topone

silmatha-kaiw

danබුදුරදුන් වෙනුවෙන් උන්වහන්සේ ජීවමානව නොසිටියත් මෙතරම් ආහාර පාන බුද්ධ පූජාවන් ලෙස පූජා කරන්නේ ඇයි එයට හේතුව කුමක්ද? එයට හේතුව උන්වහන්සේ සංසාරයේ පිරිසුදු චේතනාවෙන් දන්දීම නොවේ ද? අද උන් වහන්සේගේ ශ්‍රී නාමයට ලැබෙන පූජාවන් දෙස බැලීමේ දී උන්වහන්සේ සසර මොන තරම් නම් දන් දෙන්නට ඇද්ද කියා ඕනෑම කෙනෙකුට සිතෙනවාට කිසිදු සැකයක් නැත.

‘දානය’ කියන වචනයේ ඇති වටිනාකම බුදු කෙනෙකුට හැර සාමාන්‍ය කෙනෙකුට පැහැදිලි කිරීමට අපහසුය. පුහුදුන් වැසියාගේ ඇති දැනුම් තේරුම් අනුව එම වචනය පිළිබඳ විග්‍රහ කළද එතනින් නොනැවතී අසීමිත අර්ථ විග්‍රහයක් මත එම වචනය සම්පිණ්ඩිතය. එය බුදු ඇසකටම මිස සාමාන්‍ය ඇසකට නොපෙනේ. මසැසින්ද දැකිය නොහැකි දානානිසංසය මනසින්ම දැකිය යුතුය.

අද සමාජය තුළ බෞද්ධයෝ නොයෙක් අයුරින් දන්දීම සිදු කරති. ආහාර පාන, මිල මුදල්, වස්තු සම්පත ආදී නොයෙක් දේ වලින් භික්‍ෂූන් වහන්සේ ඇතුළු යම් යම් පුණ්‍යායතන සඳහා එම පරිත්‍යාග කරති. එසේ වුවද ප්‍රථිඵලය ලැබීම පිළිබඳ ප්‍රශ්නයක් මතු වී ඇත. සමහරුන්ට කොතරම් දන් දුන්න ද කිසිදු සහනයක් නැති අඩුම වශයෙන් මානසික තෘප්තියක්ද නොමැත. මේ සඳහා කරුණු කාරණා විමසා බැලීම කාලීන වශයෙන් අදට ගැළපෙනවාට කිසිදු සැකයක් නැත.

දානය යනු උතුම් ක්‍රියාදාමයකි. එය නිවැරැදි ලෙස සිදු කිරීම තුළින් නිර්වාණය දක්වාම ගමන් කළ හැකි ය. එසේ වුවද අද සමාජය තුළ සිදුවන දානමය ක්‍රියා තුළින් නිර්වාණය තබා ලෞකික සැපවත් ලබා ගැනීම අවිශ්වාස සහගතය. එයට හේතුව බොහෝ දෙනා අද දන්දීම කියනවාට හෝ කරනවාට හෝ බිය නිසා හෝ අනුනට පෙනීමට ආදි පටු පරමාර්ථ අරමුණු කොට ගෙන සිදු කිරීමයි. අපට අතින් අත යමක් අනුනට දීම එතරම් අපහසු නැත. එය සාමාන්‍ය දෙයකි. එසේ වුවද ඒ සඳහා මනස සම්බන්ධ වීම එහි ඇති වටිනාම ක්‍රියාදාමයයි.

මනෝ පුබ්බංගමා ධම්මා
මනෝ සෙට්ඨා මනෝමයා...

ධම්ම පදයෙහි යමක වග්ගය තුළ සඳහන් මුල්ම ගාථා යුගල තුළින් සඳහන් වන්නේ සෑම ක්‍රියාවකටම මනස සම්බන්ධ වන බවයි. එබැවින් අපට මනස අමතක කොට ශරීරයෙහි ක්‍රියාදාමයක් ලෙස සිතා දන් දීම කොහෙත්ම සිදු කළ නොහැක. මනසින් තොර කිසි දෙයක් කළ නොහැකි ය. “චේතනාහං භික්ඛ වෙ කම්මං වදාමි “ චේතනාවම කර්මය වේ, යනුවෙන් ඒ බව වඩාත් පැහැදිලි වේ. එසේ නම් දානයක් දීමේදී එහි නියම ප්‍රථිඵල ලබා ගැනීමට අප කළ යුත්තේ කුමක්ද? අප කළ යුත්තේ මනස හා පිරිසුදු ක්‍රියාවලියක් තුළ සම්බන්ධ වීමය. එහිදී අප මතක් කර ගත යුතු හා අමතක කර ගත යුතු සිතිවිලි සමුදායක් ද ඇත.

