topone

silmatha-kaiw

විශ්වාසයට නොව අවබෝධයට ඉඩදෙන බුද්ධිමතුනටය


flowerබුදු දහමට අනුව දෙවියන් යනු විශ්වයේ කිසියම් පාරිසරික මට්ටමක් තුළ ජීවත් වන සත්ව විශේෂයකි. දෙවියන් පමණක් නොවේ. මනුෂ්‍ය නොවන එහෙත් විවිධ ශක්තීන් යුතු උස් පහත් වන තවත් ජීවීන් කොටස් සාමාන්‍ය පියවී ඇසට හසුනොවෙමින් ජීවත් වෙති. ලෝකයේ උතුරු දකුණු මහාද්වීපයන්වල ජීවත් වන සත්වයන් ගේ ශරීර සැකසී ඇත්තේ එකී පරිසරයට අදාළවය.

කාන්තාර ප්‍රදේශයන්වල ජලය ආශ්‍රිතව මෙන්ම මුහුදේ හා ගැඹුරු මුහුදේ ජීවත් වන සත්වයන්ගේ ශරීරයන් නිර්මාණය වී ඇත්තේ එකී පරිසරයට අනුවය. එය ලොව පවතින සත්‍යයකි. දෙවියන් යනු සියුම් ශරීර ඇති තියුණු මානසික මට්ටමක් හා අධිමානසික ශක්තීන් ඇති දීර්ඝායුෂ ඇති සත්ව කොටසකි. දෙව් ලෝ ඇත්තේ  කොහේ දැයි විචාරාත්මකව දැක්විය නොහැකි වුවත් දෙවියන්ට සියුම් ශරීර ඇත්තේ ද දීර්ඝායුෂ ඇත්තේ ද එකී ලෝකවල පවතින කිසියම් විශ්වීය ස්වභාවයක් නිසා බව සිතා ගැනීම අසීරු නොවේ. මිනිසුන්ද මිය ගොස් එහි උපදිති. එහි උපදින්නේ එකී ශරීරයේ සියුම් බව ඇතිවය. එසේම දීර්ඝ කාලයක් ආයුෂ ඇතිවය. උදාහරණයක් ලෙස ගතහොත් අධික රශ්මිය සහිත කාන්තාර ප්‍රදේශයක උපදින සත්වයකු එම පරිසරයේ ජීවත් වීමට සුදුසු තත්ත්වයකට හුරු වී උපදියි. ඔහුගේ ශරීර ක්‍රියාකාරීත්වය පැවැත්ම මේ සියල්ලම මේ පරිසරයට
අදාළව පවතී. ජලයේ උපදින සත්වයකුගේ ශාරීරික නිර්මාණය හා පැවැත්ම ජලයේ ජීවත්වන්නට හැකි ආකාරයට නිර්මාණය වී තිබේ.
විශ්ව නිර්මාණය හා පැවැත්ම දෙවියන්ට පැවරීම අතීතයේ සිටම කරන ලද්දකි. මිනිසා තුළ සහජයෙන්ම පවතින බිය නිසා සර්ව බලධාරී දෙවි කෙනෙක් පිළිබඳව විශ්වාස කරමින් කිසියම් ආරක්ෂිත බවක් ඇති කරගන්නට උත්සාහ කළා විය යුතුය. එහෙත් එවැනි බලයක් සහිත දෙවියෙක් සිටින බවක් හෝ එවැනි පිහිටක් තිබෙන බව ප්‍රායෝගිකව ලෝකය දෙස බලන විට නොපෙනෙයි. මිනිසාගේ අපූර්ව පුරුද්දක් තිබේ. මෙය විශේෂයෙන් දැකිය හැක්කේ දෙවියන් අදහන මිනිසුන් අතරය. ඔවුන් සිතා සිටින ආකාරයට ඔවුන් මවා ඇත්තේ දෙවියන්ය. සුවය සතුට සැනසීම දෙන්නේ දෙවියන්ය. සාර්ථකත්වය මිල මුදල් ආහාරපාන මේ සියල්ල දෙන්නේ දෙවියන්ය. එනිසා යහපතක් සිදුවන හැම විටම දෙවියන්ට ස්තුති කරන්නටත් දෙවියන් තමන්ට ආදරය දක්වන බව සිතා සතුටු වන්නටත් පුරුදුව සිටිති. එහෙත් මේ අයට දුක් වේදනා විපත් ඇති වෙයි. ඒ සියලු අවස්ථාවල එය සොබා දහම යැයි සිතා