topone

silmatha-kaiw

theweni-asaබෞද්ධ දර්ශනයෙහි ප්‍රධානතම අංශය ලෙස ගැනෙන්නේ මධ්‍යම ප්‍රතිපදාවයි. ජීවිතයට සතුට ලං කොට දෙන පියවර අටකින් යුත් ආර්්‍ය අෂ්ඨාංගික මාර්ගයට ගොනු කොට ඇත්තේ එයයි. එහි 7 වන අංගය ලෙසින් යහපත් සතිය පුරුදු පුහුණු කළ යුතු ආකාරය විස්තර කෙරේ.
සතිය පිළිබඳ සම්පූර්ණ අවධානය යොමු කළ දේශනාව වන්නේ සතිපට්ඨාන සූත්‍රයයි.

තමන්ගේ බස පිළිගන්නා මිතුරෙකුට දියහැකි  එකම හා හොඳම ත්‍යාගය ලෙසත්, නිවනට ඇති එකම මාර්ගය ලෙසත් බුදුරදුන්ගේ නොමඳ සම්භාවනාවට පාත්‍රව ඇත්තේ මෙම සතිපට්ඨාන ක්‍රමයයි.
සතිපට්ඨානයෙන් කෙරෙන්නේ තමා නිරතව සිටින අරමුණ කුමක්ද කියා විමසා බැලීමයි.
මෙහිදී සිහිය වැඩිය යුතු අරමුණු ලෙස
1. කායානු පස්සනා
2.වේදනානු පස්සනා
3. චිත්තානු පස්සනා
4. ධම්මානු පස්සනා යනුවෙන් පුද්ගල ජීවිතය හා සම්බන්ධ සර්ව සාධාරණ වූ ධර්මතා හතරක් ඉදිරිපත් කෙරේ.
කායානු පස්සනාව, කමටහන් 14 ක් වශයෙන්ද, වේදනානු පස්සනාව  හා චින්තානු පස්සනාව කමටහන් 01 බැගින්ද, ධම්මානු පස්සනාව කමටහන් 05  ක් වශයෙන්ද මෙහි සංග්‍රහවේ.
නැවත පබ්බ හෙවත් ප්‍රභේද වශයෙන් කායානු පස්සනාව 14 ආකාරයකින්ද, වේදනානු පස්සනාව නව ආකාරයකින්ද, චින්තානු පස්සනාව 16 ආකාරයකින්  හා ධම්මානු පස්සනාව පස් ආකාරයකින් වශයෙන් සියල්ල 44 ආකාරයකින් වැඩිය හැකිය.
නුවණින්  අඩු තෘෂ්ණාවත් චරිත ඇත්තන්ට කායානු පස්සනාවද තීක්ෂණ නුවණින් යුත්
තෘෂ්ණාවත් චරිතයට වේදනානු පස්සනාවද, මද නුවණැති දිට්ඨ චරිතයට චින්තානු පස්සනාවත් සහ නිරීක්ෂණ බුද්ධිමතුන්ට ධම්මානු පස්සනාවන් යෝග්‍ය  කමටහන්  ලෙස නිර්දේශ කොට ඇත.
මෙහි අනුපිළිවෙළක් නොමැති අතර කැමති අයෙකුට කැමති අනුපස්සනාවක් වැඩිය හැකිය.
නිවන නගරයක් නම් සතිපට්ඨාන  නමැති කවර දොරටුවකින් හෝ එකී නගරයට ඇතුල්විය හැකි බව බුද්ධ දේශනාවයි.
සතිපට්ඨානයෙන් කෙරෙන්නේ බාහිර දේ ඉගෙනීම (අනුමාන ඥාන) වෙනුවට තමා ගැන තමාටම මනා අවබෝධයක් (ප්‍රත්‍යක්ෂ ඥාන) ඇති කර දීමයි.
තමා  අවබෝධ කරගැනීම යනු මුළු මහත් ලෝකයම අවබෝධ කර ගැනීමකි. සතිපට්ඨානයෙහි සුවිශේෂත්වය නම් බුදු දහමේ ඉගැන්වෙන සමථ, විදර්ශනා භාවනා දෙකම මේ තුළ දක්නට ලැබිමයි. සමථ භාවනාවෙන් පංච නීවරණ යටපත් කිරීමත් විදර්ශනාවෙන් ත්‍රිලක්ෂණය වැඩි දියුණු කිරීමත් සිදුකෙරේ.  කායානුපස්සනාව සම්පූර්ණයෙන්ම සමථ භාවනාවක් ලෙසිනුත් අනෙක් අනුපස්සනාවන් තුනම විදර්ශනා වශයෙනුත් වැඩිය හැකිය.
සතිය ෙචෙතසික වශයෙන් එකක්  වුවද එය අනුපස්සනාව වශයෙන් 4ක් වන්නා සේම පබ්බ හෙවත් ප්‍රභේද වශයෙන් ෙචෙතසික 44කි
