topone

0121. මෙලොව ඉපදුණ ඔබ, ඔබ හිමිකරගත් ප‍්‍රඥාව කෙරෙහි විශ්වාසයක් ඇති කර ගත යුතු වේ. ඔබට වේදනාකාරී දැය ද, සතුට ගෙන දෙන දැය ද,සෙවිය හැක. වටිනා දැය ද, කිසිදු වටිනාකමක් නොමැති දැය ද ඔබට සෙවිය හැක. ඔබ තෝරාගන්නා දිසාව අනුව දෙව්ලොව හෝ අපාය හෝ තෝරා ගත හැක. නැතහොත් නිවනට පිවිසෙන මාර්ගය සහ ඵල සොයා ගත හැක.  ඕනෑම දෙයක් ඔබට සොයා ගත හැක. එය ඔබ තීරණය කළ යුතු වේ.


2. අනුනට අයත් යහපත් දෑ ඔවුනගේ ය. ඔවුනගේ යහපත් ක‍්‍රියාවන්ගෙන්ලබන යහපත් ඵල අපට බෙදා හදා ගැනීමට නො හැක. එනිසා අප විසින්යහපත් ක‍්‍රියා කළ යුතු වේ.


3. කර්ම ඵල විපාක ගැන සැකයක් ඇති නො කරගන්න. එසේම ඔබගේ ක‍්‍රියාවන් හේතුකොට ඇතිවන ඵල විපාක ගැන අඩු තක්සේරුවක් නො කරන්න. මනුෂ්‍යයන් හැටියට අප, දුක් විඳින සියලූ සත්ත්‍වයන් කෙරෙහි දයානුකම්පාව දැක්විය යුතු වේ. එසේ කළ යුතු වන්නේ, අප සැවොම ද, පෙර කළ ක‍්‍රියාවන් හේතුවෙන් දුක් විඳින්නන් වූ හෙයිනි. අප සැවොම එක සමාන ය. හොඳ නරක වශයෙනුත්, යහපත් අයහපත් වශයෙනුත් අපව වෙනස් කරනුයේ, පෙර භවයන්හි අප සිදුකළ ක‍්‍රියාවන්හි ස්වභාවය අනුව ය.


thai01

4. නගරයේ සෑම නිවසක ම වහල සෙවිලි කිරීම සඳහා ඔබට අවශ්‍ය තරම් තණකොළ වගා කළ නොහැක. ඔබට හැකි පමණින් පරිත්‍යාගශීලී වන්න.


5. කටමැත දොඩවමින් පුරසාරම් කියවමින් ගම රට පුරා නො ඇවිදින්න.යමකින්, ඔබ දොස් සහිත බැව් පෙනුණු දාට, මිනිසෙකු එනු දුටු මැඩියා වතුරට පැන සැඟවෙන්නා සේ, ඔබට ද සැඟවී සිටීමට සිදු වනු ඇත. ඔබ ගොළුවකු නම්, තමා විචක්ෂණ කෙනෙකු යයි ප‍්‍රසිද්ධ නො කරන්න.


6. තමන්ගේ වචනය හික්මවා ගැනීමට අසමත් අය, ඔවුනගේ වදන්වල හරි වැරැුද්ද වටහා ගැනීමට අසමත් වෙති. සත්‍යය වටහා ගත් අය බොහෝ විට නිහඬ වෙති. සත්‍යය ගැන නිතර නිතර කථා කරන ඇත්තෝ ”සත්‍යය” ගැන දන්නේ ස්වල්පයකි.


7. ඔබගේ කායික ක‍්‍රියාවන් ගැන, වචන ගැන සහ සිතිවිලි ගැන විමසිල්ලෙන් සිටීමට අධිෂ්ඨාන කරගෙන ශාන්ත ව වාසය කරන්න. වැඩිපුර කතා නොකරන්න. ඔබ කරදරවලට පැටලෙන අවස්ථාවන් උද්ගත නො කරගන්න. ඔබ සතු ස්වයං පාලනය විනාශ වීමට ඉඩ නො දෙන්න.වැඩිමහල්ලනට අගෞරව නො කරන්න. ඔබ කථා කරන දේ ගැන විමසිලිමත් වන්න. සංයමයෙන් සිනාසෙන්න.


8. මොන තරම් සමීප කුලූපග කෙනෙකු සමග වුව ද, ඔබේ වචනය නොසැලකිලිමත් තත්ත්‍වයකට වැටීමට ඉඩ නො තබන්න. ඔබ මොනතරම් ඉච්ඡුාභංගත්වයට පත් වුව ද, ඔබේ වදන් ක්‍රෝධ සහගත නො කරගන්න.