ප්‍රධාන වශයෙන් අපේ මනස තුළ ප්‍රධාන අකුසල මූල තුනක් පවතී. එනම් ලෝභ, දෝෂ, මෝහ යනාදියයි. අප දානයක් දීමේදී අතින් අත පූජා කිරීමක් සිද්ධ කළාට අපට නොපෙනෙන ක්‍රියාවලියක් මනස හා බැඳී පවතී. එනිසා බුදුරජාණන් වහන්සේ දානය පිළිබඳ හඳුන්වා ඇත්තේ “දානංච යුද්ධං ච සමානමාහ“ දන්දීම යුද්ධ කිරීම හා සමාන දෙයකි. අප බහුල වශයෙන් යුද්ධ කරන්නේ අතින් පයින් අවි ආයුධ වලිනි. එයද අමාරු කාර්යයකි. ඊටත් වඩා සිය දහස් ගුණයකින් අමාරු කාර්යක් වන්නේ මනසත් සමඟ යුද්ධ කිරීමය. එය කළ යුතු අවස්ථාවක් ලෙස දන් දෙන අවස්ථාව හැඳින්වීමට පුළුවන.

එම යුද්ධය කරන්නේ මනසේ පවතින අකුසල සිතිවිලිත් සමඟය. ලෝභය යනු ප්‍රධාන අකුසලය යි. එය නැති කිරීම යනු සතර කතරින් මිදීමට මඟය. නමුදු පුහුදුන් වැසියාට එක ආත්මයකදී හෝ ආත්ම ගණනකදී එය නැති කිරීම අපහසු කාර්යයකි. එනිසා අපට කළ යුතුව ඇත්තේ තදංග (තාවකාලික ) වශයෙන් එය යටපත් කරගෙන දන් දීමයි. එම අකුසල මූලය තමන්ගේ වස්තුව කෙරෙහි ඇති ආශාවයි. එය තව කෙනෙකුට දීම ශරීරයෙන් කළ ද මනසෙන් සිදු කිරීම ඉතා අපහසුය. තමා දෙන වස්තුව හෝ ඒ සඳහා භාවිතා කරන කුමන දෙයක් උදෙසා හෝ කිසිදු ලෝභ කමක් නොමැතිව පිරිසුදු අලෝභය නම් වූ කුසල චේතනාවෙන් එය කළ යුතුව ඇත.

බුදුරජාණන් වහන්සේ තරම් නිර්ලෝභීව දන් දුන් උත්තමයෙක් මේ තුන් ලෝකය තුළ තවත් නොමැත. උන්වහන්සේ සාමාන්‍ය ලෙස නොව අසාමාන්‍ය ලෙස දන්දීම සිදු කර ඇත.

“ සෝ සාගරේ ජලධිකං රුධිරං අදාසි
භූමිං පරාජීය සමං ස මදාසි දානං
මේරුප්ප මාන මදිකං ච සමෝලි සීසං
කේතාරකා දික තරං නයනං අදාසි “

මහා සාගරයේ ජලය පරදවා ලේ දන් දීම, මහ පොළොවේ පස් පරදවා මස් දන් දීම, මහා මේරුව පරදවා හිස දන්දීම , අහසෙ තරු පරදවා ඇස් දන්දීම යන අසීමිත දීම ලොවුතුරා බුදුරජාණන් වහන්සේ ඉපදුන නොයෙක් ආත්ම භාව වල සිදු කළ උතුම් ක්‍රියාවලියකි. සමහර ආත්ම වල අඹු දරුවන් පවා සමහර අවස්ථා වල ජීවිතය පවා දන් දී ඇත. එය සිදු කරන ලද්දේ කාටවත් පේන්නට හෝ කාගෙන්වත් කීර්ති, ප්‍රශංසා ලැබීමට හෝ බියට හෝ ආපසු ප්‍රථිලාභ අපේක්‍ෂාවෙන් නොව පරම පවිත්‍ර චේතනාවෙන් ලෝක සත්වයා සසර කතරින් මුදා ගනු වස් බුද්ධත්වය උදෙසාමය. බුදුන්වහන්සේ කළ දාන පාරමිතාව බුද්ධත්වය දක්වාම නොනවත්වා පිරිසුදු සිතින් කරන ලදී. එහි ප්‍රථිඵලය බුද්ධත්වය යි. ඊට මෙහා බුදුරදුන්ට ලෞකික සැප ලැබීමේ වරප්‍රසාද අනන්තව ලැබුණත් බුදුන් වහන්සේ ඒවා තුළ ඇලීගැලී නොසිටි සේක.