දෙවියන් පිළිබඳව විශ්වාසයද කඩ නොකර හිත හදා ගනිති. සර්ව බලධාරී දෙවියන් සුවය සතුට සැනසීම ලබාදෙන්නේ නම් දුක වේදනාව ලබා දෙන්නේ කවරෙක්ද, නපුර හෝ යක්ෂයෙක් ද එසේත් නැති නම් සොබා දහමද, සර්වබලධාරී දෙවියන් ගේ දරුවන්ට දුක වේදනාව ලබා දෙන්නට තරම් යක්ෂයා හෝ සාතන් බලවත් බව පැහැදිලිව පෙනේ. මක්නිසාද යත්. ලෝකයේ මිනිසුන් සුව විඳිනවාට වඩා දුක් විඳින නිසාය. එසේනම් සාතන් දෙවියන්ට වඩා බලවත් බව පැහැදිලිවම පෙනෙයි. දෙවියන්ගේ බලයෙන් සියල්ල පාලනය වන ලෝකයක දේව දරුවන්ට දුක වේදනාව ලබාදෙන්නට සාතන් සමත්ය. ඒ සාතන් නොව සොබා දහම යැයි සිතිය හැකිය. එහෙත් දෙවියන් මැවූ සොබා දහම මිනිසාට හිතකර ලෙස නොමැවූවේ ඇයි ? දෙවියන්ගේ බලය අභිබවා සොබා දහම මිනිසාට බලපෑම් කරන්නේ
ඇයි ? ගංවතුර හෝ සුනාමිය හෝ සුළි සුළඟ දෙවියන්ගේ පල්ලිය කෝවිල දේවාලය බැතිමතුන්  සමග  විනාශ කර දමන්නේ කෙසේද ? එසේ නම් සොබා දහම බලය අබියස දෙවියන් අසරණ නම් ආරක්ෂාවක් සලසන්නට අපහසු දෙවියන් පිළිබඳව විශ්වාස කිරීමෙන් ඵලක් තිබේද. දෙවියන් පිළිබඳව විශ්වාස නොකරන දෙවියන්ට බණින මිනිසුන් පමණක් නොව සමහර තිරිසන් සතුන් පවා සුව යහන් වල සැතපෙන විට සමහර දෙවියන් කෙරෙහි අධික භක්තිය ඇති මිනිසුන් හිසට සෙවණක් හෝ නොමැතිව සීත‍ලේ ‍පොළොවේ ගැහි ගැහී නිදති. මෙයට හේතුව කුමක්ද. අධික දේව භක්තියක් ඇති දෙමවුපියනට දාව අංග විකල දරුවන් උපදී. ඔවුන්ගේ භක්තිය සම්පූර්ණ වුවත් දෙවියන් ඔවුනට දී ඇත්තේ දුක වේදනාවය. එය මවුපිය දෙදෙනාගේ වරදකට දෙවියන් දුන් දඬුවමක් නම් දෙමව්පියන්ට නොදී දරුවා අංග  විකල කළේ ඇයි. දේවත්වය සනාථන නම් මෙකී විවිධ ප්‍රශ්න මතු වන්නේ මක්නිසාද. මේ කරුණු තුළින් පැහැදිලිව පෙනෙන්නේ ලෝක යථාර්ථය යනු දේව ශක්තියට එහා ගිය සනාතන සත්‍යයක් බව නොවේද මෙයට පිළිතුරු බුද්ධ දේශනාවෙන් දිය හැකිය. එහෙත් බුදු  දහමට පක්ෂව නොවේ. විචාරශීලීව සිතන අයට නිවැරදි නම් පමණක්
පිළිගැනීමටය. බුදු දහම දෙවියන්
පිළිගනී. එහෙත් විශ්ව නිර්මාපක දෙවියන් නොව තවත් ජීවීන් පිරිසක් වශයෙනි. බුදු දහමට අනුව ලෝකය යනු රටාවකි. රටාවෙහි ස්වභාවය වන අනිත්‍ය දුක්ඛ අනාත්මය දෙවියනට ද ‍පොදුය. එසේම ලෝකය කිසිදු සර්ව බලධාරී දෙවියකුගේ නිර්මාණයක් ද නොවේ. ලෝකයේ පැවැත්ම ඇත්තේ ලෝකය තුළම මිස නොපෙනෙන දෙවියෙක් විසින් කරන පාලනය බුදු දහම තරයේ ප්‍රතික්ෂේප කරන අතර මෙහි වැදගත්ම පැහැදිලි කිරීම වන්නේ පංච නියාම ධර්මයන්ය. ලෝකයේ පවතින ලෝකයටම බල පවත්වන ස්වභාවයන් පහකි පංච නියාම ධර්ම
