topone

silmatha-kaiw

කටු වලින් නිදහස් වෙන්න කල්පනා කරන්න. කටු වලින් නිදහස් වීම සඳහා කැමැත්ත උපදවා ගන්න. ඒ කටු තියෙන්නේ හිතේ. බාහිර නෙමේ. අපි කල්පනා කරනවා බාහිර තමයි මේ ප්‍රශ්න ඔක්කොම තියෙන්නේ කියලා නෑ. හිතේ තමයි මේ කටු තියෙන්නේ. එතකොට අපි මේක තේරුම් ගත්තොත් අපි ඒවා ගලවා ගන්න කල්පනා කරනවා. ආන්න ඒ සඳහා තමයි මේ එක් එක් භාවනා පුරුදු විය යුත්තේ.

අද අපි කල්පනා කළා ආහාරයේ පිළිකුල් සංඥාව පිළිබඳ කෙටියෙන් කාරණා කියලා දෙන්න.

මම හිතන්නේ අපි කවුරුත් මේක දන්න දෙයක්. පුරුදු නොකරනවා නම් පුරුදු කළ යුතු දෙයක්. සමහර අය අපෙන් අහනවා ආහාරයේ පිළිකුල් සංඥාව වඩන්නේ කොහොම ද? කියලා. ආහාරයේ පිළිකුල් සංඥාව අපි බහුලව පුරුදු කළ යුතු එකක්. බහුලව වැඩිය යුතු භාවනාවක්. දිනපතා වැඩිය යුතු භාවනාවක්.

එතකොට ඒක අද පොඩ්ඩක් කරලා, ආයේ සතියකින් තව ටිකක් කරනවා. එහෙම නෙමෙයි. මේ භාවනාව දිනපතා කළ යුතු යි. බහුලව පුරුදු කළ යුතුයි. එතකොට යි ඒකෙන් අපට ඒ අදාළ ප්‍රතිලාභය අත්වන්නේ. එහෙම නැත්නම් අපි ඒක අතහැරලා දානවා. මේකෙන් මොකුත් ප්‍රතිඵල නෑනේ කියලා හිතලා. අන්තිමට අපි භාවනාවට තමයි ගරහන්නේ. සුදුසු විදියට කරන්නේ නැති වුණහම අදාළ ප්‍රතිලාභය ලැබෙන්නේ නෑ.

එතකොට අපි දොස් කියන්නේ භාවනාවට. වරද කාගේද? තමන්ගේ. තමන් සුදුසු විදිියට ඒක කරලා නෑ. පුරුදු කරලා නෑ. ඉතින් සුදුසු විදියට ඒත නොකරපු නිසාම ඒකෙන් ලැබෙන ප්‍රතිලාභය ලැබෙන්නේ නෑ. ඉතින් අපි කියනවා මේක හරියන්නේ නෑ. අද කාලේ මේක කරන්න බෑ. ඔය වගේ නොයෙකුත් කතා කියනවා. ඇයි සුදුසු විදිහට කරලා නෑ. ඒකයි හේතුව. ඒ නිසා මේ භාවනාව දිනපතා උත්සාහ කරන්න.

එතකොට බලන්න දිනපතා අපි මේවා කරන්න පටන් ගත්තොත්, අපිට කරන්න වැඩ තියෙනවා නේද? අපිට කරන්න වැඩ තියෙනවා. එතකොට අපිට කම්මැලිකම, එහෙම නැත්නම් නිකම් කතා කර කර ඉන්න එක, අර්ථ රහිත ගමන් ආදිය නැතිව යනවා. ඒවා එන්නේ නෑ. ඇයි? ඒ අපිට කරන්න වැඩ තියෙන නිසා.