භාවනා කිරීම යනු කුමක්ද? එය අනෙකක් නොව සැබෑ ලෙසම සතිය පුරුදු පුහුණු කිරීමයි. එයින් ගැටලුවලින් පලායෑමක් හෝ තාවකාලිකව සැඟවී සිටීමක් අදහස් නොවේ. තාත්වික   භාවනාව යනු බාධා සහිත ලෝකය ගැන දැනගැනීමත් ඒවා මැඩ පැවැත්වීමට පුරුදු පුහුණු කිරීමත්ය.
භාවනාවේදී හමුවන විරුද්ධවාදී බලවේගයන් වන
1. ශබ්ද
2. මානසික කෙලෙස්
3. මං මුලාවූ සිතුවිලි මැනවින් හඳුනාගෙන ඒවාට මුහුණ දීමට සූදානම් විය යුතුය.
මෙම බාධාවන් සමග ‍පොර බැදීමෙන් සිදුවන්නේ අමතර බාධාවන් ඇතිකර ගැනීම පමණකි. මෙම බාධාවන්  නිදසුනක් ලෙස ගත හොත් නිරන්තරයෙන් අප වටා ගැවසෙන මැස්සන්  වැනිය.
පළමුව හිමිහිට ද පසුව වඩා කේන්තියෙන්ද එලවා දැමුවද මැස්සන් නැවත නැවතත් පැමිණේ. බාධාවන්  බලයෙන් යටපත් කිරීමේ නිශ්ඵල කාලය වෙනුවට  සතිමාත්‍රය තුළින් සාමකාමී මාර්ගයක්  වෙතට යොමු වෙමු.
අප කැමති වුවත් නැතත් මෙම බාධාවන් ලෝකයේ කවදත්  පවතී. ඒවා ප්‍රතික්‍ෂේප   කිරීමෙන් තත්ත්වය වෙනස් කළ නොහැකි  බව අවබෝධ කරගත යුතුය.
එම නිසා  හැකිතාක් ඔවුන් සමග වැඩි සුහදතාවක් ඇතිකර ගනිමු. පාපකාරී සිතුවිලිවලට වුවද විවෘත මනසකින් යුතුව ඒ පිළිබඳ ලැජ්ජාවකින් තොරව මුහුණ දෙන්නට ආත්ම ශක්තිය වර්ධනය කරගැනීම වැදගත්ය.
සති මාත්‍රය හෙවත් සිහිය පුරුදු පුහුණු කිරීමේදී විවිධාකාර වූ බාධාවන්ට මුහුණ දෙන්නට සිදුවේ.
සමහර විටක ආත්ම ගණනක පුරුදු එසේත් නැත්නම් අවුල් සහගත සිතුවිලි අපේ සිත අපවිත්‍ර කරයි. සිතෙහි අඳුරු මුළුවල  සැඟව සිට සතුරෝ අපට පහර දෙති. සතිය නමැති ආලෝකය යොදා එකී සතුරන්  හඳුනාගෙන ඔවුන් පලවා  හැරිය යුතුය.
කිසියම් යක්ෂයෙක්  කෙනෙකුට විපතක් කරන්නට පැමිණිය හොත්  අපේ පැරන්නන් කරන්නේ  ඔවුන්ගේ නම් හඬ නගා කීමයි.
හේතුව ඔවුන් හඳුනාගත් බව දැණුනු  විට ඔවුන්ගේ බලය හීන වන බව ඇදහූ නිසාය. ඒ අයුරින් රාග, ද්වේශ, මෝහ ආදී අකුසල් සිත් හඳුනාගැනීමෙන් එහි බලය අඩු කර ගැනීමට මෙන්ම එවන් පාපකාරී සිතිවිලි දුරලීමටත් හැකියාව ලැබේ.
තවද බාධාවක් පැමිණි විට  එය පැහැදිලි ලෙසද, නොගැඹුරු ලෙසද සැලකිල්ලට භාජනය කිරීමට වග බලා ගත යුතුය.
එවිට උණුසුම් පිළිගැනීමක් නැති ආගන්තුකයෙකු මෙන් තව දුරටත් එකී බාධාව ඔබ මනසේ රදා නොසිටිනු ඇත. එසේම මනා සෝදිසියෙන් පරීක්ෂාකාරීවීම මගින් ඉවසා සිටීමේ හා නොසැලී සිටීමේ හැකියාවද ඔබ තුළ වර්ධනය කරනු ඇත.  
බාධාවන් ජය ගැනීමේ තවත් ක්‍රමයක් නම් එකී බාධාවම භාවනා අරමුණක් හැටියට පිළිගැනීම හෙවත් බාධාව හා මිතුරුවීමයි. උදාහරණයක් ලෙස ශබ්දයක් ඇසුනු විට කණ හා ශබ්දය අතර පවත්නා සම්බන්ධතාවයද, ශබ්දයේ අඩු වැඩි බව හෙවත් එහි පවත්නා අනිත්‍යතාවයද වටහා  ගැනීමට උත්සුක විය යුතුය. ඒ අනුව  එකී බාධාව තව දුරටත් බාධාවක් නොවනු ඇත.