9. ඔබ සුදනෙකු නොවී, යහපත් අයෙකු බව අන් අයට හැඟවීමට ප‍්‍රයෝගකාරී නොවන්න. කපටි නො වන්න. තමා සීලවන්තයෙකු යයි ද, නුවණැත්තෙකු යයි ද, අඟවමින් අනුන් රවටන්නා සදාචාරයෙන් පිරිහුණු මෝඩයෙකි.

thai02


10. මෙලොව ඉපදුණු අප, ගෙවී යන දින මාස සහ අවුරුදුවලට වැඩි වටිනාකමක් දීමට පෙලඹේ. අපි අපගේ ජීවිත සහ අනුනගේ ජීවිතවල වටිනාකම් ගැන විශ්වාස කරන්නෙමු. මෙම හේතුව නිසා අපි නිතර දෙවේලේ දුක් වේදනා ගැන වැඩි සැලකීමක් දක්වන්නෙමු.

11. අපි ඉපදුණු දා සිට අස්ථිර වූ මේ ජීවිතයට තදින් ඇලී පසුතැවීමට මුල පුරන්නෙමු. අපි එයට බිය වෙමු. මෙයට බිය වෙමු. අපගේ සිත් වහ වහා ලෞකික පෙලඹවීම්හි ගිලී, ලෝභ ද්වේශ භය මගින් මෙහෙයවන මෝහාධික ප‍්‍රවණතාවයකට ඇද ගෙන යයි. අප ඉපදෙනුයේ මෙම ස්වභාවය උරුම කොට ගෙනයි. මේ ගැන අප අද ම යමක් නොකළහොත් මෙම ස්වභාවය ඉදිරියට ගෙන යමින් මැරෙනු ඇත. මොන මෝඩ කමක් ද ?


12. දුක - අප උපදින විට ගෙනා දේ පමණයි අපට ඇත්තේ. අවශ්‍ය දෑ,අවශ්‍ය නොවන දෑ, සෑහීමකට පත්වීම, නො සෑහීමකට පත් වීම, හිඳ ගැනීම, හාන්සි වීම, කෑම, මළපහ කිරීම, මුත‍්‍රා කිරීම, ....., නමුත් කෝ සැනසීමක් ? කෝ අස්වැසිල්ලක් ? දුක එසේම පවතී. එනිසා අප භාවනා කරද්දී, මෙම සමස්ත දුක් කන්දරාව ම විමසිය යුතු වේ.


13. අපි කිසිදාක සෑහීමකට පත් නො වෙමු. කුරුලූ ගී ඇසීමට අපි ප‍්‍රිය කරමු, නමුත් එම ගී හඬ ඝෝෂාවකට පෙරළුණ හොත් අපි කෝප වෙමු.


14. මිනිසුන්ගේ හදවත් දුක් වේදනාවන්ගෙන් හිරවී ඇති හෙයින්, කිසිවක් පැහැදිලි ව දැකිය නො හැක. ආශාවන් පසු පස හඹා යමින්, ඒවා අභිනන්දනය කරමින්, මෝඩ මිනිස්සු දෑත් දිගුකර, දුක් කන්දරාව සාදරයෙන් පිළිගනිති. ඔවුහු දුක, සතුට යයි වරදවා පිළිගනිති. ඥානවන්තයෝ සත්‍යය වූ සතුට කුමක්දැයි හඳුනාගන්නා තුරු, එසේම සත්‍යය වූ දුක කුමක්දැයි හඳුනා ගන්නා තුරු තම හදවත තුළට එබී බලා නිරීක්ෂණය කරති. ඔවුනගේ හදවත් පහසුවෙන් සිර වන්නේ නැත. ඔවුන් තුළ මුරණ්ඩුකම ඇතිවූ විට, ඔවුහු මුරණ්ඩුකම හඳුනා ගනිති. ඔවුන් තුළ කනස්සල්ල ඇති වූ විට, ඔවුහු කනස්සල්ල හඳුනා ගනිති. ඔවුන් තුළ මෝඩකම දුටු විට ඔවුහු එය ද හඳුනා ගනිති. ඔවුහු තම දෝෂයන් දෙස බලති. ඔවුන් අනුන් දෝෂ දර්ශනයට ලක් කිරීමට වෙහෙසෙන්නේ නැත.


15. පරිපූර්ණ ශීලය ඉස්මතු කර ගත හැක්කේ ‘අත්හැරීමේ’ ගුණය වර්ධනය කිරීමෙනි. සත්‍යය වූ විශිෂ්ටත්වය ඇත්තේ හදවත තුළය.


16. ඔබේ හදවත සහ මනස දෙස සෝදිසියෙන් බලන්න. සියුම් ලෙස නිරීක්ෂණය කරන්න. ඔබ සොයනා දිව්‍ය ලෝකය සහ අපාය ඇත්තේ එහි ය. සියලූ දුක් වේදනාවන්ගෙන් මිදුණු, ආරක්ෂිත වූ නිවන කරා යන ආර්ය මාර්ගය ඇත්තේ ද එතැන ය.


17. විවේචන හමුවේ නො සැලී සිටින්න. එසේම ප‍්‍රශංසා හමුවේ උද්දාමයට පත් නො වන්න. ඔබේ සිත භාවනා වැඞීම ගැන පමණක්, ඉඳුරා ම යොමු කොට, අලූයම සිට අඳුර වැටෙන තෙක් පුරුදු පුහුණු කරන්න. ශීලයේ පරිපූර්ණත්වය ගොඩ නගා ගන්න. සත්‍යය වූ වචන ම පමණක් කතාකරන්න.