ඒ විදියට අපි යම් කටයුත්තක් කරන්න පටන් ගත්තොත් අපි ක්‍රමානුකූලව යම් දෙයක් පුරුදු කරන්න ගත්තොත් ඔබට දවසේ පැය විසි හතර මදියි කියලා හිතෙයි. එතරම් ම දේවල් අපිට කරන්න යනවා. ඒ නිසා කාලය අපතේ දාගන්න එපා. වැඩ කරන්න. තමන්ගේ ජීවිතයට වටිනා දේ එකතු කර ගන්න. එතකොට කාලය අපතේ දාන කෙනකු බවට පත්වන්නේ නෑ.

‘ආහාරයේ පිළිකුල් සංඥාව‘ ත් ටික ටික තමයි පුරුදු කරන්නේ. එතකොට ඒ භාවනාව කරන්නේ කොයි වෙලාවට ද? ආහාර ගන්න පෙර ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕනෑ. අපි සාමාන්‍යයෙන් කරනවා නේද? ඒක හොඳ සිහියෙන් කරන්න.

එතකොට, මම මේ යෝජනාවක් කරන්නේ, කරන්න කියලා බල කිරීමක් නෙමෙයි. ආහාර ගන්න කලින් ප්‍රත්‍යවේක්ෂා කරන්න. ආහාර ගන්න කොට, එතකොට කොහොමද කරන්නේ? සිහියෙන් ඒ කටයුත්ත කරන්න. මුලින් ම සම්පජඤ්ඤය (සිහිනුවණ) දියුණු කර ගන්න. කලබල කර ගන්න එපා. සිහියෙන් පුරුදු කරන්න. ටික ටික හුරු වේවි කලක් යනකොට. අපට තවදුරටත් සිහිය පිහිටුවා ගන්න අවස්ථාවක් ලැබෙයි. ‘රස’ දැනෙන කොට අපිට පුළුවන් සිහිය පිහිටුවා ගන්න. ඒ වගේම කලබල නොවී මුලින් ම සිහියෙන් ආහාර ගන්න පුරුදු වෙන්න. කලක් යනකොට අපට ඒ රස හැම එකක් ම තේරුම් ගනිමින්ම ආහාර වළඳන්නට පුළුවන් වනවා. ඉතින් ඒක එක පාරට බෑ නේද? ඒ නිසා මුලින් පුරුදු කරන්න සම්පජඤ්ඤය (සිහි නුවණ) පුරුදු කරමින් ආහාර ගන්න. ඒක තේරෙන්නේ නැත්නම් සතිපට්ඨාන දේශනාව බලන්න. ඒකෙ තියෙනවා.

ඊට පස්සේ ආහාර අරගෙන ඉවර වෙලා. සාමාන්‍ය භාවනාවක් කරන පිළිවෙළට ආහාරයේ පිළිකුල් සංඥාව පුරුදු කරන්න. දානේ වළඳන කොට නෙමෙයි කරන්නේ. දාන වළඳනකොට සිහියෙන් කරන්න. එතන සම්පජඤ්ඤය (සිහි නුවණ) හුරු වෙන්නේ. පස්සේ වේදනානුපස්සනාව දක්වා අපට දියුණු කර ගන්න පුළුවන්කම තියෙයි. එතකොට සමහර අය දානේ වළඳමින් ඉන්න අතරේ, පිළිකුළයි කියලා කල්පනා කරනවා. ඒ ගැන මොකද හිතන්නේ, එහෙම කරනවා ද?. ඔයගොල්ලන් ආහාර ගනිද්දී පිළිකුලයි කියලා හිතනවා ද? එහෙම මට සමහර අය කියලා තියෙනවා. ඉතින් මම අහනවා ඒ ගොල්ලන්ගෙන් දැන් අපි රස මිහිරි කෑමක් ගන්නවා. ඒ රස මිහිරි කෑම ගන්නකොට ඒක පිළිකුල යි කිය කියා හිතන්නේ ඇයි? එතකොට ඒක හරි දෙයක් නෙමෙයිනේ කරන්නේ. පඩිපෙළේ පිටිපස්සට බහිනවා වගේ. පඩිපෙළක බහින කෙනා පිටිපස්සෙන් පිටිපස්සට පඩිපෙළේ බහිනවා. එයාට ප්‍රනීත භාවයක් ඇතිවෙයි ද? සුව පහසුවක් ඇති වෙයිද? අනතුරක් නේ ද තියන්නේ. ඒ වගේ රස මිහිරි කෑමක් අපි අනුභව කරන ගමන් එයා හිතනවා පිළිකුලයි මේක පිළිකුලයි කියලා හරිද? එතකොට අපිට මොකක්ද කරන්න තියෙන්නේ, රසයි නම් රසයි කියලා චනගෙන වළඳන එකයි. තිත්තයි නම් ‘තිත්තයි’ කියලා දැනගෙන වළඳන එක. ඒ නිසා වළඳනකොට පිළිකුලයි කියලා ගන්න එපා. ඒක අර්ථයක් නෑ. වළඳනකොට මුලින් හුරුකර ගන්න සම්පජඤ්ඤය (සිහි නුවණ) සිහියෙන් ආහාර ගන්න. කලක් සිහිය පුරුදු කරනකොට ‘ආශාව තේරෙයි රස තේරෙයි’ එතකොට ඒ අනුව විඳීම හඳුනගන්න පුළුවන්කම තියෙයි. කලබලයට කරන්න එපා.