අප එදිනෙදා ජීවිතයේ නිරන්තරයෙන් සිදු කරනු ලබන අතිධාවනය, අපරීක්ෂාකාරී බව හා අප්‍රමාදයට එරෙහිව සති මාත්‍රය පුරුදු පුහුණු කළ යුතුයි.  
කලබලකාරී වේගය නිසා හට ගන්නා හානිකර ප්‍රතිඵල දෙස බැලීමේදී සතිය එයට පිළියමක් නොවේදයි විමසිලිමත් විය යුතුයි. සතිය පිළිබඳ විග්‍රහ කරන අටුවාව “අනාපිලපන්නා” යන උපමාවක් දක්වයි.
එනම් දියමත පාවෙන වට්ටක්කා බඳුන් මෙන් සතිය අරමුණ මත්තෙහි පමණක් ලිස්සා නොගොස් ඉතා ගැඹුරු ලෙස එයට ඇතුල් වේ යනුයි.
සතිපට්ඨානයෙහි වැදගත්කම වන්නේ මමත්වයෙන් පටන්ගෙන සාමූහිකත්වයට යොමු වීමයි.
නිදසුනක් ලෙස ආනාපාන  සතිය තුළින් ජීවිතයක පැවැත්මේ මූලික ස්වභාවය හඳුනාගනී.
තවත් අයුරකින් කියතොත් අපගේ ආශ්වාස ප්‍රාශ්වාස පරිසරයටත් කයටත්  ඇති සම්බන්ධය මනාව දැනගැනීමයි. එමගින් මම තුළම ‍පොදු බව ගොඩනගා එය සමාජ පරිවර්තනයට යොදා ගනියි.
මගේ හුස්ම කියා දෙයක් තිබේද? හුස්ම පවතින්නේ පරිසරයේය. ජීවිතය ජීවත් කරවන්නේ එකී හුස්ම ටික නොවේද? මෙම අවබෝධය මනසින් දකිනවිට මමත්වය නැතිවී සොබාදහමත්  තමනුත් එකම ඒකකයක් ලෙස දැකීමට පෙළඹේ.
සති මාත්‍රයෙන් උගන්වන සාමකාමී ක්‍රමය සිතෙහි වූ තියුණු දුරදක්නා ස්වභාවය වැඩි දියුණු කිරීමටද, දුෂ්කරතා හා බාදාවන් මැඩ පවත්වා ගැනීමටද උපකාරීවේ.
භාවනාවේදී ඇති කර ගත යුතු සතිමත් භාවය  විශුද්ධි මාර්ගයේ උපමා කොට ඇත්තේ වෛද්‍ය  ශිෂ්‍යයෙක් ශල්‍ය කර්ම පිළිබඳ දක්වන සංවේදීතාවයටය.
පැරණි යුගයේ එකී දක්ෂතාවය පුරුදු පුහුණු කොට ඇත්තේ වතුරෙහි ඇති නෙළුම් පතක් සිනිඳු  ලෙසත් වෙන් නොවෙන ලෙසත්  වතුරේ නොගිලෙන  ලෙසත් කැපීමෙනි.
ඒ සඳහා නිවැරදි සිහියක් මෙන්ම විර්යක්ද අවශ්‍යය. අත්දැකීම් හා ප්‍රත්‍යක්ෂයන් පිළිබඳ සතිය භවාංග සිත් පිළිවෙළෙහි පත්ලෙහි  සැඟව තිබි කිසියම් මොහොත අන්තර්ඥානය හැටියට  මතුවිය හැකිය.
නිදසුනක් ලෙස සමහර භික්ෂූන් වහන්සේලා රහත්ව ඇත්තේ ලැව් ගින්නක්, මිරිඟුවක් වැනි දෙයක් දැකීමෙන් හෝ පය  පැකිලී වැටීමක් වැනි  අවස්ථාවකය.
සතිය නමැති එළිය ෙදෙනික ජීවිතයට අයත් සුළු සිද්ධීන් හා ක්‍රියාවන් කෙරෙහිද  පැතිරවීමෙන් යථාර්ථය විනිවිද දැකිය හැකිය. අවිච්චින්න සතිය අන්තර්ඥානය සඳහා අවශ්‍ය සරුපස පිළියෙළ කරදෙනු ඇත.

සැමට තෙරුවන් සරණයි


රත්ම‍ලේ පුඤ්ඤරතන හිමි

Share

පාරමිතා පූජාව - 2019

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

-----------------------------------------------------------------------

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software