topone

silmatha-kaiw

ආදි බ්‍රහ්මචරිය පඤ්ඤා සූත්‍රය


arthawathbawddayakuපුද්ගලයෙකුගේ දියුණුව ආකාර දෙකකි. භෞතිකව ඇති  වන දියුණුව පමණක් සැබෑ දියුණුව ලෙස බුදු දහම නොසලකන අතර ආධ්‍යාත්මික නැත්තවුන් අසාහසික අධාර්මික ක්‍රියා සිදු කිරීමට පෙළඹේ. එය පුද්ගලයෙකු ලෙස සසර, ඔහුට දුක් විපාක පිණිස පවතින අතර සමාජයක් ලෙස මෙලොව හානි ගෙනදීමට සමත් වෙයි. අංගුත්තර නිකායෙහි සඳහන් ඉහත දක්වන ලද සූත්‍ර දේශනාවෙන් අවධාරණය වන්නේ ආධ්‍යාත්මික දියුණුවට ගත හැකි උපදේශ 8කි.


ගෘහ ජීවිතය බොහෝ සංකීර්ණ යුතුකම් වගකීම්වලින් පිරි ජීවිතයකි. එහෙයින් ධර්මය ආශ්‍රය කරගනිමින් ආධ්‍යාත්මික සංවර්ධනය ඇති කර ගැනීම එතරම්ම පහසු නොවේ. එහෙත් කාමභෝගී ජනයා තම ජීවිතය පිළිබඳ නුවණින් කල්පනා කළ යුතුය. මන්දයත් උපන් සත්වයෝ දිරායාම, ව්‍යාධියට පත්වීම, ආදී කොටැති වෙනස්වීම දයාද කොටගෙන සිටින අය නිසාවෙනි.
කායික අස්ථිරත්වය සලකන බුද්ධිමත් බෞද්ධයා ඉන් කලකිරීම වෙනුවට යථාර්ථය හැඳින ගනිමින් ගිහි ජීවිතය ගත කළ යුතුය. ඒ සඳහා අවශ්‍ය උපදෙස් මාලාවක් මෙම සූත්‍ර දේශනාවෙන්් උගන්වනු ලබයි.
හිරි ඔතප් සහිතව යහපත් ආචාර්යයන් ආශ්‍රය කරමින් ඔවුන් ගුරු තනතුරෙහි තබා
තම සිත දියුණු කිරීම.
යහපත් ආචාර්යයන් ගුරු තනතුරෙහි තබා ගනිමින් නොඇසූ දේ අසා දැනගනිමින්  දත් ධර්ම කාරණා නැවත නැවත මතු කරමින් හඳුනා ගැනීමට උත්සාහ කිරීමය.

3. කාය හා චිත්ත විවේකයෙන් යුතුව කටයුතු කිරීම
4. පුංචිම හෝ වරදෙහි බිය දක්වමින් ශීල සම්පන්න වීම.
5. ශ්‍රැතධර වීම සඳහා බහුශ්‍රැතයන්ගෙන් ධර්ම කාරණා අසා දැනගැනීම
6. කුමන බාධක පැමිණියත් අකුසල් දුරුකර කුසල් වැඩි දියුණු කිරීම පිණිස බලවත් වීර්යයක් ඇති කර ගන්නවා.
7. රාජ කතා චෞර කතා ආදී දෙතිස් කතා කිරීමෙන් වලකිනවා.
8. පංචස්කන්ධය මනාව අවබෝධ කරගනිමින් හේතුඵල ධර්මයට අනුව නිරෝධය අවබෝධ කරගන්නවා.

