topone

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawaලෝකවාසී බෞද්ධ ජනයාගේ මුදුන් මල්කඩ බඳු සෙංකඩගල පුරවරයේ පිහිටි ශ්‍රී දළදා මාලිගාව දෙස විදෙස් ජනතාවගේ විශේෂ ගෞරවාදර පූජෝපහාරයට ලක්වන බෞද්ධ සිද්ධස්ථානයකි. උඩරටට ආවේණික වාස්තු විද්‍යාත්මක හා ගෘහ නිර්මාණ
ලක්ෂණවලින් පිරිපුන් ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව මුල්වරට ගොඩනගන ලද්දේ I වැනි විමලධර්මසූරිය රජු විසිනි. (1592-1604)පෘතුගීසි ආක්‍රමණවලට ලක්ව එම මාලිගාව විනාශ වූ අතර, නටබුන් මත යළි ශ්‍රී දළදා මාලිගාව ගොඩනගා තිබේ. ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු වර්තමානයේ දක්නට ලැබෙන පැරණි වැඩසිටින දෙමහල් මාලිගාව ඉදිකරන ලදී. අනතුරුව රාජ්‍යත්වයට පැමිණි නායයක්කාර් වංශික රජවරුන් පවා ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ ආරක්ෂා කර ගනිමින් ශ්‍රී දළදා මාලිගාව වැඩිදියුණු කොට ඇත.
ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩසිටින ගන්ධකුටිය රිදියෙන් නිමවා රන් ආ‍ලේපිතව වටිනා මිණිමුතුවලින් අලංකෘත කර ඇති විශාල කරඬුවක තවත් කරඬු 06ක් තැන්පත් කර ඇත. රත්න ෙචෙත්‍යයක් බඳුව නිර්මාණය කර ඇති මෙම මහ කරඬුව පූජා කරන ලද්දේ  II වන විමලධර්මසූරිය රජු (1687 -1707) විසිනි.
ශ්‍රී දන්ත ධාතූන් තැන්පත් කර ඇත්තේ එහි හත්වන කරඬුව තුළය. වටිනා මිණිමුතුවලින් විසිතුරු වූ ස්වර්ණාභරණයන්ගෙන් මහ

කරඬුව සරසා ඇති අතර, එහි දෙපස පෙරහර කරඬුව සහ බුරුම කරඬුව තැන්පත් කර ඇත.
ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ තැන්පත් කර ඇති මහ කරඬුව ඉදිරිපස රනින් නිමවූ මල් ආසනයකින්ද සමන්විතය. මෙහි සුදු පැහැ පිච්ච මල් පූජා කෙරෙන අතර, එම මල් වට්ටියක හෝ බන්දේසියක තැන්පත් කර තේවාව භාර ගරුතර ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ වෙත භාරදිය යුතුය.
ගන්ධ කුටියට ප්‍රවිශ්ට වන විට එහි ඇති රිදී පඩිපෑගීමට කිසිවකුටත් අවසර නොමැති අතර, දළදා වන්දනා කිරීමට පැමිණ රජු සිය ඔටුන්න ගලවා නළලෙහි තබා වන්දනා කළ බැවින් එම සිරිත සම්ප්‍රදායක් වශයෙන් පැවත එයි.
පත්තිරුප්පුව
මහමළුවට රැස්වන ජනයාගේ දුක් ගැනවිලිවලට සවන්දීමට ජනයා ඇමැතීමට සහ කිරි සයුරේ සෞන්දර්යය නැරඹීම සඳහා රජු පත්තිරිප්පුව භාවිතා කර ඇත.
පාත්ව සිටින අය අරුත් දනවන “පාත්ත ඉරිප්පු” යන දමිළ වචනය බිඳී පත්තිරුප්පුව යන වචනය සකස්ව ඇති බව පැවැසේ.
උඩරට හන්දෙස්සේ දේවේන්ද්‍ර නම් දක්ෂ ශිල්පියෙකු ලවා වර්ෂ 1802දී ශ්‍රී වික්‍රමරාජසිංහ රජු විසින් පත්තිරිප්පුව ගොඩනංවා ඇත. අටපට්ටම් හැඩයට සමාන බවකින් යුතු මෙම ගොඩනැගිල්ලට ඊට ඉදිරිපස ඇති දිය අගල හා වළාකුළු බැම්ම දර්ශනීය බවත් ලබාදී තිබේ.
රජයට අයත්ව තිබූ පත්තිරිප්පුව, දිවංගත අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මහතා විසින් ශ්‍රී සන්නස් පත්‍රයකින් ශ්‍රී දළදා මාලිගාවට භාරදී ඇත.
මගුල් මඩුව
උඩරට ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ට අංගයක් වූ මගුල් මඩුව ශ්‍රී දළදා මාලිගාව අබියස පිහිටි ලී කැටයම් රැසකින් සමන්විත දර්ශනීය ගොඩනැගිල්ලකි.
අද දැකිය හැකි දැවමය මඟුල් මඩුව රාජාධිරාජසිංහ රජු (1781-1798) ක්‍රි.ව. 1783දී කරවා ඇති අතර, ශ්‍රී වික්‍රමරාජසිංහ රජු විසින් පසුව එය ප්‍රතිසංස්කරණය කරන ලද බව පැවසේ.
රාජාධිසිංහ රජු ඉදිකළ බව ඓතිහාසික වාර්තාවල සඳහන් වූවත් ඊට ප්‍රථම මඟුල් මඩුවක් තිබූ බව පිළිගැනේ.
රජු ප්‍රමුඛ ඉහළ නිලධාරී මඩුල්ලකින් සමන්විත මණ්ඩලයක් මගින් නඩු අසා තීන්දු ප්‍රකාශ කිරීම මෙම මඟුල් මඩුවේදී සිදුව ඇති අතර, එබැවින් මෙම ශාලාව “මහනඩුව” වශයෙන්ද ව්‍යවහාර වී ඇත.
පෙරහර නිමා කළ බව රජුට දැනුම් දීම මෙන්ම විශේෂ රාජකීය අමුත්තන්ගේ හමුවීම්ද සිදුව ඇත්තේ මඟුල් මඩුව තුළදීය.
අධිරාජ්‍යවාදීන්ට යටත්ව උඩරට ගිවිසුම 1815දී අත්සන් තැබිම සිදුව ඇත්තේද මඟුල් මඩුව තුළදීය. අස්ගිරි, මල්වතු මහනායක පදවි හා අනුනායක පදවි වර්තමානයේදී පිරිනැමීම සිදුකරන්නේ මෙහිදීය.