මේ භවනාව මේ විදියට පුරුදුවන්න. සාමාන්‍යයෙන් භාවනා කරන පිළිවෙළට වාඩිවෙලා, අපි කලින් කියලා තියෙන විදියට ම හොඳට කය සෘජු කරගෙන, සිහිය පිහිටුවාගෙන හිතට ගන්න ‘මම දැන් ආහාරයේ පිළිකුල් සංඥාව පුරුදු කර ගන්න ඕනෑ’ කියලා. සිහිය පිහිටුවා ගන්න. ඒක වෙනම සංඥාවක්. දැන් අසුභය කියන්නේ වෙනම සංඥාවක්. ආහාරයේ පිළිකුළ කියන්නේ වෙනම සංඥාවක්. භාවනා කරනකොට ඒ ඒ සංඥාවේ හිත පිහිටුවන්න. දැන් ආහාරයේ පිළිකුල් සංඥාව වඩනවා නම්, මම දැන් ආහාරයේ පිළිකුල් සංඥාව පුරුදු කර ගන්න ඕනෑ’ කියලා හිතන්න.

ඊට පස්සේ අදාළ භාවනා මනසිකාරය ටික ටික පුරුදු කරගන්න. භාවනා මනසිකාරය මෙහෙම කරන්න. හිතන්න මේ ආහාර කොච්චර සුවඳට රසට ලස්සනට පිළියෙල කරලා තිබුණත් ආහාර අතින් අල්ලපු ගමන් ඒක ඉඳුල් වෙලා යනවා. ඒ නිසා මේ ආහාර පිළිකුල යි. පිළිකුලයි පිළිකුල යි. මේ ආහාර කටට ගත්තහම කටේ තියෙන කෙළ සෙම එක්ක කලවම් වෙනවා. මේක පිළිකුල් දෙයක් බවට පත්වෙනවා. ඒ නිසා මේ ආහාර පිළිකුල යි. පිළිකුල යි. පිළිකුල යි. උගුරෙන් පහලට යනකොට සෙම සොටු සමඟ මේ ආහාර කලවම් වෙනවා. තවදුරටත් මේක පිළිකුල් දෙයක් බවට පත්වෙනවා. ඒ නිසා මේ ආහාර පිළිකුල යි. පිළිකුල යි. පිළිකුල යි. ආහාර බඩට ගියාම ඒ බඩේ තියෙන නොයෙකුත් දේ සමග එකතු වෙනවා. වමනය බවට පත්වෙනවා. මේ ආහාරය ඉතාම පිළිකුල් දෙයක් බවට පත්වෙනවා. ඒ නිසා මේ ආහාර පිළිකුලයි, පිළිකුල යි, පිළිකුලයි. බඩවැල් වලට ගියහ ම මේ ආහාරය අසුචි බවට පත්වෙනවා. ඉතාම දුර්ගන්ධ දෙයක් බවට පත්වෙනවා. මේ ආහාර පිළිකුල යි පිළිකුලයි, පිළිකුල යි. මේ ආහාරය අනුභව නොකර තිබ්බොත්, පිළුණු වෙලා දුර්ගන්ධ ය හමන දෙයක් බවට පත්වෙනවා. ඒ නිසා මේ ආහාරය පිළිකුල යි, පිළිකුල යි, පිළිකුල යි. මේ ආහාර උයන්නේ නැතිව තිබ්බත් ඒත් කුණු වෙලා පිළිකුල් දෙයක් බවට පත්වෙනවා. දුර්ගන්ධය හමන දෙයක් බවට පත්වෙනවා. ඒ නිසා මේ ආහාර පිළිකුලයි පිළිකුලයි පිළිකුළයි’.

