topone

silmatha-kaiw

paw එක් සමයක භික්‍ෂූන් වහන්සේ ඇමතූ බුදුරජාණන් වහන්සේ අධිපති ධර්ම තුනක් පිළිබඳව දම්දෙසුමක් දේශනා කළහ. ඥානවන්තයා තමා අධිපතිකොට බලා, ලෝකය අධිපතිකොට බලා, ධර්ම අධිපතිකොට බලා, අකුසල් ධර්ම බැහැරකොට වීර්යයෙන් යුක්තව අප්‍රමාදීව ධර්මයෙහි හැසිරෙන අයුරු මෙහි විචිත්‍ර ලෙස විවරණය වී ඇත. මෙම දම්දෙසුම ඇතුළත් වන්නේ අංගුත්තර නිකායන්තර්ගත තික නිපාතයෙහි ය.

එය නම් කොට ඇත්තේ ආධිපතෙය්‍ය සූත්‍රය ලෙසය. එහි අන්තර්ගතය පෙළ දහම ඇසුරින් විස්තරාත්මකව විමසා බලමු. මහණෙනි, මෙහි අධිපති භාවයෝ තුන් දෙනෙක් වෙත්. එම අධිපති ධර්මයෝ මෙසේ ය. තමා අධිපතිකොට ඇති බවද, ලෝකයා අධිපතිකොට ඇති බවද, ධර්මය අධිපතිකොට ඇති බවද යන තුනයි.

තමා අධිපතිකොට සිතීම

මහණෙනි, තමා අධිපතිකොට ඇති බව නම් මෙසේය,

මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ආරණ්‍යයකට ගියේ හෝ, වෘක්‍ෂ මූලයකට ගියේ හෝ, ශූන්‍යාගාරයකට ගියේ හෝ, මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි. “මම වනාහි සිවුරු හේතුකොට ගෙන ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි නොවෙමි. ආහාරය හේතුකොට ගෙන ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි නුවූයෙමි. සෙනසුන් හේතුකොට ගෙන ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි නුවූයෙමි. භව සම්පත් හේතුකොට ගෙන ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි නුවූයෙමි. යළිඳු වනාහි ඉපදීමෙන් ද, ජරාවෙන් හා මරණයෙන්ද, ශෝකයන්ගෙන් ද, වැළපීම් වලින්ද, කායික දුක්වලින් ද, චෛතසික දුක්වලින් ද, දැඩි ආයාසවලින්ද, වැළඳගත්තේ වෙමි. දුකට බැසගන්නා ලද්දේ වෙමි. දුකින් පීඩිත වූයේ වෙමි. මේ සියලු දුක්ඛයන්ගේ කෙළවර කිරීමක් පෙනේනම් යහපතැයි සිතා පැවිදි වූයෙමි.”

“මම වනාහි යම්බඳුවූ කාමයන් හැර ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදිවූයෙම් නම්, එබඳුවූ හෝ, ඊටත් වඩා අතිශයින් ලාමකවූ හෝ, කාමයන් සොයන්නෙම් නම් මට එය සුදුසු නොවන්නේ යැ යි සිතෙයි.

හෙතෙම මෙසේද සිතයි. “ මා විසින් නොහැකිළෙන වීර්යය පටන්ගන්නා ලදී. සිහිය නොමුළාවිය. කය සංසිඳුණේය. සැහැල්ලුවිය. සිත සමාධියට පැමිණියේ ය. එකඟවිය.” කියායි. මෙසේ හෙතෙම තමන් අධිපතිකොට අකුසලය දුරු කෙරෙයි. කුසලය වඩයි. වරද දුරුකරයි. නිවරැදි වඩයි. පිරිසුදු ආත්මය පරිහණය කරයි. මහණෙනි, මේ තමා අධිපතිකොට ඇති බව යැයි කියනු ලැබේ.

ලෝකය අධිපතිකොට සිතීම

මහණෙනි, ලෝකය අධිපතිකොට ඇති බව නම් මෙසේය, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ආරණ්‍යයකට ගියේ හෝ, වෘක්‍ෂ මූලයකට ගියේ හෝ, ශූන්‍යාගාරයකට ගියේ හෝ, මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරයි.

