topone

silmatha-kaiw

siyadiwiඅද වනවිට ලෝකයේ දිනෙන් දින ඉහළ යන දැවෙන සමාජ ප්‍රශ්න රාශියකි. මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවීම්, වැරදි ඉඳුරන් පිනවීම නිසා ඇතිවන මාරාන්තික සමාජ රෝග මෙන්ම ඒ හා බැඳුණු ගබ්සා කිරීම් හා මානසික ආතතීන් හා සියදිවි නැති කරගැනීම් ඒ අතරින් සුවිශේෂී වේ.


මේ සියලු සමාජ ගැටලු එකක් අනෙකට සාපෙක්ෂව පවතින නිසා එක් ගැටලුවක හටගැනීම තවත් ගැටලු රාශියක මූලාරම්භය බව පෙනේ.
අප මෙහිදී උත්සාහ ගනුයේ සියදිවි නසාගැනීම ලොව්තුරු දහමට අනුකූලව ප්‍රාණඝාත අකුසලයක්ද නැද්ද යන්න පිළිබඳ ධර්මානුකූල විවරණයක් කිරීමටය.
කෙනකු අවිආයුධවලින් හෝ වෙනත් බාහිර උපක්‍රමවලින් තම ජීවිතයට හානිකොටගෙන දිවියෙන් සමුගන්නේද එය සියදිවි හානිකර ගැනීම ලෙස සාමාන්‍ය පිළිගැනීමය.
ඇතැමෙක් එම දිවි හානිය තියුණු අවියකින් සිදුකරගනිති.
සමහරෙක් එය වසවිස පානයෙන් සිදුකර ගනිති. තවත් සමහරෙක් යමක එල්ලී බොටුව සිරකර ගැනීමෙන් හෝ නූතන තාක්ෂණික මෙවලම්වලට ශරීරය හසුකර ගැනීමෙන් හෝ සිදුකරගනිති. ආචාර්ය නෙයිල් ප්‍රනාන්දු මහතා 2011 වසරේදී පෙන්නුම් කළ තොරතුරුවලට අනුව සෑම වසරකම ශ්‍රී ලංකාවේ 4000ක් පමණ දිවිනසා ගනිති.
 ඒ මහතා පෙන්වා දෙන්නේ ඔවුන් බහුතරය වයස 15-44 අතර වන බවයි.
2011දී නිකුත් කළ ‍පොලිස් වාර්තාවලද සඳහන් වන්නේ 3770 දෙනකු සියදිවි නසාගෙන ඇති බවයි. ඔවුන් අතර කාන්තාවන් 231 දෙනකුද සිටින බව සඳහන් වේ.
එසේම 2006 වනවිට සියදිවි නසාගැනීමට වසවිෂ පානයකොට රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ගත් පිරිස 93,773 දෙනකු සිටින බව සංඛ්‍යා‍ලේඛන මගින් ඔප්පුවේ.
මේ සියලු වාර්තා මගින් සනාථ වන්නේ දිනෙන් දින තමන් විසින්ම තම ජීවිතය විනාශ කර ගැනීමට පෙළඹෙන පිරිසෙහි වැඩිවීමක් මිස අඩුවක් නොවන බවයි.
ලොව්තුරු දහම අපට මගපෙන්වන්නේ මේ මිනිසත් බව පරම දුර්ලභ වූවක් බවය.
(කිච්ඡෝ මනුස්ස පටිලාභො) සසර අපමණ පින්කොට ලබාගත යුතු වූ තත්ත්වයක් ලෙසය.
එලෙස පින්කොට ලැබූ දුර්ලභ මිනිසත් බව තව කෙනකුට නැති කිරීමට බුදුසමය කිසිවිටෙක අනුබල නොදේ. එය ප්‍රාණඝාත අකුසල කර්මයක් වන බැවිනි.
 බුදුන් වහන්සේ විනයෙහි භික්ෂුන්ට පැනවූයේ දැන දැන තිරිසන් සතුන් මැරීම පාචිත්තිය ආපත්තියක් ගෙන දෙන වරදක් බවයි.
 (යො පන භික්ඛු සංචිච්ච පාණං ජීවිතා වොරොපෙය්‍ය පාචිත්තියං) එහෙත් භික්ෂුවක් මනුෂ්‍ය ප්‍රාණියෙකු ජීවිතයෙන් තොර කරන්නේද එය මහා බරපතළ පාරාජිකා ඇවතකි. මහණකම පවා අහෝසිවන ආපත්තියකි.