මෙන්න මේ විදියට ඒ භාවනා මනසිකාරය පුරුදු කර ගන්න. ;කටියි. ගොඩක්. නෑ. ඉතින් ආපහු මුල ඉදන් මෙනෙහි කරන්න. විශේෂයෙන් මතක තියා ගන්න, දැන් අසුභ සංඥාව ආහාරයේ පිළිකුල් සංඥාව, මේ වගේ භාවනා කරන කොට මතක තබාගත යුතු කාරණයක් තියෙනවා. අසුභ භාවනා හෝ ආහාරයේ පිළිකුල් සංඥාව හෝ වේවා වඩන කෙනෙකුට අප්පිරියාවක් එනවා නම්, ඒක වැරදි යි. අප්පිරියාවක් එන්න බෑ’ මොකද භාවනාවක් කිරීමෙන් අපිට උපදින්න ඕනෑ ප්‍රනීත බවක්, සුව පහසුවක්. ඒ භාවනා කිරීම නිසා අපට පීඩාවක් එනවා නම් අපි කරපු විදිහ වැරැදි යි.

ඒ නිසා විශේෂයෙන් අසුභ භාවනවා, ආහාරයේ පිළිකුල වගේ භාවනා කරනකොට ඉහතින් පෙන්වා දී තිබෙන වචන ටික ප්‍රමාණවත් කියලා අපි හිතනවා. නොයෙකුත් වචන දදා පිළිකුල් හැඟීම් උපදවා ගන්න එපා. දැන් මේ භාවනාවේ පිළිකුල් ස්වභාවයක් ගැන කල්පනා කළාට, අපිට පිළිකුලක් උපදිනවා නම් ඒක වැරදියි. පිළිකුල කියන්නේ සැපද?, දුක ද? දුකයි. ඉතින් අපි භාවනාවක් කරලා දුකක් උපදිනවා නම් ඒක ඵලය නෙමෙයි නේද? ඒක ඵලයක් නෙමේ. එහෙනම් භාවනාවකින් දුකක් උපදින්න බෑ. දුකක් ඉපදුනොත් ඒක වැරැදි යි. කරපු විදිහ වැරදි යි. ඒ නිසා සමහර අය නොයෙකුත් වචන දදා පිළිකුල් ස්වභාව උපදවා ගන්න කල්පනා කරනවා. එහෙම කරන්න එපා.