“මම වනාහි සිවුරු හේතුකොට ගෙන ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි නොවෙමි. ආහාරය හේතුකොට ගෙන ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි නුවූයෙමි. සෙනසුන් හේතුකොට ගෙන ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි නුවූයෙමි. භව සම්පත් හේතුකොට ගෙන ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි නුවූයෙමි. යළිඳු වනාහි ඉපදීමෙන්ද, ජරාවෙන් හා මරණයෙන්ද, ශෝකයන්ගෙන්ද, වැළපීම්වලින්ද, කායික දුක්වලින්ද, චෛතසික දුක්වලින්ද, දැඩි ආයාසවලින් ද, වැළඳගත්තේ වෙමි. දුකට බැසගන්නා ලද්දේ වෙමි. දුකින් පීඩිත වූයේ වෙමි. මේ සියලු දුක්ඛයන්ගේ කෙළවර කිරීමක් පෙනේනම් යහපතැයි සිතා පැවිදි වූයෙමි.”

“මෙසේ පැවිදි වූ මම වනාහි කාම විතර්ක හෝ සිතන්නෙම් නම් ව්‍යාපාද විතර්ක හෝ සිතන්නෙම් නම් විහිංසා විතර්ක හෝ සිතන්නෙම් නම් මේ ලෝක සන්නිවාසය මහත්ය. මහත්වූ ලෝක සන්නිවාසයෙහි සෘද්ධි ඇත්තාවූ, දිවැස් ඇත්තාවූ, පරසිත් දන්නාවූ මහණ බමුණෝ ඇත්තාහුය. ඔවුහු දුරදීත් දකිත්. ළඟ සිටියාහු ද, අන්‍යයන් විසින් දකිනු නොලැබෙත්. සිතින් ද දැන ගනිත්. ඔවුහු මෙසේ දැන ගන්නාහුය. ‘පින්වත්නි, බලව්. මේ කුල පුත්‍රයා ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදිව, ලාමක අකුසල ධර්මයන්ගෙන් ගැවසීගෙන වාසය කෙරෙයි’ කියායි.”

දිවැස් ඇත්තා වූ, පරසිත් දන්නා වූ දෙවියෝ ඇත්තාහ. ඔවුහු දුරදීත් දකිත්. ළඟ සිටියාහු ද, අන්‍යයන් විසින් දකිනු නොලැබෙත්. සිතින්ද දැන ගනිත්. ඔවුහු මෙසේ දැන ගන්නාහුය. “පින්වත්නි, බලව්. මේ කුල පුත්‍රයා ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදිව ලාමක අකුසල ධර්මයන්ගෙන් ගැවසීගෙන වාසය කෙරෙයි” කියායි.

හෙතෙම මෙසේ ද සිතයි. “මා විසින් නොහැකිළෙන වීර්යය පටන්ගන්නා ලදී. සිහිය නොමුළා විය. කය සංසිඳුණේය. සැහැල්ලුවිය. සිත සමාධියට පැමිණියේ ය. එකඟ විය. කියායි.

මෙසේ හෙතෙම ලෝකයාම අධිපතිකොට අකුසලය දුරු කෙරෙයි. කුසලය වඩයි. වරද දුරු කරයි. නිවරද වඩයි. පිරිසුදු ආත්මය පරිහරණය කරයි. මහණෙනි, මේ ලෝකයා අධිපතිකොට ඇති බව යැයි කියනු ලැබේ.

ධර්මය අධිපතිකොට සිතීම

මහණෙනි, ධර්මය අධිපතිකොට ඇතිබව නම් මෙසේය. මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ආරණ්‍යයකට ගියේ හෝ, වෘක්‍ෂ මූලයකට ගියේ හෝ, ශුන්‍යගාරයකට ගියේ හෝ, මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරයි.

“මම වනාහි සිවුරු හේතුකොට ගෙන ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි නොවෙමි. ආහාරය හේතුකොට ගෙන ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි නුවූයෙමි. සෙනසුන් හේතුකොට ගෙන ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි නුවූයෙමි. භව සම්පත් හේතුකොට ගෙන ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි නුවූයෙමි. යළිඳු වනාහි ඉපදීමෙන්ද, ජරාවෙන් හා මරණයෙන් ද, ශෝකයන්ගෙන් ද, වැළපීම්වලින් ද, කායික දුක්වලින් ද, චෛතසික දුක්වලින් ද, දැඩි ආයාසවලින් ද, වැළඳගත්තේ වෙමි. දුකට බැසගන්නා ලද්දේ වෙමි.