18. තමාට අවංක වීම ඔබේ ශීලයේ අඩිතාලමයි. ඔබ ඔබව හඳුනා ගන්න. ඔබ, ඔබේ වරද පිළිගෙන, ඒවා නිවැරදි කර ගැනීමට කටයුතු කරන්න. කිසිවක් ඔබෙන් නො සඟවන්න. විශේෂයෙන් ඔබ, ඔබට බොරුකාරයෙකු නො වන්න. ඔබට බොරුකාරයෙකු වීම, ඔබගේ ශීලයේ මුල් අඩිතාලම විනාශ කර ගැනීමකි. ඔබ සතුටු නම් මුළුමහත් ලෝකයට ම බොරු කිව හැක.නමුත් ඔබ ඔබට බොරු නො කියා ගන්න.


19. ගොවීන් තම කුඹුරු සකස් කරගන්නා සේ ඔබ ඔබේ මනස ද සකස් කරගන්න. ක‍්‍රම ක‍්‍රමයෙන් බිම සකස් කරගන්න. පස සකස් කර ගන්න. නියරවල් බඳින්න. බීජ වපුරන්න. පොහොර ඉසින්න. වතුර බඳින්න. වල් පැළ ගලවා දමන්න. අවසානයේ අනර්ඝ අස්වැන්නක් නෙළා ගැනීමට ඔබට හැකිවනු ඇත.

thai03


20. ඔබ භාවනාව පුහුණු නො කළේ නම්, භාවනාව කළ යුතු අන්දම ඔබට වටහා ගත නො හැකි වනු ඇත. ඔබ ම සත්‍යය නො දැක, එහි තේරුම ඔබට නො වැටහෙනු ඇත.


21. උදෑසන බොහෝ ශීතයි කියමින් ද, දහවල ග‍්‍රීෂ්මයි කියමින් ද, සවස නිදිමතයි කියමින් ද, උදාසීන ව සිට, භාවනා කිරීමට කාලයක් නැතැයි නො කියන්න. අලස බවේ කෙලෙස් නාදයට සවන් දී, ප‍්‍රඥාවන්තයන්ගේ අවවාදවලට විරුද්ධ නො වන්න. තමන් ගේ සිතිවිලිවල පමණක් වෙළී සිටින බයාදු පුද්ගලයා තම කොට්ටය අත පත ගගා සිටිනවා මිස නිවන් මගෙහි කිසිදු ප‍්‍රගතියක් නො ලබනු ඇත.


22. භාවනාව දැඩි කැපවීමකින් යුතුව පුරුදු පුහුණු කිරීමට අධිෂ්ඨාන කර ගන්න. ඔබේ සිතත් කයත් ධර්මය සෙවීම සඳහා කැප කරන්න. නිවන් මග ආලෝකවත් කර ගැනීමට ඔබේ හදවත දැල්වුණු පන්දමක් කර ගන්න. නොසැලී එම මගෙහි යන ඔබට, ‘දුක’ අවබෝධ කරගත හැකිවනු ඇත. ශීලයේ පරිපූර්ණ බව ද ඇති කර ගැනීමට වෙහෙසෙන්න. ධර්මයේ වැදගත්කම පහත් කොට නො සිතන්න.


23. පිරිසිදු ශීලය නො කඩා රැුකගෙන කැපවීමෙන් භාවනා කරන්න. මේ සඳහා ඔබට තඹ සතයක්වත් වියදම් නොවනු ඇත. කම්මැලිකම දුරලන්න. සිතේ සංසිඳීම හා ප‍්‍රඥාව දියුණු වූ විට, කෙලෙස්වලින් සිත මිදෙනු ඇත. සියලූ ඇලීම් දුරු කර, මහත් වූ දුක් කන්දරාවෙන් මිදෙන්න.


24. පමා නොවී, ඔබ තුළම ආරක්ෂිත රැුකවරණයක් ස්ථාපිත කර ගන්න. ඔබ එසේ නො කළ හොත්, ඔබ මැරෙන මොහොතේදී, හදවත තුළ, සුගති ගාමී වීමට සවිමත් බලයක් ඇති පසුබිමක් ගොඩ නො නැගෙනු ඇත. කිසිදු භේදයකින් තොර ව, සෑම සත්ත්වයෙකු ම ඉපදීම හෝ මරණය හෝ අත්දකී. සෑම පුද්ගලයෙකු ම නොනවත්වා ම දුක් ගැහැට විඳිමින් මැරි මැරී උපදී. සෑම වයසක ම මිනිසුන්, කිනම් ගෝත‍්‍රයකට අයත් වුවත්, කිනම් සමාජ තලයක සිටියත්, මෙහි දී හැමෝම එක සමානය. අප හෙට උදේ මැරේ ද, අද සවස මැරේද, අපි නො දනිමු. නමුත් නිසි වේලාව පැමිණි විට මරණය අප කරා එන බව නම් නියත ය.


