළ හොත් නැවත රෝගය ඇති විය හැකිය.

රෝගය වළක්වා ගැනීම
සෑම අයකුටම තම ආහාර රටාව පිළිබඳ අවබෝධයක් තිබිය යුතුය. ඇතැම් ආහාර වර්ග නිතර නිතර ලබාගැනීම අහිතකරය. පැරණි රස අධික ආහාර’ පිටි අධික ආහාර නිතර ලබා ගැනීම අනුචිතය. ප්‍රතිකාර කාලය තුළදී මස්, මාළු අනුභව නොකිරීම වඩාත් ඵලදායකය.  එමෙන්ම කරවිල වැනි තිත්ත රසැති ආහාර භාවිතයද අනුචිතය.
ආහාර ගැනීමේ දී පත්තියන් නොවීමේ භයානක ප්‍රතිඵල ඇති වේ යැයි බියවීමේ පදනමක් නැත. මෙම සමාජයේ මුල් බැසගත් දුර්මතයකි. පත්තියන් නොවීමෙන් සිදු වන්නේ අපේක්ෂිත සුවය අඩුවීමක් පමණි.
මේ ප්‍රතිකාර ක්‍රමය දරුවන්ට සුදුසු නැත. එහෙත් අවුරුදු 8න් ඉහළ දරුවන් සඳහා සුදුසුය.
 පීනස් රෝගයෙන් කලක් තිස්සේ පීඩා විඳීම නිසා සිරුර අවලස්නන විය හැකිය. පීනස නිසා මුහුණ කළුතලා වැටේ. පාණ්ඩු ගතිය ඇති වේ. හිස කෙස් ගැලවී යයි. ඉස්හොරි ඇති වේ. මුහුණේ කුරුලෑ ද හට ගනී. දත් මුල් දිය වී දිව කළු පැහැගැන්වේ. සිරුර කෙට්ටු වේ.

පීනසෙන් වැළකීම
ආයුර්වේද වෛද්‍ය ක්‍රමයෙහි නිදාන පරිවර්ජනය යනුවෙන් අදහස් කරන්නේ රෝගය වළක්වා ගන්නා මාර්ග හඳුනා ගැනීමයි. ඒ මෙසේය.
දඅධික සිසිල් ජලයට නිරාවරණය වීම,
දඅධික සිසිල් ජලය පානය,
දසීතල ආහාර පාන ගැනීම,
දඅධිකව නිදි වැරීම,
දඅධිකව පිණි බැම,
දනාස්පුඩු වලට දුම් දූවිලි වැදීම,
දදහවල් අධිකව නිදා ගැනීම,
දමළ මුත්‍ර වේග පිට නොකර දරා සිටීම, නොකළ යුතු දේ වන්නේය.

 

මීගොඩ ආයුර්වේද රෝහ‍ලේ පීනස පිළිබඳ විශේෂ වෛද්‍ය ප්‍රතිකාර ඒකකයේ වෛද්‍ය අශෝක් රාමසුන්දර මහතා සමග පැවැති සාකච්ඡාව ඇසුරින් සකස් කෙරේ.

Share

පාරමිතා පූජාව - 2019

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software