දුකින් පීඩිත වූයේ වෙමි. මේ සියලු දුක්ඛයන්ගේ කෙළවර කිරීමක් පෙනේ නම් යහපතැයි සිතා පැවිදි වූයෙමි.”

“භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය තෙම මනාකොට ප්‍රකාශ කරන ලද්දේය. එකෙනෙහි ලැබිය යුතු ඵල ඇත්තේය. දිය යුතු විපාක ඇත්තේ ය. එව බලවයි කීමට සුදුසු ය. තමන් වෙත එළවාගතයුතු ගුණ ඇත්තේ ය. නුවණැත්තන් විසින් තම තමන් කෙරෙහි ලා දතයුතුයයි කියායි. ඒ ධර්මය දැන, දැක, වාසය කරන්නා වූ සබ්‍රහ්මචාරීහු වෙත්. මම ද මෙසේ මනාකොට ප්‍රකාශ කරන ලද ධර්ම විනය සංඛ්‍යාත ශාසනයෙහි පැවිදිව, කුසීතව, ප්‍රමාදව වාසය කරන්නෙම් නම් එය මට සුදුසු නොවන්නේය” කියායි.

හෙතෙම මෙසේද සිතයි. “මා විසින් නොහැකිලෙන වීර්යය පටන්ගන්නා ලදී. සිහිය නොමුළාවිය. කය සංසිඳුණේය. සැහැල්ලු විය. සිත සමාධියට පැමිණියේ ය. එකඟවිය. කියායි. මෙසේ හෙතෙම ධර්මය අධිපතිකොට අකුසලය දුරු කෙරෙයි. කුසලය වඩයි. වරද දුරු කරයි. නිවරද වඩයි. පිරිසුදු ආත්මය පරිහරණය කරයි.

මහණෙනි, මේ ධර්මය අධිපතිකොට ඇත්තේ වේ. මහණෙනි, මේවා වනාහි මේ ලෝකයෙහි අධිපති භාවයෝ තුන නම් වෙත්.

පව්කම් රහසේ කළ නොහැකි බව

ලෝකයෙහි පව්කම් කරන්නාහට රහසක් නම් නැත්තේ ය. පුරුෂය, තාගේ සත්‍යය හෝ, ඉදින් බොරුව හෝ තෙමේ දනී.

පින්වත, ඒකාන්තයෙන් යහපත සාක්‍ෂි වේ. තමා ඉක්මවා සිතන්නෙහිද, යමෙක් තමා කෙරෙහි ඇත්තාවූ පාපය තමා කෙරෙහි සඟවන්නෙහි ද, සත්ත්ව ලෝකයෙහි විෂම සේ හැසිරෙන්නාවූ අඥානයා, දෙවියෝ ද, තථාගතයෝද දකිත්.

එහෙයින් තවුස්තෙම තමා අධිපතිකොට ගෙනද, ලෝකයා අධිපතිකොට ගෙන ද, ප්‍රඥාවෙන් යුක්තවද, ධ්‍යාන කරන සුළුවද, ධර්මය අධිපතිකොට ගෙනද, ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි හැසිරෙන සුළුවද, ස්ථිර වීර්යය ඇතිවද, සිහි ඇතුවද, හැසිරෙන්නේ ය. වීර්යය ඇත්තා වූ යමෙක් තෙම මාරයා පරාජය කොට, මාරයා අභිභවනය කොට, ජාතිය ක්‍ෂය කිරීම යයි කියන ලද, අර්හත්වය ස්පර්ශ කෙළේ ද, එබඳු වූ, තුන්ලොව දන්නා වූ යහපත් ප්‍රඥා ඇත්තා වූ, සියලු තෛ‍්‍රභූමික ධර්මයන්හි, තෘෂ්ණා සංඛ්‍යාත තම්මය, රහිත වූ (තෘෂ්ණා නැත්තාවූ) ඒ ක්‍ෂීණාශ්‍රව මුනිතෙම නොපිරිහෙන්නේය යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාළ සේක. එම දේශනාව භික්‍ෂූන් වහන්සේ සතුටින් පිළිගත්හ.


ආධිපතෙය්‍ය සූත්‍රය ( ති.නි.අ.නි) ඇසුරෙනි

මහනුවර මාරතුගොඩ විදුමිණ විද්‍යායතන පිරිවෙනෙහි ආචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත

මහරැඹෑවැවේ පාලිත හිමි


Share

පාරමිතා පූජාව - 2019

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

-----------------------------------------------------------------------

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software