25. අපි නැවත නැවත මැරි මැරී උපදිමු. ඉපදීම, ජරාවට යෑම, මරණය යන චක‍්‍රය නො නවත්වාම ක‍්‍රියාත්මක වේ. බුදුරජාණන් වහන්සේ ගෙන් පැවතෙන අපි, අප තුළින් සත්‍ය වූ ධර්මයක් නො සොයා දිරාපත් වී කුණු වී යෑමට පමණක් ජීවත් වීමෙන් ඇති ඵලය කුමක් ද? මරණය පැමිණි කළ පිරිසිදුව යහතින් මැරෙන්න. මැරෙණ විට සිතත් කයත් කිසිදු
ඇලීමකින් තොරව අත හැර, මැරෙන්න. සියල්ලේ ම ඇති තතු යථාභූත ව දකිමින්, මැරෙන්න. බුදුන් වහන්සේ දැක්වූ මග නිතර නිතර සිහි කරමින්, මැරෙන්න. යළිත් වරක් නො මැරෙන තත්වයකට පැමිණ මැරෙන්න.


26. මට ඇහුම්කන් දෙන්න. සාමාන්‍ය සතෙකු වාගේ කකා බිබී නිදා ගනිමින් කාලය ගත නොකරන්න. ලෞකික සැප සම්පත් අභිනන්දනය නො කරමින්, ජීවත් වීමට තදින් සිතට ගන්න. අනාගත භවයන් පිළිබඳව භයක් ඇතිකර ගන්න. නිරාමිස සතුට දෙස ඔබේ හදවත විවර කරන්න. තම ජීවිත පතුලේ අළුයට ගිනි මෙන් දැවි දැවී පවතින කෙලෙස් ගොන්න
දෙස නිකරුණේ බල බලා කාලය ගත නො කරන්න.


27. අප ජීවත් වන ලෝකය ගැන දැනීම ප‍්‍රයෝජනවත් විය හැක. නමුත් ඔබ පිළිබඳ දැනීම අන් කිසිදු දැනීමක් සමග සැසඳිය නො හැක. අප අපගේ පියවි ඇසින් යමක් දෙස් බලා, ලබා ගන්නා අවබෝධයට වඩා විදර්ශනා ඇසින් බලා ලබා ගන්නා අවබෝධය බොහෝ සේ වෙනස් ය.

අපගේ ලෞකික සිතිවිලිවලින් වටහා දෙන, හරයක් නො මැති දැනීම, වස්තූන්ගේ යථා තත්වය ගැන, ප‍්‍රඥාවෙන් ලබන දැනීම තරම් ගැඹුරක් නැත.


28. දිනක් මාගේ කම්මට්ඨානාචාර්ය, මුන් මහා තෙරුන් වහන්සේ ගෙන් කෙනෙකු මෙවැනි ප‍්‍රශ්නයක් ඇසුවේ ය. ”ආරණ්‍යවාසී භික්ෂූන් මොන වාගේ පොත් ද කියවන්නේ ?” එවිට උන්වහන්සේගේ පිළිතුර වූයේ, ”ඒ ඇත්තෝ ඉගෙන ගන්නේ ඇස් වසා ගෙන, සිත අවදි කරගෙන යි.” මම අලූයම අවදි වූ වහා ම මගේ ඇස්වලට, රූප නම් වූ වෙඩි වරුසාවක් වදිනවා. එතකොට මම ඇසේ සහ රූපයේ එක් වීම විමර්ශනය කරනවා. මගේ කන් ශබ්දවලින් ගැටෙනවා. මගේ නාසයට ගඳ සුවඳ දැනෙනවා. මගේ දිවට රස දැනෙනවා. මගේ ශරීරය ශීතල උෂ්ණ, තද ගතිය, සිනිඳු ගතිය විඳිද්දී, මගේ සිත සිතිවිලිවලින් හා හැඟීම්වලින් බැට කනවා. මම මේ හැම දෙයක් ම නිරන්තර ව විමර්ශනය කරනවා. එසේ කරන විට මාගේ සෑම ඉන්ද්‍රියක් ම මට ගුරුවරයෙක් වෙනවා. එවිට මම මුළු දවස තිස්සේ ම කිසිදු විවේකයක් නොමැතිව ධර්මය ඉගෙන ගන්නවා. මොන ආයතනය ගැනද මම අවධානය යොමු කළ යුත්තේ කියා තීරණය කරන්නේ මම යි. එසේ තීරණ කළ පසු එහි සත්‍යය විනිවිද දකින්න මම වෙහෙසෙනවා. මගේ ගුරුතුමා, ආචාර්ය මුන් මට භාවනා කරන විදිය ඉගැන්වූයේ මෙහෙමයි.