 මෙම කාරණාවන්් වලින් යුත් භික්ෂුව හෝ ගිහියා හෝ වේවා ආධ්‍යාත්මික සංවර්ධනය ඇති කර ගත් ආර්යයකු වේ. එසේ යුක්ත නොවීම දහමේ මූලිකහරය තෙරුම් නොගැනීමය. බෞද්ධ කම හෝ මහණකම අර්ථවත් වන්නේ මෙම ගුණයන් තුළින් තම ආධ්‍යාත්මය ‍පෝෂණය කරගතහොත් පමණි.
ලැජ්ජා බය යනු ලෝක පාලක ධර්මයකි. එය සමාජය සදාචාරවත්ව පවත්වා ගැනීම සඳහා ඉවහල් වන්නකි. හොඳ නරක තේරුම් ගෙන නරකින් ඉවත්ව යහපත ප්‍රගුණ කිරීමට නම් මිනිසුන් තුළ ලැජ්ජා බය තිබිම වැදගත්ය. ඒ සඳහා යහපත් සත් පුරුෂ ආචාර්ය මග පෙන්වීම අත්‍යවශ්‍යය.
බුද්ධ දේශනාව වූයේද අංග සම්පූර්ණ අය දුර්ලභ බවය. (දුල්ලභෝ අංග සම්පන්නෝ) කා අතින්ද වැරදි විය හැකිය. එහෙයින් නිවැරදි වීම සඳහා ගුණවත් පිරිස් ආශ්‍රයට ලැබිය යුතු වේ. ඒ අයගෙන් නිවැරදිව ගැටලු සැක හැර දැනගත යුතුය. දත් දේ නිවැරදිව දැනගැනීම වඩා අවශ්‍යය. සැකය ඇති නොවන ලෙස පෙළ දහම (ත්‍රිපිටකය) දැනගැනීම අවශ්‍යය.
ඕනෑම දෙයක් සාර්ථක කර ගැනීමට නම් කාය චිත්ත විවේකය අත්‍යවශ්‍ය වන අතර සමාධිය ලබා ප්‍රඥාවට ගමන් කිරීම සඳහා විශේෂයෙන්ම චිත්ත විවේකය උපකාරී වේ. ලෞකික ලෝකයේ සාර්ථකත්ව කැමති පිරිස් පවා කාය චිත්ත විවේකය ඇති කර ගත යුතුය. එසේ නොවන විට කිසිදු කාර්යක් සාර්ථක කර ගැනීම සඳහා හැකියාව නොලැබේ.
ආර්ය මාර්ගයේ පදනම සීලයයි. එනම් කය වචන සංවරය අත්‍යවශ්‍යය. සීලයෙන් සමාධියටත් සමාධියෙන් ප්‍රඥාවටත් ගමන් කළ හැකි වන්නේ ඒ තුළිනි. වරද ලොකු කුඩා යැයි වර්ග නොකරමින් කටයුතු කිරීමේ හැකියාව ඇති කර ගනිමින් ශීලයට හානි නොවන ක්‍රියාවන්ගෙන් පමණක් යුක්ත වීම වැදගත්ය.
තවත් නොදත් දේ බොහෝ සෙයින් ඇති බවත් ධර්මය සම්බන්ධයෙන්ද එය එලෙසම ‍පොදු වූවක් බව සිහිපත් කරමින් බහුශ්‍රැතයන්ගෙන් ධර්ම කාරණා අසා දැනගැනීම ආර්ය මාර්ගයේ ගමන් කරන ශ්‍රද්ධානුසාරී බෞද්ධයන්ගේ මහඟු ගුණයකි. සද්ධානුසාරී නොවී ධම්මානුසාරී විය නොහැක.
බෝධි පාක්ෂික ධර්ම විස්තරයේ සඳහන් පරිදි නිවන ස්පර්ශ කිරීමට කැමැත්තක් දක්වන්නන් විසින් කුසීතකම අත්හළ යුතුය. කුමන තරාතිරමක බාධක පැමිණියත් අකුසල් දුරු කර කුසල ධර්මයන් වැඩීමට බලවත් වීර්යයක් ඇති කර ගත යුතුය. බෝධි පාක්ෂික ධර්ම අතර සතර සම්‍යක් ප්‍රධාන වීර්ය නමින් හඳුන්වන්නේ  මෙම ගුණයි. එනම්
1. නූපන් අකුසල් නූපදවීමට වීර්ය කිරීම
2. උපන් අකුසල් ප්‍රහාණය පිණිස වීර්ය කිරීම
3. නූපන් කුසල් ඉපදවීමට විර්ය කිරීම
4. උපන් කුසල් වැඩිදියුණු කිරීම පිණිස වීර්ය කිරීම
භව නිරෝධය හෙවත් භවගමන කෙළවර කිරීමට කුසල් හෙවත්, හැකියාවන් දියුණු කරගත යුතුය. ඒ සඳහා බොහෝ කැප කිරීම් කළයුතු අතර ඒ සඳහා වීර්ය අත්‍යවශ්‍යය. බෝසතාණන් වහන්සේ මෙය පාරමිතාවක් ලෙස පිරූහ.
තම අරමුණ වූ නිවන සඳහා හේතු නොවන දෙතිස් කතාවන්ගේ ඈත් වීමට බෞද්ධයා පුරුදු විය යුතුය. එය බුද්ධ දේශනාවයි. භික්ෂුවක් හෝ වේවා ගිහියෙකු හෝ වේවා මෙම ක්‍රියාවන්ගෙන් යුක්ක නම් ඔවුන් හැර ගිය යුත්තන්ය. නියම බුද්ධ පුත්‍රයන් යනු බුදුන් වදාළ මග යන්නන් මිස ගර්හිත විද්‍යා පසුපස හඹා යන ශ්‍රමණවේශධාරීන් නොවේ. උපාසක උපාසිකා යන ගිහි පින්වතුන්ද එසේය. “නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං” ලෙස දක්වන්නේ බුදුන්ගේ සරණ හැර වෙනත් සරණක් නැති බවය.
බුදු දහමේ හරය හේතු ඵල දහමයි. හේතුවකින් තොරව ඵලයක් හට නොගනී. හේතුව නැති වූ විට ඵලය නැතිවේ. ඒ බව මනාව තේරුම් ගත් තැනැත්තා සැබෑ යථාර්ථය තේරුම් ගනී. සසර පැවැතීමට හේතුව
තෘෂ්ණාවය. එය විවිධ බෙදීම්වලින් යුක්තය. පුද්ගලයා යනු පංචස්කන්ධය එකතුවකි. රූපවේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ, එය සම්මුතියකි. පරමාර්ථ තත්ත්වයක් නොවේ. මෙය මනාව තේරුම් නොගෙන දුක්ඛ නිරෝධය ලැබිය නොහැක. ඒ සඳහා වන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය හෙවත් දුක්ඛ නිරෝධගාමිණී පටිපදා ආර්ය සත්‍ය හඳුනා ගැනීමට හා එහි ගමන් කිරීමට නිවැරදිව ධර්මය තේරුම් ගත යුතුය. ඒ සඳහා ශ්‍රද්ධාව හා ප්‍රඥාව සමව පවත්වා ගත යුතුය.


ගෞරව ශාස්ත්‍රවේදී සියඹලාගොඩ ධම්මින්ද හිමි

Share

පාරමිතා පූජාව - 2019

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

-----------------------------------------------------------------------

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software