topone

silmatha-kaiw

dewlowa“අම්මේ, දිව්‍ය ලෝකෙ ඉස්කෝල තියෙනව ද?” මාගේ දියණියට පැනයකි. “ඇයි දූ එහෙම ඇහැව්වේ?” මම අසමි. “කියන්නකෝ”, ඈ ඇවටිලි කරයි. “මං දන්න තරමින් නම් නැහැ,” මම පවසමි.

“හප්පෝ... එහෙනම් හරිම හොඳයි! හොඳට පින් කරන්න ඕනෑ මං දිව්‍ය ලෝකේ යන්න,” ඈ තුටින් ඉපිලෙයි.

“ඒ මොක ද, හදිසියේ ම?” මට ද පැනයකි.

“ඉස්කෝලෙ නැති නම් හෝම් වර්කුත් නැහැ නේ! ඇතිවෙලා තියෙන්නෙ මට, මේ හෝම් වර්ක් කරල කරල මගේ පණ ගිහින් තියෙන්නේ,” මගේ දස හැවිරිදි දියණිය මට දමාගැසුවේ මහ දරුණු වදන් වැලකිනි යි මට සිතේ.

පාසල ඇරී ගෙදර පැමිණ දහවල අහර කිස නිම කළ විගස ඊළඟට මගේ දරුවා ගෙදර කෑම මේසයේ කොනේ පුටුවේ වාඩි වන්නේ පාසලෙන් දුන් ගෙදර වැඩ කිරීමට ය. ඉංගී‍්‍රසි මාධ්‍යයෙන් ඉගෙනුම ලබන හෙයින් ‘ශිෂ්‍යත්වය’ යන මඟමරුවාගෙන් ගැලැවීමට අවකාශ තිබුණ ද, පාසලෙන් දිනපතා ඈ මත පැටවෙන ‘ගෙදර වැඩ’ තොගය අවසන් කිරීමට මේ අසරණීට මහත් වූ කාලයක් ගත වේ. ඇගේ සුන්දර ළමා ලෝකයෙන් හතරෙන් තුන් පංගුවක් ම පාසල හා පාසලෙන් පවරන ‘ගෙදර වැඩ’ සමඟ කාබාසිනියා වෙමින් පවතී.

මට මගේ ළමා කාලය සිහි වේ. කොළඹට නුදුරු පරිසරයකදී වුව ද මම ඉතා යහපත් වූ සුන්දර ළමා වියකට උරුමකම් කීවෙමි. මේ මාගේ දියණියට පමණක් සුවිශේෂ වූ කථා ප්‍රවෘත්තියක් නොව, අද ලාංකික ජන සමාජයේ කොයි දරුවාටත් පාහේ මුහුණ දීමට සිදු වන පොදු ශෝචනීය ඉරණම යි. මාගේ දියණිය මෙන් ම සොඳුරු ළමා කාලය පාඩම් පොත් අතර දිය කරහරින අද දවසේ අපේ කුඩාවුන් සැම මතු දා රටේ අනාගතයේදී කුමන කායික හා මානසික තත්ත්වයකින් යුතු වැඩිහිටියන් බවට පත් වේ දැ යි මා තුළ සැබැවින් ම ඇත්තේ සැකයකි, බියකි, දුකකි.

‘හෝම් වර්ක්’ නොකොට ගිය කල පාසලේ ටීචර්ස්ලාගේ දෝෂ දර්ශනයට හසු වන බවත්, ඉන් අනතුරු ව පන්තියේ සෙසු දරුවන් වෙතින් කොන් වන්නට සිදු වන බවත් දියණිය මගින් ම දැන-වටහාගෙන ඇති බැවින් කුමන දහංගැටයක් දමා හෝ එදිනෙදාට ම මේ වැඩ ‘තොගය’ අවසන් කිරීමට මම ඈ දිරිමත් කරමි. සැබැවින් ම එය දිරිමත් කිරීමක් නොව, කරත්තයක බැඳි වෙහෙසට පත් වස්සෙකුට පහර දෙමින් ඌ ලවා කරත්තය කන්දක ඇද්දවීමට ගන්නාක් වැනි තැතකි. ඊට එහා මෙහා වන නිදසුනක් මට නො පෙනේ.