29. අපගේ කය ‘දැඩි ආශාව’ මතු කරවන වැදගත් අරමුණකි. දැඩිව ග‍්‍රහණය වන ක්ලේශයක් වන ”ඇලීම” මෙහි ප‍්‍රතිඵලයකි. එහි අවසානය ‘දුක’ ය. මෙය ජය ගැනීමට නම්, ඔබගේ අවධානය, දිරාපත් ව ජරාවට යන, එමෙන් ම සිඳි බිඳී යන ‘මිනිස් කය’ වෙත යොමු විය යුතු වේ. එසේ යොමු වෙද්දී, මිනිස් ශරීරයේ සංයුතිය ගැන මනසේ පිළිකුලක් ඇති වේ. මිනිස් ශරීරය සකස් ව ඇති අයුරු පිළිබඳව අතිශයින් අප‍්‍රියක් ඇති
වේ. කය ගැන පිළිකුල වර්ධනය වෙත් ම, සිතෙහි සැහැල්ලූ බව සහ ප‍්‍රභාස්වරය තීව‍්‍ර ව ඉස්මතු වේ. මිනිස් කය, මොහොතින් මොහොත වෙනස් වන, අඩියක් පළල, අඩි හයක් දිග, ලේ මස්වලින් පිරුණු මස් ගොඩකි. මෙවන් ශරීරයකට අප දක්වන ඇල්ම නිසා ඇතිවන දුක් ගොඩ දැකීම, ධර්මය දෙසට අපගේ සිත් යොමු කරවන මූලික ප‍්‍රඥාවයි. කය
දෙස යථා තත්වයෙන් දකින ඇත්තෝ ධර්මය වහ වහා අවබෝධ කර ගනිති.



30. භාවනාවේ යෙදී සිටිද්දී අරුම පුදුම අස්වාභාවික දේ සිදු වේ. ඒවා එසේ සිදුවීමට ඉඩ හරින්න. ඒවාට නො ඇලෙන්න. ඇත්තෙන් ම එම සිදුවීම්, බාහිර කරුණු නිසා ඇති වන, අත් හැරිය යුතු දේවල් ය. ඒවා පසකට දමා ඉදිරියට ම යන්න. ඒවා අල්ලා ගෙන නො සිටින්න. සියලූ විඤ්ඤාණ තලයන් උපදින්නේ සිතෙන් ය. දිව්‍යලෝකය සහ අපායෙහි ආරම්භය සිතය. පේ‍්‍රතයෝ, දෙවියෝ, පෘථග්ජන මිනිස්සු, භික්ෂුණීන් ...... සියලූ සත්ත්වයන්ගේ ආරම්භය සිත ය. එනිසා තම සිත ගැන ම පමණක් සිත යොමු කර සිටීම වඩාත් සුදුසු ය. එතැන මුළු විශ්වය ම ඔබට හමුවෙනු ඇත.


31. අතිශයින් පිරිසිදු නො සෙල්වෙන ජලය ඇති පොකුණක පතුලෙහි ඇති දෑ ඉතා පැහැදිලි ව දැකගත හැක. ගැඹුරු ලෙස තැන්පත් වූ හදවත නො සැලී නිශ්චල ව පවතී. හදවත නිශ්චල වූ කළ ප‍්‍රඥාව පහසුවෙන් මෝදු වී ගලා එයි. ප‍්‍රඥාව ගලා එද්දී, පිරිසිදු අවබෝධය ඒ සමග ඉස්මතු වේ. ලෝකයේ අනිත්‍යතාවය, දුක්ඛිත ස්වභාවය, සහ අසාරවත් බව, විදුලි සැරයක් සේ ප‍්‍රඥා ඇසින් දිස් වී, මහත් වූ දුක් කන්දරාවකට ඇලී ගැලී
සිටීම ගැන කනස්සල්ලට පත්වී, තැන්පත් දිවියකට සිත සකස් වේ. එසේ සිත සිසිල් වූ අවස්ථාවේ හදවතේ දැවෙමින් තිබූ ගිනි දැල් කෙමෙන් නිවී, ස්වභාවයෙන් ම දුකින් මිදීමට සිත සකස් වේ. සිතේ මෙම පරිවර්තනය සිදුවනු යේ, ‘ආරම්භක සිත’ ස්වභාවයෙන් ම අතිපිරිසිදු නිකැලැල් සිතක් හෙයිනි. සිතෙහි ආරම්භක සාමාන්‍ය තත්ත්වය, පිරිසිදු බවයි. එය කිලිටි වන්නේ බාහිර අරමුණු බලහත්කාරයෙන් ඇතුළු කරගන්නා හෙයිනි. එසේ පිළිගන්නා අරමුණු, දොම්නස සොම්නස ආදී හැඟීම්වලට ඉඩ දී, සිතෙහි ස්වකීය පිවිතුරු බව සම්පූර්ණයෙන් ම අඳුරු කරගන්නා තෙක්, සිතිවිලි (සංස්ඛාර) ජනිත කරවයි.