නමුත් සියදිවි නසාගැනීම විනයෙහි පනවා ඇත්තේ ප්‍රාණඝාත අකුසලයක් ලෙස නොවේ. ‘න ච භික්ඛවෙ අත්තානං පාතෙතබ්බං, යො පාතෙය්‍ය, ආපත්ති දුක්කටස්ස’ යන බුද්ධ වචනයෙන් පෙන්නුම් කරන්නේ ආත්මය නොනැසිය යුතු බවයි.
යමෙක් දිවිනසා ගන්නේ නම් ඔහුට දුක්කට ආපත්තියක් වන බවයි. විනයෙහි ඉගැන්වෙන පාචිත්තිය, පරාජික හා දුක්කට යන ආපත්ති ගැන විමසීම වටී.
පාරාජික යනු මහා බරපතළ කර්මයන්ට යොදන නමකි.
එය කරටිය සිඳුණු තල්ගසක් මෙන් නැවත ප්‍රකෘති ස්වභාවය ලබාගත නොහැකි අකුසලයන්ය.
පාචිත්තිය යනු ඊට වඩා ලිහිල්වූ පිරිසිදුවීමට ඉඩ අවකාශ ඇති වැරදිවලට යොදන නාමයකි.
දුක්කට යනු ඊටත් වඩා ලිහිල්වූ කුඩා ආපත්තියකි.
විනයෙහි සියදිවි නසාගැනීම දුක්කථාපත්තියක් වන බැවින් එය ප්‍රාණඝාත අකුසලයක් නොවේ. බුදුරජාණන් වහන්සේ එය ප්‍රාණඝාත අකුසලයක් වන්නේ නම් පරාජික ආපත්තියක් බව දේශනා කරන්නාහ.
දුක්කට ආපත්තියක් වන සියදිවි නසාගැනීම තිරිසන්ගත සත්වයකු මැරීමටද වඩා කුඩාවූ පාපයකි.
මූලික පෙළදහම හා සසඳා කරනු ලබන මෙම විවරණය නිසා ඇතැමෙකු මෙසේ සිතිය හැකිය.
සියදිවි නසාගැනීම ප්‍රාණඝාත අකුසලයක් නොවන්නේ නම් එයින් අපාගත වීමටද ඉඩක් නොලැබෙන බවයි.
 එම ප්‍රශ්නය දහමට අනුව විමසුම් නුවණින් පිළිතුරු සෙවිය යුතු කරුණකි. බුදුසමය හැමවිටම පුද්ගලයාගේ ඊළඟ භවය විනිශ්චය කරන්නේ මරණාසන්න වූ සිත (චුතිසිත) මුල්කොට ගෙනය. චුතිසිත යහපත් වූයේ නම් ප්‍රතිසන්ධි චිත්තය ශක්තිමත් වන බව ථෙරවාදීන් පිළිගත් මතයයි.
ධර්මාශෝක මහරජු වෙහෙර විහාර අසූහාර දහසක් සාදවා මහා පින්කම් කළ මහෝපාසිකයකු වුවද ඔහුගේ චුතිචිත්තය අයහපත්වී හිමාලයේ පිඹුරකුව ඉපදුණ බව සඳහන් වේ.
 මේ චුති චිත්තයට ඇති බලමහිමය කියාපාන කදිම නිදසුනකි. සියදිවි නසාගැනීමෙන් පසු ලබන ඊළඟ භවය ගැන අප විමසිය යුත්තේද මෙකී මරණාසන්න සිත මුල්කොට ගෙනය.
සමාජයෙහි සියදිවි නසාගන්නවුන් අතරින් ඇතැමෙක් අධික කාමාශාවෙන් මුසපත්වී එකී කාමවස්තූන් තමන් සන්තක කරගන්නට බැරිවූ විට තම දිවිතොර කරගනිති.
ඇතැමෙක් ලැබූ ලාභයන්හි ගිජුවී අලාභයන් සිදුවූ විට දරාගත නොහැකිව දිවිතොර කරගනිති.
තවෙකෙක් අනුන්ගෙන් පළිගැනීමට හා අනුන් රිදවීමට යැයි සිතා වෛරයෙන් දිවිතොර කරගනිති.
 තවත් සමහරෙක් ලැබූ මිනිසත් බවෙහි වටිනාකම නොදැක නොයෙක් දෘෂ්ටිවාදයන් මත හිඳිමින් එයින් මුලාවී දිවිතොර කරගනිති.