මහනුවර නගරය

සිංහල රාජධානියේ අවසන් අගනගරය වූ සෙංකඩගල පුරවරය ස්වභාව සෞන්දර්යයේ විශිෂ්ට නිර්මාණයක් වශයෙන් සැලකිය හැකිය. නගරය වටකොට ගලා බසින මහවැලි නදිය සහ නගර අභ්‍යන්තරයේ කිරි සයුර මහනුවර නගරයේ විචිත්‍රවත් බව වඩාත් තීව්‍ර කරයි.
ශ්‍රී සෙංඛණ්ඩ ශශලාභිධාන ශ්‍රී වර්ධනපුරය නමින්  අතීතයේදී හැඳින්වුණු මෙම නගරය පසු කලෙක මහනුවර වශයෙන් ව්‍යවහාර විය.
ගම්පහ රජ කළ  III වැනි වීර පරාක්‍රමබාහු රජු (1357-1374) සෙංකඩගල පුරවරය පිහිටූවා යැයි පිළිගැනෙන අතර, එය රාජධානියක් වශයෙන් ස්ථාපිත කර ඇත්තේ  I වැනි විමලධර්මසූරිය රජු විසිනි.
කන්ද උඩරට ආවේණික ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණවලින් යුතු පුරාණ ගොඩනැගිලි ඉපැරණි වලව්, ලී කැටයම් හස්ත නිර්මාණ සිතුවම් හා වාස්තු, නර්තන ආදි කලා ශිල්ප මහනුවර නගරය ලෝක උරුම නගරයක් බවට පත්වීමට හේතුවිය.
ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩසිටින ශ්‍රී දළදා මාලිගාව, අස්ගිරි, මල්වතු උභය මහ විහාර, රජ මාලිගා සංකීර්ණය, නාථ, විෂ්ණු, පත්තිනි සහ කතරගම යන සිව්මහ දේවාල ආදිය සෙංකඩගල පුරවරය ලෝක උරුම නගරයක් බවට පත්වීමට මහෝපාකරී විය.
මහනුවර නගරය අවට ගඩලාදෙණිය, ලංකාතිලක, ‍ලේවැල්ලගංගාරාමය, දෙගල්දොරුව, කුණ්ඩසාල, සුදුනුම්‍පොළ ආදී ඓතිහාසික විහාරයන්ද නගරයේ ශ්‍රී විභූතියට වැඩි දායකත්වයක් ලබාදී ඇත.

ඇසළ පෙරහර මංගල්ලයේ ප්‍රභවය


ශ්‍රී දළදා වහන්සේ ලක්දිවට වැඩම වීමෙන් පසු පෙරහර පැවැත්වීමේ චාරිත්‍රය මෙරට  වඩාත් තහවුරු විය. දළදා පෙරහර හෙවත් ඇසළ පෙරහර මංගල්ලය ප්‍රථමයෙන්ම ලක්දිව ආරම්භ වූයේ කිත්සිරි  මෙවන් රජ දවස ක්‍රි.ව. 310 වැන්නේදීය. වාර්ෂිකව දළදා වහන්සේ  ධම්මචක්කගේහයේ සිට අභයගිරි විහාරය දක්වා මහ පෙරහරින්  වැඩමවා දින අනූවක්  තිස්සේ මහජනතාවට ප්‍රදර්ශනය කළ බව ඉතිහාසගතය.

කහවනු නවලක්ෂයක් වැය කොට පැවැත්වූ මෙම පෙරහර මංගල්ලය නොකඩ කොට පවත්වන්නැයි කිත්සිරිමෙවන් රජ නියෝගයක්ද පැනවීය. එසේ ප්‍රදර්ශන පූජා පෙරහර පැවැත්වීම ඉතිහාසය පුරා සිදුවී ඇත. අවසන් දළදා ප්‍රදර්ශන පූජා පෙරහර

මංගල්ලය ක්‍රි.ව. 1828  වැන්නේ සර් එඩ්වඩ් බාන්ස්  ආණ්ඩුකාර සමයේ සිදුවිය. එම පෙරහර  විචිත්‍රවත් ලෙසපවත්වා මහමළුවේ පනවා තිබූ විසිතුරු  මණ්ඩපයෙක දළදා වහන්සේ වඩා හිඳුවා ප්‍රදර්ශනය කරන ලදී.  මෙම ප්‍රදර්ශනය සඳහා මහා සංඝයා වහන්සේ, අදිකාරම්වරු, දිසාවේවරු,
රටේරාළලා ඇතුළු සිංහල නිලධාරීහුද, විවිධ තරාතිරමේ ඉංග්‍රීසි නිලධාරීහුද සහභාගි වූහ. එම දළදා ප්‍රදර්ශනය  මහමළුවේ පැවැත්වෙත්ම  නියඟය අවසන් වී මහවැසි ඇද හැලි ගංගා, ඇළ දොළ පිරී මහ ගංවතුරක් ඇති වූ බව පළ වේ. ඒ නිමිති කොට “දළදා වතුර” නමින් කාව්‍යයක්ද නිකුත් විය.
පැරණි රාජ්‍ය සමයෙහි පෙරහර මංගල්ලය සංවිධානය වූයේ රජුගේ මූලිකත්වයෙන් රාජ්‍ය අනුග්‍රහය ඇතුවය. රජවරු හා රාජ්‍ය නිලධාරීහු පෙරහරේ  ගමන් ගත්හ. එසේම ඉඩකඩම් වෙන්කොට දී අවශ්‍ය නිලකරුවන්ද පත්කොට රාජකාරී පවරා දී තිබිණ. පෙරහර මංගල්ලය පැවැත්වීම  සඳහා අවශ්‍ය ධනය රාජ්‍ය භාණ්ඩාගාරයෙන් වෙන්විය. අද වනතුරු බුද්ධ ගෞරවය ශ්‍රද්ධාව පදනම් කොට දළදා වහන්සේ විෂයෙහි ආමිෂමය පූජාවක් වශයෙන් චිරාගත සාම්ප්‍රදායික පුද සිරිත් අනුව මහනුවර ඇසළ පෙරහර මංගල්ලය අඛණ්ඩව පැවැත්වේ.