32. සියල්ල මවන්නේ අපගේ සිතය. ඇස් රූප දකී. කන් ශබ්ද අසයි. නාසය ගඳ සුවඳ ආඝ‍්‍රාණය කරයි. දිව රස විඳියි. ශරීරය පහස විඳියි. හදවත හැඟීම් අත්දකී. නමුත් සිත මේ හැම දෙයක් ගැන ම බලමින් දැනුවත් වී සිටී. සිත මේ සියල්ල දකී. ඒවා ගැන නා නා අයුරින් සිතයි. අපගේ සිහිය සහ ප‍්‍රඥාව තීව‍්‍ර වූ විට, මේ සෑම මැවීමක් ම අපට බලා ගත හැක. නමුත් බොහෝ විට ක්ලේශයෝ අපව ඔවුනගේ ස්වභාවික, ශක්තිමත් වූත් වේගවත් වූත් ප‍්‍රවාහය සමග ගෙන යති. අපට කුමක් වී දැයි වැටහෙන්නටත් ප‍්‍රථම අපි කෝපයට පත්වී හමාර ය. අපි ලෝභ සහගත වී, මුලා වී මානාධික වී හමාර ය. එසේ වන්නේ අපව කෙලෙස්වලින් රැවටූ හෙයිනි. එනිසා මෙම කෙලෙස්වල බලපෑම ගැන ඉතාමත් විමසිලිමත් වී සිදුවිය හැකි පිරිහීම ගැන කල්පනාකාරී වන්න. පහසුවෙන් ඔබව මුලා කිරීමට කෙලෙස්වලට ඉඩ නො දෙන්න. කෙලෙස්වල ක‍්‍රියාකාරිත්වය මෙල්ල කිරීමට අප දක්ෂ වුවහොත්, එහි අශුභවාදී ශක්තිය, ශුභවාදී ආධ්‍යාත්මික බලයකට පරිවර්තනය කළ හැක. උද්‍යෝගිමත් ව ඉවසිලිවන්ත ව උනන්දු වන්න.


33. ඔබේ ප‍්‍රගතියේ වේගය, ඔබ අතීතයේ ගොනු කරගත් සීල පාරමී කුසලයන් මත සහ වර්තමානයේ ඔබ වාඩිවී සහ සක්මන් ඉරියව්හි කෙරෙන භාවනා සඳහා යොදවන වීර්යය මත රඳා පවතිනු ඇත. එම නිසා නිතර ම සීලය රකිමින් කිසිදු අකුසල් චේතනාවක් ඔබ සිත තුළට නො වද්දා ගැනීමට වෙහෙසෙන්න. මෙසේ ඔබ ක‍්‍රම ක‍්‍රමයෙන් පුහුණු වෙද්දී ඔබගේ වටහා ගැනීමේ ශක්තිය ටිකෙන් ටික දියුණු වී සිත පිරිසිදු වේ. ඔබ, ඔබේ යථාභූත
ඥානය හදවත තුළින් පුබුදින බව දකිද්දී දුක් විඳිමින් පැමිණි දීර්ඝ මාවතක අවසානය ඔබට ටිකෙන් ටික දිස් වෙනු ඇත.


34. උත්පත්තියෙන් ඔබ උරුම කරගත් ”සතිය” සහ ”ප‍්‍රඥාව” දියුණු කරගැනීම නො සලකා උදාසීන ව සිටීමෙන්, එමෙන් ම, ඔබගේ ජීවිතය හා සම්බන්ධ සත්‍යතාවයන් ගැන උනන්දුවක් නො මැතිව කල් ගත කිරීමෙන්, ඔබ ගමන් කරන නිවන් මගෙහි බාධක ටිකෙන් ටික වර්ධනය වී, සම්පූර්ණයෙන් ම, වැසී නො පෙනී යාමට ඉඩ ඇත. එම මාර්ගයෙහි අවසානය සදාකාලිකව ම ඔබට අඳුරෙන් වසා තබනු ඇත.


35. නිවන් යන්න  ඕනෑ යයි කියමින් මිනිසුන් බෙල්ල කරකවමින් නිමක් නැති අනන්ත වූ ආකාශය දෙස බලමින් ඉන්නවා. එසේ මොනතරම් මහන්සි වී බලා සිටිය ද, නිවන සොයා ගැනීමට අපහසු බැව් ඔවුහු නො දකිති. ලෞකික යථාර්ථවාදය තුළ නිවන කිසිසේත් නො පවතී.


36. පසුගිය අවුරුදු ගණනාව තුළ මා වඩාගෙන ආ භාවනා පුහුණුව පහසුවෙන් කළ හැක්කක් නොවේ. එය බොහෝ දුෂ්කර ය. මෙම ගමන යද්දී, මාගේ ශරීර ශක්තිය, අධිෂ්ඨානය දැන මැන ගැනීමට මම බොහෝ දුෂ්කරතා ඉවසා සිටියෙමි. දින ගණනාවක් මම ආහාර නොමැති ව නිරාහාර ව සිටියෙමි. බොහෝ රාත‍්‍රීන් මම වැතිරී, නිදාගැනීම ප‍්‍රතික්ෂේප කෙළෙමි. දුෂ්කරතා ඉවසීම මාගේ හදවතට ආහාරයක් විය. මගේ හිසට විවේකයක් වූයේ උත්සාහය නම් වූ කොට්ටයයි. ඔබද අත්හදා බලන්න. ඔබේ අධිෂ්ඨානය ඔබ ම විභාග කර බලන්න. ඔබේ සිතෙහි ඇති අද්භූත බලය ඔබට වහා සොයාගත හැකිවනු ඇත.