මෙකී ආශාව, ද්වේශය, මෝහය මුල්කොට ගෙන යමෙකු දිවිතොර කරගත් විට ඊළඟ භවය සැපවත් යැයි කාට නම් නිගමනය කළ හැකිද? දූෂිත සිතින් මියයන විට ඊළඟ භවය නිර්මාණය වන අයුරු විස්තර වන බුද්ධ දේශනාවක් ඉතිවුත්තක පාලියෙහි දක්නට ලැබේ.
එය මෙසේය: “සිත දූෂණයවී ඇති වේලාවේදී යමෙකු මියගියේ නම් ඔහු නරකයෙහි උපදින්නේය.
කුමක් නිසාද යත් ඔහුගේ සිත දූෂණය වී ඇති බැවිනි. එබඳු පුද්ගලයා මළ පසු ගෙන ගොස් දැමූවාක් මෙන් නරකයට වැටෙන්නේය” මෙහි සඳහන් කළ සියලු පිරිස් දිවිනසා ගත්තේ රාග, ද්වේශ, මෝහ මුල්කොටගත් දූෂිත සිතින්ය.
එනිසා එය සාවද්‍ය දිවිනසා ගැනීමකි. එය හුදෙක් ලෞකික අපේක්ෂා භංගත්වය නිසාම සිදුකරගත්තකි. නමුත් නිරවද්‍යවූ දිවිනසා ගැනීමක්ද දහමෙහි අපට පෙන්වා දේ.
 එය ලෞකික අරමුණු අභිබවා ගිය ලෝකෝත්තර ඵල සාධනය සඳහා සිදුවන්නකි. නිරවද්‍යවූ දිවිනසා ගැනීමක් සම්බන්ධයෙන් අප දන්නා ප්‍රකට කතා පුවත වන්නේ සිරිසඟබෝ චරිතයයි.
කහවණු දහසකට මිල නියමවූ සිරිසඟබෝ රජුගේ හිස රජු විසින් දුප්පත් මගියෙකුට සියතින්ම සිඳ දුන්නේ ලෝකෝත්තර ඵල සාධනය කිරීම අරමුණුකොට ගෙනමය.
එහි රාග, ද්වේශ, මෝහ කිසිවක් නැත. චුති චිත්තයද අතිශය ප්‍රසන්න වූවක්මය. එනිසා එය නිරවද්‍ය දිවිනසා ගැනීමකි.
 එසේම අප මහා බෝසතාණන් පාරමීදම් පුරන එක් භවයක ව්‍යාඝ්‍ර ෙනුවක් කිසිදු ආහාරයක් නැතිව කුසගින්නෙන් තම දරුවන් කන්නට තැත් කරන විට ව්‍යාඝ්‍රයාට ආහාරයක් වූයේ ද උසස් අරමුණක් මුල්කොටගෙන මිස රාග, ද්වේශ, මෝහවලින් වර්ධනයවූ මනසකින් නොවේ.
බුදුන් ජීවමාන කාලයේදී ඇතැම් භික්ෂූන් සසර කලකිරී පෙර මුව වැද්දෙකුවූ පසුව මහණවූ මිගලණ්ඨික භික්ෂුවට කියා බොටුව කපා දිවිතොර කරගත් පුවත්ද විනයෙහි සඳහන් වේ. එසේම සියදිවි හානිකොටගත් ගෝධික නම් භික්ෂුවගේ කතා පුවතක්ද පෙළදහමෙහි අපට හමුවේ. උන්වහන්සේගේ කතා පුවත රසවත්ය.
ගෝධික තෙරුන් ඉසිගිලි පර්වතය වාසස්ථානයකොට ගත් භික්ෂුවකි. උන්වහන්සේ රෝග බහුල කෙනෙකි. උන්වහන්සේ බොහෝ උත්සාහකොට ලෞකික ධ්‍යානයක් ලබාගත්හ.
ලෞකික ධ්‍යායනයන් වනාහි වහා වෙනස් වනසුලුය. නැවත නැවත ධ්‍යානයට සමවැදී එය දියුණු නොකළහොත් වහා ධ්‍යානයෙන් පිරිහෙන්නේය.
ගෝධික තෙරුන්ට බොහෝ රෝගාබාධ ඇති හෙයින් වරක් දෙවරක් නොව පස් වාරයක්ම ධ්‍යානයෙන් පිරිහුණි. හය වෙනි වාරයෙහි තෙරුන් මෙසේ සිතීය “මා ධ්‍යානයෙන් පිරිහී ගිය අවස්ථාවක මරණය සිදුවුවහොත් මාගේ ඊළඟ උපත අවිනිශ්චිතය.
යම් විටෙක ධ්‍යානය තිබියදී මරණය වුවහොත් බඹලොව ඉපදීම නිශ්චිතය. එනිසා ධ්‍යානයක් තිබෙන දැන් දිවිනසා ගනිමි” මෙම සිතුවිල්ල මාරයා දැක උන්වහන්සේ මෙයින් රහත්වේ යැයි බියවී එය වැළැක්වීමට බුදුන් වහන්සේට සැළකර සිටියේය.
