topone

silmatha-kaiw

අවුරුදු කෑම මේසයේ දැල්වෙන පහන ආලෝකය, ප්‍රඥාව, සූර්ය ශක්තිය පෙන්නුම් කරයි. අවුරුද්දට ළිඳ සමග ගනුදෙනු කිරීම පණ රැක දෙන ජලයට කළගුණ දැක්වීම සංකේතවත් කිරීමකි. මිනිස් ජීවිත ආරක්‍ෂා කරනුයේ ජලයයි. සිංහල හින්දු අවුරුද්ද සමරන සියලු සුබ නැකත් සමඟ නැකත් විශ්වාස කිරීම, නැකැත්වලට ගරු කිරීම පෙන්නුම් කරයි.

සිංහල හින්දු අලුත් අවුරුද්ද උදාවෙයි. මෙහිදී අවුරුදු චාරිත්‍ර සමඟ බුදුදහමේ හා හින්දු දහමේ ඇති සම්බන්ධතා එහි කැපී පෙනෙන සිද්ධි කීපයක් පිළිබඳ සටහන් කිරීම මේ ලිපියේ අරමුණයි. ආර්යයන් සංචාරක එඬේර ගෝත්‍රයක් ලෙස මධ්‍යම ආසියාවේ දැනට අවුරුදු පන්දහසකට පමණ පෙර ජීවත්ව ඇත. 

සතුන් තැනින් තැන තණබිම් සඳහා දක්කාගෙන යමින් ජලය හා තණ බිම් ඇති ප්‍රදේශ කරා වරින්වර සංක්‍රමණය වෙමින් ජීවත් වූ මේ ආර්යයෝ වයඹ දිග ඉන්දියාවේ කයිබර් දුර්ග මාර්ගය ඔස්සේ දැනට අවුරුදු හාරදාහකට පමණ පෙර ඉන්දියාවට ඇතුළු වී ඇත. උතුරු දිග ඉන්දියාවේ බලය පතුරුවා ගත් ඔවුන් ඉරහඳ වර්ෂා වැනි ස්වාභාවික බලවේග දෙවිවරු කොට පුද පූජා කළහ. සෘග්වේදයේ දක්නට ඇති ශ්ලෝක මෙවැනි දෙවිවරුන්ට ඔවුන් කළ යාදිනි වෙයි. එමෙන්ම උතුරු දිග ඉන්දියාවේ බලය පැතිරුණු පසු ඉන්දියාවේ මධ්‍යම හා දකුණට ආර්ය බලය පැතිර ගියේ ය.

එහි විසූ ස්වදේශීය ගෝත්‍ර ආර්ය බලයට යට විය. ඉන්දියාවේ දී එඬේර වෘත්තිය වෙනුවට තිරිඟු වගාව (ගෝඩුම) ඔවුන්ගේ ප්‍රධාන රැකියාව විය. අස්වැන්න කපාගත් පසු වසන්ත සෘතුව ළංවන විට තමන්ට උදව්කළ ස්වභාව ධර්මයේ දෙවි දේවතාවුන්ට කළගුණ පුද පූජා ස්තූති පැවැත්වීම සඳහා නැකැත් කෙළිය පැවැත්වීම ක්‍රි.පූ. 1000 පමණ වන විට ඔවුන්ගේ චාරිත්‍රය විය. ජාතක පොතේ කතා කීපයක මේ නැකැත් කෙළිය ගැන සඳහන් වෙයි. එහි රාගික අංග ඇතුළත් සශ්‍රීකත්වය පතා කෙරුණු උත්සවයකි.

ක්‍රි.පූ. 800 – 500 අතරතුර වයඹදිග ඉන්දියාව ඇතුළු ඉන්දියාවේ විවිධ ප්‍රදේශවලින් අලුත් භූමි ප්‍රදේශ සොයා ඉන්දියාවේ සිට රුවල් නැව් මඟින් ආර්ය කණ්ඩායම් ලංකාවට පැමිණ ඇත. එවැනි ආර්ය කණ්ඩායම් පිළිබඳ තොරතුරු ජාතක පොතේ වළාහස්ස ජාතකය, මහාවංශයේ විජය කුවේණි කතාව, පඬුවස්දෙව් කතාව, භද්දකච්ඡානා කතාව මහායානයට අයත් ලංකාව තාර සූත්‍රය කියාපායි. ලංකාවට මුලින්ම පැමිණි ආර්ය කණ්ඩායම් අර්ධ වෛදික අය ලෙස සැළකිය හැකි ය.