වර්තමානයෙහි පවත්නා ආකාරයට මහනුවර ඇසළ පෙරහර මංගල්ලය පැවැත්වීම ඇරඹුණේ සියම්  දේශයෙන් වැඩම කළ ප්‍රවර  උපාලි තෙරුන් වහන්සේ හා වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ හිමිගේ ඉල්ලීමක් අනුව ක්‍රි.ව. 1753 දී කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස ය. එතැන් පටන් ශ්‍රී දළදා මාලිගාවේ  පෙරහර පෙරටු කොට නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි යන සිව්මහා දේවාල පෙරහර ගමන් කරවීමේ සිරිත ඇරඹිණ.
ඉපැරණි චාරිත්‍ර විධි
මහනුවර ඇසළ පෙරහර මංගල්ලය පෞරාණික චාරිත්‍ර විධි ඉස්මතුකර දැක්වෙන පෙරහර මංගල්ලයකි. මෙම පෙරහර මංගල්ලය නැරඹීමට වාර්ෂිකව දෙස් විදෙස් ජනයා  රැස්වන්නේ ඒ පෞරාණික, චිරාගත, සාම්ප්‍රදායික චාරිත්‍ර විධි අදටත් එසේම පවත්වාගෙන එනු ලබන බැවිනි. මෙම චාරිත්‍ර බොහොමයක්  බෞද්ධ ආගමික හා හින්දු  ආගමික පුද සිරිත් සමග සංකලනය වී සිංහල සංස්කෘතියේ මහාර්ඝත්වය ඉස්මතු කෙරෙමින් පවතී. වර්තමානයෙහි ක්‍රියාත්මක වන බොහෝ දළදා චාරිත්‍ර විධි කුරුණෑගල   සිව්වන  පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1302 - 1326) රාජ්‍ය සමයෙහි  ලියැවුණු “දාඨා ධාතු චරිත්ත” නම් වූ දළදා සිරිතෙහි එන ව්‍යවස්ථාවන්ට අනුකූලව සැකසී ඇත.  දළදා සිරිතෙහි එන ව්‍යවස්ථාවන් 38 හි පෙරහර මංගල්ලයන් පැවැත්විය  යුතු ආකාරය පිළිබඳව ද විස්තර ඇතුළත් වේ. ඒ අනුව නක්ෂත්‍ර සුභ මුහුර්තියෙන් දළදා මැදුර පිරිසිදු කොට, වියන් බඳවා, නා නා පට පිළියෙන් විසිතුරු කොට සරසා රජු හා ඇමතිගණයා හා නුවර වැස්සන්  සත් දවසක් බත්, මල්, පහන් ආදිය පූජා කොට, සත්වන දවස පෙරවරුවෙහි මල්, පහන් ආදිය පූජා කොට  පස්වරුවේ දී සුරපුරය මෙන් පුරය සරසා, උත්තර මූලායතනයෙහි ප්‍රධානත්වය ගත් මහතෙරුන් වහන්සේ හා ගණවැසි, කිළිං යන දෙකුලයේ අය සමග  වැඩ සිටිනා කරඬුව ගන්ධ කුටියෙන් මෑත් කොට, විසිතුරු කොට සැරසූ සුබ ලකුණෙන් යුතු ඇතෙකු යෙදූ රථයෙක්හි උතුම් ආසනයෙක වඩා හිඳුවා ගණවැසි, කිළිං යන දෙකුලයේ දෙන්නෙකු කරඬුව වැඩමවාගෙන යන ලෙස රථයට නැංවූහ. දළදා කරඬුව වැඩම වූ රථයට පෙරාතුව මහා සංඝයා වහන්සේ තවත් රථයෙක නැගී කරඬුවේ බැඳී පිරිත් නූල් පිරිත් කෙරෙමින් වැඩම කළහ. දොරණාවැසි කුලයේ කෙනෙකු ලවා,  රිදී කටාරයකින් නුවර පෙරහර යන මඟෙහි පිරිත් පැන් ඉස්සවීය. රථයෙහි දෙපස චාමර හා සේසත් ගත්තෝ ගමන් ගත්හ. දළදා ගෙයි ධුරය හා විජ්ජතුන් අනතුරුව ගමන් කළහ. ඊට අනතුරුව සිවුරඟ සෙනඟ හා පිරිවර ඇමැතීහු රැකවල්ලා ගමන් කළහ.  මෙලෙසින්  මහපෙරහරින්  නුවර පැදකුණු කොට දළදා මැදුරට ගෙවැදී රජදරුවන්, උත්තර මූලායතන ප්‍රධාන තෙරුන් වහන්සේ හා ගණවැසි, කිළිං දෙ කුලයේ අය හා දළදා ගේ බලන්නන් සමග කරඬුවේ මුද්‍රාවන් ඉවත් කොට, දළදා වහන්සේ කරඬුවෙන්  මැත්කොට, උත්තර මූලායතන   මහතෙරුන්  ලවා පළමුව  මහාසංඝයා වහන්සේට පෙන්වා ඉන් පසුව රජතුමාගේ සුරතට දළදා වහන්සේ වැඩමවා  උස්ව පෙනෙන තැනෙක සිට දළදා වහන්සේ ප්‍රදර්ශනය කළහ. අනතුරුව දළදා මැදුරට වැඩමවා රජතුමා ඉදිරියෙහි දළදා කරඬුව භාණ්ඩාගාරයේ මුද්‍රාවෙන් මුද්‍රා තැබූහ. මෙලෙසින් අවුරුදු පතා පූජා චාරිත්‍ර සිදු කරන ලදී. වර්තමානයෙහි ද ඒ දළදා සිරිතට අනුව පූජා චාරිත්‍ර ඉටු කිරීම සිදුවන බව දක්නට ලැබේ.
මහනුවර පෙරහරේ සංවිධානය
වර්තමාන පෙරහර සංවිධානය සංකීර්ණ ක්‍රියාවලියකි. එහි දී ද  විවිධ චාරිත්‍ර අනුගමනය කෙරේ. වර්ෂයේ ආරම්භයත් සමගම වාගේ ඇසළ පෙරහර මංගල්ලය සඳහා දින වකවානු වෙන් කරවා ගෙන මූලික කටයුතු සූදානම් කරති. වෙසක්, ‍පොසොන් පෙරහර මංගල්ලයන් අවසන්වත්ම පෙරහර මංගල්ලයට අවශ්‍ය අලි ඇතුන් ලබාගැනීම සඳහා අලි ඇත් හිමියන් දැනුවත් කිරීමටත්, අලි ඇතුන්ගේ ඇඳුම් කට්ටල පිළිසකර කරවා ගැනීමටත්, අලුත් ඇඳුම්  සුදානම් කරවා ගැනීමටත්, පන්දම් ආදී පෙරහර උපකරණ අලුත්වැඩියා කරවා ගැනීමටත්, අවශේෂ අඩුපාඩු සපුරා ගැනීමටත් පියවර ගැනේ. අනතුරුව ශ්‍රී දළදා මාලිගාවේ  නැකැත් මොහොට්ටාල ලවා පෙරහර සඳහා වෙන් කරවාගත්  දිනයන්ට අදාළව සුභ නැකැත් පිළියෙළ කරගැනීම සිදු වේ. ඉන්පසු මල්වතු, අස්ගිරි  උභය මහාවිහාරයේ අතිගරු මහනායක මාහිමිපාණන් වහන්සේලාගේ  අනුශාසනා පරිදි රාජ්‍ය නිලධාරීන් හා ස්වේච්ඡා සංවිධානාදී නියෝජිතයන් කැඳවා පෙරහර පැවැත්වීමෙහිලා අවශ්‍ය වන  සේවාවන් ඉටු කරවා ගැනීමට අදාළ කරුණු සාකච්ඡා කෙරේ.  මෙම සාකච්ඡා රැස්වීම ශ්‍රී දළදා මාලිගාවේදී පැවැත්වේ. මෙම මූලික රැස්වීමෙන් පසු දිසා‍ලේකම් කාර්යාලයේදී දිසාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය ආයතන, පුද්ගලික ආයතන හා ස්වේච්ඡා  සේවා ආයතන ආදියෙහි ප්‍රධානීන් ගෙන්වා පෙරහර සංවිධාන  කටයුතු  පිළිබඳව  තවත් සාකච්ඡාවක්  පැවැත්වේ.  මෙම රැස්වීමෙන් පසු ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන් හා ජනමාධ්‍යවේදීන් ශ්‍රී දළදා මාලිගාවට  කැඳවා පෙරහර හා සම්බන්ධ පුවත් පළ කිරීම, විස්තර ප්‍රකාශන කටයුතු පවත්වාගෙන යාමාදිය පිළිබඳව සාකච්ඡා කෙරේ.
පෙරහර කරඬුව වැඩමවීම
මෙම චාරිත්‍ර ඉටුකිරීමෙන් පසු මුරායුධකරුවන් හා කාරියකරවන කෝරාළ ඇතුළු නිලකරුවන් සමග දියවඩන නිලමේතුමා වැඩ සිටිනා මාලිගාවේ ප්‍රධාන රිදී ද්වාරය වෙත ළඟා වූ විට මුරායුධකරුවන් නතර වන අතර දියවඩන නිලමේතුමා උඩමාලයේ ගන්ධකුටියට පිවිසේ. එහිදී තේවාභාර නාහිමි ප්‍රමුඛ තෙරුන් වහන්සේ පිරිත් බණ  දේශනා කරද්දී දියවඩන නිලමේතුමාගේ සුරත සඳුන් කිරි පැණියෙන් පිරිසිදු කොට ගත් කල්හි කාරියකරවනකෝරාළ විසින් පළමුවද, වට්ටෝරුරාළ විසින්  දෙවනුවද දිය වඩන නිලමේතුමාගේ දෑත මත පට‍ලේන්සු දෙකක් එලනු ලබයි.  අනතුරුව නායක තෙරුන් වහන්සේ විසින් දෙතිසක් සධාතුක  ධාතූන් වහන්සේ වැඩ සිටින පෙරහර  කරඬුව දියවඩන නිලමේතුමාගේ  සුරතෙහි තැන්පත් කරනු ලැබූ පසු පාවඩ මතින්  කරඬුව  වැඩමවාගෙන දියවඩන නිලමේතුමා රන්හිලි ගෙය බැඳි මංගල හස්තිරාජයා වෙත පියමං කරයි.  මෙම අවස්ථාවට අනිවාර්යයෙන්ම එක්විය යුතු කවිකාර මඩුව බුදු ගුණ, දළදා ගුණ ගායනා කිරීම අරඹති. ගෙපරාළ හා පල්ලෙමාලෙරාළ දෙපස සිට සුවඳ මල් ඉසිමින් ගමන් ගනිති. පෙරහර කරඬුව සමග තේවාකාරක තෙරුන් වහන්සේ වැඩම කරන අතර, නිලකරුවෝ ද ඒ හා යති. හේවිසි මණ්ඩපයේ සිට යළිත් වරක් මුරායුධ කරුවන් දෙපසෙහි ගමන් ගන්නා අතර තල් අතු කරුවෝ කරඬුව මුවහ කර ගෙන යති. මංගල හස්තිරාජයා වෙත පැමිණි කල්හි, මනාව සරසා ඇති ඇතු පිට බැඳි රන්හිලි ගෙයි පෙරහර කරඬුව තැන්පත්  කරනු ලබයි. අනතුරුව පෙරහර  කරඬුව මල් දමින් සරසා, මලින් පුදා කරඬුව වැඩම වන ඇත් රජු සමග මහවාහල්කඩ සඳකඩ පහණ කරා  ගමන් කරති. දියවඩන නිලමේතුමා නිලකරුවන් සමග මහවාහල්කඩ අභියස සඳකඩ පහණ මතට පැමිණි පසු  නියමිත  වේලාවට කාරියකරවන  කෝරාළ පැමිණ මල් මාලාවක් පළඳවා, පෙරහර පිටත් වීමට සූදානම් බව දන්වා පිටත්වීමට   ආරාධනා කරයි.  ඒ හා සමග වෙඩි හඬ නිකුත්වත්ම සුභ මොහොතින් පෙරහර පිටත්වීම ආරම්භ කෙරේ.