එවිට ගෝධික තෙරුන් මහත්වූ වේදනා සහිත වුවද එය ඉවසා දරාගෙන සියතින් ගෙල සිඳ දැමූහ.
 එම වේදනාවම කමටහන් ලෙස ගෙන ගෙල සිඳෙන මොහොතෙහිම රහත්වූහ. මෙයද උසස්වූ අර්ථයක් මුල්කොටගත් ලෝකෝත්තරවූ නිරවද්‍ය සියදිවි නසාගැනීමකි.
එම නිවරද්‍ය දිවිනසා ගැනීම ප්‍රාණඝාත අකුසලයක් වන්නේ නැත.
එය අපායාදී දුගතීන්හි ඉපදීමටද හේතුවන්නේ නැත.
මන්දයත් එය රාග, ද්වේශ, මෝහ යනාදියෙන් අපිරිසිදු නොවූ නිසාය.
කෙලෙස්වලින් ගහණවූ දූෂිත මනසින් යුතු නූතන අධිවේගී සමාජ රටාව තුළ සියදිවි නසාගන්නාවූ පිරිස් අපාගත වන්නේද නැද්ද යන්න විමසා බැලිය යුතු වන්නේද මෙකී කරුණු සැලකිල්ලට ගෙනය.
 බුදුසමය සියදිවි නසාගැනීම ප්‍රාණඝාත අකුසලයක් නොවන්නේ යැයි කීමෙන් කිසිවිටෙක ඊට අනුබල දීමක් සිදුනොකරන බව මෙහි විශේෂයෙන්ම සඳහන් කළ යුතුය.
ලොව්තුරු දහම තරම් මිනිසත් බවෙහි වටිනාකම් හා එහි දුලබ තැන් ඉස්මතුකොට දැක්වූ වෙනත් දහමක් නොමැත.
එහි ඉගැන්වෙන්නේ ලෞකික-ලෝකෝත්තර අග්‍ර ඵලයන්හි ඒකාන්ත ශුද්ධභූමිය දුර්ලභ මිනිසත් භවය බවයි.
 පුද්ගලයා සෝවාන් ආදී අධිගමයන්ට පත්වන්නේ සතර අපායාදී දුගතීන්ට අවශ්‍ය දෑ, රැස්කරගන්නේත් මේ මනුසත් භවය
තුළින්මය.
එනිසා බුදුසමය කිසිවිටෙක මනුෂ්‍ය ආත්මභාවය සැහැල්ලුකොට හීනකොට නොසලකයි. එවන්වූ දුර්ලභ මිනිසත් බවක් ලැබ
වහ වහා දහම අවබෝධ කරගනු විනා සියදිවි නසාගැනීම කොතරම් අඥාන ක්‍රියාවක් දැයි අමුතුවෙන් කිවයුතු නැත.
එනිසා බුදුසමයෙන් ප්‍රාණඝාත අකුසලයක් නොවේ යැයි ඉගැන්වූ සියදිවි නසාගැනීම ගැන ඔබ මෙසේ සිතිය යුතුය. සැබවින්ම ආත්මය නම් අස්ථීරමය.
එහි වෙනස් නොවන්නේ යැයි කියා ගතයුතු කිසිම දෙයක් නැත. එහි මරණින් මතුගෙන යා හැකි එකම දේ වන්නේ සංවර්ධනය කරන ලද සිතුවිලි පමණක්මය.
එනිසා මා මේ දිරායන රූපස්කන්ධය නසා කුමක් ලබන්නේද? ඒකාන්තයෙන්ම මානැසිය යුත්තේ ආත්මය වෙලා බැඳ තබාගෙන සිටින පාපී සිතුවිලිමය. ගෝධික තෙරුන් නැසුවේද ඒ පාපි සිතුවිලිමය.
එම පාපි සිතුවිලි නමැති ආත්ම ඝාතනයට මාගේ සියදිවි නසාගැනීම වේවා
හිතන්න. ඔබටත් එලෙස සියදිවි නසාගන්න හැකිනම් ඔබ කොතරම් වාසනාවන්තද?


රාජකීය පණ්ඩිත, මුලනේ ගුණානන්ද හිමි

Share

පාරමිතා පූජාව - 2019

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

-----------------------------------------------------------------------

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software