37. වචනයේ පරිසමාප්තයෙන් ම සිල් මාතාවක් වන්න. දුගඳ හමන ලෞකික ජීවිතයන්හි පටලැවී, ඔබට නියම වූ කාර්ය අහෝසි නො කර ගන්න. එසේම ඔබ අත හැර ආ නිවස සහ පවුල දෙස ඇලූම් ඇතිකර ගනිමින් ආපසු හැරී නො බලන්න. නිතරම කතා කරන, අනුන් ගෙන් උදව් පදව් ඉල්ලන අලස සිල් මාතාවක් නො වන්න. චාම් දිවි පෙවෙතකින් සෑහීමකට පත්වන්න. මරණයට භය නො වන්න. අසභ්‍ය දේවල් ගැන කිසි දිනක කතා නොකරන්න. යථාර්ථය පමණක් කතා කරන්න. මාගේ සිල් මාතාවන් ශිෂ්ටසම්පන්න ව හැසිරිය යුතු වේ. ඔබ සත්‍ය වශයෙන් ම මාගේ අනුගාමික සිල් මාතාවන් වීමට අපේක්ෂා කරන්නේ නම්, මාගේ උපදෙස්වලට ඇහුම්කන් දෙන්න. ඔබේ හැසිරීම ගැන මම චෝදනා කරද්දී, මා ආදර්ශයට ගනිමින්, ඔබ ඉගෙන ගන්නේ යයි සැම විටම සිතන්න.


38. ඔබ මාගේ ශිෂ්‍යාවන් වීමට පැමිණියේ නම්, උතුම් වූ ආදර්ශවත් මිනිසුන් වීමට වීර්ය ගන්න. දුෂ්කරතා ජය ගැනීමේ ආත්ම ශක්තියෙන් යුතු ධෛර්යවත් ව භාවනා පුහුණුවෙහි යෙදෙන, සැම මොහොතක ම ඔබේ ඇතුළත සත්‍යය දැන ගැනීමට වෙහෙසෙන, ප‍්‍රසන්න සිල් මාතාවක් වන්න.


39. මගෙන් ඉගෙන ගන්නා අය, ඉදිරියට තබන පියවරක් පියවරක් පාසා, බුදුරජාණන් වහන්සේ ගත් මග ගැන මහත් වූ විශ්වාසයක් තැබිය යුතුයි. අතීතයේ අහිමි වූ සම්පත් ගැන කස්සලූ නො වන්න. අනාගතයේ වාසි බලාපොරොත්තු නො වන්න. එවන් සිතිවිලි ඔබව මුලා කරයි. අලස කමට සිත නැඹුරුවන සෑම මොහොතක ම ඊට එරෙහිව සටන්
කරන්න. ලෙහෙසියෙන් කොට්ටයට යටත් වෙන්න එපා. ඔබේ සිත දෙස විමසිල්ලෙන් බලන්න. එසේ බලා හදවත තුළ ඇති සත්‍යය සොයන්න.

40. ප‍්‍රශ්නයක් අසන්නට ප‍්‍රථම, ඔබ ම පිළිතුරක් සෙවීමට වෙහෙසෙන්න. ඔබ හරි හැටි විමර්ශනය කළ හොත් බොහෝවිට පිළිතුරක් සොයා ගැනීමට ඔබට හැකි වනු ඇත.


41. බුදුදහම පුහුණු වෙද්දී, ඔබ යා යුතු මග ඔබ ම සොයාගත යුතු ය. ”දුක” අබිබවා යන මාර්ගය සොයා දැන පටන් ගත යුත්තේ ඔබම ය. නිවැරදි සිල් මාතා කායිව් රහත් තෙරණියගේ උත්තම සිතිවිලි හා අවවාදව එය සොයන ක‍්‍රමය නම්, ඔබේ සිත තුළට එබී බැලීමයි. මාර්ගය වැටී ඇත්තේ අපගේ හදවත් සහ සිත් ඇතුළත ය. එනිසා අවසානය කරා යන තුරු දැඩි අධිෂ්ඨානයෙන් කටයුතු කරන්න.


42. මිනිස්සු තදින් අල්ලාගෙන දුක් විඳිති. ඔවුහු ඒවා අත නො හරිති. කුරිරු බලාපොරොත්තු සිතෙහි රඳවා ක්‍රෝධයෙන් අත් නොහරිති. ඔවුන් යන යන තැන දුක ඔවුන් පසුපස ලූහුබඳී. එනිසා ඔබ, ඔබව නිරීක්ෂණය කොට ‘අත් හැරීම’ ඉගෙන ගන්න.