කුඹල් පෙරහර මංගල්ලය
පැරණියේදී දේවාල ඇතුළත පෙරහරට පසු වීදි සංචාරය කළ පළමු පෙරහර පහේදී අලුත් වළං කඳක් ගත් කුඹලෙකු පෙරහරේ ඉදිරියෙන් ගමන් කිරීමේ සිරිතක් පැවතිණ. එසේ රැගෙන යන අලුත් වළං, ශ්‍රී දළදා මාලිගාවට පූජා කෙරිණ. එමනිසා මෙම පෙරහර මංගල්ලයට “කුඹල් පෙරහර” යැයි භාවිතා කළ බව පැවසේ. වර්තමානයේදී මෙම චාරිත්‍රය  ඉටුවන බවක් දක්නට නොලැබෙ.  වර්තමානයේදී කුඹල් පෙරහර  මංගල්ලයේ පළමු දිනයේදී ගරු දියවඩන නිලමේතුමා පෙරහරේ  ගමන් කරන අතර සෙසු දින හතරේදී, අනුපිළිවෙළට සිව් මහා දේවාලයන්හි බස්නායක නිලමේවරු ගමන් කරති. කුඹල් පෙරහරට සහභාගී වන නිලමේවරු සුදුපාට මුල් ඇඳුමෙන් සැරසෙති. එසේම කුඹල් පෙරහරේ වර්ණවත් බව අඩුය. දැල්වෙන පන්දම් හා ආලෝකය අඩුය. සහභාගී වන අලි, ඇතුන් සංඛ්‍යාවද අඩුය. නැටුම් හා වාදන ශිල්පීන් ද අඩුය. ඇඳුම්, ආයිත්තම් ද වර්ණවත් නොවේ. එනයින් වර්තමානයෙහි මෙම පෙරහර “කුඹල් පෙරහර” නමින් හඳුන්වන බව පෙනේ.
රන්දෝලි පෙරහර මංගල්ලය
කුඹල් පෙරහර පහට පසුව, රන්දෝලි පෙරහර පහක් පැවැත්වේ. රන්දෝලිය යනුවෙන් පැරණියෙහි දී අගමෙහෙසියට භාවිත කෙරිණ. පෙරහර මංගල්ලයේ දී සිව් මහාදේවාලයන්  වෙනුවෙන් රැගෙන යන දෝලාවන්ද “රන්දෝලිය” වශයෙන් හැඳින්වේ. එසේ හැඳින්වෙනුයේ මෙම දෝලාවන් තුළ ඒ ඒ දේවාලයන්හි දේවාභරණ වැඩම වීම නිසාය. පැරණ රාජසමයේදී මෙම දෝලාවන් දෙපස රාජබිසෝවරු හා කුමාරිකාවෝ ගමන් ගත් අතර වර්තමානයේදී ඒ ඒ දේවාලයන්හි ආළත්ති අම්මාවරු ගමන් කරති. රන්දෝලි පෙරහර  වර්ණවත්ය. නිලමේවරු වර්ණවත් ඇඳුමෙන්සැරසෙති. කලාකරුවෝද අවශේෂ රාජකාරිකරුවෝද වර්ණවත් ඇඳුම් අඳිති. කොඩි සේසත් වැඩිය. අලි, ඇතුන් සංඛ්‍යාවද වැඩිය. සහභාගී වන  කලා ශිල්පීන්ගේ සංඛ්‍යාව ද වැඩි වන අතර, දල්වන පන්දම් සංඛ්‍යාව හා  ආලෝකය ද වැඩිය. එසේ වර්ණවත් බවින් වැඩි බව නිසා “රන්දෝලි පෙරහර” යැයිද  වර්තමානයෙහි සැලකේ. රන්දෝලි පෙරහර අවසන් වන්නේ ඇසළ පුර පසළොස්වක හෝ නිකිණි  පුර පසළොස්වක ‍පෝය මුල්කර ගෙනය. සියලු නැකැත් සකසා ගන්නේ  ඒ අනුවය. අවසන් රන්දෝලි මහ පෙරහර ඉතා වර්ණවත් ලෙස අලි, ඇතුන් හා කලා ශිල්පීන් විශාල සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් පැවැත්වීම සිරිතය. පන්දම්කරුවෝද අධික වෙති.
පළමු රන්දෝලි පෙරහර දින නවපෑ බුද්ධ පූජා අවස්ථාවේදී ආදිවාසී වන්නිල ඇත්තන් ප්‍රමුඛ ආදිවාසීන් සාම්ප්‍රදායික මී පැණි පූජාවට පැමිණ පූජා පැවැත්වීම සිරිතක් වශයෙන් ඉටු කෙරේ.
අවසන් රන්දෝලි පෙරහර පැවැත්වෙන දිනයෙහි පෙරහර ආරම්භවීමට පෙර ආගමික සහයෝගිතාවය ඉස්මතු කෙරෙමින් පුල්ලෙයාර් කෝවි‍ලේ (ගණදෙවි කෝවි‍ලේ) භාරකාර මණ්ඩලය පූජා වස්තුන් රැගෙන පැමිණ වතාවත්හි යෙදී දියවඩන නිලමේතුමාට ද ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම වර්තමානයෙහි පවතින වැදගත් චාරිත්‍රයකි.
මෙම අවසන් මහ පෙරහර අවසානයේ මධ්‍යම රාත්‍රියේදී කෙටි පෙරහරකින්, පෙරහර කරඬුව අස්ගිරියේ ගෙඩිගේ විහාරය කරා වැඩම වීම පැරණියේ සිට පවතින සිරිතකි. එහි පෙරහර වැඩමවා, කරඬුව ගෙඩිගේ විහාරයෙහි තැන්පත්  කිරීම සිදුවේ. මෙහිදී කරඬුව බාර වනුයේ අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ වෙතය. එහි  අවශේෂ මහා සංඝරත්නයද ඒ සඳහා සහභාගි වෙති. සිව් මහාදේවාල වෙනුවෙන්, මහා දේවාලයේ බස්නායක නිලමේතුම ද, ශ්‍රී දළදා මාලිගාවේ  පල්ලෙමාලෙරාළ ද කරඬුව මුර කිරීමට සහභාගි වෙති. එතැන් සිට පසුදා දහවල් පෙරහර ආරම්භ වනතුරු ශ්‍රී දළදා මළිගාවේ තේවා කටයුතු සිදුවන ආකාරයෙන්ම හේවිසි පූජා සමග නන්විධ පූජා තේවා කටයුතු  ඉෂ්ට සිද්ධ කරනු ලබයි.