දැන් සමහර කට්ටිය කියනවා අසුභය වැඩුවට මට පිළිකුල තේරෙන්නේ නෑ කියලා. භාවනාවෙ නම අසුභ සංඥාව නේද? ඉතින් ගොඩාක් අය පිළිකුලක් බලහත්කාරයෙන් උපදවා ගන්න උත්සාහ කරනවා. ඒක වැරැදියි. ඉතින් පිළිකුල කියන්නේ සැපක් නෙමේ නේ? මහ දුකක් නේ. කැමැතියි ද? ඒ විදිහට පිළිකුල උපදවා ගන්න ඕන නම්, අසුභය වඩන්න ඕනෑ ද? වැසිකිලි වළ දිහා බලපුවහ ම ඉවරයි නේ? ආහාරය ගැන අප්පිරියාවක් නම් උපදවා ගන්න ඕනේ, භාවනා කරන්න ඕන නෑනේ? නරක් වෙච්ච ආහාර දිහා බලපුවහ ම ඉවරයිනේ. පිළිකුල උපදි යි. නමුත් පිළිකුල උපදවා ගැනීම නෙමෙයි, මේ භාවනා කිරීමේ අර්ථය. ඒ නිසා පිළිකුල ඇති වනවා නම් අප්පිරියාවක් නම් ඇති වෙන්නේ ඒක වැරදි යි මතක තියාගන්න. දැන් අපිට ආහාරයේ පිළිකුල් සංඥාව වඩන්න ගිහිල්ලා ආහාර ගන්න බැරි නම් අර්ථයක් නෑ නේ ද? ආහාර ගන්න බැරිවීමක් වෙනව නම් ඒ භාවනාව කරපු විදිහ වැරදි යි.

ආහාරයේ පිළිකුල් සංඥාව වඩන කෙනාට ‘රස තෘෂ්ණාව‘ ක්‍ෂය වෙන එක තමා වෙන්නේ. රස කෙරෙහි තියෙන ඇල්ම අඩුවෙලා යනවා. එතකොට ආහාර රුචිය අඩුවෙලා යනව ද? නෑ. ආහාර රුචිය අඩුවෙන්න නෑ. ආහාර රුචිය තියෙනවා. රස තෘෂ්ණාව තමා අඩුවෙන්නේ. දැන් පිළිකුලක් දැනුනොත් කෙනෙකුට මොකක් ද වෙන්නේ. රස තෘෂ්ණාව තියෙනවා. ආහාරය රුචිය අඩුවෙනවා. එතකොට ඒ ආහාරයේ පිළිකුල වැඩීම තුලින් ආහාර රුචිය අඩුවෙනවා නම් ඒ කරපු විදිහ වැරදියි. අඩුවිය යුත්තේ මොකක් ද? රස තෘෂ්ණාව, රුචිය අඩුවෙන්න බෑ මතක තියා ගන්න.

 

සමහර අය ඉන්නවා, අසුභ භාවනාව පුරුදු කරනකොට, ආහාර පිළිබඳ රුචිය අඩුවෙන බව කියන අය. එහෙම වෙනව නම් ඒත් වැරදි යි. මතක තියාගන්න සමහර විට ආහාර රුචිය නැතිවෙනවා. අසුභය වඩන කොට අප්පිරියාව උපදිනවා නම් ඒකත් වැරදි යි. කරන විදිහ වැරදියි. ඒකයි විවිධ විදිහේ වචන පාවිච්චි කර කර පිළිකුල වඩන්න එපා කියලා කියන්නේ. 

මොකද හේතුව මේ භාවනා කිරීමෙන් පිළිකුල් හැඟීමක් උපදවා ගැනීම නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. අර්ථය වෙන්නේ පිළිකුල් හැඟීමක් උපදවා ගැනීම නෙමේ. දැන් ආහාරයේ පිළිකුල් සංඥාව කියල කියනවා. එහෙම කිව්වට ඒකෙන් ආහාරය පිළිබඳ පිළිකුලක් උපදවා ගැනීම නෙමෙයි කරන්නේ. අර්ථය වෙන්නේ ඒකෙන් අපේක්ෂා කරන්නේ, රස තෘෂ්ණාව දුරුකර ගැනීම. රස පිළිබඳව තියෙන ආශාව දුරුකර ගැනීම. නමුත්, ඒකෙන් එයාගේ ආහාර රුචියට හානි වෙන්නේ නෑ. ආහාර රුචිය නැති වෙලා යන්නේ නෑ. එයාට ආහාර ගන්න පුළුවන්. ඒ ගැන බය වෙන්න එපා. එතකොට ඒ කාරණා හොඳට මතක තියාගන්න.