වෙහෙස හෝ නිදිමත හෝ අලසකම හෝ නිසා ‘හෝම් වර්ක්’ කිරීමට පසුබට වීම හේතුවෙන් මගේ දුර්ජන නපුරු වචනවලින් හා පහර කීපයකින් ලබන සංග්‍රහයකින් පීඩාවට පත් ව රාති‍්‍රයේ මා අසලින් ම නිදන මගේ දුප්පත් අසරණ පුංචි සුරංගනාවගේ දෙපා අල්ලා වැඳ සමාව ඉල්ලන්නට තරම් දැඩි වේදනාවක් මා තුළ උපදියි.

වඳ ගැහැනියක යන නාමයෙන් සම්මත සමාජයෙන් තැළුම් නොකා, උතුම් මවු පදවිය මට ගෙන ආ මගේ සුරතල් සුදු දුවට මා සලකන අන්දම ඉතා ක්රූර යැ යි මට සිතේ. ‘එහෙත්, මගෙන් බැනුමක් අසා මගෙන් පහරක් කා නමුත් ලොවෙන් රිදුම් නොලබන්නට ය දුවේ මා මේ සියලු දේ ඔබ වෙනුවෙන් කරනුයේ,’ යි සිතට මුමුනමින් මම නින්දට යමි.

දිව්‍ය ලෝකයේ ‘හෝම් වර්ක්’ ඇති නැති කථාව මට නැවත නැවතත් සිහි වේ. තවත් දිනයකදී දියණිය මගෙන් මෙවන් ම වූ පැනයක් ඇසුවා ය:

“අම්මේ, සිදුහත් කුමාරයා ඉස්කෝලෙ ගියා ද?” ඇගේ පැනය යි. “ඔව්. හැබැයි මාලිගාවට ගෙන්වූ ගුªරුවරයකු යටතේ තමයි සිදුහත් කුමාරයා ඉගෙනගත්තේ,” මම පැවසූයෙමි. “ඒ ටීචර් සිදුහත් කුමාරයාට හෝම් වර්කුත් දුන්න ද?” ඇගේ ඊළඟ පැනයට වහා පිළිතුරක් සොයාගත නුහුණු බැවින් මම නිරුත්තර වීමි.

අප අවට ගැවසුණු නිවෙසේ සෙස්සන් දැඩි ආයාසයකින් සිනාව මැඩගන්නා අයුරු මට පෙනේ. පාසල් ගෙදර වැඩ ‘තොවිලයේදී’ මා කරනා ගෝරනාඩුව ඔවුන්ට මහත් වූ ඉසරුදාවක් බව ඔවුහු නිරන්තරයෙන් ම පවසති. දුවගේ මේ පැනය ඔවුන්ට මහත් වූ විනෝදයක් වූවා නිසැක ය. මගෙන් පිළිතුරක් අපේක්‍ෂාවෙන් දුව පසු වෙයි.

වහා යමක් කිව යුතු විය. “ඒක නම් මම හරියට ම දන්නෙ නැහැ, පුතේ,” මම ඇත්ත ම පැවසීමි. “සිදුහත් කුමාරයා හරි දක්‍ෂ කෙනෙක් නේ. හොඳට පාඩම් මතක තියාගන්නත් ඇති,” ඊළඟට මා දිගහැරියේ උගත්කම ලබාගැනීමෙන් මතු අනාගතයේදී අපට ලැබෙන ඵල-ප්‍රයෝජන පිළිබඳ දීර්ඝ විස්තරයකි. “බුදු හාමුදුරුවෝ බුදු වුණේ හොඳට පාඩම් කරපු නිසා ද?” ඒ ඇගේ ඊළඟ පැනය යි.

මම සුසුමක් හෙළීමි. උදේ සිට රාත්‍රී නින්දට යනතුරා නොයෙක් නම්වලින් හඳුන්වමින් ඉගෙනගන්නා, කටපාඩම් කරගන්නා මේ එකදු විෂයයක් වත් නිර්වාණාවබෝධය උදෙසා ඍජු ව ම බල නොපාන බව කියමින් උභතෝකෝටික ප්‍රශ්න සමුදායක ඇගේ නොමේරූ මනස පටලවන්නට මට වුවමනා නො වී ය. ඒ වෙනුවට බුදු හිමි වෙත පැවති මහා ඥාන සමුදාය ගැන ඇයට තේරෙන බසින් කථා කළෙමි.