දියකැපුම් පෙරහර හා දහවල් පෙරහර මංගල්ලය
ඇසළ හෝ නිකිණි ‍පෝය දින අවසන් මහා රාත්‍රී පෙරහරගෙවැදීමෙන් පසු, දියකැපුම් පෙරහර ආරම්භවේ. සතර මහා දේවාලයේ කපුවන් සමග පිටත්වන දියකැපුම් පෙරහර ගැටඹේ තොටට ළඟා වී, එහි බෝධිය අසල දෝලාවන් තැන්පත් කොට, කපුවන් ආවතේව කරුවන් සමග ගඟදිය  මැදට ගොස්, අටමඟල අඳවා, ස්තෝත්‍ර ගායනා කොට, රැගෙන ගිය කප හා පසුගිය   වසරේ පුරවාගත් දිය ගඟට එක් කොට, රන් කඩුවෙන් දිය දෙබෑවන සේ දිය කපා, රැගෙන යන කෙණ්ඩියට යළි දිය පුරවා ගැනීම සිදුවේ. දිය පුරවා ගැනීමෙන් පසු කෙණ්ඩියෙහි කඩවහ බැඳ, රන්දෝලාවන් තැන්පත් කොට ඇති බෝධිය අසලට පැමිණ දොස් දුරුකිරීමේ සෙත් ශාන්ති පවත්වා රන් කෙණ්ඩි, රන් කඩු,  රන් දෝලියෙහි බහා දේවායුධ ගෙන කපුවෝ ඇතු පිට නැගී පෙරහරින් ගණදෙවි කෝවිල කරා පැමිණෙති. ගණදෙවි කෝවිලට පැමිණි පසු එහි කපුවෝ සෙත් ශාන්තිකර්ම චාරිත්‍ර පවත්වති. දහවල් පෙරහර ආරම්භ වන තුරු එහි සිට දහවල් පෙරහර පිටත් වී, ගෙඩිගේ විහාරය ආසන්නයේ නගර සභා හන්දියේදී මාලිගාවේ පෙරහර සමග එක් වී, ශ්‍රී දළදා මාලිගා චතුරශ්‍රයට පැමිණ, තුන් වරක් ප්‍රදක්ෂිණා කොට, ගෙවැදීම සිරිතයි.
පෙරහර ගෙවැදීමෙන් පසු, රටේ ජනනායකයා වූ අතිගරු ජනාධිපතිතුමන් වෙත පෙරහර සංදේශය
පිළිගැන්වීමේ චාරිත්‍රය ඉටු කිරීම සඳහා දියවඩන නිලමේතුමා ප්‍රමුඛ බස්නායක නිලමේවරු ජනාධිපති මැදුර කරා කෙටි පෙරහරකින් ගමන් කරති. මෙම චාරිත්‍රය  පෙරහර මංගල්ලයට එක් වූයේ ඉංග්‍රීසි ආණ්ඩුව පැවැති කාලයේදී බව පැවසේ. ඊට පෙර රාජ්‍ය සමයෙහි දී මඟුල් මඩුවේ පෙනී සිටින රජතුමා මුණගැසී, ඒ ඒ දේවාලවල කපුවන් පෙරහර සාර්ථක ලෙස පැවැත්වූ වග, සැලකර සිටීමේ චාරිත්‍රයක් පැවතුණු බව කියැවේ.
පෙරහර සංදේශය
පිළිගැන්වීමෙන් පසු පෙරහර හා සම්බන්ධ අවසන් චාරිත්‍රයක් වශයෙන් පැවැත්වෙනුයේ මහා දේවාලය හෙවත් විෂ්ණු දේවාලයේදී “වළියක් නැටුම” පැවැත්වීමය. දියකැපූ පසුදින සිට රාත්‍රී හතක් නොකඩවා වළියක් නැටුම පැවැත්වේ. එහි ප්‍රථම  දිනය ආරම්භ කරනුයේ  දළදා මාලිගාවේ  සවස ගිලන්පස  පූජාව ආරම්භ වන හේවිසි නාදය සමගයි. වළියක් නැටුම පවත්වනුයේ දළදා පෙරහරට   සහභාගී  වූ කලා ශිල්පීන් ඇතුළු සෑම සියලු දෙනා වෙත සෙත් ශාන්තිය ප්‍රාර්ථනා කිරීම සඳහායි. මෙම වළියක් නැටුම සඳහා පෙරහරට සහභාගී වූ කලා ශිල්පීන් සහභාගී නොවේ.  සාම්ප්‍රදායිකව අලුත්නුවර හා මාවනැල්ල යන ප්‍රදේශයන්හි පරම්පරා දෙකක ශිල්පීහු වළියක් නැටුමට  සහභාගි වෙති. ඉතා පිරිසිදුව පැවැත්වෙන මෙම නැටුමට පැරණියේදී රජතුමා ද සහභාගී වී ඇත.
මේ ආකාරයෙන් සලකා බලන කල්හි මහනුවර ඇසළ පෙරහර මංගල්ලය හා සබැඳි චාරිත්‍ර ආගමික හා සංස්කෘතික චාරිත්‍ර ධර්මයන්හි ශේ්‍රෂ්ඨත්වය කියාපාන චාරිත්‍රයෝම වෙති. මෙම චාරිත්‍ර ධර්මයන් රැක ගැනීම අප රජදරුවෝ මෙන්ම කලින් කලට  පත් වූ දියවඩන නිලමේවරු ද උත්සුක වූහ. මෙම චාරිත්‍ර ධර්මයන් නොවෙනස්ව පවත්නා තාක් කල් දෙස්, විදෙස් නරඹන්නන්ගේ නෙත් සිත් මෙම පෙරහර මංගල්ලය කෙරෙහි ඇද බැඳ තබා ගැනීමට අපට හැකි වෙනවා ඇත.

ඇසළ පෙරහර මංගල්‍ය අසිරිමත් කරවන උඩරට කලාකරුවෝ

කන්ද  උඩරටට  අයත් හාරිස්පත්තුව, දුම්බර, හේවාහැට, යටිනුවර, උඩුනුවර යන පස් රටෙහි හා සත් කෝරළය, සතර කෝරළය ආදී ප්‍රදේශයන්හි වැඩි වශයෙන් ප්‍රචලිත උඩරට නැටුම් හා වාදන පරම්පරා රාජකීය අනුග්‍රහය ලබා ඉතා විශිෂ්ට කලා සම්ප්‍රදායක් රටට බිහි කර අනාගතය උදෙසා දායාද කර දෙන ලදී. රජවරුන්ට පසු මෙම විශිෂ්ට කලා සම්ප්‍රදාය ආරක්ෂා කර ගැනීමෙහිලා උඩරට රදළයෝ ස්වකීය අනුග්‍රහය ලබා දුන්හ.