අද වන විට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වසර දෙදාස් පන්සියකටත් වැඩි දීරිඝ කාලයක් ගත වී ඇත. අද බුදුරජාණන් වහන්සේ ජීවමානව නැත. එසේ වුවද මුළු ලෝකයේම වසන මහායාන, වජ්‍රයාන, ථේරවාද ඇතුළු සියලුම ආගමික බැතිමතුන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී නාමයට මුළු දවස පුරාම අහාර පාන ඇතුළු තෙල්, මල්, දැහැත් , ගිලන්පසාදිය තුළින් පුද දෙනු ඇත. සමහර පූජනීය රටවල හා ස්ථාන වල බුද්ධ ප්‍රතිමාව වැසීමට තරම් ආහාර පාන වලින් බුදුන් පුදනු ඇත. බුදුරදුන් වෙනුවෙන් උන්වහන්සේ ජීවමානව නොසිටියත් මෙතරම් ආහාර පාන බුද්ධ පූජාවන් ලෙස පූජා කරන්නේ ඇයි එයට හේතුව කුමක්ද?

එයට හේතුව උන්වහන්සේ සංසාරයේ පිරිසුදු චේතනාවෙන් දන්දීම නොවේ ද? අද උන් වහන්සේගේ ශ්‍රී නාමයට ලැබෙන පූජාවන් දෙස බැලීමේ දී උන්වහන්සේ සසර මොන තරම් නම් දන් දෙන්නට ඇද්ද කියා ඕනෑම කෙනෙකුට සිතෙනවාට කිසිදු සැකයක් නැත. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහරහතන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයට ලැබෙන සිව්පසය වචන වලින් කියා නිමකළ හැකි ද? සංසාරෙ අනන්ත අප්‍රමාණ භවවල අන්‍යයන්ගේ දුක නැති කරන අදහසින් පිරිසුදු චේතනාව මුල් කරගෙන දුන් දානයන්හි ප්‍රථිඵලය අද වුවද ජීවමාන නොවේ ද?

බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ නික්ලේසි මහ සඝ පෙළපතට ලැබෙන පුද පූජාවන් කිසියම් බලවේගයකට නැවැත්විය හැකිද? එය කුමන බලවේගයකටවත් කළ නොහැකිය. බුදුරජාණන් වහන්සේට මෙලෙස ලෝකයේම බැතිමතුන් පුද සත්කාර දෙවන්නේ අප බෞද්ධයන් හැටියට බුදුන්ට පිදිය යුතුය කියා කෙනෙකු සිතුවද එය එසේ නොව බුදු හිමිගේ දාන පාරමිතාවේ ශක්තිය බලය අසීමිත බැවින් එය සිදුවේ. ලෝකයේ පවත්නා මහා වස්තුන් විනාශ වුවද එම ලැබීම් නවතින්නේ නැත.

බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේ දන්දීමේ ප්‍රථිඵලය කෙනෙකු මා තරම් දන්නේ නම් කෑමට ගත් ආහාර පිඟානෙන් බත් කටක් සතෙකුට හෝ නොදී ආහාරයට නොගන්නා බවයි. එනිසාම දානයේ තිබෙන වටිනාකම උන්වහන්සේ එයට ලබා දී ඇති ස්ථානය පිළිබඳව සිතීමේදී අවබෝධ වේ. දස පාරමිතා, දස පුණ්‍ය ක්‍රියා, සතර සංග්‍රහ වස්තු, ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා ආදී සෑම ස්ථානයක් තුළම දානය යන වචනය මුලට තබා ඇත. දන් දීම මනසත් සමඟ සම්බන්ධ වී මනසත් සමඟ යුද්ධ කොට අකුසල සිතිවිලි පලවා හැර කළ යුතු දෙයක් වේ.