43. භාවනා පුහුණුවේ වටිනාකම ගැන සැක නොකරන්න. ඔබේ හැකියාවන් අවතක්සේරුවට ලක් නො කරන්න. ඔබ (භාවනාවෙන්) යම් ප‍්‍රගතියක් ලැබුවේ ද, එයින් සෑහීමකට පත් වන්න. එම ප‍්‍රගතියෙන් පිළිබිඹු වන්නේ ”ඔබ කව්දැයි” යන්න පිළිබඳ සත්‍ය තත්ත්‍වයේ කොටසකි. එම නිසා ඒ ගැන ඔබට විශ්වාසයක් තැබිය හැක. ඔබ ඇත්ත වශයෙන් ම කවුරුන් දැයි ඔබ ම විමසා බලන්න. උපදින්නේ කව්රුන් ද? අසනීප වන්නේ,මහලූ වන්නේ, මැරෙන්නේ කව්රුන් ද? ඔබේ ශරීරය ඔබේ මනස, ඔබේ ජීවිතය .......... මේ දෑ ඔබට අයත් දේ නො වේ. ලෝකයේ ඇති දුක් දොම්නස්වලින් ඔබගේ සත්‍ය ස්වභාවය නො කෙලෙසා ගන්න.


44. මම උපාසිකාවක් ලෙස සසුන් ගත වූ දා සිට මාගේ හදවතෙහි අප ද්‍රව්‍ය පිරිසිදු කිරීම නො කඩවා කරගෙන ගියෙමි. මගේ මූලික ස්වභාවය නිතර දෙවේලේ පිරිසිදු කරමින් ඔප දැමිය යුතුය, යන්න ගැන මම සිහි කල්පනාවෙන් සිටියෙමි.


45. බුද්ධ ධම්ම සංඝ යන බෝධි වෘක්ෂයන්හි සිසිල් සෙවණ ලබමින් සරණ යා හැක්කේ ආර්ය ප‍්‍රඥාවන්තයෙකුට පමණි. ආචාර්ය ඉන්තවායි සන්තුස්සකො හිමි තායිලන්ත වන සෙනසුන් ජ්‍යේෂ්ඨ ස්වාමීන් වහන්සේ නමකි. සිල් මාතා කායිව්ගේ අද්විතීය ජීවිත පුරාවෘත්තය ගැන විශේෂ උනන්දුවක් දැක්වූයේ ය. බාන් හුආයි සායි ගම්මානයට නුදුරු ගමක ඉපිද අවුරුදු 11 දී සාමණේර හිමි නමක් වශයෙන් සසුන් ගත වූ උන්වහන්සේ
සිල් මාතා කායිව් ළමා කාලයේ සිට හඳුනන කෙනෙකි. මෙම දෙදෙනා ආධ්‍යාත්මික වශයෙන් සමීප සබැඳියාවක් සංසාරය තුළ තිබූ බැව් ප‍්‍රසිද්ධ විය.මෙම කර්මානුකූල ඥාතිත්වය සිල් මාතා කායිව් නොයෙක් අවස්ථාවල සනාථ කර ඇත. ආදාහන පූජෝත්සවය නිම වී ටික දිනකින් ආචාර්ය ඉන්තවායි සන්තුස්සකො හිමි කායිව් රහත් තෙරණියගේ දයාව අනුකම්පාව අසීමිත මෛත‍්‍රිය කරුණාව සහ ප‍්‍රඥාව පිළිබිඹු කරන සිහිවටන ස්මාරකයක් ඉදි කිරීමට අදහස් කළේ ය. කායිව් රහත් තෙරණියට ගෞරව දැක්වීම සඳහා ඇගේ ධාතූන් නිධන් කොට එම ස්මාරකය ඉදි කිරීමට සුදුසු ස්ථානයක් උන්වහන්සේ සලකුණු කර ගත්තේ ය. එය හැම තරාතිරමක අයවලූන්හට වන්දනාමාන කිරීමට පහසු තැනක් විය.


සමාප්තිය

අවුරුදු ගණනාවක් සැලසුම් කර අවසානයේ බැංකොක් නගරයේ දුම්රිය ඉංජිනේරු මහතුන් කීපපොළක් සමග අඩි 80 ක් උස ස්ථූපයක් ඉදි කළේ ය. එය බාන් හුආයි සායි සිල් මාතා ආරණ්‍යයට සමීපව ඉදි කෙරුණි. ධාතු ගර්භය වටා රෝස මල් සහ නිල් මානෙල් මල් පිරුණු දර්ශනීය පොකුණකි. ස්වාභාවික සෞන්දර්ය හා බද්ධ වෙමින් ඉදි කෙරුණු මෙම ස්මාරකය ඉතා ආකර්ෂණීය ය. සිහිවටන ස්ථූපය 2006 මැයි මස 21 වැනි දින නිල වශයෙන් විවෘත කරන ලදී. එදා සිට මෙම ස්මාරකය ලෝක පූජිත වී ඇත. මුතු මැණික් ස්වරූපය ගත් ඇගේ අට්ඨි ධාතූන් පූජාසනය මත ප‍්‍රදර්ශනය කර ඇත. ජීවමාන ප‍්‍රමිතීන්ට අනුව ප‍්‍රතිමා තුනක් තනා ඇත. දෙවන මහලේ සුදුවතින් සැරසුණු, ඉටිවලින්
තැනූ හිඳි ඉරියව්වෙන් යුත් ප‍්‍රතිමාවකි.

{jcomments on}


Share

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software