ශ්‍රී දළදා මාලිගාව හා අවශේෂ සිද්ධස්ථානයන්ද ශ්‍රී විෂ්ණු මහාදේවාලය ඇතුළු දේවාලයන්ද පූජාමය විෂයෙහිලා මුල් වූ මෙම අගනා නැටුම් සම්ප්‍රදාය අදටත් රැක ගැනීමෙහි නිරත වෙයි.
රාජකීය අනුග්‍රහය නැති වී යාමත් සමග එම කලා පරපුරවලට බලවත් දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවිණ. පූජා විෂයාත්මක වූත්, නිර්ව්‍යාජ වූත්, සෞන්දර්යාත්මක වූත් කලාවක් වශයෙන් උඩරට නැටුම් කලාව ඉතා අගනේය. එය සුන්දරත්වය හා පූජ්‍යත්වය ප්‍රමුඛ කර ගත්තකි. එහි මූලාධාරය රිද්මයයි. උඩරට නැටුම් හා වාදන කලාව දේශීයත්වයට ගැළපෙන ආකාරයෙන් නැටුම, වාදනය, ගායනය යන ත්‍රිත්වය එක්ව සකස් වූවකි. අපේ බොහෝ කලාවන් භාරතීය ආභාෂයෙන් නිර්මාණය වූ බව පෙනී යතත් උඩරට නැටුම් කලාව තුළ භාරතීය ආභාෂයක් ලැබුවා දැයි සිතිය නොහැකි තරමින් ස්වකීය අනන්‍යතාවය ආරක්ෂා කර ගනිමින් දේශීය ලක්ෂණ තුළින්ම නිර්මාණය වූවක් හැටියට ලොවට ප්‍රදර්ශනය වෙමින් පවතී. එම කලාව පරපුරෙන් පරපුරට ආරක්ෂා වී දිවයින පුරා ව්‍යාප්තව තිබිම ජාතියේ මහත් වාසනාවක් වන්නේය.
පෙරහර හැඩ කරන නර්තනාංග
අති උත්තම ශ්‍රී දළදා වහන්සේ විෂයෙහි පූජෝපහාර දැක්වීම පිණිසත්, දෙවියන් උදෙසා භක්ති ප්‍රණාමය දැක්වීම පිණිසත් පැවැත්වෙන ලොව අන් කිසිදු තැනෙක දක්නට නොමැති තරම් පූජනීයත්වයක්, රමණීයත්වයක් හා චමත්කාරයක් විදහා දක්වන මෙම ඇසළ පෙරහර මංගල්‍යයේ සිරි අසිරිය ලොවට විදහා දක්වන මූලිකාංග වන භේරී වාදනය, කවිකාර මඬුව, නාගසිංහම්, වෙස් නැටුම්, නයියන්ඩි, පන්තේරු, උඩැක්කි, රබන්, ලී කෙළි, සවරම්, කඩු සරඹ, තාලම්, හවවි¾ඩි දඟය, වේවැල් නැටුම, පතුරු නැටුම යන නර්තනාංග උඩරට මූලික නැටුම් සම්ප්‍රදායේ හා ගැමි නැටුම් සම්ප්‍රදායේ මිශ්‍රණයෙන් සැකසී ඇත්තේය.
මධුර හඬ නගන භේරී වාදනය
පංචතූර්ය නාදය මුසු කෙරෙන හේවිසි වාදනය පෙරහරේ ප්‍රමුඛතම අංගය වේ. ඊට ඇතුළත් දවුල, තම්මැට්ටම, හොරණෑව, හක්ගෙඩිය, තාලම්පට ආදී වාද්‍ය භාණ්ඩයන්ගෙන් නැගෙන හඬ මහනුවර වීදී දිගේ ඇදී ගොස් කන්ද උඩරට කඳුයාය පසු කර අවට ලෝකය පුරා විහිදී යන ආකාරය චමත්කාරජනකය. තේජස්වී ගතියෙන් යුක්තය. රසවත්ය, ඒ සුමධුර හඬ කොතෙක් වේලාවක් අසා සිටියද මදිය. ශ්‍රද්ධාව භක්තිය දනවන මේ මධුර හඬ සිත් සතන් එක්තැන් කරන භාවනාවක් බඳුය.
ඇසළ පෙරහරේ පෙරමුණේ සිට සිදු කෙරෙන භේරී වාදනය ඉහත දැක්වූ පණික්කි මුර හතරේම එකතුවෙන් සැකසුනකි. පෙරහරේ භේරී වාදනය ආරම්භ වනුයේ පළමුව ඇතුළේ හේවිසි පුරා බහිරව වලිනඩය වාදනය කර කරඬුව ඇතා පිටට වැඩම වීම, ඇතා පිට කරඬුව තැන්පත් කරන තුරු තේවා හේවිසි වාදනය කිරීමෙන් අනතුරුව ගමන් හේවිසිය වාදනය කරමින් පාරට බැසීම, මගට පිවිස වලිනඩ වාදනය සහිත මාත්‍රා හේවිසිය වාදනය කිරීම, (වලිනඩ වාදනය සෑම හන්දියකදීම පාහේ සිදු වේ) ජනාධිපති මැදුරේ ගේට්ටුව අසළට ළඟා වීමේදී හේවිසි පහේ හේවිසි වාදනය ආරම්භ කොට සඳගල දක්වා එය පැවැත්වීම, සඳගල අසලට පැමිණීමෙන් පසු ගෙවැද්දුම් හේවිසියෙන් කරඬුව ගන්ධ කුටියට වැඩමවීම, ගන්ධ කුටියේ තැන්පත් කළ පසු ආලත්ති පදය වාදනය කිරීමෙන් දිනයේ කටයුතු අවසන් කිරීම දක්වා පියවරින් පියවරට සම්ප්‍රදායන්ට අනුකූලව සිදු කෙරේ.