මේ කාරණා නොදැන අපි වරද්ද ගන්නවා. මේවා දැනගෙන ආහාරයේ පිළිකුල් සංඥාව හොඳින් පුරුදු කර ගන්න. ඒකත් ටික ටික තමා කරන්නේ. ටික ටික කරමින් පුරුදු කර ගන්න. මේ භාවනාවෙනුත් අපිට සමාධිය උපදවා ගන්න පුළුවන්. ඒ වගේම තමයි සමාධිය කිවුවහ ම ඉහළ සමාධි උපදවා ගන්න පුළුවන්. බොජ්ඣංග ධර්ම හත ම දියුණු වෙන භාවනාවක්. විශේෂයෙන් ආහාරය පිළිබඳ රස තෘෂ්ණාව දුරුකර ගන්න පුළුවන් භාවනාවක්. ඉතින් ඒක විශාල ලාභයක් අපි කන බොන කබලිංකාර ආහාරය පිළිබඳ ඇල්ම දුරුකර ගන්න පුළුවන් වුනොත් ඒක සුළු පටු ලාභයක් නෙමේ. අසාමාන්‍ය ලාභයක්. ප්‍රමාණ කරන්න බැරි ලාභයක්.

ඒ නිසා අපිට තේරෙන දෙයක්, පිළිගත යුතු දෙයක් තමයි, මේක ලෙහෙසි දෙයක් නෙමේ. ආහාර පිළිබඳ තෘෂ්ණාව දුරුකිරීම ලෙහෙසි නෑ. හැබැයි ඒකට තියෙන ක්‍රමය තමයි මේක. ආහාරයේ පිළිකුල් සංඥාව පුරුදු කිරීම. ආහාරයේ පිළිකුල් සංඥාව පුරුදු කිරීමෙන් රස තෘෂ්ණාව ක්‍ෂය වෙලා යනවා.

ඒ නිසා මේ භාවනාව පුංචියි කියලා සරල යි කියලා අත හරින්න එපා. සරල විදියට තිබුනට ඒකෙ ප්‍රතිඵල මහත් ඵල යි.

ඒ නිසා මේ භාවනාව අඛණ්ඩව පුරුදු කර ගන්න. බහුල වශයෙන් කරන්න පුරුදු වෙන්න. දවසට දෙතුන් සැරයක් කරත් කමක් නෑ. තමන්ට පුළුවන් පුළුවන් විදියට කරන්න. මුලින් විනාඩි පහක් කලත් කමක් නෑ.

කරමින් කාලය වැඩිකර ගන්න. විනාඩි පහක්, දහයක්, පහළොවක්.... ඒ විදිහට කාලය වැඩිකර ගන්න ටික ටික. එතකොට අපිට කලක් යනකොට කරන්න වැඩ තියෙනවා ඕනෑ තරම්. එතකොට කම්මැලිකමට ඉඩක් නෑ. නිකන් කතා කර කර ඉන්න වෙලාවක් එන්නෙ නෑ අපිට. ඇයි කරන්න වැඩ තියෙනවා නේ ද? දැන් අපිට කරන්න වැඩ නැත්නම් තමයි ප්‍රශ්න ඔක්කොම තියෙන්නේ. කරන්න වැඩ තියෙනව නම් අපිට අනවශ්‍ය කතා වලට වෙලාවක් නෑ.