උතු නියාම
ධම්ම නියාම
බිජ නියාම
කම්ම නියාම
චිත්ත නියාම
අව්ව, වැස්ස, පින්න, සීතල උණුසුම කාලගුණය දේශ ගුණය මේවා සෘතූන්ය. වැස්ස වසින්නේ වැසි කාලයට වන අතර සුළඟ අහේතුකව හමන්නේ නැත. මේ උතු නියාමයයි.
බිජ නියාමය ද සරලය. ‍පොල් ගෙඩියෙන් හට ගන්නේ ‍පොල් ගසකි. වඳුරාගේ පැටවා වඳුරු පැටවෙකි. මවු පියන් සුදු ජාතිකයන් නම් දරුවාගේ වර්ණය ද සුදු වෙයි. ඒ බිජ නියාමයේ ස්වභාවයයි.
ධර්ම නියාමය ලෝකයේ පවතින තවත් යථාර්ථයකි. මෙම ධර්මතාවන් කවරේදැයි මෙසේ හැඳින්විය හැකිය. ගුරුත්වය යනු ලොව පවතින ධර්මතාවකි. ඒ අනුව උඩට ගලක් ගැසුවොත් එය බිම වැටෙයි. උඩ සිට පැන්නොත් බිම වැටෙයි. මෙම වැටීම සිදුවන්නේ ගුරුවත්ය යන ධර්මතාවය ලොව පවතින නිසාය. සූර්යා නැග එයි. බැස යයි. එය කිසිවකුගේ කර්ම ශක්තියක්ද නොවේ. සෘතුවක්ද නොවේ. බිජයක්ද නොවේ. ධර්මතාවකි. ගසක් හටගෙන කාලයකදී විනාශ වෙයි. මෙහි බිජ නියාමය මෙන්ම ධර්ම නියාමයද පැහැදිලිවම නියෝජනය කරයි. ගස හටගත් බිජයේ ශක්තිය කෙතරම් ප්‍රබල වුවත් හටගත් සියල්ල විනාශ වීම ලොව පවතින ධර්මතාවකි. ගඟක් ගලන්නේ පහළටය. පැළයක් සිටෙව්වොත් එය පැළවෙයි. ජලය මත පා විය හැකි තත්ත්වයේ දෙයක් නම් එය ජලය මත පාවෙයි. ශබ්ධ තරංග ගමන් කිරීම. ආලෝකය ගමන් කිරීම. සාපේක්ෂතාවය. මේ සියල්ල ධර්මතාවන්ය. තවත් උදාහරණයක් මෙසේ දැක්විය හැකිය. ගුවන් යානයක් ගමන් කරවීමේදී වැදගත් වන බර්නූලිගේ න්‍යාය අප දනිමු. බර්නූලි මෙහිදී කර ඇත්තේ ලොව පවතින ධර්මතාවක් සොයා ගැනීමය. එසේ නොමැතිව බර්නූලිට ගුරුත්වය හෝ වායු පීඩනය හෝ ඝර්ෂණය හෝ වාතය නිෂ්පාදනය කළ නොහැකිය. ලෝකයේ පවතින ධර්මතාවක් මෙහෙයවන ආකාරය ඔහු සොයාගෙන ඇත. ඒ අනුව ධර්මතා ලොව පවතින සත්‍යයකි.
චිත්ත නියාමය මේ ධර්මතා අතරින් ප්‍රබලම දේ යනුවෙන් සඳහන් කළොත් එය මුසාවක් නොවේ. බුදු රදුන් පවා සිත පිළිබඳව කතා කර තිබෙන්නේ එහි ප්‍රබලත්වය අගය කරමිනි. අනෙක් නියාම ධර්ම හතරටම අභියෝග කරන්නට චිත්ත නියාමය ට පුළුවන. වර්තමානය වන විට සෘතූන් වල යම් යම් වෙනස් කම් සිදුව තිබේ. බිජයක සාමාන්‍ය ස්වභාවය වෙනස් කර විවිධ විස්කම් සිදුකරන අතර දරුවකු බිහි කිරීම වෙනුවට දරුවකුගේ පිටපතක් ගැනීමට පුළුවන. ස්වභාව ධර්මයේ විවිධ ස්වභාවයන් පවා පාලනය කරන්නට මිනිස් චිත්තයට හැකිව තිබේ. බුදු බව රහත් බව යනු ද චිත්ත නියාමයේ ප්‍රතිඵලයන්ය. දෙවියන්ට ද සිතා ගන්නට බැරි තරම් ප්‍රබලත්වයක් චිත්ත නියාමයේ තිබේ. දෙවියන්ට දේවාලයක් සාදන්නටත් එය විනාශ කරන්නටත් මිනිස් චිත්තයට හැකිය. කර්ම ශක්තීන් හෝ ඵල දුන් කර්ම ශක්තීන්වල ප්‍රතිඵල වලට අභියෝග කරන්නට මිනිසුන්ට හැකියාව තිබේ. අත් පා දෙකම නොමැතිව ඉපදී ලෝකය ජයගත් නික් වූ ජිසික් එවැන්නෙකි.
ඉහත කී සියල්ල උදාහරණය. දැන් සිදුකළ යුත්තේ බුදු දහම දෙවියන් හා සොබා දහම එකිනෙක කිරා බැලීමයි.
දෙවියන්  යයි හඳුන්වන විශ්ව නිර්මාපකයාණන්ට සිදුකළ හැකි කාර්ය මෙය යැයි සාක්ෂි ලෙස දැක්විය හැකි කිසිවක් තිබේද. දෙවියන්ගේ බලය අසීමිත යැයි ද සියල්ල කළ හැකි යැයි ද සඳහන් කරනු ලබයි. සියල්ල යනු කුමක්ද. මිනිසකුට දේවාලය හෝ කෝවිල හෝ විනාශ කරන්නට සිතුණහොත් එය දෙවියන්ට නැවැත්විය හැකිද. සොබා දහමේ වියරු හැසිරීම් හමුවේ දේවස්ථානය පමණක් නොව අදහන්නන් පවා විනාශ වී යන විට දෙවියන්ට පිහිට විය නොහැක්කේ මන්ද. විවිධ විපත් කරදර පැමිණෙන විට සොබා දහමේ හැටි යැයි කියා හිත හදා ගන්නට සිදුවන්නේ නම් අප දෙවියන් අදහන්නේ කවර අරමුණක් උදෙසාද, දෙවියන්ට භාර වීම හෝ යැදීම තුළින් සිදුවන කිසියම් යහපතක් මෙය යැයි දැක්විය හැක්කක් නැත. රැකියාවට ගියහොත් මුදල් ලැබේ. මුදල් තිබුණොත් සැප පහසුව තිබේ. දරුවෙකුට හෝ තමාට අසනීපයක් හැදුනොත් කිසිවෙක් දෙවියන්ට යදින්නේ නැත. බෙහෙත් බිව්වොත් ලෙඩ සුව වේ. අපට එන සියලු යහපත් දේ වෙනුවෙන් දෙවියන් කළා යැයි ස්තුති කරන්නේ නම් පැමිණෙන අයහපත් දේට වගකිව යුත්තා කවුරුන්ද. දෙවියන් කෙරෙහි අපමණ භක්තියක් ඇති කිසිවෙකුට විවිධ විපත් කරදර එන්නේ කුමක් නිසාද. ඔහුගේ දරුවා හෝ බිරිඳ සමහර විට කිසියම් හේතුවකින් මිය යන්නේ කවර හේතුවක් නිසාද. ලෝකයේ හොඳ මෙන්ම නරක නිර්මාණද තිබේ. මහා බුද්ධිමත් දක්ෂ ලස්සන දරුවෙක් නිර්මාණය කරනු ලබන්නේ දෙවියන් නම් අංග විකල දරුවෙක් නිර්මාණය කරනු ලබන්නේ කවුරුන් විසින්ද.
මෙහි දී ආයාසයෙන් තොරවම පැහැදිලි වන කරුණු කිහිපයක් තිබේ.
සර්ව බලධාරී දෙවි කෙනෙක් ලෝකය තුළ නොමැති අතර සර්ව බලධාරීත්වය තබා සොබා දහමේ හුළඟක් නවත්වන්නට හැකි දෙවි කෙනෙක් ගේ බලයක් ලෝකය තුළ දක්නට නැත. මිනිසා දෙවියන් අදහන්නේ ආරක්ෂාව පිහිට හෝ සංවර්ධනය සැප සම්පත් වෙනුවෙන් නම් එවැනි කිසිවක් නොලැබෙන අතර ආරක්ෂාව හෝ සමෘද්ධිය පුද්ගලයාගේ අතම පවතින්නකි. මිනිසාට දෙවියන් සැප සම්පත් දෙන්නේ නම් දෙවියන් නොඅදහන අය සුපිරි ජීවිත ගත කරන විට බැතිමතුන් දුක් විඳීම පුදුමයකි. හේතුව නම් අදහන්නාට නොදී නොඅදහන්නාට දෙවියන් සැප දීමය. ලෝකයේ යක්ෂයා හෝ නපුර හෝ සාතන් යනුවෙන් කිසිවෙක් සිටී නම් ඔහු පැහැදිලිවම දෙවියන්ට වඩා බලවත්ය. දේවායේ කෝවි‍ලේ පල්ලියේ සිටින විට පවා බැතිමතුනට විවිධ දුක් කරදර අසනීප හා මහා විනාශයන්ද පැමිණෙනු දැකිය හැකි නිසාය. සිය විශ්වසනීය සේවකයෙක් වූ ඔසාමා බින් ලාඩන් ආරක්ෂා කරගන්නට හෝ දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේට තැබූ
වෙඩිල්ල නවත්වා ගන්නට එකී දෙවිවරුනට නොහැකි විය.  දෙවියන්ගේ පුත්‍රයා වූ ජේසුස් වහන්සේ පවා පරික්ෂා කරන්නට සාතන්නට හැකි වීම පුදුම සහගතය. සොබා දහමට හසු නොවන ආගමක් දහමක් හෝ දෙවියෙක් නැති අතර මිනිසා ‍පොළොව මතින් අතුරුදහන් වූ දින සිට කිසිදු දෙවි කෙනෙක්ට පැවැත්මක්  තිබේ යැයි සිතිය නොහැකිය. සොබා දහම දෙවියන්ට වඩා බලවත් නම් අප කළ යුත්තේ අපගේ ක්‍රියාකාරකම් තුළින් සොබා දහමේ පැවැත්ම වෙනස් නොකිරීමය. දෙවියන් විශ්වය ලෝකය හෝ පරිසරය මැව්වේ නම් එකී දෙවියන්ගේ නිර්මාණය දෙවියන්ට වඩා බලවත් වීම හාස්‍ය ජනකය. මෙහිදී උත්සහ කළේ බුදු දහම නිවැරදි හා සත්‍යය බව පෙන්වන්නට නොවේ. සත්‍ය හැම විටම විචාරයට ලක් කිරීමේදී අසරණ වීමක් නොවිය යුතුය. ආගම දහම හෝ දර්ශනය විචාරයට මුහුණ නොදී කිසිවකට මුවා වන්නේ නම් එහි සත්‍යයක් හෝ යථාර්ථයක් නැත. උත්සාහවත් මිනිසා  අසල දෙවියන්ට කළ හැකි දෙයක් නැති අතර සොබා දහම හා සටන් කළ හැකි එමෙන්ම සටන් කර ජය ගත හැකි එකම තැනැත්තා මිනිසා පමණි. එය මේ මානව ඉතිහාසයේ අනන්ත වාරයක් ප්‍රත්‍යක්ෂ වූ සත්‍යයකි. මෙහි දී කිසිදු ආගමකට අපහාසයක් කරන්න කිසිදු උත්සාහයක් හෝ අවශ්‍යතාවයක් මත කරන ලද පැහැදිලි කිරීමක් නොවේ. අවශ්‍ය වූයේ විචාරයට ලක් කර විමසීමට ලක් කර අවබෝධ කරගන්නට උත්සාහය පමණි. ලෝකයේ පවතින කිසියම් සත්‍යයක් වෙයි නම් එයට දෙන නාමය බුදු දහම හෝ කිතු දහම හෝ ඉස්ලාම් වේවා අවශ්‍ය වන්නේ සත්‍ය හා යථාර්ථය පමණි.


ප්‍රංශ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති
පරවාහැර චන්දරතන නාහිමි

Share

පාරමිතා පූජාව - 2019

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

-----------------------------------------------------------------------

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software