ශ්‍රද්ධා භක්තිය, කරුණා රසය, ශාන්ත රසය ආදී රසෝත්පාදනය වන අයුරින් මෙම වාදනයන් සිදු කෙරේ. භේරීවාදන හා නර්තන පරම්පරා අනුගමන කරන විවිධ චාරිත්‍ර පවතී. ඒ අනුව භේරී වාදකයන් පෙළ ගැසෙනුයේ ප්‍රවීණත්වය හා වයස් සීමා අනුවය. පළමුව වාදනය කිරීම නායකයා විසින් සිදු කරනු ලබයි. පෙරහර ඉදිරියට ගමන් කිරීම, ගෙවැදීම හා අවසන් කිරීම අනික් අයට සන්නිවේදනය කරනුයේ පෙරමුණෙහි ගමන් ගන්නා හේවිසි කණ්ඩායම විසිනි. ශිල්ප ශාස්ත්‍ර නිසි ලෙස ප්‍රගුණ කර නැති අය පෙරමුණේ වාදනයන්ට සහභාගි කරගන්නේ නැත. ඇසළ පෙරහරේ භේරී වාදනය සිදු වනුයේ උතුම් පෙරහර කරඬුව වැඩමවන මංගල හස්ති රාජයාගේ ගමන් විලාසයත්, දියවඩන නිලමේතුමාගේ ගමනස් විලාසයත්, නැටුම් ශිල්පීන්ගේ රැඟුම් රිද්මයත් මිශ්‍රිත වූ නාද රිද්මයකටය.
ඇසළ පෙරහර මංගල්‍යයට ඇතුළත් නැටුම් අතර වෙස් නැටුමට සුවිශේෂ ස්ථානයක් හිමි වේ. සෙංකඩගලපුර ඇසළ පෙරහර මංගල්‍යයට වෙස් නැටුම් එක් වූයේ ක්‍රි.ව. 1919 සිටය. වෙස් නැටුම පෙරහර මංගල්‍යට සුවිශේෂී චමත්කාරයක් එක්කොට දෙයි.
අතීතයේදී වෙස් නැටුමෙන් ඇසළ පෙරහර මංගල්‍ය ශෝභාමත් කළ නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සේ දෙස් විදෙස් නරඹන්නන්ගේ නෙත් සිත් ඇද බැඳ ගත් විශිෂ්ට නර්තන ශිල්පියෙකි. වර්තමානයෙහි වෙස් නැටුම් ශිල්පීන් අතර ප්‍රවීණ නර්තන ශිල්පියෙකු වශයෙන් හඟුරන්කෙත, ‍පොල්වන්තේ ජන්ම භූමිය කර ගත් , 1940 ජනවාරි මස 13 වන දින උපත ලැබූ අරුප්පල මුන්ඩාදෙණියේ ගෙදර ශ්‍රී ලංකාතිලක පීටර් සූරසේන නර්තන ශිල්පියා හඳුන්වා දිය හැකිය. ඔහු උඩරට නැටුම් කලාවේ මහත් කුසලතා පූර්ණත්වයක් දැක්වූ හඟුරන්කෙත සොබනා ගුරුන්නාන්සේගේ මුණුබුරාය. දක්ෂ නැට්ටුවෙකු වූ මුණ්ඩාදෙණියේ ගෙදර ගුණයා ගුරුන්නාන්සේගේ ආදරණීය පුත්‍රයාය. විදේශයන්ගේ පවා නමක් දිනාගත් නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සේ ඔහුගේ මාමා කෙනෙකි. දක්ෂ පාරම්පරික නැට්ටුවෙක් වූ අමුණුගම ආර්.ඩබ්.ජී. සුරඹා ගුරුන්නාන්සේගේ ඥාතියෙකි. මහාබද්ධ නැකති පරපුරෙන් පැවැතගෙන එන මොහු කලක් නැටුම් ගුරුවරයෙක් වශයෙන් දිවයිනේ ප්‍රදේශ කීපයක සේවය කොට දක්ෂ සිසු පරපුරක් බිහි කර ඇත්තේය. විශ්‍රාම ගැනීමෙන් අනතුරුව සේසත සූරසේන කලායතනය ස්ථාපනය කොට ස්වකීය පාරම්පරික නැටුම් කලා උරුමය අනාගත පරම්පරාවට දායාද කරමින් පසුවේ.
ක්‍රි.ව. 1958 දී පළමු වරට නයියන්ඩි නැටුමෙන් මාලිගාවේ පෙරහරට දායක වූ ඔහු, කලක් විෂ්ණු දේවාලයේත්, පත්තිනි දේවාලයේත් පෙරහරට සහභාගි වී ක්‍රි.ව. 1970 සිට වෙස් නැටුම සඳහා සම්බන්ධ විය. 1986 සිට දළදා මාලිගාවේ පෙරහරේ වෙස් නැට්ටුවෙක් ලෙස සහභාගි වේ. උඩරට නැටුම් කලාව අනාගතයට උරුම කර දීමටත්, ඇසළ පෙරහර මංගල්‍යයේ ශ්‍රී ශෝභාවය තීව්‍ර කිරීම සඳහාත්, තම පාරම්පරික කලාව සිය වැඩිමහල් පුත් කුශාන්ත ප්‍රදීප් කුමාර සූරසේන පුතාටත්, ජාතික සූරසේන පුතාටත් දායාද කළේය. ඔවුහු 1988 සිට පෙරහරට සහභාගි වෙමින් පියා මෙන් දස්කම් දක්වති.
උඩරට සමාජයේ සුවිශේෂී පැතිකඩක් වන උඩරට නැටුම් හා වාදන කලාකරුවන්ගේ කුසලතා මුළු ලොවටම ප්‍රදර්ශනය කෙරෙන අසිරිමත් වේදිකාවක් වන සෙංකඩගලපුර වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍ය තුළින්, පරපුරින් පරපුරට දායාද කර ගත් ස්වකීය උරුමය හා හැකියාවන් ඉස්මතු කෙරෙන උඩරට නර්තනයන් හා වාදනයන් නරඹමින් සිටින දෙස් විදෙස් කාගේත් නෙත් සිත් වශීකෘත වේ. ගජගා වන්නමේ නැටුම් රිද්ම රටාව අනුගමනය කරමින්, වාදන හඬ නංවමින්, තාලානුරූපව පාද තබමින් ඉදිරියට ඇදෙන පෙරහරේ දර්ශනීයත්වය මෙන්ම චමත්කාරය ඉස්මතු කෙරෙන උඩරට කලාකරුවාගේ අනුපමේය කුසලතාවන් අගය කිරීමත්, ඔවුන් සතු ජීවන බර කතෛක් දැයි විමසා බලා විසඳුම් සෙවීමත් පෙරහරේ විචිත්‍රත්වය හා මහාර්ඝත්වය අත්විඳින කාගේත් පරම යුතුකම වන්නේය.


lakbima

Share

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software