පණ්ඩුකාභය රජු දවස පැවති නැකැත් කෙළියක් ගැන මහාවංශයේ දසවෙනි පරිච්ඡේදය කියයි. කුඩා කණ්ඩායම් ලෙස ලංකාවට පැමිණි ආර්යයෝ ගංඟා, ඇළදොළ, මුවදොර අසළ කුඩා ජනාවාස පිහිට වූහ. මේ ආර්ය ගම්මාන පාලනය වූයේ ගාමිණී හෙවත් ගමික නමැති ගමේ නායකයින් යටතේ ය. ක්‍රමයෙන් ලංකාවේ මුලින් සිටි යක්‍ෂ, දේව, නාග, රාක්‍ෂය ගෝත්‍ර ආර්ය කණ්ඩායම් සමග මිශ්‍රව වරෙක ගැටෙමින් ජීවත් වී ඇත. ආදිවාසීන් ලෙස අද සැළකෙනුයේ එදා සිටි යක්‍ෂ හෙවත් පුලින්ද ගෝත්‍රයයි. ඔවුන්ගේ මුතුන් මිත්තන් බලංගොඩ මානවයා වෙයි.

මුල් ආර්ය සිංහල පිරිස දෙවනපෑතිස් රජු කළ (ක්‍රි.පූ. 250 – 210 ) බුදුදහම වැළඳගත් පසු බුදුදහම කෙටිකලකින් රටපුරා පැතිර යන්නට විය. සිංහලයාගේ ජීවිත වලට බුදුදහම හා ඒ සමඟ පැමිණි බෞද්ධ සංස්කෘතිය තදින් එක්විය.

ගොවිතැනේ සශ්‍රීකත්වය පතා කළ නැකැත් කෙළිය වැනි උත්සව වල රාගික ලක්‍ෂණ බෞද්ධ බලපෑම නිසා යටපත් වන්නට විය. වසන්ත සෘතුව උදාවන බවත් හෙවත් භාග්‍යවන්ත මාසය උදාවන විට වර්ෂාවට පසු ගහකොළ අලුත් දළු දමා පරිසරය අලංකාර වෙයි.

වී ගොවිතැනේ අස්වැන්න කපාගත් පසු ආර්යයන්ට ආගමික වත් පිළිවෙත් පිරීමට නිදහස හා විවේකයක් උදා වෙයි. ඇතැම් ගැමි නාට්‍ය හා නැටුම්වලදී අස්වැන්න කපාගත් පසු ඒ සඳහා පිහිට වූ දෙවිදේවතාවුන්ට උපහාර පිණිස එම සරල චාම් නැටුම් උත්සව, දේවපූජා සිදුවිය.

අවුරුද්ද සමග කපාගත් අලුත් අස්වැන්නෙත් අලුත් බත් පිස තුණුරුවන් වෙත පිදීම වැදගත් ලක්‍ෂණයක් විය. ලැබෙන විරාමය තුළ නඩ වශයෙන් එකතු වී වට වන්දනාව ශ්‍රී පාද වන්දනාව වැනි ඈත වන්දනා ගමන් යාම එදා සිදු විය.

ගමේ පන්සලේ ගමේ අවට පන්සල්වල විවිධ බෞද්ධ දේශනා, උත්සව සංවිධානය විය. පරණ අවුරුද්ද ගෙවී අලුත් අවුරුද්ද උදාවන තෙක් ඇති පරණ හා අලුත් අවුරුද්ද යන දෙකටම අයිති නැති ‘නොනගතය’ කාල සීමාව පන්සල් යාම, තෙරුවන් පිදීම, වත් පිළිවෙත් පිරීම වැනි ආගමික කටයුතු වලටම එදා සිටම සීමා විය. නොනගතය යන පරණ අවුරුද්ද ගෙවී අලුත් අවුරුද්ද උදාවන තෙක් ඇති විරාම කාල සීමාවයි. එමෙන්ම එදින ගැමියන් අලුතින් පිසුණු කැවිලිවලින් මුල්ම කොටස් පන්සල්වලට ගෙන යාම සිරිතක් විය.

ස්වභාව ධර්මයේ වන්දනාවෙන් ඉතිරි වූ පැරැණි ආගමික මතක සටහන් අවුරුදු උත්සවයේ දී සංකේත ලෙස තවමත් ඉටු කෙරෙයි. අලුත් අවුරුද්දට නව සඳ බැලීම ඉන් එකකි. සීගිරි කැටපත් පවුරේ ගීයක හා බුත්සරණ ග්‍රන්ථයේ උපමාවක බක් මස නව සඳ බැලීම ගැන කියවෙයි.