බුදුරජාණන් වහන්සේ සංසාරේ දී ඇති දාන පුණ්‍ය ක්‍රියා නිසා අද වැඩවසන භික්‍ෂූන් වහන්සේටත් සිව්පස සංග්‍රහ ලැබෙනු ඇත.අද වැඩ වසන භික්‍ෂූන් වහන්සේ ද සිව්පසය පරිහරණය කරන කල්හි ප්‍රත්‍යවේක්‍ෂා සහගතව කිරීමට සිතට ගැනීම ඉතා වැදගත් වේ.අදටත් බුදුරජාණන් වහන්සේ පිරිසුදු සිතින් දුන් දානයන්හි ප්‍රථිඵලය ජීවමානව පවතින බැවින් අපි ද දන් දීමේදී ලෝභ සිත යටපත් කොට අලෝභ සිත ඉස්මතු කොට දන් දිය යුතු වෙමු.

දන් දීමේදි සිතේ පිරිසුදු කරගත යුතු දෙවනි කරුණ වන්නේ දෝෂයයි. එනම් දන් දීමේදී අපට ඇති වන තරහවයි. සමහර දෙනෙක් බුදුරජාණන් වහන්සේ සමඟ , ධර්ම රත්නය සමඟ මහා සංඝ රත්නය සමඟ යන ත්‍රිවිධ, රත්නයට හෝ එක රත්නයක් කෙරෙහි හෝ වෛර චේතනාවෙන් දන් දෙනු ඇත. එවිටද ප්‍රථිඵලය නිෂ්ඵල වන්නේය. අපේ සිතේ පවතින එම ද්වේෂය නම් වූ අකුසල සිතිවිල්ලද තදංග (තාවකාලික) වශයෙන් යටපත් කර ගත යුතුව ඇත.මෛත්‍රි සහගතව දානය දීම ඉතා වැදගත්ය. ද්වේෂය නම් අකුසල සිතිවිල්ල යටපත් කරගත් කල්හි ඇති වන්නේ අද්වේෂයයි. එය කුසල සිතුවිල්ලකි. එවිට ප්‍රථිඵලය සාර්ථක වනු ඇත.

සිතේ පවතින තෙවෙනි අකුසල සිතිවිල්ල වන්නේ මෝහයයි. එයද දන් දීමට බාධා කරන අකුසල සිතිවිල්ලකි. මෝහය යනු මෝඩකම නොහොත් මුලා වීමය. සමහර දෙනෙක් දන් දීමේදි එය නිෂ්ඵල ක්‍රියාවක්සේ දැකීමට හුරු වී සිටිති. බුදුරජාණන් වහන්සේ කියා කෙනෙක් සිටියා ද? දන් දීමේදි පිනක් ලැබෙනවාද? නැවත අප උපදිනවා ද? කර්මය විපාක දෙනවා ද? ආදි නොයෙක් මිත්‍යා මත වල එල්බගෙන දන් දෙන ඇත්තෝ සිටිති. ඔවුන් එම දානය දුන්නද ප්‍රථිඵලයක් නොලැබෙනු ඇත. දානයක් දීමේ දී මෝහය නම් අකුසල සිතිවිල්ලද තදංග (තාවකාලික ) වශයෙන් යටපත් කොට ගෙන අමෝහය නම් වූ කුසල සිතිවිල්ල ඇති කොටගෙන දන් දිය යුතුය. එවිට ලැබෙන ප්‍රථිඵලය මහත් ඵල මහානිසංසය.

“ තුන් සිත පහදා ගෙන දුන් දානය
උන් ගිය ගිය තැන ලැබෙයි නිධානය”

ඉහත කරුණු හරි හැටි සකස්කොට නොගෙන ආවාට ගියාට දන් දී අන්තිමට කොච්චර දන් දුන්නත් කෝ ප්‍රථිඵල නෑනේ කීමට තරම් සමහරු අනුවණය. අහස උසට දන් දුන්නද ඵලක් නැත. ඉහතින් කී සිත පිරිසුදු කර ගැනීමේ කරුණු හරි හැටි සකස් කර නොගත්තොත් ඉහත කරුණු සම්පූර්ණ කොටගෙන මලක් පහනක් පූජා කළ ද ප්‍රථිඵලය මහත්ඵල මහානිසංසය. ඉන්දික දුගියාගේ කතා පුවත, ඒක සාඨක බමුණාගේ කතාව ආදිය තුළින් ඒ බව සනාථ වේ.