මා මෙන් ම අද දවසේ අපේ රටේ මධ්‍යම පන්තික බොහෝ අම්මාවරුන්ගේ සහ දරුවන්ගේ ශෝචනීය අත්දැකීම් සමුදාය මෙය ම හෝ මීට බෙහෙවින් සමාන වෙතැ යි මට සිතේ. න’සරිය - මොන්ටිසෝරිය, පළමු වසර, ශිෂ්‍යත්වය, අ.පො.ස. (සා.පෙළ) සහ අ.පො.ස. (උ.පෙළ) යන මරු කපොලු පනිමින් ඉදිරියට යන අපේ දරුවන් ‘උගත මනා ශිල්පය ම මතු රකීවි ද’ නැත හොත් ‘නසීවි දැ’ යි වටහාගන්නට තරම් මා මේ තාක් ලද ‘අධ්‍යාපන සුදුසුකම්’ නම් මඳ ය.

අද ලංකාවේ පවතින ‘අධ්‍යාපන අර්බුද’ තත්ත්වය ගැන කතිකාවක් ගෙනෙන්නේ නම් එය පිටු ගණනක වාර්තාවකට ගොනු කළ යුතු වේ. එම නිසා හුදෙක් මා අතින් පෞද්ගලික ව වන ‘වැරැද්ද’ පිළිබඳ ව සුළු ‘පාපෝච්චාරණයක්’ පමණි සඳහන් කළේ.

‘දිව්‍ය ලෝකය!’ මගේ දුවගේ පැතුම එය යි. ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන වැටහීමක් තවමත් හරි හැටි නැති හෙයින් ඇය ‘හෝම් වර්ක්’ වලින් බේරීමට ‘දිව්‍ය ලෝකය’ පතයි. එහෙත් කවරදා හෝ දිනක එනම් කල්ප කාලාන්තරයකට පසුව හෝ දිව්‍ය සැප කෙළවර නැවත මනු ලොවට ආ කල්හි පෙර ‘සැන්තෑසියට ම’ මුහුණ දීමට සිදු වන බව දැනගත් දා නිසැක ව ම ඇය ඊට එහායින් ඇති පරම සැනසුම ගැන සිතන්නට පෙලඹෙනු ඇත. කෙසේ හෝ සසර බිය – දුක ගැන යමකුට ඉව වැටෙනවා නම් එය ද යහපති.

‘හෝම් වර්ක්’ මාරයා ඇය වෙතින් එහා මෙහා වන අවස්ථාවල මම ඇයට මා දන්නා අයුරින් දහම් කරුණු බිඳක් පොවන්නට අමතක නොකරමි. දෛනික කටයුතු හා සබැඳි ව නිවෙසේ එහා මෙහා යනෙන’තුර සවන වැකෙන ‘බෞද්ධයා’ ගුවන් විදුලි බණ හා ධර්ම සාකච්ඡාවලින් උකහාගන්නා කරුණු මේ සඳහා මට මහත් සේ උපකාරී වේ. විශේෂයෙන් ම දරණාගම කුසලධම්ම ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ විසින් ගෙනෙනු ලබන පන්සිය පණස් ජාතක කථාංග ‘බෝසත් සිරිත’ වැඩසටහන මෙහිදී කෘතඥතාපූර්වක ව සිහිපත් කළ යුතු ය.

ආහාර ගන්නා විට කතාන්දරයක් ඇසීමට දුව බෙහෙවින් මනාප වෙයි. ඊනිඩ් බ්ලයිට්න් කතුවරියගේ කතාන්දර ඇතුළු දෙස්-විදෙස් ළමා කතාකරුවන්ගේ කතා සාරයන්ට අමතර ව පන්සිය පණස් ජාතක පොතත් හිමින් සීරුවේ දරුවාගේ මොළයට රිංගවීමට මම මහත් වෑයමක් ගනිමි. විටෙක එක් කරුණක් කියූ කල එය තේරුම් යන තුරු ම ඇයට විස්තර කිරීමට මට තවත් කාලයක් මිඩංගු කිරීමට සිදු වේ. කොතරම් වෙහෙසකාරී වුව ද ඒ සඳහා ඇති ඉවසීම ගැන නම් මම මට ම ප්‍රශංසා කරගනිමි.

ලෝකයේ කොහේ ජීවත් වුව ද මගේ දියණී බෝසත් සිරිත ඇසුරෙන් කවරදා කොතනකදී හෝ යම් ඵල-ප්‍ර‍්‍රයෝජනයක් අත් කරගනු ඇතැ යි’ යන්න මාගේ විශ්වාසය යි.

ලක්මල් වෙලබඩ

Share

පාරමිතා පූජාව - 2019

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

-----------------------------------------------------------------------

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software