පරණ අවුරුද්දට ලිප ගිනි නිවා නැකැතට යළිත් ගිනි මෙළවීම අග්නි පූජාවක් නැත්නම් සූර්ය ශක්තිය උපහාරයක් පිළිබිඹු කරයි. අනුභවයට පෙර වැඩ ඇල්ලීමේ දී කිරිගසකට කෙටීම ලක්‍ෂණයකි. සශ්‍රීකත්වය පෙන්නුම් කරයි. අවුරුදු කෑම මේසයේ දැල්වෙන පහන ආලෝකය, ප්‍රඥාව, සූර්ය ශක්තිය පෙන්නුම් කරයි. අවුරුද්දට ළිඳ සමග ගනුදෙනු කිරීම පණ රැක දෙන ජලයට කළගුණ දැක්වීම සංකේතවත් කිරීමකි. මිනිස් ජීවිත ආරක්‍ෂා කරනුයේ ජලයයි. සිංහල හින්දු අවුරුද්ද සමරන සියලු සුබ නැකත් සමඟ නැකත් විශ්වාස කිරීම, නැකැත්වලට ගරු කිරීම පෙන්නුම් කරයි. හින්දුන් අතර භක්තිය උතුරන පරිදි දේව වන්දනාව සිදුවෙයි. එම උළෙලේ දී හින්දු චාරිත්‍ර ඉටු කොට කෝවිල් යාම සිදුවෙයි.

පොළොන්නරුව බිඳ වැටීමෙන් පසු හින්දු දෙවි දේවතා වන්දනාව බහුල ලෙස බුදුදහමේ අංගවලට ඇතුළත් විය. පන්සල් ආශි‍්‍රතව දේවාල ඉදිවීම ආරම්භ විය.

හින්දු දේවතාවන්ට බෞද්ධ ලක්‍ෂණ කාවැද්දීම සිදු වී ඇත. ඈත වන්දනා ගමන්වලදී සිංහල, දෙමළ භේදයකින් තොරව දෙපක්‍ෂය එක්වෙති. ශ්‍රී පාදය කතරගම මෙවැනි ස්ථාන දෙකකි. අවුරුදු සමය උදාවන විට ශ්‍රී පාද වන්දනා සමයේ අඩුවීමක් පෙනෙයි. ශ්‍රී පාද වන්දනා සමය නිම වන්නේ වෙසක් පසළොස්වකිනි.

අවුරුදු චාරිත්‍ර සමඟ පවුලේ ඈත විසිරී සිටින නෑදෑයෝ ගමට එති. පවුලේ වැඩිදෙනෙකු එකට එකතු වී එකට කා බී නැකැත් චාරිත්‍ර ඉටු කරති. වැඩිහිටියන්ට සැළකීම, තරහ මරහ අමතක කිරීම, කෑම බීම හුවමාරු කර ගැනීම, අවට නිවෙස් වෙත යාම, දුගී මගී යාචකයින්ට සැළකීම සිදුවෙයි.

නොනගතය තුළ පන්සලට වැඩි පිරිස එකතු වෙති. මල්, පහන්, තෙරුවන් පුදති. ආගමික වතාවත් ඉටු කරති. පන්සලට එනවිට සකස් කළ කැවිලි පෙවිලි, දවල් දානය නැත්නම් සවස ගිලන්පස මල්, සුවඳ දුම් ගෙනවුත් පුදා පන්සලේ හිමිවරුන්ගේ ආශිර්වාදය ලබා ගැනීම සිරිතයි.

හිසතෙල් ගෑමේ දී බොහෝ විට තවමත් නානු පිළියෙළ කරනුයේ පන්සලේ දී ය. ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේ අතින් හිසතෙල් ගා ගැනීමට වැඩිදෙනෙක් පන්සලට එති.

හිරු මුදුන් වී ගිනියම් පරිසරයක් ඇති කරන අවුරුදු සමයේ දී සුබ නැකත් වෙලාවට ඖෂධීය තෙල් ගැල්වීමෙන් ලෙඩරෝග දුරුවෙයි. ගතසිත නිරෝගී වෙයි. වියළී ගිය හිස සිසිල් වෙයි. මේ අනුව අවුරුදු උළෙල සමඟ බැඳුණු චාරිත්‍ර වලින් ආගම තදින් එකට බැඳී පවතී.

වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ එස්.කේ. ජයවර්ධන

Share

පාරමිතා පූජාව - 2019

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

-----------------------------------------------------------------------

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software