දැන් අපිට භාවනා කීපයක් පුරුදු කරන්න තියෙනවා. පොත්පත් බලන්ට තියෙනවා. එතකොට අනවශ්‍ය දේ කරන්ට අපිට වෙලාවක් තියෙනවාද? නෑ. කඩියෝ වගේ් වැඩ. කඩියන්ට තියෙනවාද? නිදහසක්. නෑ නේද? එයා ඉතා වේගයෙන් වැඩ කරනවා. එයාට වෙනත් දේකට වෙලාවක් නෑ. අන්න ඒ වගේ් අපි යමක් කරන කෙනෙක් බවට පත්වෙනවා. යමක් කරන කෙනෙක් බවට පත්වෙන්න නම් කරන්න දේ තියෙන්න ඕනේ. දැන් ඔන්න කරන්න දේ තියෙනවා. ඒ නිසා මේ භාවනාවන් අපි ටික ටික පුරුදු කර ගන්න. අඛණ්ඩව කරන්න පුරුදු වෙන්න. ඒ පිළිබඳ විශ්වාසය ගොඩනගා ගත්තොත් ඊළඟට විශේෂයෙන් මේ භාවනාවන් කිරීමෙන් අපිට ලැබෙන ප්‍රතිලාභය තමයි, ඉතාම ප්‍රනීත වූ ජීවිතයක් හදාගන්න පුළුවන්. සැප සේ ඉන්න පුළුවන්.

කර්කශ දුක් නොවිඳ ඉන්න පුළුවන්. කටු ගොඩක ඉන්න කොට සැපයි ද? කෙනෙක් කටු ගොඩක ඉන්නවා සැප නෑ නේද? යම් දවසක එයා ඒ කටු ගොඩින් නිදහස් වෙනවා.

නිදහස් වුනොත් එයාට පුළුවන් ඕනනම් නිදාගෙන ඉන්න. නැත්නම් එයාට පුළුවන් ඉඳගෙන ඉන්න. නැත්නම් එයාට ඇවිද ඇවිද ඉන්න පුළුවන්. නැත්නම් ඔය කොහෙට හරි හේත්තුවෙලා ඉන්න පුළුවන්. නැත්නම් වැතිරිලා ඉන්න පුළුවන්. නැත්නම් කා එක්ක හරි කතා කර කර ඉන්නත් පුළුවන්නෙ.

දැන් කටු ගොඩේ ඉන්නවා. එයා කටුගොඩේ ඉන්නකොට එයාට නිදා ගන්න පුළුවන් ද? නිදිය ගන්නත් බෑ. හිටගෙන ඉන්න පුළුවන් ද? හිටගෙන ඉන්නත් බෑ. ඇලවෙලා ඉන්න පුලුවන් ද? ඇලවෙලා ඉන්නත් බෑ. කතා කර කර ඉන්න පුලුවන්ද? ඒත් බෑ. කොහොම ද ඉන්නේ් දුකසේ ම යි. ඒ නිසා ඒ කටු ගොඩෙන් නිදහස් වෙන්න කල්පනාා කරන්න කැමැති වෙන්න. කටු ගොඩේ ඉන්නතාක් කටු ඇනෙනවා ම යි. කටු ඇනෙන්නේ නැතිව කටු ගොඩක ඉන්න බෑ. දැන් ඇනෙන්නේ නැති වෙ යි කියලා තමයි එහාට මෙහාට වෙන්නේ. ආ මෙතන නම් ඇනෙන්නේ නැති වෙයි පොඩ්ඩක් එහාට යනවා. ඇනෙනවා. මෙහේ හොඳ නෑ වෙන තැනකට යන්න ඕනෙ කියලා හිතන්නේත් ඒකයි. එතන කටු නෑ. කටු ගලවන්නෙ ඒ ක්‍රමයට නෙමෙයි. තැන මාරු කිරීමෙන් තව කටු ඇන ගන්නවා. තැන මාරු කරලා කටු ගලවන්න බෑ.