‘දානයකදී පූර්ව චේතනාව, මුඤ්චන චේතනාව, අපර චේතනාව යන අවස්ථාත්‍රයෙහිදීම සිතේ ශ්‍රද්ධාවත් පිරිසුදු භාවයක් ඇති කර ගත යුතුව ඇත. එනම් දානයකට පෙර, දෙන අවස්ථාව හා දුන්නාට පසු යන ස්ථාන තුනෙහිදීය. එලෙසම චිත්ත සම්පත්තිය, වස්තු සම්පත්තිය, හා ප්‍රථිග්‍රාහක සම්පත්තිය යන කොටස් තුනද සම්පූර්ණ විය යුතුව ඇත. චිත්ත සම්පත්තිය යනු සිතේ පිරිසුදු භාවයයි. වස්තු සම්පත්තිය යනු දානය සඳහා දෙන දෙය නිවැරැදිව සොයා ගත් දෙයක් වීමයි. ප්‍රථිග්‍රාහක සම්පත්තිය යනු දානය පිළිගන්නා පිරිස එනම් භික්‍ෂුන් වහන්සේ සිල්වත් ගුණවත් වීමයි.

දානං තානං මනුස්සානං
දානං දුග්ගති නිවාරනං
දානං සග්ගස්ස සෝපානං
දානං සන්ති කරංසුඛං

සියලු කරුණු සම්පූර්ණ වීමෙන් දෙන දානය තුළ ඇති අනුසස් වශයෙන් මනුස්ස ජීවිතයේ අඩුපාඩු සම්පූර්ණ වී සැප සම්පත් ලැබෙනු ඇත. විශේෂයෙන් ආයුෂය, වර්ණය, සැපය, බලය, ප්‍රඥාව කියන උතුම් පංච විධ සම්පත්තිය දානයෙන් ලැබෙන ප්‍රථිඵලයි. සමහර ජීවිත වල අඩුපාඩු හා දුගී දුප්පත්කම් නැති බැරිකම ඇති වී තිබෙන්නේ සසර දන් නොදීමේ අඩුපාඩුවයි.

එලෙසම දන් දීමේ ප්‍රථිඵලයක් වශයෙන් උපදින උපදින ආත්මයක් පාසා සා පිපාසාදි දුකකට හෝ නරක, තිරිසන්, පේත, අසුර යන සතර අපායකට හෝ නෑ බෑ කියන වචන අසන්නට හෝ නොලැබෙනු ඇත. එළෙසම මනුෂ්‍ය සැප සම්පත් සේම සදිව්‍ය ශ්‍රී සැප සම්පත් ලැබීමටත් ඒ සියලු ලෞකික සැප සම්පත් විඳි අවසානයේදී ලෝකෝත්තර සැපත වූ නිර්වාණ ශාන්තිය පිණිස ද හේතුවන්නේද දානය නොහොත් දීමයි.

එනිසා අප කවුරු කවුරුත් දන් දීමේදී මීට වඩා සැලකිලිමත් වී මනස හා සම්බන්ධව එය සිදු කිරීමට වග බලා ගත යුතුව ඇත. පිරිසුදු සිතින් දන් දී සාංදෘෂ්ඨික ප්‍රථිඵල ලබා ගැනීමට උත්සාහවත් විය යුතුය. මංමුලා නොවී ප්‍රඥාවෙන් පින් දහම් සිදු කිරීමට බෞද්ධයන් නිතරම උත්සාහවත් විය යුතුය.අද කාලීන වශයෙන් විශාල වියදමක් දරමින් දන්දීම් ආදි පින්කම් කරන්නේ බොහොම දුෂ්කරතා මධ්‍යයේ බැවින් එහි උපරිම ප්‍රථිඵල නෙළා ගැනීමට සිතට ගත යුතුය. “යා දිසං වපතේ බීජං “ – තාදිසං හරතේ ඵලං යන දහම් පාඨයට අනුව සියල්ල සම්පූර්ණ වූ කළ අස්වැන්න සාර්ථක වන්නා සේ දන් දීමේ දීද සියල්ල සම්පූර්ණ කර ගනිමින් පින් නමැති අස්වනු නෙළාගෙන දුර්ලභව ලැබු මනුෂ්‍යත්වය ඔපවත් කර ගන්නා ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි.

ගලේවෙල පුවක්පිටිය ශ්‍රී බෝධිරාජාරාමයේ

කොබෙයිගනේ පුබ්බිලිය ශ්‍රී සාරානන්ද පිරිවනේ ආචාර්ය ගලගෙදර රතනවංස හිමි

Share

පාරමිතා පූජාව - 2019

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

-----------------------------------------------------------------------

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software