ඒ නිසා අපි මේ වැඩ පිළිවෙලකට කරමු. ඒ නිසා කටු වලින් නිදහස් වෙන්න කල්පනා කරන්න. කටු වලින් නිදහස් වීම සඳහා කැමැත්ත උපදවා ගන්න. ඒ කටු තියෙන්නේ හිතේ. බාහිර නෙමේ. අපි කල්පනා කරනවා බාහිර තමයි මේ ප්‍රශ්න ඔක්කොම තියෙන්නේ් කියලා නෑ.

හිතේ තමයි මේ කටු තියෙන්නේ. එතකොට අපි මේක තේරුම් ගත්තොත් අපි ඒවා ගලවා ගන්න කල්පනා කරනවා. ආන්න ඒ සඳහා තමයි මේ එක් එක් භාවනා පුරුදු විය යුත්තේ. ඉතින් ඒවා පුරුදු කර ගත්තොත් ඔය අයට යම් කලකදී ඒ කටු ගොඩෙන් නිදහස් වෙලා සුවපහසුවෙන් වාසය කරන්න පුළුවන් කලක් එයි.

එතකොට තැන මාරුකලත් එක යි. එතන හිටියත් එක යි. එතකොට තැන මාරු කරන්නත් පුළුවන්. එතන ඉන්නත් පුළුවන්. පැහැදිලි ද? කාරණාව. මේක හැබැයි කියන තරම් ලේසි නෑ. මම කියනකොට හිතෙනවා ඇති හරි ලේසියිනේ කියලා. නෑ ලේසි නෑ. ලේසි නැති දේ කරන්න තමයි අපි කැමති වියයුත්තේ.

ලේසි දේ කරන්න කැමති වෙන්න එපා. තැන මාරු කරන එක ලේසියි. හරි ලේසියි. ඉතා ලෙහෙසියි. ලෙහෙසි දේ කිරීම අපි වැනි අපට සුදුසු නෑ. අපි අපි කරන්න ඕනෑ දුෂ්කර දේ. අතිශයින් දුෂ්කර දේ කරන්න කැමති වෙන්න. ආන්න එයා තමයි ජයග්‍රහණය කරලා තියෙන්නේ. ජයග්‍රහණය තියෙන්නේ දුෂ්කර දේ කරන කොට. ඒක තමයි අභියෝගය. ආන්න ඒ අභියෝගය භාර ගන්න.

අපි මේ කටයුතු ටික ටික පුරුදු වෙන්න ඕනෑ කියලා කල්පනා කරන්න. එතකොට අපි නිදහස්ව තමාගේ් කටයුතු කර ගන්නවා. බාහිර ගැටලු අපිට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. එතකොට ඔය ගොල්ලන්ට කරන්න වැඩ තියෙනවා.

කරන්න වැඩක් නැතිකොට නොයෙකුත් විදිහට හිත එහෙ මෙහෙ දුවනවා. කථා කරනවා. ඒව මේව මත කාලය නාස්ති වෙනවා. අන්තිමට නොහිතපු ගැටලු ඇති වෙනවා. ඒ නිසා මේ භාවනාවන් ටික ටික පුරුදු වෙන්න. එතකොට අපිට සුවපහසු බවක් ඇති කර ගන්න යම් කලක පුළුවන් වෙයි. හදිසියේ දී නෙමෙයි. සියලු දෙනාට ම ඒ අසුභ සංඥාව, ඒ වගේ ම ආහාරයේ පිළිකුල් සංඥාව හොඳින් පුරුදු කරගෙන, ඉතාමත් ප්‍රණීත වූ ජීවිත ඇතිකර ගන්න භාග්‍යය උදා වේවා කියලා අපි ආශිර්වාද කරනවා.

 

Share

පාරමිතා පූජාව - 2019

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

-----------------------------------------------------------------------

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software